මාක්ස්වාදී දෘෂ්ටිකෝනයකින් (මාක්ස්වාදී සහ පශ්චාත්-මාක්ස්වාදී) ඒ කියන්නේ ධනවාදය දිහා හරියටම බැලුවොත් ලංකාව පුරාම තියෙන්නේ ප්‍රාග්ධනයේ ගැටලුවක් නිසා ඇතිවුනු අර්බුදයක්.
අවාසනාව කියන්නේ ජනප්‍රිය කතාව”ක් බවට පත් වෙලා තියෙන “අඳුරු අවුරුදු 76 “කියන කාල සීමාව [history, the subject, and the party.]ඇතුලේ දේශපාලනය කරපු කිසි කෙනෙක් මේක කියවා ගෙන නැහැ, නැත්නම් නරුමවාදී හින්දා කෙලින් කතා කරන්නේ නෑ.


හැමෝම මේ ඇත්ත ප්‍රශ්නය යට ගහලා සමාජ-ආර්ථික අර්බුදය සංස්කෘතික ප්‍රශ්නයක් බවට පත් කරනවා.
ඇත්තටම අවුරුදු 76ක් තිස්සේ අපි කරලා තියෙන්නේ අර්බුදයට විසදුම් හොයනවා වෙනුවට සංස්කෘතික කාරනා නැත්නම් පටු දෘෂ්ටිවාදයන් එක්ක සෙල්ලම් කරපු එක.
මේ සෙල්ලමෙන් අන්තිමට ඉතිරි වෙලා තියෙන්නේ ගම නගරය අතර බේදය සහ දුප්පත් කම වැඩි වෙච්ච එක විතරයි.
මෙම සැබෑව කතා නොකරන්න, නොකරන්න, අපිට හැමදාව ඉතිරි වෙන්නේ සංස්කෘතික ප්‍රශ්නයක්, ප්‍රධාන දෘෂ්ටිවාදයක් කරගත්තු පටු දේශපාලන බලවේගයක ගොදුරක් වෙන එක විතරයි. සමබිම පක්ශය වන අපි විතරයි සමාජය පටු දෘෂ්ටිවාදයන් වල හිර නොකර සැබෑ ආර්ථික ගැටලුව කතා කරන්නේ සහ විසදුම් ඉදිරිපත් කරන්නේ. සමබිම පක්ශය අනිකුත් පක්ශ සහ දේශපාලන බලවේග වලින් සැබෑවටම කණ්ඩනය වෙන්නේ එතනින්.
අනිත් හැමෝම කලේ පටු දේශපාලන දෘෂ්ටිවාද තුල සමාජය ගිල්වා තැබීම විතරයි.


ලංකාවේ දේශපාලන ඉතිහාසය ගත්තොත් බලයේ සිටි හැම කොටසක්ම අඩු වැඩි වශයෙන් කරලා තියෙන්නේ මේ දෘෂ්ටිවාදයන් තුලින් බලය ලබා ගැනීම, ඒ හේතුවෙන් සැබෑ ගැටලුවලට විසදුම් ලබාදීමට බැරි වෙලා තියෙනවා නැත්නම් විසදුම් ලබා දීම ඉතාමත්ම මන්දගාමී වෙලා තියෙනවා. බලය ලැබුනට පස්සේ තමන් පදනම් වූ දෘෂ්ටිවාදයන් වෙනුවෙන් ක්‍රියා කරන්න සිදුවෙලා තියෙනවා.
මෑත ඉතිහාසය ගත්තොත් මහින්ද රාජපක්ෂ කිව්වේ ප්‍රභාකරන් කියන ත්‍රස්තවාදීයා තමයි අපිට දියුණු වෙන්න බැරි බාධාව කියලා, එම බාධාව නැති කල විට අපිට සෞභාග්‍යය ලැබෙනවා කියලා , ඒත් එහෙම උනේ නෑ, ලාංකාවේ සමාජයට ලැබුනේ ඊටත් වඩා වැඩි දුප්පත් කමක් සහ දරුණු සමාජ ආර්ථික අර්බුදයක් විතරයි.


2015 බලය ලබා ගන්න යොදා ගත්තේ රාජපක්ෂ හොරු කියන දෘෂ්ටිවාදය සහ යහපාලනය නැමති දෘෂ්ටිවාදය. රනිල් මේ දෘෂ්ටිවාදයට අනුගත නොවී ඇත්ත සමාජ ආර්ථික ගැටලු විසදීමේ ආකෘතිය දිහාවට නැඹුරු වුනත්, ජනගත කල දෘෂ්ටිවාදය ඉදිරියට නොගැනීමත් ග්‍රාම්‍ය චින්තනයේ ගොදුරක් වූ මෛත්‍රීපාල සිරිසේන නියෝජනය කල විධායකය සමග ඇතිවූ ගැටුමත් නිසා එම පාලනයත් ඉදිරියට ගෙන යාමට නොහැකි විය.
ඉන් පසු ගෝඨාභය රාජපක්ෂ විසින් ඉදිරිපත් කල, සමාජ ආර්ථික අර්බුදයට හේතුව ලංකාවේ දේශපාලනයට “වියතුන් ” නැති වීම සහ ජාතික ආරක්ෂාව නොමැති වීම බව ඒත්තු ගන්වන දෘෂ්ටිවාදය ගොඩනගන ලදි.
එම දෘෂ්ටිවාදයද ජනතාව ඉතාමත් ආකර්ශනීය ලෙස වැලදගත් අතර එය සමාජ උමතුවක් තරමටම වර්ධනය විය.
සැබෑ ආර්ථික ගැටලුව ආමන්ත්‍රණය නොකිරීමත් ජනගත කල දෘෂ්ටිවාදයන්ට අනුගත වීමත් කෝවිඩ් නිසා ඇතිවූ ලෝක සමාජ ආර්ථික අර්බුදයත් නිසා ඉතාමත්ම ආකර්ශනීය නායකයෙක් වූ ගෝඨාභය රාජපක්ෂට පණ බේරාගැනීම සදහා ජනාධිපති තනතුරු හැර දමා විදේශ ගත වන්නට සිදුවිය. මෙම සමාජ ආර්ථික අර්බුදය පිටු පස තිබෙන සැබෑ ගැටලුව වූ “ආර්ථික අර්බුදය” විසදාගැනීම වෙනුවෙන් දයලෙක්තිකව මතු වූ රනිල් වික්‍රමසිංහ දෘෂ්ටිවාදයන් අමතක කර ඇත්ත ආර්ථික ප්‍රශ්නය (වාමාංශික දෘෂ්ටිකෝණයකින් නොව) කලමනාකරණය කිරීම වෙනුවෙන් සාධනීය ලෙස මැදිහත් විය.
එහෙත් මෙම අර්බුදයේ සැබෑ හේතුව වූ ප්‍රාග්ධනයේ ගැටලුව අමතක කර අරගලය හා සම්බන්ධව ගොඩනැගුනු, අර්බුදයේ හේතුව “හොරු, දූශනය” යන දෘෂ්ටිවාදය සමාජ ගත කල ජේවීපී ප්‍රමුක මාලිමාව සහ විපක්ශය හරහා මාලිමාව නැවතත් බලය ලබා ගන්නා ලදි.
මෙවැනි දෘෂ්ටිවාදයන් හරහා බලය ලබා ගැනීම ලංකාව වගේ ඉතාම පසුගාමී ජහමනයා ඉන්න සමාජයක අපහසු, ඉතා බැරෑරුම් අලුත් තත්ත්වයක් නෙමෙයි. මෑත ඉතිහාසය තුල මේ ආකාරයේ බලය ලබා ගැනීම වෙනුවෙන් යන්න පුලුවන් උපරිම දුර ගිහිල්ලා තියෙනවා. ගෝඨාභය රාජපක්ෂ ගියපු දුර කියන්නේ එහි උපරිමය, අනුර කුමාර ඉන්නේ ඊට පහල තත්වයක.


ලංකාවේ දේශපාලන, සමාජ-ආර්ථික අර්බුදයේ සැබෑ මූලය තියෙන්නේ අපි ඉහත කතා කරපු ප්‍රාග්ධනයේ බෙදී නොයාම කියන සැබෑව මත, මෙය අමතක කරන, නොසලකා හරින, මෙයට මුහුන දීමට බය, ඕනෑම දේශපාලන බලවේගයකට ඉතිරි වෙන්නේ ඉතාම කටුක පරාජයක් මිස ජයග්‍රහණයක් නම් නොවේ. ජනතාව විනෝද වීමට කැමති, හොරු ඇල්ලීම, දූශන නැති කිරීම සහ විවිධ ජනප්‍රිය සංස්කෘතිය කාරනා මත විනෝද වීමට, මාලිමාවට ඉතා කෙටි කාලයක් ලැබෙනු ඇත, එහෙත් සැබෑ ප්‍රාග්ධනය පිලිබද කාරනා ආමන්ත්‍රණය කර ජහමනයා සැබෑ සමාජ ආර්ථික අර්බුදයේ මූලයන් පිලිබද කාරනාව දෙසට යොමු නොකරන්නේ නම් නැවතත් එවැනිම පටු දෘෂ්ටිවාදයකට ජනතාව ගමන් කිරීම කිසිසේත්ම නතර කල නොහැකි වනු ඇත. ඒ මන්ද යත් මෙම තත්ත්වය තේරුම් ගත් නරුම දේශපාලන බලවේගයන්ගේ කිසිදු අඩුවක් ලංකාවේ නැති නිසාය.


අපට පෙනෙන ආකාරයට මෙම තත්ත්වයට කෙල හලමින් පසුවන්නේ මහින්ද රාජපක්ෂලාගේ ජාතිවාදී දේශපාලනය පිටුපස සිටි, එම දේශපාලනය හරහා මාධ්‍ය හිමිකාරිත්වය සහ ධනය කොල්ලකා සිටින දිලිත් ජයවීර වැනි නරුමවාදීන් නායකයත්වයගත් නව ජාතිවාදී බලවේගයන්ය.
මෙම බලලෝභී, ජනතාව මුලා කරන පටු දේශපාලන බලවේග පරාජය කිරීම අනාගත දේශපාලන අභියෝගය වන අතර සමබිම පක්ශ ලෙස අප පෙනී සිටින්නේ සැබෑ ජනතා අභිලාශයන් වෙනුවෙනි.


අප පෙනීසිටින්නේ ප්‍රාග්ධනයේ සැබෑ ගැටලු විසදීම වෙනුවෙන් මිස විවිධ මුහුණු වරින් එන ජාතිවාදී පටු දෘෂ්ටිවාදයන් වෙනුවෙන් නොවේ.

-සමබිම පක්ශය –

ඔබේ අදහස කියන්න...