කාලයක් මහේෂ් X කණ්ඩායමේ (නො)හිටියා, විටෙක (නො)නිදහස් දේශපාලන‍ විශ්ලේශක කතිකාචාර්‍ය වරයෙක්, රනිල්ගේ ආර්ථික වැඩපිලිවෙල වෙනුවෙන් පෙනීඉන්න කතිකාචාර්‍ය් වරයෙක්, තවත් විටෙක මාලිමාවට පක්ශ කතිකාචාර්‍ය වරයෙක් ආදී වශයෙන් විවිධ අනන්‍යතාවයන්- Muliple identities – වෙනුවෙන් පෙනී ඉන්නවා අපි දැකලා තියෙනවා.


අද ඔහු පෙනී ඉන්න මතවාදයට සම්පූර්ණයෙන් පරස්පර මතවාදයක් හෙට දවසේ ඉතා නිර්භීතව සහ භක්තිවන්තව ඉදිරිපත් කරනවා අපි දැකලා තියෙනවා.
ඔහු මේ විදිහට විවිධ අනන්‍යතා පෙන්නුම් කලත් එක් අනන්‍යතාවයක් මාරු කරන්නේ නෑ. ඒ තමයි විශ්ව විද්‍යාල කතිකාචාර්‍ය වරයා කියන සංකේතීය අනනතාවය. ඒ සංකේතීය අනන්‍යතාවය ආරක්ෂා කරගනිමින්, ඊට භක්තිවන්ත වෙමින් තමයි අනිකුත් සියලු අනන්‍යතාවයන් හාස්‍යයට ලක් කරමින් මාරු කරන්නේ.


මේ ක්‍රියාකාරීත්වය තුල අපි දකින්නේ ඔහුගේ අනන්‍යතාවය සලකුනු කරන සීමාව ඔහුට බාහිර බාධාවක් බව සහ තමන්ගේ නිදහස සීමා කරන බව ( X සමාජිකයෙක් වීම, රනිල් පාර්ශ්වය නියෝජනය කිරීම, මාලිමාවට පක්ශවීම ආදී ලෙස)
ඒ හැම වෙලාවෙම ඔහු, ඔහුගේ නිදහස සීමා කරන බාහිර බාධාව අයින් කරනවා.
X කණ්ඩායම ඔහුගේ නිදහසට බාධාවක් වූ වහාම ඔහු එයින් ඉවත් වෙනවා, මේ විදිහට ඔහු සියලුම එවැනි බාහිර බාධාවන් ගෙන් අයින් වෙනවා. ඒ අනුව ඔහු දකුනු ඉවුරට කලින්ම අනතුරු ඇගවීමක් දෙනවා, මම මෙතන ඉන්නේ කිසිදු වගකීමකට, සීමාවකට යටත්ව නෙමෙයි මට හෙට දවසේ හිතෙන ඕනම දෙයක් කරන්න පුලුවන් කියලා.
ඔහු හිතන දෙයක් තමයි ජීවිතය කියන්නේ සාංදෘෂ්ටික පැවත්මක් සහ නිදහස කියන්නේ තමාව සීමා කරන බාහිර බාදාවන්ගෙන් හැකි තරම් නිදහස් වීම කියලා. ඒ හින්දා සියලුම බාහිර බාධා ඔහු අයින් කරලා දානවා ඉදිරියටත් එහෙම කරනවා කියලත් කියනවා. ඒ වගේම ඔහුට ඕන කරනවා තමා ප්‍රඥාවන්තයෙක් බව පෙන්නුම් කිරීමට. එහෙම වෙන්න අවශ්‍ය නිසා ඔහු පාර්ශවීය තැනක දීර්ඝ කාලයක් ඉන්නේ නැහැ. අනන්‍යතාවය වෙනස් කරලා ජහමනයා බාර ගන්න කියලා බල කරන අනන්‍යතාවයට මාරු වෙලා තමන් ප්‍රඥාවන්තයෙක් බව පෙන්නුම් කරනවා.
‘පශ්චාත් – ධනවාදය’ කියන්නේ තවදුරටත් බාහිර බාධා වලින් නිදහස සීමා කරන යුගයක් නෙමෙයි. බාධාව හදන්නෙත් ඊනියා නිදහස හදන්නෙත් ධනවාදයම තමයි.
මේ අනුව බැලුවම මහේශ්ගේ නිදහස සීමා කරන්නේ බාහිරින් නෙමෙයි අභ්‍යන්තරයෙන්. මහේෂ් නිදහස් වෙන්න ඕන තමන්ගේ නිදහස සීමා කරන බාහිර බාධාවකින් නෙමෙයි තමන්ගෙම අභ්‍යන්තරික බාධාවෙන්. බාහිර බාධා මාරුකීරීම හරහා අනන්‍යතාවයන් වෙනස් කර ගැනීම නැමති රෝග ලක්ශනය මතු වන්නේ එතැනිනි.


මහේෂ්ගේ චරිත ලක්ශනය වී ඇති ඔහුගේ රෝග ලක්ශනය ඔහුට අවිංඥානිකය, මෙය රෝග ලක්ශනයක් බව ඔහුට තේරුම් ගත හැක්කේ විශ්ලේශකයෙකු හරහා පමණි. එතෙක් ඔහුගේ ක්‍රියාකාරකම් මේ විදිහටම දැක ගත හැකි වනු ඇත.


වමේ දේශපාලන‍ය යනු තමන්ගේ නිදහස සීමා කරන බාහිර බාධාවන්ගෙන් නිදහස් වීම නොවේ. එය පොදු සමාජය වෙනුවෙන් කරනු ලබන කැපකිරීමකි. ඒ සදහා තමන්ගේ බාහිර නිදහස සීමා කරන ස්වාමි හැගවුම් කාරකයක් අත්‍යාවශ්‍යය, එය තමන් පිලිගන්නා දේශපාලන‍ න්‍යාය සහ පක්ශයයි. ඒ මානසික ව්‍යුහය ඇතුලේ තමය සමාජය වෙනස් කරන ව්‍යාපෘතියට ඕනෑම් පුද්ගලයෙක්ව ආචාරදාර්මිකව ගැටගැසෙන්නේ.එය බාධාවක් කරගනිමින් ඉන් නිදහස් වීමට ක්‍රියාකරන්නා දේශපාලන‍ ක්‍රියාදරයෙක් වන්නේ නැත.
ඒ හින්දා මහේෂ් කියන්නේ කිසිදු අර්ථයකින් දේශපාලන‍ ක්‍රියාදරයෙක් නොවේ.

එසේ නම් ඔහු කවුද? (මොකක්ද ?)
අධ්‍යාපනය හරහා සමාජ උන්නතිකාමය වැළද ගැනීම නැමති දිළිඳු ග්‍රාම්‍ය උදාන වාක්‍යට අනුගත වීම හරහා බොහෝ දුරට ඔහු කතිකාචාර්‍ය වරයෙකු බවට පත්වන්නට ඇත. එම අනන්‍යතාවය ඔහුගේ නිශ්ඨාවයි.


එහෙත් මෙම කතිකාචාර්‍ය වරයා නැමති සංකේතීය (symbolic ) අනන්‍යතාවයේ සීමාවක් ඔහුට පරිකල්පනීය තලයේ සලකුනු කිරීමට නොහැකිය. කතිකාචාර්‍ය වරයා යනුවෙන් සකේතිය තලයේ හදුනා ගන්නා ව්මර්ශකයන්ට සීමා වීමට මහේශ්ට නොහැකිය. (ආචාර්ය එස්. බී ද සිල්වා, මහාචාර්ය එදිරිවීර සරත්චන්ද්‍ර, J.B. දිසානායක).
ඔහුගේ විනෝදය සකස් වී ඇත්තේ කතිකාචාර්‍ය වරයා ලෙස බාහිරින් දෙනු ලබන සංකේතීය අනන්‍යතාවය වෙනස් කිරීම හරහාය, කලකදී X දේශපාලන‍යට සම්බන්ධ කතිකාචාර්‍ය වරයාය, තවත් විටෙක රනිල්ගේ ආර්ථික/දේශපාලන‍ය පිලිගන්නා කතිකාචාර්‍ය වරයාය, තවත් විටක පවතින දේශපාලන‍ යථාර්තය ඒ හැටියෙන්ම අවබෝධ කරගත් ප්‍රඥාවන්තම කතිකාචාර්‍ය වරයාය, තවත් විටක බාහු සමග ශරීරය ප්‍රදර්ශනය කරන රන්ජන් රාමනායක පන්නයේ කතිකාචාර්‍ය වරයාය.තවත් විටක “භාශාව” ඉතාම අර්චන කාමීව හසුරුවන කතිකාචාර්‍ය වරයාය.


මේ ආකාරයට මහේෂ් හපුගොඩ නැමැති කතිකාචාර්‍ය වරයා බිහිකරන ඔහුගේ අවිංඥානික විනෝදය ගොඩ නැගී ඇත්තේ සමාජ දේශපාලන‍ ක්‍රියාකාරිකයෙක් වීමට නොව, කතිකාචාර්‍ය වරයා නැමති සිවිල් බලය සහ ඉන් ලබන ඉහල වැටුප හරහා විනෝද වීම වෙනුවෙන්ය.


ඒ අර්ථයෙන් මහේෂ් යනු සමාජ ආර්ථික අර්බුදයට විසදුම් සෙවීම සදහා දායක කරගත හැකි ඇකඩමික බුද්දිමතෙකුගේ සහ දේශපාලන‍ ක්‍රියාදරයෙකුගේ භූමිකාව අහිමි කරගත් අයෙකි.

චන්දන රණසිංහ.

ඔබේ අදහස කියන්න...