ක්‍රි.ව1513 දී ඉතාලියේදී නිකලෝයි මැකියාවේලී විසින් රචනා කොට ප්‍රකාශයට පත් කළ “කුමාරයා” කෘතිය තුළින් රජකමට පත්වන කුමාරවරුන් බලය රැක ගැනීම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග ඇතුළත් කර ඇත. මෙය බල දේශපාලනය අත්පොත ලෙසද හඳුන්වන අතර මධ්‍ය කාලීන අගතීන්ගෙන් තොරව නූතන රාජ්‍යයක් කරා ගමන් කිරීමට අවශ්‍ය මඟ පෙන්වීම ද ඒ ඔස්සේ ලබා දෙන ලදී.

”සමබින් පක්ෂය” ලෙස අප අද වන විට බලය සම්බන්ධයෙන් වන සාකච්ඡාව මැකියාවේලිගේ සිට ප්‍රංශ දාර්ශනිකයෙකු වන මිචල් ෆූකෝගේ දර්ශනය හරහා වර්තමානය දක්වා වර්ධනය කර ඇත. එබැවින් අපි එක් ස්ථානයක ඝනීභූත වූ බලයක් පිළිබඳව නොව මහජනයා සතුව ඇති බලය පිළිබඳව සාකච්ඡාවට ලක් කරයි.

මැකියාවේදී සිය දර්ශනය ඉදිරිපත් කරන්නේ 18වන සියවසට පෙරවන බැවින් රජු බලය කේන්ද්‍රීය ස්ථානයක් ගෙන කටයුතු කරමින් සිටියේය. මේ නිසා රජුට සිය බලය රැක ගැනීම අත්‍යවශ්‍ය කාරණාවක් විය.

මැකියාවේලි විසින් ඉදිරිපත් කරන ලද බලය රැක ගැනීම පිළිබඳ සාකච්ඡාව තුළ ඉදිරිපත් කර ඇති ඇතැම් කරුණු වර්තමාන රාජ්‍ය පාලනයටද ඉතා වැදගත් වන ආකාරයක් දැකිය හැක. විශේෂයෙන්ම බුද්ධිමතුන්ට අනුව රට පාලනය කිරීම, රට පාලනය කිරීම සඳහා බුද්ධිමතුන්ගේ අදහස් ලබා ගැනීම ආදිය සම්බන්ධයෙන් ක්‍රිස්තු වර්ෂ 1513 දී මැකියාවේලි විසින් ලබා දී ඇති උපදෙස් ඉතා වැදගත්ය. මෙය වර්තමානයේ සිටින ඕනෑම පාලකයෙකුට සිය කටයුතු විධිමත්ව පවත්වා ගැනීමටත් ප්‍රජාතන්ත්‍රවාදී ව බවලයට පත් වූ ඕනෑම අයෙකුට සිය ධූර කාලය සාර්ථකව ගෙවා අවසන් කිරීමට හේතුවේ.

මැකියාවේලි විසින් රචනා කර ඇති ආකාරයට උපදේශකයන් තෝරා ගැනීම අලුත පත්වන කුමාරයාට සුළුපටු වගකීමකින් යුත් කාර්යයක් නොවන බව සඳහන් කර ඇත. ඔවුන් හොඳ හෝ නරක උපදේශකයන් වන්නේ ඔවුන් තෝරාගන්නා කුමාරයාගේ ප්‍රඥාව අනුවය. කෙනෙකු පාලකයාගේ ප්‍රඥාව මනින්නේ ඔහු වටා සිටින පුද්ගලයන් පරීක්ෂාවට භාජනය කිරීම තුළින් වේ. එලෙස තෝරාගන්නා උපදේශකයන් කාර්යක්ෂම විශ්වාසවන්ත පුද්ගලයෝ වන්නේ නම් තම උපදේශකයන් වශයෙන් ඔවුන් තෝරාගත් පාලකයා බුද්ධිමත් සේ සැලකෙයි.

එහෙත් මැකියාවේ එය කිසිදු විටෙක එම උපදේශකවරුන්ගේ උපදෙස් ඒ අයුරින්ම පිළිගැනීම වැදගත් බවක් නොකියයි. එනම් උපදේශකයන්ගේ උපදෙස් පිළිපැදිය යුත්තේ පාලකයා විසින් එම උපදෙස් පිළිබඳ පරීක්ෂණයක්, සිතීමක් සිදුකිරීමෙන් පමණකි. මෙහිදී මැකියාවේලි විසින් පාළකයාගේ ඥානයේ ප්‍රභේද තුනක් පිළිබඳව කරුණු ගෙනහැර දක්වයි.


ඉන් පළමුවැන්න වන්නේ ස්වශක්තියෙන් අවබෝධ කර ගැනීමට කෙනෙකුට ඇති ශක්තිය යි. දෙවැන්න වන්නේ ස්ව ශක්තියෙන් හෝ අන්‍යයන්ගේ අවබෝධය තුළින් අවබෝධ කරගැනීමේ ඇති හැකියාවයි. තෙවැන්න වන්නේ දැනීමේ ශක්තියක් නොමැතිකමයි. පළමුවැන්න අති විශිෂ්ට වන අතර දෙවැන්න විශිෂ්ටය. එහෙත් තෙවැන්න නිෂ්ඵලය. කුමාරයා විසින් උපදේශකවරුන් ලබාදෙන උපදෙස් වල හොඳ නරක තෝරා බේරා ගැනීමට කටයුතු කළ යුතුය. උපදේශකයන් විසින් ලබා දෙන උපදෙස් මේ අනුව එලෙසම පිළිපැදීමට පාලකයා බැඳී නැත. ඒවා පරීක්ෂා කර බලා පමණක් පිළිපැදීම සිදුකරයි.
පාලකයා සිය උපදේශකවරුන් පත් කර ගැනීමේ දී ඔවුන් ගෙ ස්වාර්ථය නොව පාලකයා හා ජනතාව පිළිබඳව සිතීම වැදගත් වේ. එවන් අය උපදේශක තනතුරට වඩාත් ගැලපේ. නිසි පරිදි උපදේශකවරුන් පත් කර නොගැනීම හෝ ලබා දෙන උපදේස් හොඳින් සිතා බැලීමකින් තොරව ඒ ආකාරයටම ක්‍රියාවට නැංවීම තුළින් බොහෝවිට පාලන බලය අහෝසි වී යන අතර ඇතැම් විට ජනතාවටද එයින් යහපතක් සිදුවන්නේ නැත. එබැවින් පාලකයා අනිවාර්යෙන්ම බුද්ධිමත්ව කටයුතු කිරීම වැදගත්.

නමුත් නුවණක් ඇති නායකයන් උපදේශකවරුන් ලබා දෙන කිසිදු උපදේශයක් පිළි නොගන්නා අතර ඔවුන් සිදු කරන්නේ එම උපදෙස් එයාකාරයෙන්ම පිළි නොගෙන ඒවා පිළිබඳව පර්යේෂණයක් සිදු කොට උපදෙස් ක්‍රියාවේ නැංවීමයි.

මැකියාවේලි විසින් ඉදිරිපත් කරන ලද කරුණුවලට අනුව පාලකයා විසින් උපදේශකවරුන් පත් කර ගැනීමේ දී ඇතිවන ගැටලුවලට අවසානයේදී පාලකයාට හෝ රටේ සියලු දෙනාට වග කිවීමට සිදුවේ.

මැකියාවේලි විසින් ඉදිරිපත් කළ ඉහත අදහස් වල ප්‍රායෝගික පැතිකඩ විමසා බැලීමට අවස්ථාව උදාවෙයි.

2021 වර්ෂයේ දී කොවිඩ් හේතු කොටගෙන මියගිය මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු ආදාහනය කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මත රජය විසින් මුස්ලිම් ප්‍රජාවගෙන් සමාව ගන්නා ලදී. මෙම සමාව ගැනීම ප්‍රකාශයට පත් කළ බන්දුල ගුණවර්ධන ඇමැතිවරයා ප්‍රකාශ කළේ මෙය දේශපාලකයාගේ වරදක් නොව දේශපාලකයාට උපදෙස් ලබා දුන් උපදේශකයන්ගේ දුර්වලතාවයක් හේතු කොටගෙන සිදු වූ වරදක් බවයි.
මේ සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හට උපදෙස් ලබා දී ඇත්තේ වෛද්‍යවරුන්, ආචාර්ය මහාචාර්යවරුන් ආදියයි. එය ජාතිවාදී පදනමක් මත ලබා දුන් උපදේශයක් ලෙස හඳුන්වා දිය හැකි අතර උපදේශකවරුන් ජනාධිපතිවරයාව මෙන්ම රටේ ජනතාවද නොමග යවන ලදී.

එසේම කාබනික ගොවිතැන පිළිබඳ ෆැන්ටසිය නිර්මාණය කළේද එය ව්‍යාප්ත කළේද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ උපදේශකවරුන්ය. එහිදී විශේෂඥ වෛද්‍යවරුන් තමන් නොදන්නා ක්ෂේත්‍ර පිළිබඳ ව උපදෙස් ලබා දුන් අතර අවසාන ප්‍රතිඵලයට වගකියන්නෙක් නොමැති විය.

අවසානයේදී මේ සියල්ලම හේතු කොට ගෙන ජනතාව කැරලි ගැසීමට පටන් ගත් අතර එය කිසිදු විටක උපදේශකවරයෙක් සිය වගකීම ලෙස භාරගත්තේ නැත.

මෙය ලංකාවට පමණක් සුවිශේෂී තත්වයක් නොව සිතීමක් නොමැති පාලකයන් පත්වන ඕනෑම රටක ඇතිවන තත්වයකි. එසේම රටක විපක්ෂයට ද මෙය එලෙසම දැක්විය හැකිය.

විපක්ෂ නායකවරයා කටයුතු කරන්නේ තමන් වටා සිටින උපදේශකයන් ට අනුව නම්, කිසිවක් තමන්ගේ ස්ව ශක්තියෙන් හෝ අවබෝධකර ගැනීමට නොහැකි නම් එවන් නායකයන් ඉක්මනින් අභාවයට ගමන් කරයි. ලංකාව තුළ නම් විපක්ෂ නායකයා යනු ඇමරිකානු ව්‍යාපෘතිය ක්‍රියාවට නන්වන ඒජන්ත වරයා ය.

බුද්ධික සිරාන්.

 

ඔබේ අදහස කියන්න...

SHARE
Previous articleනලින්ද සිල්වා