පසුගිය 29 වනදා මහවැලි කේන්ද්‍රයේ පැවති මහේෂ් හපුගොඩ විසින් රචිතමගේ ලෝකයෙන් පසු ලෝකයඅරබයා පැවති සම්මන්ත්‍රණයේ ප්‍රථම වීඩියෝව පහත පළ කර ඇත.

2004 වර්ෂයේ පැවති හිස්ටීරියාව කෘතිය ප්‍රකාශයට පත් වීමට පසුව අප විසින් පැවැත් වූ සාර්ථකම සම්මන්ත්‍රණය මෙය බව ඊට සහභාගී වූවන්ගේ මතයයි. ඔක්තෝබර් විප්ලවය සිදු වී දින 100 ඉක්මවූ වහාම ලෙනින් හිම මත නැටුවේ බොල්ෂෙවික් බලය පැරිස් කොමියුනට වඩා පවතින බව සහතික වූ නිසාය.ලෙනින්ට තරම් සුභවාදී පැතුමක් අපට නැතත් අපට ද දැන් සතුටක් ඇත.මිනිස් සංහතියේ නපුරුම පාවාදීම් වලට ලක් වූ අපගේ ව්‍යාපාරය තවමත් මිහිතලය මත පැවතීම ගැන අපටම සතුටුය.එය තව කෙතරම් කල් පවතීදැයි අප නොදන්නෙමු.

අප සමඟ එකතු වීමට ඔබට කාලය එළඹී ඇත.නිශ්චිත වැඩපිළිවෙළ සහිතව පක්ෂය ඉදිරි වැඩසටහන ක්‍රියාත්මක කිරීමට පටන් ගන්නේ 2020 වසරේය.නමුත් දැන් සිට ඔබට අප සමඟ එකතු විය හැක.

තොරතුරු,ලිපි,යෝජනා සඳහා පහත ඊ ලිපිනයට ලියන්න.

Vanguard Party <slvanguardparty@gmail.com>

ඔබේ අදහස කියන්න...

1 COMMENT

Comments are closed.