අප ජීවත් වන්නේ වචන මඟින් විනෝද වන යුගයක ය. මන්ද යත් වර්තමානය වන විට සංකේතනයේ පදනම් මූලධර්මය සින්තෝමය ලෙස නම් කළ හැකි බැවිනි. ඒ අනුව සින්තෝමය සංකේතනයේ පදනම ලෙස සඳහන් කළ හැකි අතර ම එය සංකේතනයේ පැල්මක් ඇති කරන බව ද දැකිය හැකි ය. සින්තෝමය යනු මනෝවිශ්ලේෂණයේ රෝග ලක්ෂණය (symptom) ප්‍රතිඅර්ථ ගැන්වීමක් හෝ රෝග ලක්ෂණයට නව අර්ථයක් ලබා දීම යනුවෙන් හැඳින්විය හැකි ය. එය ලැකාන් ඔහුගේ පසුකාලීන සම්මන්ත්‍රණ මඟින් සිදු කරන ලද කාර්යයකි. ලැකාන් පසුකාලීනව පෙන්වා දුන්නේ පියාගේ නාමය නමින් වන කාර්යය සමාජ අවකාශයට ඇතුළත් කිරීම සිදු නො කරන විට එය සිදු වන්නේ සින්තෝමය මඟින් බව ය. එනම්, පියාගේ නාමය නිසි පරිදි ක්‍රියා නො කරන්නේ නම් විනෝදය සංවිධානය කරන සියලු රෝග ලක්ෂණ මඟින් පියාගේ නාමය එතෙක් සිදු කළ තහනමේ කාර්යය ද සිදු කරයි.
ඉහත කෙටි පූර්විකාව ලියන්නට හේතු වූයේ පසුගිය දිනෙක අත්දකින්නට ලැබුණු සිදුවීමක් නිසා ය. එම සිදුවීම නම් මිතුරන් දෙදෙනෙකු අතර ඇතිවූ සංවාදයක් ය. එම සංවාදයේ දී එක් මිතුරෙකු යෝජනා කළේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකාව පත්ව තිබූ දරුණු ආර්ථික අර්බුදය යම් ප්‍රමාණයකට සමනය කර ඇති නිසා එළඹෙන ජනාධිපතිවරණයේ දී ද ඔහු ජනාධිපතිවරයා ලෙස පත් කර ගත යුතු බව ය. නමුත් එයට එරෙහි වූ අනෙක් මිතුරා සඳහන් කළේ වත්මන් ජනාධිපතිවරයා යනු ජනතාවගේ ඡන්දයෙන් තේරී පත් වූ ජනාධිපතිවරයෙක් නො ව පුරවැසියන් මත බලෙන් පැටවූ ජනාධිපතිවරයෙකු වන බව ය. අධික බදු පැනවීම හා භාණ්ඩ මිල ඉහළ යාමත් නිසා ජිවත් වීම අසීරු වී ඇති මෙවැනි යුගයක දී හොරුන් ද ආරක්‍ෂා කිරීම වැනි හේතු නිසා ඔහු පරාජය කළ යුතු බව අරගලය නමින් හැඳින්වූ ගාලුමුවොදර වාඩි ලා සිටි ක්‍රියාවට ද පක්ෂව සිටි එම මිතුරාගේ අදහස විය. එහි දී අනෙක් මිතුරා පෙරළා සඳහන් කළේ වර්තමානයේ මෙතරම් සැහැල්ලු ආකාරයට සාකච්ඡා කිරීම සඳහා පෙර මෙන් තෙල්, ගෑස් පෝලිම් ආදිය නො මැති පසුබිමක් නිර්මාණය වී ඇත්තේ ආර්ථිකය කිසියම් ආකාරයකට වර්ධනයක් ලබා ගෙන ඇති නිසා බව අමතක නො කළ යුතු බව ය. නමුත් අනෙක් මිතුරා සඳහන් කළේ එම තර්කය යම් ප්‍රමාණයකට සත්‍යයක් වුව ද ඒ සඳහා බදු ගෙවමින් හා පරිභෝජනය අවම කර ගනිමින් තමන් ද සෑහෙන කැප කිරීමක් සිදු කර ඇති බවත් තවදුරටත් “හොරු ආරක්ෂා කිරීම” සඳහා එවැනි කැප කිරීම් සිදු කළ නො හැකි බව ය. මෙම අදහසට එකඟ නො වූ අනෙක් මිතුරා සඳහන් කළේ දෙවන මිතුරා සියල්ල තේරුම් ගෙන ඇති බව පෙනෙන්නට තිබුණ ද සිහි බුද්ධියෙන් කටයුතු කරන බවක් පෙනෙන්නට නො මැති බව ය.
ජනාධිපතිවරයා නැවත බලයට පත් නො කර ගත යුතු යැයි යෝජනා කරන මිතුරා ”අරගලය” නමින් හැඳින්වූ වාඩි ලා සිටීමේ ක්‍රියාවේ දී විකල්ප බලයක් පිළිබඳ බලාපොරොත්තු තබා තිබුණ ද රනිල් වික්‍රමසිංහ මහතා බලයට පත්වීමත් සමඟ ම එම විකල්ප බලාපොරොත්තු කඩ වූ අයෙක් බවට පත් විය. එනම්, ඔහු බලාපොරොත්තු නො වූ අයෙක් ජනාධිපති ධුරයට පත් වීමත් සමඟ ම රටේ ආර්ථිකය නමැති කරුණ පාදක කර ගෙන ඔහුට නිහඞව බලා සිටින්නට සිදු විය. වෙනත් ආකාරයකට විස්තර කරන්නේ නම්, රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට නම් ඔහු අකමැති අයෙක් බලයට පත් විය යුතු ය නමැති අදහස ඉදිරියේ ඔහුට නිහඞ වන්නට සිදු විය. නමුත් කාලය ගෙවී යත් ම අනුර දිසානායක හා සජිත් ප්‍රේමදාස වැනි දේශපාලනඥයින් ජනාධිපතිවරයාගේ වැඩපිළිවෙල ප්‍රසිද්ධියේ විවේචනය කරන තත්ත්වයක් උදා විය. මුලින් සඳහන් කළ මිතුරන් දෙදෙනා අතර සංවාදය පදනම් වන්නේ මෙම තත්ත්වය මත ය. එක් මිතුරෙක් ජනාධිපතිවරයා වෙනුවෙන් පෙනී සිටිමින් තව දුරටත් ඔහුට සහාය දිය යුතු බවට යෝජනා කරන විට අනෙක් මිතුරාට එයට විරුද්ධවීමේ වටපිටාවක් විපක්ෂ දේශපාලන දෘෂ්ටිවාද මඟින් මේ වන විට නැවත සකස් කර දී ඇත. ජනාධිපතිවරයා නැවත පත් කර ගැනීම නමැති අවසන් කැප කිරීම යනුවෙන් තම මිතුරා සිදු කරනු ලබන යෝජනාව ප්‍රතික්ෂේප කිරීමේ පසුබිම ඔහුට සැකසෙන්නේ ඒ ආකාරයට ය. මෙම තත්ත්වය මෙරට ඇතැම් වාමාංශිකයින් තුළ මෙන් ම සමාජ මාධ්‍ය අවකාශය තුළ පළ වන අදහස් විමසීමේ දී ද දැකිය හැකි පොදු මනෝභාවයක් බැවින් මනෝවිශ්ලේෂණය ඇසුරින් අප මෙය වටහා ගන්නේ කෙසේ ද?
බැලූ බැල්මට දෙවන මිතුරා නරුමවාදී ලක්ෂණ ප්‍රකට කරවයි. එනම්, “මම තත්ත්වය හොඳින් තේරුම් ගෙන සිටිමි. නමුත් එය නො දන්නා ලෙස කටයුතු කරමි” නැමැති ප්‍රතික්ෂේප කිරීම (disavowal) ඔහුගේ ප්‍රකාශ තුළ බැලූ බැල්මට පෙනෙන්නට තිබේ. නමුත් අප වටහා ගත යුත්තේ එම මිතුරාගේ ආස්ථානය නරුමවාදී යැයි සලකන විට ඔහු සඳහන් කරන තමන් සිදු කළ කැප කිරීම නමැති සාධකය අපට එහි දී අමතක වන බව ය. එනම්, ඔහු මේ වන විටත් කැප කිරීම් සිදු කර ඇති බව ඔහු පිළිගන්නා බව අප අමතක කරන බව ය. එමෙන් ම ඔහු සඳහන් කරන ආකාරයට රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරයට පත්වීම යනු ඔහුගේ තෝරා ගැනීමක් නො ව ඔහු මත බලහත්කාරී ලෙස පිළිගැනීමට සලස්වා ඇති යමකි. එ ලෙස බලහත්කාරී ලෙස පිළි ගැනීමට සැලැස්වීම හා මේ වන තෙක් සිදු කර ඇති කැප කිරීම් නමැති ඔහුගේ තර්කවලට එරෙහිව ඔහුගේ ආත්මීය ප්‍රතිචාරය නම් රනිල් වික්‍රමසිංහ මහතා නැවත ජනාධිපති ධුරයට පත් නො කළ යුතු බව ය. මෙය අපට හඳුනා ගත හැකි වන්නේ ප්‍රතික්ෂේප කිරීමකට වඩා නො කැමැත්ත පළ කිරීමක් ලෙස ය.
මෙය එක්තරා ආකාරයකට ප්‍රාථමික මට්ටමේ නියුරෝසීය ආත්මීය ව්‍යුහයකට සමාන ය. දෙවන මිතුරා මේ තාක් සිදු කර ඇති කැප කිරීම් හා ඒ සමඟ ම එම කැප කිරීම් වර්තමානයේ ප්‍රතික්ෂේප කිරීම මඟින් අදහස් වන්නේ ඔහුගේ ලුබ්ධි ම ය වස්තුව ඔහුට අහිමි වී ඇති බව ය. එය සුඛ පරමවාදී ජීවිතය, යහපත් හෙට දවස පිළිබඳ බලාපොරොත්තුව, තමන්ගේ අනන්‍යතාවය සහතික කිරීම හෝ තමන්ට සමාජීය තත්ත්වයක් ලබා ගැනීම වැනි දේ අතරින් එකක් විය හැකි ය. මෙම ඉදිරිගාමී දෘෂ්ටිවාදය යනු ආත්මය ස්වේච්ඡාවෙන් ම ඊට යටත් වීම පිළිඹිබු කිරීමක් ද වන්නේ ය. ඔහු අපේක්ෂා කරන බලාපොරොත්තු ඔහුට මූර්තිමත් කරවන්නේ වෙනත් අපේක්ෂකයෙකු විය හැකි ය. මෙහි දී ඔහුගේ අදහස නම් වෙනත් අපේක්ෂකයෙකු බලයට පත් කර ගැනීමෙන් පසු ලැබිය හැකි දේ රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඔහුට අහිමි කර ඇති බව ය. වෙනත් ආකාරයකට සඳහන් කරන්නේ නම් ආර්ථිකය යම් තත්ත්වයකට වර්ධනය වී ඇතත් එය තමන්ට අවශ්‍ය ආකාරයට සිදු වී නො මැති බව ඔහු ප්‍රකාශ කරන බව අපට අවබෝධ කර ගත හැකි ය. මේ වන විට ජනාධිපතිවරණ අපේක්ෂකයින් විය හැකි යැයි අනුමාන කරන දේශපාලනඥයින්ගේ ප්‍රකාශ දෙස බැලීමේ දී ඔවුන් පොරොන්දු වන්නේ ධනවාදී ශ්‍රී ලංකාවකි. ඔවුන් අතරින් වඩාත් ධනවාදී ශ්‍රී ලංකාවක් හා වඩා සුඛ පරමවාදී පුද්ගලික ජීවිතයක් සපථ කරන්නේ කවුරුන් ද යන්න දෙස මේ වන විට බොහෝ දෙනෙක් බලා සිටිති.
මෙහි දී අප වටහා ගත යුතු වන්නේ දෙවන මිතුරාගේ නො කැමැත්ත සම්පූර්ණ ලෙස ප්‍රකාශ නො වී එය රෝග ලක්ෂණයක් ලෙස මතු වන ආකාරය ය. එනම්, ආර්ථිකය සම්බන්ධ දත්ත හා කරුණුවලින් පළමු මිතුරාට පිළිතුරු දෙනු වෙනුවට එම සාකච්ඡාව තුළින් හොරු ආරක්ෂා කිරීම නැමැති කරුණ මතු වීම ය. මීට වසර දෙකකට පමණ පෙර දැඩි දුෂ්කරතා මත ගෙවූ ජීවිතය යම් ප්‍රමාණයකට හෝ සහනදායී තත්ත්වයකට පත්ව ඇති බව පෙනෙන්නට තිබුණත් ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ හොරු ආරක්ෂා කිරීම නිසා ඔහු බලාපොරොත්තු ආකාරයට එම සහනය තමන්ට ලැබී නො මැති බව ය. ඔහුගේ නො කැමැත්තට හේතුව ගොඩනැගෙන්නේ මෙමඟිනි. තම නො කැමැත්ත පැහැදිලි ලෙස ඔප්පු කළ හැකි දත්ත හා කරුණු මඟින් ප්‍රකාශමාන නො වී ඒ ආකාරයට රෝග ලක්ෂණ ම ය ප්‍රකාශයක් ලෙස ඔහු මඟින් ඉස්මතු වේ.
මෙහි දී වත්මන් ජනාධිපතිවරයාට එරෙහි වීමේ දී මතු වන හොරු ආරක්ෂා කිරීම නමැති සාධකය එම මිතුරා සැබැවින් ම දන්නා ආර්ථික කරුණු මත ගැස්මක් ඇති කරවයි. එනම්, හොඳින් දන්නා කරුණු ප්‍රතික්ෂේප කිරීම සඳහා තෙරපුමක් හෝ අවහිරයක් ඇති කරවන්නේ මෙය යි. මෙහි දී එම මිතුරාට අනුව තමන් කොතරම් කැප කිරීම් සිදු කළත් වර්තමාන තත්ත්වය තුළ යහපත් හෙට දවස නමැති අදහසට භක්තිමත් වීම අත්හැර දැමීමට ඔහුට සිදුව ඇත. එනම්, තමන්ගේ සත්තාව අත්හැර දැමීමට ඔහුට සිදු වී ඇත. වෙනත් ආකාරයකට සඳහන් කරන්නේ නම් රනිල් වික්‍රමසිංහ මහතා මීළඟ ජනාධිපති ධූරයට පත් කිරීමට ඡන්දය ප්‍රකාශ කිරීම යනු තම ආත්මීය වුවමනාව පරම පාවාදීමක් ලෙස ඔහු සලකයි. ඔහු සඳහන් කරන මෙම අදහස වෙනත් ආකාරයකට ද සඳහන් කළ හැකි ය. එනම්, ආර්ථිකය යහපත්වීම සඳහා මේ දක්වා කැප කිරීම් සිදු කළත් රනිල් වික්‍රමසිංහ මහතා මී ළඟ ජනාධිපතිවරයා ලෙස පත් කිරීම නමැති පළමු මිතුරා යෝජනා කරනු ලබන අවසන් හා තීරණාත්මක කැප කිරීම සිදු කළ නො හැකි බව ය, ඔහු පවසන්නේ. එබැවින් රටේ ආර්ථිකය යම් ප්‍රමාණයකට ස්ථාවර කළ ද රනිල් වික්‍රමසිංහ මහතා යටතේ තව දුරටත් පාලනය වීම ඔහු පෙනී සිටින ආස්ථානයට පටහැනි ය. මෙමඟින් ඔහුගේ උත්සාහය යොමු වන්නේ පවතින අඛණ්ඩතාව මෙන් ම සංකේතීයභාවය ද අවසන් කිරීමට ය. මෙහි දී ඔහු සංකේතනය මඟින් සලකුණු වන අතර ම එම සලකුණු කිරීමට එරෙහිව ද කටයුතු කරයි. තමන්ට අත්හැර දමන්නට (කැප කිරීමට) සිදු වූවා යැයි කල්පනා කරන දේට ලුබ්ධි ම ය වශයෙන් බැඳී සිටින බව මෙහි දී ඔහුට නො වැටහේ. එහි දී ඔහුට අහිමිව ඇති දේට ආදේශකය ලෙස පවතින හැඟවුම්කාරකවලින් තීරණය වීම ඔහු ප්‍රතික්ෂේප කරයි. ලැකානියානු ආත්මය හැඟවුම්කාරකවලින් නිරූපනය වන්නේ නම් ආත්මය හැඟවුම්කාරක දාමය නවතා දමන ආස්ථානය අප වටහා ගන්නේ කෙසේ ද?
අප දන්නා පරිදි සංකේතනය සෑම විට ම කැපකිරීමක් පූර්වඅපේක්ෂා කරයි. එහි දී සංකේතීය පිළිවෙළෙහි පවතින අඩුව සමඟ ආත්මය තමන්ව පිහිටුවා ගනියි. එනම්, තම රෝග ලක්ෂණය වෙනුවට සමාජය පිළිබඳ විශ්වාසය තබා ආත්මය එහි දී කටයුතු කරයි. තවත් ආකාරයකට සඳහන් කරන්නේ නම් ආත්මය පරිකල්පනයේ සිට සංකේතනයට මෙහි දී අවතීර්ණ වේ. එනම්, සමාජ පිළිවෙළ මඟින් ඔහුගේ රෝග ලක්ෂණය අර්ථකථනය වීමට ඔහු ඉඩ හරියි. නමුත් එහි දී ආත්මයට තමන් සංස්ථාපනය කළ පිළිවෙල සමඟ අසහනයක් ජනිත විය හැකි ය. එවිට ආත්මය හැඟවුම්කාරක දාමයෙන් ඉවත් වන්නට දරන උත්සාහය තුළ ආත්මය සංඥාවක් ලෙස ම වඩ වඩාත් එයට ම අන්තර්ග්‍රහණය වේ. ලැකාන්ට අනුව එය හැඟවුම්කාරකයක් ලෙස නො ව සංඥාවක් ලෙස නම් වන්නේ වාග් විද්‍යාත්මක හැඟවුම්කාරකයකට හිමි අර්ථයෙන් එය වෙනස් වන නිසා ය. එනම්, සංකේතනය ප්‍රතික්ෂේප කළ විට ඉතිරි වන්නේ සංඥාවක් පමණි. ඒ අනුව දෙවන මිතුරාගේ මෙම නො කැමැත්ත යනු සංකේතනය තුළ පවතින සංකේතීය ක්‍රියාවක් වන අතර ම එය සංකේතනය මඟින් ලබා දෙන සහතිකය ප්‍රතික්ෂේප කිරීමේ ක්‍රියාවක් බවට ද පත් වේ. එවිට නො කැමැත්ත යනු ආත්මය සංකේතනයට ඇතුළත් කිරීම නිශේධනය කිරීමේ ක්‍රියාවක් වන අතර ම පෙර දී ද සඳහන් කළ පරිදි එය අනෙක් හැඟවුම්කාරකවලට සම්බන්ධ නො වන සංකේතීය පිළිවෙලින් ඉවත් කළ එහෙත් යම් ආකාරයකට සංකේත පිළිවෙලට සම්බන්ධ වූ හුදෙකලා සංඥාවකි. මෙම නො කැමැත්ත සංකේත පිළිවෙළ තුළින් මතු වන සංකේතීය ක්‍රියාවක් වුව ද එය සංකේතීයව තහවුරු වීමට එරෙහි අසහනයක් ලෙස පවතින බව පෙන්වා දිය හැක්කේ මේ නිසා ය. එවිට ආත්මය සංකේත පිළිවෙලින් ඉවත් කළ සංඥාවක් ලෙස පෙනෙන්නට පටන් ගනියි.
ඉහත මිතුරාට අනුව ඔහු සියලු දේ කැප කර ඇත්තේ ඔහුගේ සතුරෙකු වෙනුවෙනි. ඔහුට අනුව එම කැප කිරීම මඟින් තම සතුරා බලවත් වෙමින් සිටියි. එයට ඉඩ දිය නො හැකි ය. එනම්, තමන්ට අයත් නො වන තමන් අපේක්‍ෂා නො කළ සංකේතනයට අවතීර්ණ වීමට ඔහු කැප කළ සියලු දේ මේ වන විට එම සංකේත පිළිවෙලෙහි නිශේධනයක් ලෙස පෙනී සිටියි. මෙමඟින් ඔහු පවතින සංකේත පිළිවෙල ප්‍රශ්න කරන තැනට පත් වේ. මෙහි වැදගත් ම දේ නම් මීට පෙර ද පැහැදිලි කළ පරිදි මූලික කැප කිරීම් සිදු කරමින් සංකේත පිළිවෙලට අවතීර්ණවීම සටහන් වුවත් එය ප්‍රතික්‍ෂේප කිරීම මඟින් ඔහු සංඥාවක් ලෙස මූර්තිමත් වීම ය. සංකේතීය පිළිවෙළ ප්‍රතික්ෂේප කරන විට එතැන ඉතිරි වන ‘සංඥාව’ මනෝවිශ්ලේෂණයට අනුව අපට සින්තෝමය ලෙස හැඳින්විය හැකි අතර සංකේතනය ප්‍රතික්ෂේප කළත් ඔහු එහි දී පරිකල්පනය හෝ යථට පසු නො බසියි. වෙනත් ආකාරයකට සඳහන් කරන්නේ නම් රෝග ලක්ෂණය මඟින් විනෝද වීම මෙමඟින් සිදු වේ. එනම්, එහි දී ඔහු පැමිණිලි කරන තත්ත්වය මඟින් ම ඔහු විනෝද වන බව පෙනේ. කෙනෙකුට අර්ථයකට විවෘත විය හැකි බව පෙනෙන්නේ ඔහු/ඇය දැනටමත් අර්ථ නිපදවන ව්‍යුහයෙන් විනෝද වන්නේ නම් පමණි. විනෝදය යනු වේදනාවෙන් සතුටු වීම බව අපි දන්නෙමු. නමුත් එයට වෙනස්ව මෙම විනෝදය අප හඳුනා ගන්නේ කෙසේ ද? අප වටහා ගත යුත්තේ එය භාෂාව තුළ ම සුවිශේෂ තත්ත්වයක් ලෙස පවතින බව ය. එය එක්තරා ආකාරයකට අර්ථය තුළ විනෝදයකි. එනම්, සින්තෝමය යනුවෙන් හඳුනා ගන්නේ අර්ථය තුළ විනෝදයකි. ඉහත සඳහන් කළ අර්ථය තුළ විනෝදය යනුවෙන් වන අදහස මඟින් සින්තෝමය යනු කිසිවෙකුට යමක් සන්නිවේදනය වන බවක් යනුවෙන් අදහස් නො වේ. එය තුළ අවසාන අර්ථයක් පවතියි යැයි ඉන් අදහස් වන්නේ නැත. නමුත් එක්තරා අර්ථයකින් එය අර්ථ නිෂ්පාදනය කරයි. එනම්, ප්‍රහේලිකා ම ය ස්වරූපයකිනි. එවැනි හැඟවුම්කාරක මඟින් එක් නිශ්චිත අර්ථයක් බිහි කරනු වෙනුවට විවිධ අර්ථ කියවන්නියගේ මනසට කැඳවයි. මෙහි දී දකින්නට ලැබෙනුයේ කාව්‍යාත්මක භාෂාවකි. එය අවබෝධ කර ගැනීම සඳහා පහත උදාහරණ දක්වමු.
-
“එක් අවස්ථාවක තරුණිය කරන ඉහත ප්‍රකාශය තුළින් නාට්‍යයේ අතෘප්තිමත් ආශාවේ තරංග ආයාමය අපට සමීප කෙරෙයි.” (පිටුව 135)
-
“මනෝවිශ්ලේෂණයේ තේමාත්මක මානය භූමිකා අතර ප්‍රකාශනයක් පමණක් නොකර නාට්‍යයේ ව්‍යුහයද එහි තර්කණයන්ගෙන් අනුසාරි කර ඇත. සියල්ල එකම වෘත්තයක කැරකෙයි.” (පිටුව 135)
-
“ඊඩිපස් සේම අක්ෂරයද රූපක කථාවක් වන නිසා තරුණයාගේ සැබෑ පියා ඉදිරිපත් කෙරෙන්නේ පීතෘ භූමිකාවක් ලෙස යැයි ගත හැකිය.” (පිටුව 136)
ලිපිය – “සදාතනික වර්තමානය විකිණීමට තිබේ.” – විදර්ශන කන්නන්ගර. [ලිපිය ඇතුළත් ග්‍රන්ථය – “Antique කඩයක මරණයක්” – අශෝක හඳගම (විදර්ශන ප්‍රකාශන)]
ඉහත ග්‍රන්ථයේ පළ වී ඇති මෙම දීර්ඝ ලිපිය තුළ නිශ්චිත අර්ථ ලබා නො දෙන ඉහත ආකාරයේ බහු අරුත් දනවන කාව්‍ය ම ය වාක්‍ය රැසක් හඳුනා ගත හැකි ය. මෙහි උපුටා දක්වා ඇත්තේ ඉන් කිහිපයක් පමණි. මනෝවිශ්ලේෂණය මත පදනම් වන්නේ නම් මෙවැනි වාක්‍ය ගොඩනැගිය නො හැකි ය. මේවායේ පවතින හැඟවුම්කාරක ප්‍රහේලිකා ම ය බහු අරුත් ජනනය කරයි. ඉන් එක් ප්‍රකාශයක් පමණක් ගෙන අපි විමසා බලමු.
“එක් අවස්ථාවක තරුණිය කරන ඉහත ප්‍රකාශය තුළින් නාට්‍යයේ අතෘප්තිමත් ආශාවේ තරංග ආයාමය අපට සමීප කෙරෙයි.” (පිටුව 135)
එම ලේඛකයා ලිපිය සඳහා මනෝවිශ්ලේෂණය පදනම් වන බව සඳහන් කර ඇත. කෙනෙකු මනෝවිශ්ලේෂණය මත පදනම් වන්නේ නම් ආශාව යනු ආත්මයට සම්බන්ධ යමක් බවත් ඉහත වාක්‍යයේ පරිදි එය නාට්‍යයක් වැනි යමකට සම්බන්ධ කළ නො හැකි බවත් නො දැන සිටිය හැකි ද? මනෝවිශ්ලේෂණය නාට්‍යයක ආශාව පිළිබඳව විග්‍රහ නො කරයි. එවිට එම ලේඛකයා සඳහන් කරන “නාට්‍යයේ අතෘප්තිමත් ආශාව” නමැති හැඟවුම්කාරකවල අර්ථය කුමක් ද? ඔහු “නාට්‍යයේ අතෘප්තිමත් ආශාව” භෞතික විද්‍යාවට අදාළ “තරංග ආයාමය” නම් හැඟවුම්කාරකය සමඟ මීළඟට සම්බන්ධ කරයි. මෙම කාව්‍ය ම ය, ප්‍රහේලිකා ම ය භාෂා රටාවකින් යුත් හැඟවුම්කාරක නැවත නැවත කියෙව්වත් ඒවාට හිමි අර්ථයක් හඳුනා ගත නො හැකි ය. නො පැහැදිලි ගූඪභාවය මඟින් හැඟවුම්කාරක පමණක් මෙහි කියවන්නිය තුළ ජනිත කර ඇත. මෙම ලේඛකයා විචාරයක් කරන බව ඇඟවුවත් සිදු කර ඇත්තේ වචන මඟින් විනෝදවීම ය. ඒ අනුව ඔහු මනෝවිශ්ලේෂණය පදනම් කර ගත් බව සඳහන් කළත් ඔහුගේ ලිවීම විශ්ලේෂණය කිරීමේ දී පෙනී යන්නේ මනෝවිශ්ලේණය තව දුරටත් අදාළ නො වන බව ය. මෙය අප වටහා ගන්නේ කෙසේ ද? මෙහි දී ඔහුට සිදු වන්නේ අනෙකා සමඟ ගනුදෙනුවේ දී එතෙක් විචාරයේ සම්මතය ලෙස සැලකුණ ට්‍රොට්ස්කිවාදය ගුරු කර ගත් යථාර්ථවාදී ප්‍රවේශය වෙනුවට තමන්ට ආගන්තුක හා අදාළ නො වන අනුන්ගේ (දීප්තිගේ) භාෂාවක් ලිවීමට ය; අනුකරණය කරන්නට ය. එනම්, ඔහු මෙහි දී ලියන්නේ පීඩකයෙකු ලෙස ඔහු හඳුනාගෙන ඇති අයෙකුගේ භාෂාව ය. ඔහු එම භාෂාව මඟින් පීඩනයට පත්ව ඇත්තා සේ ම තමන් පිට පටවා ඇති මෙම ආගන්තුක භාෂාව මඟින් විනෝද වේ. මෙමඟින් ශ්‍රී ලංකාව තුළ මනෝවිශ්ලේෂණය ගර්හිත හා දුගී විෂයයක් බවට පත් කරයි. ඔහු සරණ යන්නේ ෆ්‍රොයිඩියානු හෝ ලැකානියානු මනෝවිශ්ලේෂණය වෙනුවට ඔහුට ම අනන්‍ය වූ අබලන් මනෝවිශ්ලේෂණයකි. [මෙම සින්තෝමය පිළිබඳව අවබෝධ කර ගැනීමට ඉහත ග්‍රන්ථයේ ම පළ වන සමන් වික්‍රමාරච්චි රචනා කරන ලද “කලාව හෙජමොනියෙන් ස්වායත්තාවට” (පිටු 101-105) ලිපිය කියවන්න.]
සින්තෝමය අර්ථ විරහිත යැයි සඳහන් වන්නේ එ මඟින් කිසියම් වූ හැඟවුම්කරණයක් සිදු නො වන නිසා ය. එසේ නම් එය අර්ථය තුළ විනෝදය යනුවෙන් නම් වන්නේ ඇයි? අප මෙහි දී වටහා ගත යුතු වන්නේ සින්තෝමය අර්ථ නිෂ්පාදනය අරමුණු කර ගත් එකක් නො ව අර්ථය වෙනුවට අර්ථ නිෂ්පාදන ක්‍රියාව (act) මත පමණක් පරායත්ත යමක් බව ය. සින්තෝමය යනු එක්තරා ආකාරයකින් ව්‍යුහය යැයි සඳහන් කළ හැකි ය. එම ව්‍යුහය ම විනෝදය වේ. එය සැබෑ ලෙස ම කිසිවක් අරමුණු නො කරන නිසා එවැනි ව්‍යුහයක් අර්ථයක් ලෙස පිළිගත නො හැක. මෙය තමන්ගේ ම වූ ආකාරයකට සංකේතනය තුළ පැවතීමකි. මෙහි දී අවිඥානයට පවතින දායකත්වය එවැන්නෙක් අත් හරියි. එහි දී විනෝදය භාෂා ම ය ව්‍යුහයක් බවට පත් වේ. මෙය ආත්මයේ පරම ආධාරකය හා අර්ථ ගොඩ නැගීමේ මූලාශ්‍රය බවට පත් වන නමුත් එ මඟින් අර්ථ බිහි නො වේ.
සින්තෝමය සංකේතනයේ පදනම ලෙස සැලකිය හැකි අතර ම එය සංකේතනයේ පැල්ම ද සලකුණු කරයි. එවිට සංකේතනය රෝග ලක්ෂණයක් මත රඳා පවතියි. අප වටහා ගත යුත්තේ ලැකාන්ට අනුව පියාගේ නාමය සංකේතනය තුළට අන්තර්කරණය කරනු ලබන්නේ නම් පියාගේ නාමය බිඳ වැටුණු පසු සංකේතනය සඳහා කෙනෙකු ඇතුළත් කරවන්නේ සින්තෝමය මඟින් බව ය. ලැකාන් සඳහන් කරන්නේ තමන් පරිකල්පනයෙන් ආරම්භ කර සංකේතනය වෙතට ප්‍රවිෂ්ඨ වූවත් එම වාග් විද්‍යාත්මක ප්‍රවේශය මඟින් ඔහුට අදාළ සෑම දෙයක් ම සොයා ගැනීමට නො හැකි වූ නිසා යථ වෙතට යොමු වූ බව ය. එනම්, ඔහු වාග්විද්‍යාවෙන් පසු යොමු වූයේ ස්ථලක විද්‍යාව (topology) හා ශුද්ධ ලිවීම් (pure writing) දෙසට ය. සින්තෝමය නමැති අදහස දියුණු වන්නේ එම කාලයේ දී ය. එනම්, අර්ථයට විරුද්ධව නැගෙන ප්‍රතිරෝධය පිළිබඳ සංකල්ප ඔහු දියුණු කරනු ලබන්නේ එම කාලයේ දී ය.
දැන් අප නැවත මුලින් සාකච්ඡා කළ දේශපාලන නිදසුන වෙත පිවිසෙමු. එහි දී දෙවෙනි මිතුරා සිහි බුද්ධියෙන් යුතුව කටයුතු නො කරන බව යනුවෙන් ප්‍රථම මිතුරා සඳහන් කරන්නේ ඔහු සංකේතනය තුළ හිඳිමින් සංකේතනයට එරෙහි වීමට දරන උත්සාහය නැමැති ක්‍රියාව ය. එනම්, ඔහු සංවාදය අවසාන කරන්නේ නිශ්චිත අර්ථයක් සන්නිවේදනය නො කර බව ය. එම ප්‍රකාශ තුළින් ඔහු විනෝද වන බව ය. හොරු ආරක්ෂා කිරීම නමැති රෝග ලක්ෂණය මඟින් විනෝද වන අතර ම එ මඟින් ඔහු සංකේතනයට සම්බන්ධ වෙමින් ම ඊට විරුද්ධ වේ. මෙතෙක් සිදු කළ කැපකිරීම් තව දුරටත් සිදු කළ නො හැකි බව යනු ඔහු සංකේතනයට විරුද්ධවීම මූර්තිමත් කිරීම ය. අද වන විට කෙනෙකුගේ අනන්‍යතාවය එසේත් නැත්නම් සත්තාවේ පරම ආධාරකය යනු අර්ථය තුළ විනෝද වීම හෙවත් රෝග ලක්ෂණය මඟින් විනෝද වීම ය. එය නම්, අප මෙතෙක් පැහැදිලි කළ සින්තෝමය යි.
ඔහුගේ එම ආස්ථානය සැබැවින් ම විමුක්තිදායක වාමාංශික ආස්ථානයක් විය නො හැකිදැයි කෙනෙකු ප්‍රශ්න කළ හැකි ය. මන්ද යත් පවතින සංකේතනයට එරෙහි වීමක් ඒ තුළ දැකිය හැකි බැවිනි. එය පවතින තත්ත්වය අත් හිටුවීමට දරණ උත්සාහයක් නො ව සතුරෙකු නම් කරමින් එය වඩා කාර්යක්ෂම කිරීමට දරණ උත්සාහයකි. එයට පටහැනිව වාමාංශික විනෝදය සම්බන්ධ වන්නේ නො ඇතුළත් බව සමඟ ය. මනෝවිශ්ලේෂණයට අනුව ආත්මය අර්ථ දැක්වෙන්නේ ද ඇතුළත් වීමකට එරෙහිව පවතින එයට ම නෛසර්ගික වූ අපොහොසත් වීම මඟිනි. වෙනත් ආකාරයකට සඳහන් කරන්නේ නම් එය සමාජ පිළිවෙල ලබා දෙන ස්ථානයට ගැට ගැසීමට පවතින නො හැකියාව යි. එය විශ්වීය තත්ත්වයකි. සතුරෙකු අවශ්‍ය නො වී විනෝද විය හැකි ආස්ථානය මෙය යි. එහි දී සිදු වන්නේ සමාජ පිළිවෙළෙහි අභ්‍යන්තරික අසමත්භාවය පිළිගැනීමයි. වෙනත් ආකාරයකට සඳහන් කරන්නේ නම් ”වාමාංශික විනෝදය” නම් වන්නේ සමාජයට අයිති වීමට පවතින සාමූහික අසමත්භාවය මඟිනි. එ මඟින් සිදු වන්නේ ප්‍රතිවිරෝධයන් මූලිකව පිළිගැනීම ය.
නිතරම සතුරෙක් අවශ්‍ය වන්නේ නම් එය වාමාංශික ආස්ථානයක් නො වේ. දක්ෂිණාංශය එහි දී තමන්ට අයත් නො වන සතුරෙකු නම් කරමින් හා තමන්ට අයත් වන පිරිසක් සමඟ එම සතුරා සසඳමින් විනෝද වේ. සමාජ පිළිවෙලට අයත්වීමට උත්සාහ දරණ එවැන්නෙකු තම ආත්මමූලිකත්වය අත්හැර දමා සංකේතීය අනන්‍යතාවය නමැති ස්ථාවරභාවය වැළඳ ගනියි. මෙරට බොහෝ වාමාංශිකයින් තුළ ද මෙම තත්ත්වය දැකිය හැකි ය. විමුක්ති ව්‍යාපාරයක් සෑම විට ම විශ්වීය -universal- විය යුතු අතර කිසිම පුද්ගලයෙකු ඉන් බැහැර කර විමුක්තියක් උදා කර ගත නො හැකි ය. යහපත් මිනිසුන්, හොරුන්, වහලුන් ආදී ලෙස වර්ග කරමින් එක් පිරිසකට පමණක් විමුක්තිය උදා කරමින් තවත් පිරිසකට විමුක්තිය උදා නො කිරීම යනු පීඩාකාරී සමාජයක ලක්ෂණයකි. මේ අර්ථයෙන් මෙරට සිටින්නේ ස්ටාලින්වාදී වාමාංශිකයින් මිස ලෙනින්වාදී වාමාංශිකයින් නො වේ. විමුක්තිය උදෙසා විශ්වීයත්වය අත්හැර සුවිශේෂය පමණක් පාදක කර ගත් වාමවාදී ව්‍යාපාර ගමන් කරන්නේ දක්ෂිණාංශික අන්තයට ය.
පුෂ්පජිත් නිරෝෂණ ජයසිංහ.
}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}}
Sinthome (French: [sɛ̃tom]) is a concept introduced by Jacques Lacan in his seminar Le sinthome (1975–76). It redefines the psychoanalytic symptom in terms of the role of the subject outside of analysis, where enjoyment is made possible through creative identification with the symptom.
++++
What is a symptom for Lacan?
For Lacan, the symptom is the fixed manner in which subjects enjoy their unconscious. Thus, the path that leads to oedipal normalization, even if it is neurotic, is also clearly marked. Treatment aims not at such a normalization but rather at learning “what to do with the symptom” instead of enjoying it.
kkkk}}}}}}}}}}}}}}}
The Sinthome, from what I understand is the shift in the drive-powered identification identification of Object a, instead of the Desire-filled identification with the Ego-Ideal. You stop trying to “Be” and just kind of “Do.” Because desires and ego identifications are based on a Lack, you’re always hestitating to do or embrace what you really want because Desire is Desire for the Other, and since you’re caught in the Big Other’s net all you know is what others have allowed you to know. You may have an enjoyment of your own that the Other doesn’t know, but because you’re captured in language by the Other, you’re not “Allowed” to enjoy it vis a vis drive so that drive becomes a desire of jouissance (Pleasure onto death, pleasure with a pentalty of pain). This is percieved by the subject as a Symptom- suffering prettymuch.
Sinthome is when you’re able to let go of the Other, short-circuit their intervention as it were, and finally enjoy/identify with your Symptom. You’re happy to live with it rather than exist in neurotic struggle with the Other that would deny your way of being or a private fulfilled existence. The thing that makes you estranged, rejected born broken now is the key to your existence, the thing that makes you whole. It’s kinda “Reclaiming your scars” in a way. The golden swan and all that. You self-make yourself as what you actually are instead of suffering or trying to repress it.
The example Slavoj Zizek uses one time is Arthur Fleck’s laugh in the Joker. People in the film reject him because of how he seems maladjusted and misplaced, and his laugh seems to serve no place in the symbolic order due to it being a medical condition. By the end of the film he embraces what others have catagorized him as and the horrific senseless laugh that blighted him before now exists as his signature trait, something he proudly possesses rather than disowns. Laughing randomly, and being the butt of the Joke goes from a senseless symptom to his own Sintome.
A sinthome in my opinion can be anything- Biking, porn, science, film, bird-watching, spirituality, martial arts, surfing, writing, tattoos, a particular hobby, choice or lifestyle. Someone building model-ships in a jar or solving crossword puzzles, or building sandcastles only for them to blow away in the tides everysingle noon has found peace with their Sinthome. The important thing to grasp is it’s an activity driven by Drive (self-directed) rather than Desire (for the Other) – you do it because you enjoy it and nothing else. It confers no status, signifiers, or reward, or negative status even but you do it still because you enjoy it, and it makes you completely ‘you’. It’s meaningless, egoless, but gives you enough personal satsfication to continue doing it outside any symbolic mandates.