වස්ථා කිහිපයකදී නවඅරාජකවාදී වංගීස සුමනසේකර විසින් ස්ත්‍රීන් කිහිප දෙනෙකුට ලිංගික අඩත්තේට්ටම් සිදු කළ ද කිසිවකු එය එතරම් තැකුවේ නැත. ඉන් පසු පසන් කොඩිකාරගේ මළ ගෙදර අවසානයේ බොරැල්ල ඊ.ඒ.පී. අවන්හළේ දී වංගීස නදීකා බණ්ඩාරට ලිංගික අඩත්තේට්ටම් සිදු කළ අතර එම අවස්ථාවේ ද විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ හිටපු සභාපති ආචාර්ය නිර්මාල් දේවසිරි මහතාගේ යහපාලන මැදිහත්වීම මත වංගීසට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග නොගැණුනි. නිර්මාල් දේවසිරි ආචාර්යවරයා පවසා සිටියේ වංගීස සුමනසේකරට පරිවාස කාලයක් ලබා දිය යුතු බවයි. නිර්මාල් පමණක් නොව ස්ත්‍රීවාදය වෙනුවෙන් පෙනී සිටි ප්‍රභා මනුරත්න වැනි කාන්තාවන් පවා මොහු ස්ත්‍රීන්ට කරන අඩත්තේට්ටම් නොදැක්කා සේ සිටිමින් ඊට දිගින් දිගටම නිහඩ අනුමැතියක් ලබා දුන්නේ 2004දී X කණ්ඩායම තුළ ඇති වූ ඛන්ඩනයේ දී දීප්තිව විනාශ කිරීම සදහා ඔවුන් වෙනුවෙන් පෙනී සිටීම සදහා වන්දියක් වශයෙනි. ඔවුන් කළ ක්‍රියාවන් වල ප්‍රතිපල මේ වන විට ඔවුන්ම අත්දකිමින් සිටියි. ඒ සම්බන්ධයෙන් අපට කිසිදු ගැටලුවක් නැත. ගැටලුව පැන නගින්නේ වංගීසගේ මෙම විපරිත ක්‍රියා දැන් රාජ්‍ය ආයතන තුළටද රිංගා තිබීමයි.
අපගේ බුද්ධි අංශය වාර්තා කරන අන්දමට නදීකාට ලිංගික අඩත්තේට්ටම් කිරීමේ සිද්ධියෙන් පසු ඔහු ඩිජිටල් ෆිල්ම් ඇකඩමිය සහ කොළඹ විශ්ව විද්‍යාලයේ නාට්‍ය කලා පීඨයේ කළ ඉගැන්වීම් කටයුතු තාවකාලිකව නවතා හැංගී සිටිය ද දැන් නැවත ඉගැන්වීම් කටයුතු ආරම්භ කර තිබේ. වංගීස මෙම ආයතන වල නොව විදේශීය විශ්ව විද්‍යාලයක ඉගැන්වු ද අපට එය ගැටලුවක් නැත. ගැටලුව ඇත්තේ ඔහු ශිෂ්‍යාවන්ට සහ විශ්ව විද්‍යාල කතිකාචාර්යවරියන්ට මේ වන විටත් සිදු කරමින් සිටින ලිංගික හිරිහැරයන් පිළිබදව ඔවුන් අප පක්ෂයට කරන පැමිණිළි වලට ප්‍රතික්‍රියා නොදක්වා සිටීම අප කිසිදු විටක සිදු නොකරන බැවිණි.
බුද්ධි අංශ වාර්තා සදහන් කරන්නේ ඉකුත් බදාදා දිනක කොළඹ විශ්ව විද්‍යාලයේ නාට්‍ය කලා පීඨයේ පළමු වසර සිසුන්ගේ සෝෂල් මීට් එක සදහා ආරාධනා ලැබූ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් සහ බාහිර කතිකාචාර්යවරුන් අතර වංගීස සුමනසේකරයන් ද සිටි බවයි. මෙම උත්සවය අතරතුර මත්පැන් පානය කළ වංගීස සුමනසේකර ආචාර්යවරයා සිය ශිෂ්‍යාවකගේ පශ්චාත් ප්‍රදේශය මිරිකීම හේතුවෙන් යම් නොසන්සුන්කාරී වාතාවරණයක් ඇති වී තිබේ. මෙම අවස්ථාවේ ප්‍රවීන රංගන ශිල්පී සහ නාට්‍ය කලා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලිබරල්  සෞම්‍ය ලියනගේ මහතා ද සිට ඇති නමුත් ඔහු ඊට මැදිහත් නොවී එම ලිංගික අඩත්තේට්ටමට විරුද්ධ නොවීම පිළිබදව ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර ඔහු සම්බන්ධයෙන් ද අප්‍රසාදයක් ඇති වී තිබේ. මෙම සිද්ධියෙන් අනතුරුව බත්තරමුල්ලේ පිහිටි ශිෂ්‍ය නේවාසිකාගාරයට ගිය මෙම සාදයට සහභාගි වූ සිසුන් වංගීස සුමනසේකර සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡා කර තිබේ.
මෙම ශිෂ්‍යාවට වංගීස විසින් සිදු කරන ලද ලිංගික හිරිහැරය පිළිබදව ආරංචි වූ නාට්‍ය කලා පීඨයේ කථිකාචාර්යවරියක් හා මේ දිනවල සිය අධ්‍යාපන කටයුත්තක් සම්බන්ධයෙන් කොළඹ විශ්ව විද්‍යාලය වෙත පැමිණ සිටින ප්‍රසිද්ධ සංගීත මාස්ටර් කෙනෙකුගේ දියණියක් අප සංවිධානය වෙත දෝෂාරෝපණය කරමින් පවසා ඇත්තේ X කණ්ඩායම බිහි කළ විපරිතයන් පිළිබදව කඩිනමින්  ක්‍රියා මාර්ග ගත යුතු බවයි.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් සොයා බැලීමේ දී ආරංචි වූයේ වංගීස විසින් මෙම කථිකාචාර්යවරියට සහ අදාළ සංගීත මාස්ටර්ගේ දියණියට ද අයුතු ලිංගික යෝජනා කර ඇති බවයි. විශ්ව විද්‍යාලය තුළ එකම කාර්ය මණ්ඩලයේ සේවය කරමින් සිටින වංගීස විටින් විට තමා සමග සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීමට උත්සහ දරමින් ‘‘ ඔයාගේ පස්ස හරි ලොකුයිනෙ ‘‘ වැනි ජිජැකියානු  ප්‍රකාශ කරමින් ලිංගික යෝජනා ඉදිරිපත් කරන බව එම කථිකාචාර්යවරිය අප සමග පවසා සිටියාය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඇය සිය පෙම්වතාට ද දැනුම් දී ඇති අතර ඔහුගේ භාෂාවෙන් ඔහු ඉදිරියේ දී වංගීසට පිළිතුරු සපයනු ඇත.
දැන් ඔබ පවසන්නේ කුමක් ද ? වංගීස මෙවැනි සිද්ධියක් කළ පළමු අවස්ථාවේ ඔහුව ආරක්ෂා නොකර වැරැද්ද නිවැරදි කිරීමට, ඔහු වෙනුවෙන් පෙනී සිටින යහපාලන ආණ්ඩුවේ ප්‍රකාශකයකු වූ නිර්මාල් දේවසිරි, ප්‍රභා මනුරත්න ඇතුලු වංගීස සර් යැයි කියමින් ඔහු පසුපස ගිය පුද්ගලයන් උත්සහ කළේ නම් වංගීසගේ මානසික රෝගය මේ තරම් උත්සන්න නොවීමට ඉඩ තිබුණි.
කෙසේ වෙතත් මේ වන විට විශ්ව විද්‍යාල වල සිටින්නේ නිර්දේශපාලනීකරණය වූ ශිෂ්‍ය ප්‍රජාවක් වන බැවින් වංගීස වැනි පුද්ගලයන් සිදු කරන මෙවැනි ක්‍රියා වලට නිශ්ෂබ්දව සිටීමට වටාපිටාවක් සැකසී තිබේ. එහි භයානක තත්ත්වය වන්නේ  මෙවැනි විපරිත ලිංගික ආශාවන් ඇති ඇති පුද්ගලයන්ගේ භාවිතාවන් ඔවුන්ගෙන් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය පරම්පරාවේ ද ජීවන විලාශයන් බවට පත්විය හැකි බැවිණි. එවිට සිදුවන්නේ මහින්ද රාජපක්ෂ වැනි අනෙකාගේ විනෝදයේ උපකරණයක් වන විපරිත පරම්පරාවක් බිහිවීම පමණි. මනෝවිශ්ලේෂණය සම්බන්ධයෙන් සප්‍රමාණික අවබෝධයක් අපට ඇති නිසා පැවසිය හැක්කේ සාමාන්‍යයෙන් මෙවැනි මානසික ලෙඩ ඇති පුද්ගලයන් රාජ්‍ය ආයතන තුළ හෝ අධ්‍යාපන ආයතන වල ඉගැන්වීමට වෙනත් රටවල අවස්ථාවක් නැති බවයි. සාමාන්‍යයෙන් එහිදී සිදුවන්නේ මෙවැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයන් සිටී නම් වහාම ඔවුන්ව සායන වෙත යොමු කර ප්‍රතිකාර ලබා දීමයි. ඒ නයින් ගත් කළ අප රටේ අධ්‍යාපන ආයතන වල තත්ත්වය කෙබෙදු දැයි අපට සිතා ගත හැකිය.
වංගීස වැනි පුද්ගලයන් පිළිබදව මීට වඩා කථා කිරීමට වචන නාස්ති කිරීම අපගේ කාලය කා දැමීමකි. නමුත් ඔහු ඇතුලු විමතිකයන් එක දෙයක් මතක තබා ගත යුතුය. මහින්ද රාජපක්ෂගේ අනුහසින් විපරිතයන්ට විශ්ව විද්‍යාල වල ආචාර්යවරුන් වීමට හැකි නම් ගෑණුන්ට ලිංගික අඩත්තේට්ටම් සිදු කරන ආචාර්යවරුන්ට අවශ්‍ය බෙහෙත් ලබා දිය හැකි පෙරටුගාමී ශිෂ්‍ය ව්‍යාපාරයන් බිහි කිරීම ද එතරම් අසීරු කටයුත්තක් නොවන බව අවධාරණය කර ගත යුතුය. මේ වන විටත් ප්‍රභවය ලබමින් සිටින  ශිෂ්‍ය ව්‍යාපාරය වංගීස වැන්නන්ට ඉදිරියේ දී ප්‍රතික්‍රියා දක්වනු ඇත.
දැන් අපි රාජ්‍ය පරිපාලනය වෙත යොමු වෙමු. වංගීස ස්ත්‍රීන්ට ලිංගික හිංසනයන් සිදු කරන බව කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුළපතිවරයා නොදන්නේ ද ? එමෙන්ම පදනම් ආයතනයේ සභාපතිවරයා මේ සම්බන්ධයෙන් පවසන්නේ කුමක් ද ?
පදනම් ආයතනය තුළ ක්‍රියාත්මක වන ඩිජිටල් ෆිල්ම් ඇකඩමිය අද (9 ) සංවිධානය කරන සංවාදයට ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක සහෝදරයා සහභාගි වන්නේ විපරිත ආශාවන් ඇති, ස්ත්‍රීන්ට ලිංගික හිංසනයන් සිදු කරන වංහීස වැනි පුද්ගලයන් එහි උගන්වන බව නොදැන ද ??  

ඔබේ අදහස කියන්න...