Prime Minister Jacinda Ardern of New Zealand and her partner, Clarke Gayford.

අධිරාජ්‍යවාදය පිළිබද සමකාලීන දේශපාලන අදහස කලින්ට  වඩා හාත්පසින්ම වෙනස් වෙනස් විය යුතු බව අපට පෙනී යයි. මේ නව තත්වය පිළිබද විශ්ලේෂණයක් කිරීම මෙම ලිපියේ අරමුණයි.

ඉවන්කා ට්‍රම්ප් සහ ඇයගේ ස්වාමි පුරුෂයා වන ජැරඩ් කුෂ්නර්ට අයත් දේපල වෙලදාම් සමාගමට ට්‍රම්ප් ජනාධිපති වීමට පෙර ඇමරිකානු ඩොලර් බිලියන 7 ක ආයෝජනයක් අවශ්‍ය වෙයි. ඒ නිව්යෝර්ක් නගර මධ්‍යයේ පිහිටි ගොඩනැගිල්ලක් සහිත ඉඩමක් මිලදී ගෙන පැරණි ගොඩනැගිල්ල කඩා දමා නව ගොඩනැගිල්ලක් ඉදි කිරීමටයි. මෙම ගොඩනැගිල්ල කඩා ඉවත් කර ඉඩම පවිත්‍ර කර ගැනීම සදහා පමණක් වියදම ඇමරිකානු ඩොලර් බිලියනයක් පමණ වේ. මේ ආයෝජනය සදහා ඔවුන් ආරාධනා කරනු ලබන්නේ කටාර් එමීර් වරයාටය. කටාර් එමීර්වරයා යනු කටාර් රාජ්‍යයේ අයිතිකරුවාය. ඔහුගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන දෙසිය පනහ ඉක්මවයි. ඉන් ට්‍රම්ප් ගේ බැනා බලාපොරොත්තු වන්නේ ඩොලර් බිලියන 7 කි. ට්‍රම්ප් ජන්දය දිනන්න කලින් මුදල් දෙන්න බැහැ කියන එමීර් වරයා ජන්දයෙන් පසු ඩොලර් මිලියන 500 ක් දීමට කැමති වෙනවා. නමුත් කුෂ්නර්ට අවශ්‍ය මුලද වන බිලියන 7 දෙන්න එමීර් වරයා කැමති වෙන්නේ නැහැ.එහි ප්‍රතිඵලක් ලෙස ට්‍රම්ප් කටාර් රාජ්‍යයේ සමස්ථ ආර්ථිකයම බිද දමනවා. කටාර් රාජ්‍ය ත්‍රස්තවාදයට උදවු කරන බව පවසමින් ට්‍රම්ප් එමීර් වරයාට return එක දෙනවා. මේ අතර ඊශ්‍රායල් ධනපතියන් කිහිපදෙනෙක් එකතු වී කුෂ්නර්ට අවශ්‍ය මුදල ලබා දෙනවා. ඒ නිසා ඇමරිකාව විසින්  ජෙරුසිලම ඊශ්‍රායල් අගනගරය ලෙස නම් කරනවා.

ලෙනින්ගේ අධිරාජ්‍යවාදය සහ මෙකී අධිරාජ්‍යවාදය හාත්පසින්ම වෙනස් වේ. ලංකාවේ මහ බැංකු අර්බුදය යනු රුපියල් බිලියන 10 ක් පිළිබද ගැටලුවකි.එනම් ඩොලර් මිලියන 66 කි. ජනාධිපති වරයා ද ඇතුළුව බොහෝ දෙනා කියන්නේ  මෙම මුදල් යු. එන්. පී එකේ පක්ෂ අරමුදලට බැරකර ගත් බවයි. නමුත් යු. එන්. පී එකට මේ තරම් මුදලක් අවශ්‍ය නොවේ. ඔවුන් මෙවර පළාත් පාලන මැතිවරණයට වියදම් කලේ කෝටි 28 ක් වැනි සුළු මුදලකි. මොනවද මේ සල්ලි වලට කලේ ? කවුරු හරි දන්නවාද? ඇත්ත තත්වය නම් උත්තරය කවුරුත් දන්නේ නැති බවයි. දන්නේ නැති කම තමා හොදම උත්තරය.

අයිවන් කියනවා රටේ මේ ඇතිවෙලා තියෙන තත්වයට මෛත්‍රී -රනිල් දෙදෙනා වගකිව යුතු බව. ඇත්තටම කවුරුත් වග කියන්න අවශ්‍ය නැහැ. මොකද රට යන්නේ කොහෙද කියලා කවුරුත් දන්නේ නැහැ. ඇන්ජෙලා මාර්කෙල් දන්නේ නැහැ ජර්මනිය යන්නේ කොහෙද කියලා. ඉතාලියේ බර්ලුස්කෝනි දන්නේ නැහැ ඉතාලිය යන්නේ කොහෙද කියලා. ඔහු සන්ධාන ගත වී බලයට අවොත් සංක්‍රමණිකයන් ලක්ෂ 6 කට විතර අපහු මව් රටට යන්න වෙනවා. බර්ලුස්කෝනි මාධ්‍යවේදිනියන් ලවා  අත මිරිකගෙන ‘අපෝ ඔයා ඔච්චර තදින්  මගේ අත මිරිකන්න එපා, ඔයාට කසාද බදින්න ලැබෙන එකක් නැහැ’ කියනවා බලාගෙන ආතල් ගන්නවා හැර ඉතාලි ජනතාවට ඔහුගෙන් අහන්න පුලුවන්ද ”රට යන්නේ කොහෙද” කියලා. ප්‍රංශයේ මැක්‍රෝන් දන්නවද ප්‍රංශය යන්නේ කොහෙද කියලා ? නැහැ.    තමන් ඇමතිලා එක්ක  සාකච්ජා කරන විට බල්ලා ඇවිත් චු කරන එක නවත්තන්න බල්ලව පුහුණු  කරන්න ඕනේ කියලා නම් ඔහු දන්නවා ඇති. යුරෝපා සංගමයෙන්  වෙන් වීමෙන් පසු තෙරේසා මේ ගෙන් එංගලන්තෙට මොකද වෙන්න කියලා කවුරු හරි ඇහුවොත් ඇය කියාවි ‘අපෝ මගෙන් නම් ඕක අහන්න එපා’ කියලා. මී ලගට නවසීලන්තයට ගියොත් රට ගැන කෙසේ වෙතත් අගමැති මාධ්‍ය හමුවක් කැදවලා කියනවා තමන් සති  6 ක් ප්‍රසුත  නිවාඩු ගන්නවා කියලා. ඒ අනුව නවසීලන්තේ නම් යන්නේ බබාලා හම්බවෙන්න කියලා පැහැදිලියි. කැනඩාවේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරියක් කතානායකට ලිපියක් ලියමින් තමාට සභා වාරය අතරතුර තනකිරි දීමට අවසර ඉල්ලනවා. ඇයට අවසර ලැබෙනවා. පාර්ලිමේන්තුවේ රටේ ආර්ථිකය වැනි වැදගත් ප්‍රශ්න සාකච්ජා වන අතරතුර මේ මන්ත්‍රී වරිය  තනකිරි ලබා දෙනවා. කැනඩාවේ අගමැති තම කාර්යාලයේ වැඩ කරමින් සිටින විට බිරිද පොඩි එකාව එතැනට ගෙනත් දාලා  මෙයාව බලා ගන්න කියලා යනවා. ඉතිං කාට හරි අහන්න පුලුවන්ද කැනඩාව යන්නේ කොහෙද කියලා? මේ තමා ධනවාදී ක්‍රමය. ලිං මැඩියන්ට මේක තේරෙන්නේ නැහැ.

පාරේ යන කට්ටියකට කතා කරලා විශ්ව විද්‍යාලයකට දාලා කියනවා ”අඩෝ ඉගන ගනින්” කියලා. උන් ඉතිං ”මේ මොන කෙහෙල්මලක්ද” කියලා අමාරුවෙන් විභාගේ පාස් කරගෙන එලියට එනවා. මේ අයව බුද්ධිමතුන් කියලා පිළිගන්න සුදානමින් තව කට්ටියක් බලාගෙන ඉන්නවා. මහබැංකුවේ මොකද කරේ කියලා කවුරුත් දන්නේ නැහැ . ඒ වැඩේ නීති විරෝධී නැහැ. අර්ජුන් මහේන්ද්‍රන් රටින් පිට වූ විට ඔන්න පැන්නා කියලා ජනතාව අවුස්සනවා. නමුත් ඒ බොරුවට. මේකට විරුද්ධව නඩු දානවනම් මුලින්ම ධනවාදය නැති කරන්න නඩුවක් දාන්න වෙනවා. අවසානයේ මහ බැංකු අර්බුදයෙන් කිච වෙන්නේ ජනාධිපතිතුමා.

මහ බැංකුවේ ප්‍රශ්නය නිසා පොලී අනුපාත වැඩි වුනා කියනවා , උද්දමනය වැඩි වුනා කියනවා. මේ සියලු දේ ඇත්ත. මහබැංකුවේ මෙවැනි ගණදෙනු මීට පෙර පස් වතාවක් වෙලා තියෙනවා. නමුත් මේ වෙලාවේ පමණක් පොලී අනුපාත , උද්දමනය වැඩි වෙන්නේ කොහොමද? මීට හේතුව තමයි සන්නිවේදනය. හැමෝම මේ සිදුවීම දැනගත් පසු ආර්ථිකය ඉබේම කඩා වැටෙනවා. හැමෝම තමන්ගේ මුදල් ආපසු ගන්නවා. මෙතැන තමයි සන්නිවෙදනය ආර්ථිකයට සම්බන්ධ වන තැන. සන්නිවෙදනය තමන්ගේ මුල්‍ය ස්ථාවරයට බලපාන බව බැංකු හොදින්ම දන්නවා. ඒ අනුව අපිට නිගමනය කල හැකියි මහ බැංකු සිදුවීම හරහා කිසියම් ආර්ථික අවපාතයක් ඇති වුනා නම් ඒක සිදුවෙන්නේ මෙම ගනුදෙනුව ප්‍රසිද්ධියට පත් කිරීම නිසා බව. ධනවාදය ගැන මෙලෝ හසරක් දන්නේ නැති ජ. වි පෙ මන්ත්‍රීවරුන් මේකට උඩින්ම වගකිව යුතුයි.

  

 

 

ඔබේ අදහස කියන්න...

4 COMMENTS

  1. “ඉතාලියේ බර්ලුස්කෝනි දන්නේ නැහැ ඉතාලිය යන්නේ කොහෙද කියලා. ඔහු සන්ධාන ගත වී බලයට අවොත් සංක්‍රමණිකයන් ලක්ෂ 6 කට විතර අපහු මව් රටට යන්න වෙනවා”
    මොකා බලයට ආවත් ඒක කොහෙත්ම වෙන්නෙ නැ මොකද සංක්‍රමණිකයන් නැතුව මෙහෙ වහල් වැඩ ටික කරන්නෙ කවුද, අනික තමා මේ සංක්‍රමණිකයන් පාවිචිචි කරලා වෙන දේශපාලන වැඩක් කරනවා ඒ කියන්නෙ යූරොපයට තිබුනු පහසුකම් ,සේවක අයිතීන් වැනි දේ අඩුවෙමින් යනවා මොකද දැන් අඩුවට වැඩ කරන්න වහල්ලු ඉන්න නිසා ….. ඒ නිසා සංක්‍රමණිකයන් ධනවාදය පැත්තෙන් ගත්තම සුබවාදී .

  2. බෙර්ලුස්කෝනිගෙ ගෙදර වැඩ කරන්නෙත් සන්ක්රමනික පවුලක් ! ohh mio dio che’ bello questo capitalismo!

  3. ඒ අනුව අපිට නිගමනය කල හැකියි මහ බැංකු සිදුවීම හරහා කිසියම් ආර්ථික අවපාතයක් ඇති වුනා නම් ඒක සිදුවෙන්නේ මෙම ගනුදෙනුව ප්‍රසිද්ධියට පත් කිරීම නිසා බව.// ඉතින් කවුද ඒක කලේ අර ජෙහාන් මිසක්

  4. මට මේකත් කියන්න හිතුන ඔයාල අපි කියන දේවල් වලට සවන් දෙන නිසා .
    ලෙනින්ගෙ කාලේ වහල්ලුන්ව බලෙන් ගෙනාව යුරෝපයට දැන් වහල්ලු, මාෆියාවට සල්ලි දීලා බෝට්ටුවෙන් මෙහෙට ඇවිත් කැමැත්තෙන්ම වහලෙක් වෙනෙව …ඒ අතරෙ තව මරු වැඩක් වෙනව සංක්‍රමණික බොට්ටුවක් දුර එද්දිම ඒ බොට්ටුව ලන්ගට ගිහින්ම කැන්දන් එනවා….මොකද යුරෝපා බැංකුවෙන් ඉතාලියටෙ £$E ලැබෙනෙව ඊට පස්සෙ ඒ සංක්‍රමණිකයන් පුරවැසි භාවය අරන් කැනඩාව එංගලන්තය වගේ සුපිරි ධනවාදය තියෙන රටවල් හොයන් යනවා ..

Comments are closed.