මෛත්‍රී දැන් තමන් වටා අභ්‍යන්තර කවයක් ගොඩ නගා ගනිමින් සිටින බව පෙනෙන්න තියෙනවා. චම්පික එහි ප්‍රමුඛයෙකු බවට සැකයක් නැහැ. මම හිතන්නේ දැනටමත් මෙම පිරිස යම් දේශපාලන අවශ්‍යතාවක් වෙනුවෙන් සැලසුම් සහගතව වැඩ කරනවා වෙන්න පුළුවන්. නිදසුනක් ලෙස 19 වන සංශෝධනය ‘අල’ කරනු ලැබීමේ චෝදනාව එල්ල වන්නේ මහින්ද පිලට උවත් එහි ප්‍රධාන භූමිකාවක් නිමල් සිරිපාල විසින් ඉටු කළා. නිමල් කියන්නේ කව්ද? මුළුමනින්ම මෛත්‍රී මත යැපෙන තත්වයක ඉන්න කෙනෙක්. 19 වන සංශෝධනයේ 43 වන ව්‍යවස්ථාව කියවා බලන්න. විධායක ජනාධිපති පාර්ලිමේන්තුවට වග කිව යුතුය යන්න දැන් හුදෙක් අලංකාරෝක්තියක් පමණක්ය යන්න ඔබට වැටහේවි. (http://www.parliament.lk/si/business-of-parliament/acts-bills?tab=acts#stype=gbills&id=5974).

දෙවනුව, වඩාත් භයානක දෙය වන්නේ යෝජිත 20 වන සංශෝධන යෝජනාවයි. එය උනන්දු කරන්නේ චම්පික, රාජිත වැනි මෛත්‍රීට සමීප පිරිස් විසින් (http://www.dailymirror.lk/74827/pass-20a-න). යෝජිත ක්‍රමයෙන් සුළුතර ජන කොටස් වලට සහ කුඩා පක්ෂ වලට කෙල වී යාමට නියමිතයි. කුඩා පක්ෂ තම පාක්ෂික උවමනාකම් කැප කොට විසිවන සංශෝධනයට සහාය දැක්විය යුතුය යන නිර්ප්‍රජාතාන්ත්‍රික අදහස කුමුදු කුසුම් විසිනුත් කිහිප වරක්ම “රාවය” පුවත්පතට ලියා තිබුණා (http://ravaya.lk/?p=5889). මෙරට බුද්ධිමතුන් කිසිදු විශ්ලේෂණයකින් තොරව සහ තුලනාත්මක නියෝජන ක්‍රම පිලිබඳ හැදෑරීමකින් තොරව සමානුපාතික ක්‍රමය වෙනස් කිරීමේ යෝජනාවකට ඔහේ සහය දක්වමින් සිටිනවා. මිශ්‍ර නියෝජන ක්‍රමය (ද්විත්ව ජන්දයකින් –dual vote –තොරව) ක්‍රියාත්මක කරන්නට දැනට තිබෙන යෝජනාව ලංකාව තව තවත් ව්‍යවස්ථාපිත බල-සංකෙන්ද්‍රනයක් කරා ගෙන යාමක්. යෝජිත ක්‍රමයෙන් කුඩා පක්ෂ වලට සාධාරණය ඉටු වන බවට කැෆේ සංවිධානය කළ විග්‍රහය මුළුමනින්ම වැරදි ක්‍රමවේදයක් මත පදනම් වූවක් බව මට පෙන්වා දීමට හැකියි.

මේ සමස්ත ව්‍යාපාරය ගොඩ නැගී තිබෙන්නේ “ජන්ද කොට්ඨාශයට මන්ත්‍රී කෙනෙක් අවශ්‍යයි”, “දේශපාලන ප්‍රචණ්ඩත්වයට හේතුව මනාප ක්‍රමයයි” යනාදී පදනම් විරහිත ජනප්‍රිය ආකල්ප මත මිසක් කිසිදු දේශපාලන විද්‍යා පර්යේෂණයක් හෝ විග්‍රහයක් මත නොවේ. ජාත්‍යන්තර අත්‍ දැකීම් ගැන සාකච්චාවකුත් නැහැ. යෝජිත ක්‍රමය සම්මත කළහොත් ලංකාවේ ප්‍රබල ධනපති (සහ සිංහල) පක්ෂ දෙකක ආධිපත්‍යයට මුළුමනින්ම ලක්වූ පාර්ලිමේන්තුවක් සහ ඊට සමගාමී විධායක බලයේ සංකෙන්ද්‍රනයක් සහිත පාලන මාදිලිය වඩාත් ශක්තිමත් වනු ඇති.

මම යෝජනා කරන්නේ පවතින විසිවන සංශෝධන යෝජනාව පැරදවීමට අප සියලු වෙර දැරිය යුතු බවයි. එසේම (මනාප ක්‍රමයත් සහිතව) සමානුපාතික ක්‍රමය ආරක්ෂා කර ගැනීම මේ මොහොතේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කළ හැකි මාහැගි මෙහෙවරක් බව මගේ අදහසයි. මේ පිළිබඳව ඉදිරියේදී ඕනෑම මහජන තලයේ කරන විවාදයකට මම සුදානම්.

-Sumith Chaaminda

 

http://www.parliament.lk/si/business-of-parliament/acts-bills?tab=acts#stype=gbills&id=5974

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. mama hithanne 20A wadipurama ahithakara prathipalaya thibenne sulu janawarga niyoojanaya kerene paksha welata wadaa JVP wani jaathike thalayey deshapalanaya kerene kudaa paksha welata.. 20A walin mema paksha welata thibene parlimenthu niyoojanaya adu wenewa.. aeke ithaamath pahadilee.. kottaasayakata eke pakshayakin eke tharanga karuwek bagin idiripath wenekota pudgala prathiroopaya matha labaa gath distric mattamey chanda sankyaawa adu wenewaa.. ema nisa JVP eke saha anekuth kudaa paksha welata awaasi sahagatha thathweyak athi wenewa.. namuth jana wargaya padanam keregene tharanga kerene sulu paksha walata mema awadaanama pawathinne naha.. kese namuth kudaa paksha welata sidu wana asaadhaaranaya mata paene widihata keti kaaleena thathwayak… namuth dheerga kaaleenawa salakaa balana kota jaathike thalayei kriyaathmaka wene kudaa paksha walata 20A yam waasi sahagatha thathweyak athi wenne puluwan.. eyata heythuwa wanne paksha sanwidaayaka waru sankyaawa kottaasa pramaanayata wardhanaya kireemen thama deshapaalanika mathawaadaya wada lehesiyen saha karyakshamawa janathaawata sameepa kireemata haki thathweyak udaawene nisa… pawathine kramaya thula eke tharanga karuwek mulu distrikkeyeima janathaawa aawaranaya kele yuthu nisa meyata thibene ida prasthaawa adui.. ema nisa mama hithanne deergakaaleenewa balanawite 20A magin kuda paksha welata wisheyshayen JVP ekete waasi sahagatha thathweyak enne puluwan mokada mathiwarana prachaarana kramaya capital intensive system ekekin labour intensive system ekekete maaru wene nisa… namuth aniwaryayenma kuda paksha ketikaaleena pasubaamakata lakwenne puluwan..

Comments are closed.