[dropcap color=”gray”]ජ[/dropcap]නතා විමුක්ති පෙරමුණට අලුත් නායකයෙක් පත් වී ඇත. ඔහු අනුර කුමාර දිසානායක සහෝදරයාය. නායකයන් අලුත් වන විට පක්ෂය ද අලුත් වනවා නම් ලංකාවේ බොහෝ දේවල් මීට කලින් වෙනස් වීමට නියමිතය.

ජනතා විමුක්ති පෙරමුණ යනු මිනිසුන්ට වඩා රටට,පසට ආදරය කරන පක්ෂයකි. ඔවුන්ට මහ පොළොව පෙන්වන්නට බැරිය. දුටු දුටු තැන එය ඉඹියි. වාර්ගික යුද්ධය ඉතාම කෘෘර තැනකට පත් කරන්නට සිතින් කයින් වැඩිපුරම වැඩ කළේ ජ.වි.පෙ ය. චමිපිකලා කලෙ විසිල් ගැසීම පමණි. බල්ටි ගැසුවේ ජ.වි.පෙ ය. අනුර කුමාර දිසානායක ජ.වි.පෙ නායකයා වීමට පසු සිදු වීමට නියමිත වන්නේ පස්සා දොරෙන් කරන සෙල්ලම් බහුල වීමත්, ජාතිවාදය පක්ෂය තුළ ආකෘතියක් තරම් ප්‍රභල වීමත්ය. ජ.වි.පෙ ට පරිදිම අනුරට ද ඉදිරි දර්ශනයක් නැති අතර ඔවුන්ට කළ හැකි යමක් ද දේශපාලන වේදිකාවේ ඇත. එය නම් රට තව තවත් ප්‍රතිගාමී කිරීමයි. අවශ්‍ය නම් චීනය සමග ඔවුන්ට මහින්ද නොගිය දුරක් ද යා හැක. ආමේන්!

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. පොඩිනේරිස් මහතා හෝටලය බාරගත් පසු මුං ඇට හොද්ද සහ වට්ටක්කා හොද්ද දිනපතා දවල් කෑමට එක්විය. මස් නොකන පොඩී පිගානට කලින් හරක්මස් බෙදාගෙන ඊට උඩින් බත් දමා ගෙන තමන් මස් නොකන බව කියයි. හැමදේම සීලවතී, මේඝවතී, පුංචිමැණිකා, හීන්බංඩා වශයෙන් තියරි ගත කළ නිසා පක්ෂය ගමක් බවට පත්විය. ඒත් අනුරගේ ආශාව කුමක්ද සංසන්දනාත්මකව වටහා ගැනීම සදහා මේ ලින්ක් එකෙන් යන්න.
    Link is indexed to Pansilu. Why ?

  2. හිරු නිවුස් අඩවියේ ජල සලකුණ ඇති සේයා රූ පලකිරීම වැරදිය. මේ පිංතූරයම ජල සලකුනු නැතිව හෝ එහි පිංතුර අනුග්‍රහය හිරු එෆ් එම් ලෙස මාක් කොට දැමුවානම් හොදය.

Comments are closed.