Shan's Family

 

මො.ල. සෙනෙවිරත්නගේ කාව්‍ය සංග‍්‍රහය වන ‘හික්මවීම පිණිස මේ දඬුවම ඉවසන්න’ යන මාතෘකාවේ දේශපාලනික අර්ථය සඳහා යොමු වීමට අවශ්‍ය සන්දර්භය මේ වන විට අප විසින් නිපදවනු ලැබ ඇත. අප මේ ජීවත් වන යුගයේ දී කිසිවකු කල්පනාවෙන් කවි පොතක් කියවන්නේ නැත. (වෙනත් පොත් සඳහා ද මෙම තත්ත්වය වලංගුය) මොලාගේ පොතේ මාතෘකාව අමුතුය. සාමාන්‍යයෙන් කලාකාරයන් සහ සුවිශේෂව කවියන් හික්මවීමට කැමති නැත. එසේ නම් මොලා මේ කතා කරන හික්මවීම පිණිස ඉවසන දඬුවමේ අර්ථය කුමක්ද? මේ සඳහා ඉදිරිපත් කළ හැකි දේශපාලන විශ්ලේෂණය කුමක්ද?

මොල සෙනවිරත්න දඬුවම් ලැබීමට සූදානම් වන්නේ ඇයි?

 

”එකවර

පුපුරා යන

බෝම්බ දහසක්

වන්නට හැකි නම්

පුපුරා යමි

මෙබිම මත

අලුත් දල්ලකට

දළුලන්න

ඉඩ හැර”

–  පිටුව, ඉහත කෘතිය 101 –

AFTER 2005 X group Mentality
AFTER 2005 X group Mentality – Stalin and Dematagoda Chaminda

 

80 දශකයේ දී උතුරේ ජාතික විමුක්ති ව්‍යාපාරය සමඟ අනන්‍ය වූයේ දයාන් ජයතිලක ප‍්‍රමුඛ විකල්ප කණ්ඩායමයි. එය විජය කුමාරණතුංගගෙන් අවසන් විය. නැවත එය ආරම්භ වූයේ ‘හිරු’ කණ්ඩායම ප‍්‍රමුඛ කරගෙන රෝහිත භාෂණ වටාය. නමුත් 21 වන සියවසේ පළමු දශකයේ දී මොලා ඇතුළු කණ්ඩායම උතුරේ ගැටලූව සමඟ අනන්‍ය වූයේ වෙනත් සාධකයක් නිසාය. මොලාගේ කවි පොතේ මාතෘකාව සාම්ප‍්‍රදායික අර්ථයෙන් වාම විරෝධීය. වාමාංශිකයන් ධනේශ්වර හික්මවීම නොව පුනරුත්ථාපනය හෝ ප‍්‍රතිසංස්කරණය පවා හෙළා දකිති. වෙනත් කවියන් කැරලි ගැසීමට, ධනවාදය සමතික‍්‍රමණය කිරීමට යෝජනා කරන විට (පිස්සන්ගේ සිට විවිධ හිස්ටරිකයන් හරහා විපරිතයන් සහ සයිකෝසිකයන් පවා ධනවාදය විනාශ කිරීමට සපථ කරන මොහොතක) මොලා යෝජනා කරන්්නේ ධනවාදයට හුරු පුරුදු වන්න! යන තේමාවයි. මෙය ලංකාවට නුපුරුදු කවි අදහසකි. ධනවාදයට පුුරුදු වන්න යන සබුද්ධික සටන් පාඨය අප වටහාගත යුත්තේ කෙසේද?

බොහෝ මිනිසුන් ඉබේටම මෙන් අනෙක් මිනිසාගේ දෑසෙහි පවතී යැයි අනුමාන කරන දර්ශනයක් රඟ දැක්වීමට උත්සුක වෙති.

”කරුණාකර නිශ්ශබ්ද වන්න!

කාමරය ඇතුළේ කවියෙක් වැඩ කරයි.”

– ආන්ද්‍රේ බ්‍රෙතොන් –

 

ඔබ මොහොතකට මෙහෙම හිතන්න! ඔබ සතර දිග්භාගයෙ නරඹමින් කැලණිය විශ්වවිද්‍යාලය ඉදිරිපිට නුවර පාර දිගේ ඉදිරියට ගමන් කරයි. විශ්වවිද්‍යාල භූමිය මැදින් ඉහළට යොමු වූ මහ මාවතක් ඇත. අත්බෑගයක් එල්ලා ගත් පුද්ගලයකු එම මාවතේ ඉහළට ගමන් කරයි. ඔබ මෙසේ සමපේක්ෂණය කරයි. ”ආ ඒ යන්නේ කැලණිය කැම්පස් එකේ ශිෂ්‍යයෙක්” එසේ සිතන ඔබට අවැසි තරම් දුරට ඒ ගැන පරිකල්පනය කළ හැකිය. නිකමට මෙහෙම හිතන්න! එම මාවතේ ඉහළට ගමන් කළ පුද්ගලයා ඔබට මුණගැසෙයි. ඔහු ඔබට මෙසේ කියයි. ”නැහැ, මම කැම්පස් එකේ ඉගෙන ගන්න කෙනෙක් නෙවි. ඔය පාර තියෙන්නෙ කැම්පස් එක පිටිපස්සේ තියෙන ගමට. මම ඒ ගමේ ගෙදරක ඉන්නේ. මම වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ වැඩ කරන ලිපිකරුවෙක්” දැන් ඔබගේ සිහින දැකීමට සිදු වන දේ කුමක්ද?

ඔබගේ අනෙකාට පුළුවන් ඔබ වෙනුවෙන් විකල්ප ලෝකයන් නිර්මාණය කරන්න. (ක්ෂතියෙන් ගැලවීමට]

 

(1) වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ලිපිකරුවා යනු ඇත්ත වශයෙන්ම කැලණිය විශ්වවිද්‍යාලය පසුපස පවතින ගමේ නිවසක තාවකාලිකව කුලියට පදිංචි පුද්ගලයෙක් බව ඔහු ඔබට කිව්වොත් ඔබ ඔහු ගැන ගොඩනඟන ලද ෆැන්ටසි තිරය බිඳ වැටෙනව.

(2] අවශ්‍ය නම් ඔහුට පුළුවන් ඔබ ඔහු ගැන හිතන විදිහට ඔහේ පවතින්න ඉඩ දෙන්න. ඒ කියන්නෙ ඔබ හිතනවා ඔහු විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් කියල. නමුත් ඔහු ඇත්තටම ලිපිකරුවෙක්. (ඔබේ ෆැන්ටසිය]

(3] ලිපිකරුවා විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වනවාද නැද්ද යන්න අනෙකාගේ ‘ආදරය’ මත රඳා පවතියි. ඔබ නොසිතන ලෝකයක විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් නොවන පුද්ගලයකු ඔබට භක්තියක් ඇත්නම්, ඔබගේ කතිකාව වෙනුවෙන් පෙනී සිටිනවානම් (ඇයි කියන හේතුව නොදැන] ඔහු ඔබ වෙනුවෙන් විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වනු ඇත. අනෙක් අතට ඔබගේ අනෙකාට දුෂ්ට අරමුණක් ඇත්නම් ඔහු ඔබගේ ෆැන්ටසිය රඟ දක්වනු ඇත. එනම් ඔහු බොරුවට විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් ලෙස රංගනයේ යෙදෙනු ඇත. මෙහි විය හැකි බව හෝ නොවිය හැකි බව තීන්දු කරන්නේ ඔබ නොව ඔබගේ අනෙකාය.

COSTUMES AT Factory Outlet - Nugegoda
COSTUMES AT Factory Outlet – Nugegoda

 

දැන් ඔබ නිරායාසයෙන් මෙසේ සිතන්නට පුළුවන්. ඔබ සහ අනෙකා අතර සහසම්බන්ධයට පිටින් ලෝකයක් පවතිනවා ඇත යනුවෙන් උපකල්පනය කිරීම බාගවිට නිවැරැදි වීමට ඉඩ ඇත. අනෙකා පිළිබඳව අපට ඇති මේ ‘අවිනිශ්චිතභාවය’ අපගේ විඥානයෙන් පිටත පවතිනවා යැයි අනුමාන කරන යථාර්ථයේ නියම ගුණයද? එය යථාර්ථයේ සැබෑවද? ඇත්තම යථාර්ථයේ හැටි එහෙමද?

‘යථාර්ථය’ කුමක් විය හැකිදැයි යන්න තීරණය වන්නේ අපගේ අනෙකාගේ චේතනාව (ආශාව) මත යැයි සිතන්නට පෙලඹීම නරක නැත. ඒ අනුව මෙතන චේතනාවන් දෙකක් අතර ප‍්‍රතිවිරෝධයක් ඇත. වාමාංශිකයා හිතන්නේ මෙම අඩමාණය තමන්ගේ පැත්තට වාසිසහගත වන ආකාරයට විසඳීමටය. සහසම්බන්ධතාවාදය (මම සහ අනෙකා අතර සම්බන්ධය අනිවාර්ය යැයි සිතන්නා) ප‍්‍රතික්ෂේප කරන පුද්ගලයකු යථාර්ථයේ නියම හැඩය තීරණය කරන පරිපූර්ණ විද්‍යාවක් ගවේෂණය කරනු ඇත. එම විද්‍යාව මඟින් යථාර්ථය පාලනය කරන නියම නියමය අවිනිශ්චිතතාව ලෙස හඳුනා ගනු ඇත. මේ අවිනිශ්චිතභාවය මගේම ආශාව වීමට නොහැකිද?

නමුත් මොලාගේ කවි පොතේ නම විසින් අපට උගන්වන මනෝවිශ්ලේෂණ පාඩම කුමක්ද? අනෙකාගේ දුෂ්ට චපලත්වය හෝ රැුවටීම අනෙකාගේ දෙයක් නොව මට මා ගැනම ඇති නොදැනුමක් බවයි.  ඕනෑම දෙයක් සිදුවිය හැකි පරම යථාර්ථයක් අපගේ චින්තන සහසම්බන්ධයට පිටින් ඇත. එය හුදු ප‍්‍රමිතියක් පමණි. නමුත් ඇත්තටම පවතින තත්ත්වය වන්නේ මෙම පරම යථාර්ථය අපගේ (මගේ) අවිඥානක දැනුමක් විසින් දෙකට පළනු ලැබීමය.

යථාර්ථය පිළිබඳව අපට ඉහත පහදන ලද ආපතිකතාව (එහි පුරෝකථනය කළ නොහැකි උමතු බව) වෙනුවට අපට යථාර්ථය තුළ ඇති නොසෙල්වන සාරයක් හෝ එහි පරමත්වයක් වෙතට සංක‍්‍රමණය විය හැකිය. නමුත් මෙම නිශ්චිත ගැටලූව ස්ථානගත කළ යුත්තේ යථාර්ථයට හරියටම ගැළපෙන අපගේ ආත්මමූලික ස්ථාවරය හෝ ආත්මීයත්වය තුළ හෝ නොවේ. සරලව කියන්නේ නම් යථාර්ථයට අපගේ ආත්මීයත්වය හරියටම තුල්‍ය වන මොහොතක් ඇතැයි අප සමපේක්ෂණය කරන්නේ මන්ද? අපගේ ආත්මීයත්වයේ (ඉන්ද්‍රීය සංජානනයේ ඓක්‍යය ලෙස – ඇඟට දැනෙන ලෙස) සියලු සළුපිළි ගලවා දමා නිරුවතින් අපට යථාර්ථයේ ‘නියම ස්වභාවය’ වටහාගත හැකිද? මෙතැන දී අපි අවධානය යොමු කළ යුතු වෙනත් දිශාවක් නොමැතිද?

කැලණිය විශ්වවිද්‍යාලය මැදින් වැටී ඇති මාවතේ ඉහළට ගමන් කරන ලිපිකරුවා යන දර්ශනය වෙනුවට අපට සයිටම් පෙළපාලියක් පදික වේදිකාවේ සිට නරඹන මධ්‍යම-පන්තිකයකු අදේශ කරමු. ඔහුට ඇසෙන හඬ වන්නේ ”සයිටම් හොර උපාධි කඩය වසනු!, නිදහස් අධ්‍යාපනයට අත නොතබනු!” යනාදී සටන් පාඨය. පදික වේදිකාව මත සිටගෙන සිටින මැද පන්තිකයාගේ සැබෑ ජීවිතය අවුලකි. එය ඒකාකාරීත්වයෙන් සහ දොම්නසෙන් පිරී ඉතිරී ගොස් ඇත. ඔහුට අවශ්‍ය වන්නේ එම එරෙනසුලූ කටුක යථාර්ථයෙන් ගොඩ එන්නටය. ඒ සඳහා අවශ්‍ය කරන කදිම දර්ශනයක් බාහිර ලෝකයේ විද්‍යාමාන වෙයි. (අහා කදිම ජීවමාන මිනිසෙක්!) ඔහු කරන්නේ කුමක්ද?

තමන්ගේ සැබෑ ජීවිතයට අදාළ අමිහිරි යථාර්ථයේ යාන්ත‍්‍රික පැතලි බව වෙනුවට මිනිසුන් ඉහත ආකාරයේ ජීවමාන උද්ඝෝෂකයන්ට වශී වෙයි. පදික වේදිකාව මත නිශ්ක‍්‍රීයව බලා සිටින මධ්‍යම පන්තිකයා ඊළඟට කරන්නේ තම කටුක, මුසුප්පු, ව්‍යන්ධ යථාර්ථය දෙකට පලා ඉන් එක පැත්තක් උත්කෘෂ්ට කර (සයිටම් උද්ඝෝෂකයන්ගේ යථාර්ථය) අනෙක් පැත්ත (එනම් තම දෛනික ජීවිතයේ කටුක, ඒකාකාරී සයිකෝටික පවුල් සබඳතා යථාර්ථය) තම ස්මරණයෙන්, පරිකල්පනයෙන් පලවා හැරීමයි. අප සියලූ දෙනාට (විශේෂයෙන් පරම යථාර්ථයක් හෝ පරමත්වයක් සඳහා සටන් කරන) අමතක වන්නේ ‘යථාර්ථය’ දෙකට පළන ඒජන්තයකු නැතිනම් අපව වෙළා සිටින්නේ වචනය සමඟ තුල්‍ය වූ (සමපාත වූ) සයිකෝසික ලෝකයක් බවයි. ඉන් ගැලවීමට ඇති එකම මාර්ගය වන්නේ යථාර්ථය දෙපළු කරන ‘ආත්මයක්’ ඇතැයි පිළිගැනීමයි.

මොල සෙනෙවිරත්නගේ කාව්‍ය සංග‍්‍රහය කරා අප ඉහත අදහස හරහා යොමු වන්නේ නම් කාව්‍ය රසාස්වාදනය (කවියාගේ කාව්‍ය උපක‍්‍රම විදාරණය කිරීම) වෙනුවට කාව්‍ය විචාරය තෝරා ගැනීමට සිදු වෙයි. කාව්‍ය විචාරය පුවත්පත්වල සංස්කෘතික අතිරේකවල කරපිංචා බවට පත්වී ඇති යුගයක එය දුෂ්කර වැඩකි.

මොලාගේ කාව්‍ය සංග‍්‍රහයේ මාතෘකාව වූ ‘හික්මවීම පිණිස මේ දඬුවම ඉවසන්න’ යන්න අදහසක් ලෙස ගෙන විශාලනය කරමු. වරක් මයිකල් හැනකි නම් ඔස්ටි‍්‍රයානු ජාතික සිනමාකරුගේ Funny Games නම් චිත‍්‍රපටය නැරඹූ ජවිපෙ සංවිධාන ශෛලියට අනුරාගී වූ ධනාත්මක චින්තනයක් සහිත පුද්ගලයෙක් මෙසේ කීවේය.

”මේ චිත‍්‍රපටයේ අධ්‍යක්ෂවරයා පේ‍්‍රක්ෂකයන්ව Remote Control එකකින් වගේ තමන්ට අභිමත ලෙස පාලනය කරනව. මමත් ආසයි මිනිසුන්ව එහෙම පාලනය කරන්න!”

Shan's Family
Shan’s Family

antichrist4

LTTE සංවිධාන න්‍යෂ්ටියට බොහෝ දකුණේ වාම ව්‍යාපාරවල සමහරුන් දැඩි ලෙස අනුරාගික විය. ‘හිරු’ කණ්ඩායම යනු එහි කූට ප‍්‍රාප්තියයි. පෙළපාලියක උද්යෝගයෙන් ගමන් කරන උද්ඝෝෂකයෙක් සමඟ අනන්‍ය වන මධ්‍ය පන්තිකයකු සහ LTTE ය සමඟ අනන්‍ය වන සිංහල වාමාංශිකයකු අතර වෙනස කුමක්ද?

තමන්ගේ ආශාව කුමක්ද කියා විමසන මිනිසෙකුට ඒ ගැන දැනගන්නට ඇති හොඳම මාර්ගය සිනමා කලාවයි. [In order to understand today’s world , We need cinema ] තමන්ගේ ආශාව කුමක්දැයි නොදන්නා (එනිසාම කිසිදු දෘෂ්ටිවාදී ඇමතීමකට යටත් නොවන) හිස්ටරික ස්ත‍්‍රියක් සිනමා කලාවට ඉතා හොඳින් අනන්‍ය වෙයි. සිනමාව ඔබගේ ආශාවේ සත්‍යය සම්මුඛ කරන නිසා එය විපරිත කලාවක් වුවත් (අවශ්‍ය නම් සිනමාව ඔබගේ වේදනාත්මක සතුටේ අවශ්‍යතාවය ඉටු කරනු ඇත) එහි ඇති අර්ථකථන ගැඹුර වන්නේ සිනමාව ඔබගේ ආශාව විශ්ලේෂණය කරන නිසාය. උදාහරණයක් ලෙස අප ඉහත සඳහන් කළ Funny Games චිත‍්‍රපටය නරඹන කෙනෙකු පරපීඩක සහ මිනීමරු හිංසනයක් හරහා සතුටු වන අයුරු ඔබට උගන්වයි. එම චිත‍්‍රපටය අපගේ ඉදිරිපසට විසි කර පෙන්වන්නේ එක අතකින් පේ‍්‍රක්ෂකයන් සමූහයක් තමන්ගේ අභිලාෂයට අනුව භ‍්‍රමණය කරන දේශපාලනයකි. අනෙක් අතට චිත‍්‍රපටය විසින් අපට සම්මුඛ කරන්නේ අපගේම ආශාවේ සාරයයි. එනම් මිනීමැරීමට සහ එමඟින් සතුටු වීමට ඇති අපගේ අශ්ලීල ආශාවයි.

කැලණිය විශ්වවිද්‍යාලය මැදින් ගමන් කරන අහිංසක ලිපිකරුවා ගැන සමපේක්ෂණය කරන යථාර්ථවාදියා හෝ සයිටම් පෙළපාලියක් පදික වේදිකාවක සිට නිශ්ක‍්‍රීයව නරඹන රැුඩිකල් වාමවාදියා හෝ නොදකින සත්‍යයක් ‘සමාජ යථාර්ථය’ ඇතුළත මො.ල. සෙනෙවිරත්න දකියි. එනම් ආත්මයක් තමන් නරඹන යථාර්ථය තුළ නොදකින රහසයි. පැල්ලමයි. වේදනාත්මක සතුටයි. මො.ල. සෙනවිගේ කවි මාතෘකාවේ සූචිය යොමු වන්නේ LTTE ය වෙතට වැටී ඇති අපගේ භක්තියේ රහසයි. එනම් අප LTTE යට අනන්‍ය වන්නේ, තදාත්මික වන්නේ මිනී මරා වේදනාවෙන් enjoy වීමට අප තුළ ඇති අවිඥානක ආශාව නිසාය. විවිධ සංකේත ප‍්‍රබන්ධ හරහා දකුණේ වාමාංශිකයන් සඟවන්නේ මෙම සත්‍යයයි. ‘හික්මවීම පිණිස මේ දඬුවම ඉවසන්න’ යැයි කවියා අදහස් කරන්නේ ඉහත කී මිනීමරු ආශාව විචාරය කිරීමටය.

එසේ නම් තම පෞද්ගලික ජීවිතය අපායක් කර ගත් මැද පන්තිකයකු සයිටම් අරගලයට ආශිර්වාද කරන්නේ මන්ද? 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. එසේ නම් තම පෞද්ගලික ජීවිතය අපායක් කර ගත් මැද පන්තිකයකු සයිටම් අරගලයට ආශිර්වාද කරන්නේ මන්ද? පෞද්ගලික ජිවිතෙයේ මේ හුඟක් අය සුළු ධනේෂ්වර සිහිනය තුල ඉන්නේ. ළමයින්ට හොඳට උගන්වනවා. පහේ ශිෂ්‍යත්වේ ඉඳන් උසස් පෙළ වුභාගය දක්වා ටියුෂන් යවමින්. උන්ව මධම පන්තියේ හොන්ඩ අරකිය කරන ගොඩට දාන්න . ලන්ඩන්වල මෙල්බෝර්න් ටොරොන්ටෝ කොළඹ වල හොඳින් ජිවත් වෙනව. – සයිටම් අරගලයට සහයෝගය දීමෙන් අර තමන් වරදකාරී කියන හැඟීමෙන් මිදෙනවා.

Comments are closed.