[dropcap color=”black”]හි[/dropcap]රු ටී.වී නම් රූපවාහිනී නාලිකාව ආරම්භ කළ මුල් අවස්ථාවේ පටන් ප්‍රචාරය වූ හිරු මෙගා බයිටි නම් වැඩසටහන  මගින් මුලින්ම පිං පොන් ( රජිත හිරාන්) සමග දැමූ මෙගා බයිටි සෙල්සම සෙල්ලමක් නොවන බව මීට බොහෝ කළකට පෙර අප අණාවරණය කළා. මේ සම්බන්ධයෙන් වාර්තා වන අලුත්ම මෙගා බයිටි සෙල්ලම සිදුව ඇත්තේ විකට නළු මිහිර සිරිතිලකටයි. ඔහුට සිදු වූ අසාධාරණය ගැන ස්වාධීන රූපවාහිනි ප්‍රවෘත්ති විකාශයෙන් පවා අණාවරණය කළා. මේ වන විටත් ඒ සම්බන්ධයෙන් අධිකරණමය ක්‍රියා මාර්ග ගෙන ඇති බවත් වාර්ථා වෙනවා. ඇත්තටම මේ මෙගා බයිටි සෙල්ලම කියන්නේ මොකක්ද?

එය අපි මූලික කරුණු දෙකක් හැටියට වටහා ගමු.

01- මිනිසෙකු ගේ පෞද්ගලික ජීවිතය සහ සමාජ ජීවිතය අතර පැහැදිලි වෙනස්කමක් තියෙනවා. මෙතෙක් කාලයක් අප පදිංචිව සිටින නිවස කියන්නේ අපේ පෞද්ගලික ජීවිතයට සම්බන්ධ තැනක්. නමුත් මෑතක පටන් මේ අපේ පැරණි පෞද්ගලිකත්වය සහිත නිවස media center ( මාධ්‍ය කේන්ද්‍රයක්) එකක් බවට පත්ව තිබෙනවා. ( නළු නිලියන් ගේ නිදන කාමර වල පින්තූර සිය පුවත් පතෙහි පළකරමින් මෙය ආරම්භ කලේ නිහාල් පීරිස් විසින්) ඒ නිසා දැන් බොහෝ අයගේ පෞද්ගලික ජීවිතය හැඩගැසී තිබෙන්නේ මේ media center ( මාධ්‍ය කේන්ද්‍රයක්) [මෙය මරදානේ මාධ්‍ය කෙන්ද්‍රය සමග පටලවා නොගන්න ] එකට අවශ්‍ය ආකාරයටයි.

02- අතීතයේ දී පවුල සහ සමාජය පැහැදිලිව බෙදී වෙන්ව තිබුනා. නමුත් පශ්චාත් නූතන තත්ත්වයක් තුළ එසේ බෙදී තිබූ පවුල සහ සමාජය අතර තිබූ ගැප් එක නැතිවී ගොස් අද වන එය එය එකක් බවට පත්ව තිබෙනවා. මේ තත්ත්වය නිර්මාණය කරනු ලැබූවේ media center ( මාධ්‍ය කේන්ද්‍රය) මගින්. ඇතුලත සහ පිටත වශයෙන් බෙදී තිබනු මිනිස් ජීවිතයේ පිටත (සමාජය) සිට ඇතුලත ( පෞද්ගලික නිවස) දෙස බැලීමේ කැමරා ඇසක් හැටියට තමයි දැන් මාධ්‍ය කටයුතු කරන්නේ. මිනිසුන් ගේ පෞද්ගලික ජීවිතයේ රහස් සමාජය ඉදිරියේ නිරාවරණය කරන්නේ නැහැ. ඒක පිළිගත් අයිතිවාසිකමක්. මිනිසුන් තම පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීම උදෙසා දැඩි වෙහෙසක් ගන්නේ මේ නිසයි. ( උදාහරණයක් ලෙස විවාහක ජෝඩුවක් තමන් ගේ නිදන ඇද මත සිදුවන අත්දැකීමක් සමාජ ගත කරන්නට කැමති වන්නේ නැහැ.)  නමුත් වර්ථමාන media center ( මාධ්‍ය කේන්ද්‍රය) මගින් මෙකී මිනිසුන් ගේ ජීවිත වල පෞද්ගලික රහස් සලකන්නේ විකුණන්නට හැකි පාරිභොගික භාණ්ඩයක් ලෙසයි. ( උදාහරණ-නිවුන් දරුවන් පස් දෙනෙකු ඉපදීම/කන් තුනක් සහිත ළමයෙකු ඉපදීම/ විශ්ව විද්‍යාල උපකුලපතිවරයෙක් කන්‍යභාවය පරීක්ෂා කිරීම/බැරැක් ඔබාමා සුදු ගැහැණියක ගේ පස්ස දෙස බැලීම/ජැක්සන් ඇන්තනි ගේ රහස් ජීවිතය/ප්‍රසිද්ධ නිළියන් දෙදෙනෙකු ගේ ලෙස්බියන් විවාහය…)

සමාජය media center ( මාධ්‍ය කේන්ද්‍රයක්) එකක් වන්නට පෙර එකිනෙකාගේ කැමැත්ත අනුව එකිනෙකා කටයුතු කරණු ලැබුවා. නමුත් පෞද්ගලික නිවස media center ( මාධ්‍ය කේන්ද්‍රයක්) බවට පත් වී මෙන් අනතුරුව අපේ ආශාවන් මොනවාද යන්න තීරණය කරන්නේ අප නොව මේ media center ( මාධ්‍ය කේන්ද්‍රයක්) එකයි.  ඔබට ඔස්ටියෝ ෆොරෝසිස් නම් ඔබ ඇන්ලීන් පානය කළ යුතුය. විඩාව මහන්සිය දුරු කර ගැනීමට විවා පානය කළ යුතුය. බලය,ජවය, ශක්තිය ලබා ගැනීමට නෙස්ටමෝල්ට් පානය කළ යුතුය. අකලට කෙස් පැහෙනවා නම් හෙනා පාවිචිචි කල  හැකිය… මේ සියල්ල සදහා අපට උපදෙස් දෙන්නේ මේ media center ( මාධ්‍ය කේන්ද්‍රයක්) එකෙන්.

ඉස්සර නම් අපට නාට්‍ය බලන්නට නාට්‍ය ශාලාවකට යන්නට පුලුවන්.ච්ත්‍රපටියක් නරඹන්නට ච්ත්‍රපට ශාලාවකට යන්න පුලුවන්. දේශපාලන කතාවක් අහන්නට දේශපාලන රැස්වීමකට සහභාගි වන්නට පුලුවන්. නමුත් දැන් මේ සියල්ල අපට නිවසේ සිටම මේ media center ( මාධ්‍ය කේන්ද්‍රයක්) එක මගින් කරන්නට පුලුවන්. අප කෑමට බීමට ගත යුත්තේ මොනවාද, නිවාඩුවට විනෝද සවාරි යා යුත්තේ කොහේද? බිරිදට ආදරය කළ යුත්තේ කෙසේද? දරුවන් රැක බලා ගත යුත්තේ කෙසේද?යන මේ සියල්ල තීරණය වන්නේ media center ( මාධ්‍ය කේන්ද්‍රයක්) එකෙන්.

අප මේ පසුකරමින් සිටින්නේ පෞද්ගලික ජීවිතය පාරිභොගික භාන්ඩයක් බවට පත්වුණ යුගයකයි. මේ යුගයේ ජනමාධ්‍ය කියන්නේ පෞද්ගලික ජීවිතය සිල්ලර ක්‍රමයට වැඩිම ලාභයට විකුණන එකටයි. ඒ අනුව මාධ්‍ය ආචාර ධර්ම කියන්නේ වචනයක් විතරයි.

පෞද්ගලික ජීවිතය පාරිභොගික භාණ්ඩයක් බව මුලින්ම සොයා ගත් පහ්චාත් නූතන අශ්ලීල මාධ්‍ය තමයි හිරු. මිහිර සිරිතිකල කියන්නේ මේ ක්‍රමය පවත්වා ගෙන යන්නට හොද සහයෝගයක් දුන් අයෙක්. සියල්ල දෙස විහිළුවක් ආකාරයෙන් නරඹන්නට හුරු වී සිටි ඔහුට මෙගා බයිටි විහිළුවක් නොවන බව දැන් අවබෝධ වෙලා තියෙනවා. මෙය න්‍යායික ආකාරයෙන් කියනවා නම් අනෙකාගේ විනෝදය පැහැර ගැනීම තමන්ට විනෝදයක් බව අපට හිරු මෙගා බයිටි වලින් ඔප්පු වුණා.

 

ඔබේ අදහස කියන්න...