[dropcap color=”black”]ලං[/dropcap]කාවේ වාමාංශික දේශපාලන ව්‍යාපාර තමන් ගේ ඥාණ ව්‍යපෘතිය ප්‍රසාරණය කිරීම අරමුණු කරගෙන අවස්ථා තුනකදී තම පක්ෂ ක්‍රියාකාරිකයන් උසස් අධ්‍යපනය සදහා විදේශ ගත කරන ලදි.

01-සමසමාජ පක්ෂය විසින් 60 දශකයේ දී සොලමන් ෆොන්සේකාව විදේශගත කරන ලද අතර එය සහමුලින්ම විකාරයක් විය. ඔහු ආපසු ලංකාවට පැමිණ නාට්‍ය රංගනය උගන්වන්නට ගොස්, අත පත ගෑම් කරන්නට ගිය නිසා කිච වී විනාශ වී මිය ගියේය.

02-කොමියුනිස්ට් පක්ෂය විසින් 70 දශකයයේ දී මයිකල් ප්‍රනාන්දුව විදේශගත කරන ලද අතර එය විගඩමකින් අහවර විය. ලංකාවේ දෘෂ්ටිවාදය විචාරය කිරීමට අවශ්‍ය දැනුම ඔහු උකහා ගෙන නොතිබූ අතර පිටරටින් කසාදයක් පමණක් සිදු වී තිබුනි.

03- එක්ස් කණ්ඩායම විසින් ද දෙදහ දශකය මුල තම පකෂ ක්‍රියාකාරිකයෙකු විදේශගත කරවන ලදි. ඔහු පසුව ලංකාවට පැමිණියේ ලක්ෂ 40 ක් සහිත කෙටිකතාකරුවෙකු ලෙසය. අධ්‍යයන කටයුතු වලට ලැබුණු මිලියන හතරෙන් නිවසක් මිළට ගත් ඔහු තම සංවිධානයම කිච කර දැන් බලා සිටින්නේ එය අභ්‍යන්තරිකව පුපුරණ තුරාය.

දැන් නැවත වරක් පෙරටුගාමී පක්ෂය විසින් තම ක්‍රියාකාරිකයෙකු වූ සමන් පුෂ්පකුමාර සහෝදරයාව විදේශ ගත කොට ඇත්තේ දේශපාලන දර්ශණය පිළිබද වැඩිදුර හැදෑරීමකටය.

ඔහු කුමක් කරයි ද? ඉතිහාසය විවෘතය!

ඔබේ අදහස කියන්න...