සයිබර් අවකාශයේ ජිම්නාස්ටික් ශූරයකු වන සඳරැවන් සේනාධීර තමන්ගේ සයිකෝටික වෙබ් අඩවිය හරහා අපට බොරැ පාට් එකක් දමා ඇත. දේශපාලනය කරන වෙනත් මිනිසුන්ට සල්ලි ලැබෙන්නේ කාගෙන්ද කියා කියන සඳරැවන් තමන්ට සල්ලි දෙන්නේ කවුද කියා කියන්නේ නැත. ඊනිව්ස් එකට පරිදිම දේශපාලනය කිරීමට අපටත් මුදල් අවශ්‍යය. මුදල් දෙන අය ගැන සදාචාර නීති අපට නැත. ලෙනින්ට අනුව කියන්නේ නම් ‘ධනපතියා තමාව එල්ලා මැරීමට නියමිත කඹය පවා විකිණීමට නියමිතය!’ අප කළ යුත්තේ උන්ගෙන් සල්ලි ගෙන උන්ව විනාශ කිරීමය. මලික් සමරවික්‍රම පසුගිය කාලයේ කළේ කුමක්ද? ඒවා ප්‍රජාතන්ත්‍රවාදයේ හෝ යහපාලනයේ ලක්ෂණද? සඳරැවන් මලික් කරන දේවල් දන්නේ නැති තොත්ත බබාද?
සියලුදෙනා බබාලා වූවාට අප දන්නා ප්‍රධාන කාරණා දෙක මෙසේය.

1. ආණ්ඩුවට නියම ගේම් එක දුන්නේ බැසිල්ය. ඒ අනුව ඔහුත් යහපාලනයේ කොටස්කාරයෙක්ද?
2. මුළුමහත් විපක්ෂ ක්‍රියාවලියම මෙහෙයවමින් සිටින රට කුමක්ද?

මහ පොළවේ දේශපාලනය කරන අපි සඳරැවන්ගේ බොරැ පාට්වලට බිය වන්නේ නැත. අපි හැමෝටම කියන්නේ ඉතා ඉක්මනින් සනත් ගුණතිලකලාගෙන් විපක්ෂය පරිස්සම් කරගන්න කියාය.

සැළකිය යුතුය – ඊ නිව්ස් අභ්‍යන්තර තොරතුරැ අංශය වැනිම අංශයක් අපටද ඇත. ඒ නිසා යූ.ඇන්.පී. ඇතුළු අනෙකුත් විපක්ෂයේ සියලු තොරතුරැ අපට ලැබෙන බව සඳරැවන් මතක තබා ගත යුතුය. ඊට අමතරව අතීතියේ ඊ නිව්ස්හි වැඩ කළ මාධ්‍යවේදීන්ගේ කටහඩද අපට අවශ්‍ය විටෙක අවදි කළ හැක. අප ජීවත්වන්නේ කුමන ලෝකයද යන්න ඉන්පසු සඳරැවන්ට තීරණය කළ හැක. අපේ දේශපාලන ව්‍යාපෘතිය බොම්බයි මොටයි මෙන් ක්ෂණිකව හැකිලෙන එකක් නොවේ. එය බුද්ධිය මත මිස පුද්ගලයන් කෙරෙහි ඔට්ටු අල්ලන්නේ නැත.

Vodka_n

ඔබේ අදහස කියන්න...

8 COMMENTS

  1. වචන වැඩක් නෑ. පුළුවන් දෙයක් කරපල්ලා. සක්කිලියො… තොපි දන්න දර්ශනේ. තොපි බුද්ධිමතාලද? තොපි මොන වල් ඌරොද බොලව්. කොහෙද යන වේසියන්ගෙ අවජාතක පැටව්. තොපිට පුළුවන් මොනවද? ‍කරල පෙන්නපියව්.

  2. ජනාධිපතිවරණයෙන් පසු පළකිරීමට සකසා ඇති දැන්වීමකි.

    අතුරුදහන් වී ඇත. සොයා දෙන්න.

    දුමින්ද නාගමුවගේ ආරක්ෂක ලේකම්වරයා සහ නයායාචාර්ය වූ ද අනාගත සමාජවාදී ලංකාව් මුදල් ඇමති වුණු පසුව ඇතිවන ගැටලුවලට උත්තර සෙවීම සදහා රාත්‍රී 12ට අවදි වීමට අභිලාෂයෙන් සිටියා වූ ද නවසීලන්තයේ දෙමළ ජාතික අර්බුධය විසදීම සදහා සදහා කුමාර් සංගක්කාරගෙන් උපදෙස් ගත්තා වූ ද ජවිපෙ සුන්නද්දූලි කිරීමට ගොස් තම පක්ෂ නායකයාගේ පුක (සමාවෙන්න එය පුකක් නොවේ)එකල ආරක්ෂක ලේකම්වරයා ලවා සවුත්තු කළා වූ ද රුද්‍රක්‍රමාරන්ගේ සමීපතම සගයා වූ ද ලාංකීය මහා නවලිබරල්වාදී චින්තක එමෙන්ම වාමාංශික පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සස්–සස්–සභික මහා මොළකරු වූ පුබුදු ජයගොඩ ආගිය අතක් නැත. සොයාදෙන කෙනෙකුට කුමාර් ගුණරත්නම්ට පසුගිය දිනවල තෑගි ලැබුණු සිල්රෙදි දෙකෙන් එකක් තෑගි දෙනු ලැබේ. (වැසිකිලි පරීක්ෂා කිරීමෙන් තරග රීති උල්ලංඝනය නොවේ)

  3. එක්නැලිගොඩට මරු කැඳවූ චම්පික ගැන ලියූ ලිපිය…

    මෙහි දැක්වෙන්නේ 2009 දෙසැම්බර් 08 දින ලංකාඊනිවුස් වෙබ් අඩවිය මගින් පාඨලී චම්පික රණවක මහතා පිලිබද පලකල ලිපියකි. මේ ලිපිය අද ලංකාඊනිවුස් දෙවියකු මෙන් සලකන පාඨලී මහතාට අදාල වේද? නැතිනම් එදා කීවේ බොරුද? අද කියන්නේ බොරුද? නැතිනම් ඇත්ත බොරු කෙසේ වෙතත් ලාබය සදහා කට්ටිය කඩේ යනවාද? රට බෙදන්නට සැරසෙනවාද? ලංකා ඊනිවුස්ට අද පාඨලී චම්පික රණවක මහතා මහත්මයකු වී ඇත. මේ වෙනස ඇයි?

    ඔබත් ලිපිය කියවා තීරණය කරන්න.

Comments are closed.