අපගේ දේශපාලන ව්‍යාපාරයේ කන්‍යාභාවය ගැන විවිධ විකාර ප්‍රශ්න මතු කරමින් පිස්සු නටන අයගේ කැරැට්ටුව ගැන අපි ඉතා හොදින් දන්නෙමු. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම්වරයාගේ කුණු කොන්ත්‍රාත් ඉටුකරන උමතු රෝගීන් ගැන ද අපි හොදින් දන්නෙමු.
අපගේ අරගලය තුළත්, ඉන් පිටතදීත් අපව රවටා ඇති මිනිසුන් කන්දරාව කන්දක් තරම් උසය. අපගේ සංවිධානය සතුව ඇති උදාරත්වය සහ අව්‍යාජත්වය විකුණාගෙන කන කොළඹ තක්කඩීන් ගැන ද අපි ඉතා දැනුම්වත්ව සිටින්නෙමු. ඒ වගේම අපගේ පක්ෂයේ නම විකුණාගෙන කන තොල් රතුකළ නෝනලා ගැන ද අපි දන්නෙමු.
මේ තක්කඩි රෑනට වඩා අපගේ අධිෂ්ඨානය දෘඩය. සංස්කෘතික දේශපාලනය සමමිතික්‍රමණය කළ අපගේ අරමුණ වන්නේ අපගේ පක්ෂය සමාජය තුළ දිය කිරීමය. ජලය මෙන් පැහැදිළි පක්ෂයේ අරමුණු සයිකෝටිකයන් සහ විපරිතයන් දේශීයවත්, ජාත්‍යන්තරවත් විකෘති කරමින් සිටිති. ඒ ගැන තොරතුරු අපට ලැබෙමින් පවතියි.
අනාගතයේ යම් නිශ්චිත ලක්ෂයකට පසු මේ සියලු විහිලුකාරයන්ට අපගෙන් සමාවක් ලැබෙන්නේ නැත. බොහෝදෙනෙකුගේ අශ්ලීල හදහන් අප සතුව ඇති බව මේ විහිලුකාරයන්ට අමතකව ඇත.
සමහරවිට අප පරාද විය හැකිය. නමුත් අපගේ අධිෂ්ඨානය සහ දැනුමේ ආලෝකය කිසිවෙකුට විනාශ කළ නොහැකිය. අපි කිසිවෙකුට අවලාද නගන්නේ නැත. ඒ නිසා අපි ගැන කරදර නොවන්න. එසේ නොවන්නේ නම් අපටද ඔබට කරදර කරන්නට සිදුවෙනු ඇත. එවිට ඇස් රතු වී හිනාව ඉස්මුරුත්තාවේ යා හැකිය.

ඔබේ අදහස කියන්න...

1 COMMENT

Comments are closed.