ශ්‍රී ලංකාව ඇතුළත්ව ගෝලීය අර්ථ ක්‍රමය තුළ බහුතර දුප්පත් රටවල් ඇද වැටී ඇත්තේ, අරාජක තත්වයකට ය. සමහරැ හිතන්නේ, මේ තත්වය විප්ලවීය තත්වයක් බවයි. මෙය දේශපාලන වශයෙන් සත්‍යයක් වුවත්, ආර්ථික තලයේ දී උභතෝකෝටිකයකි. ඒ නිසා, අප යෝජනා කරන්නේ, පවතින තත්වය වෙනස් කිරීම අරභයා විප්ලවීය ප්‍රතිසංස්කරණ යෝජනාවලියකි.

                   ශ්‍රී ලංකාවේ ආර්ථික විද්‍යාඥයන්ගේ සහ දේශපාලකයන්ගේ මුඛ්‍ය ගැටලුව වන්නේ, ඔවුන් දේශපාලනය සහ ආර්ථිකය වෙන වෙනම ගැනීමයි. උදාහරණයක් වශයෙන්, වික්ටර් අයිවන් මහතා වැනි ප්‍රතිසංස්කරණවාදීන්ගේ අරමුණ වන්නේ, දේශපාලන අර්බුදයට අධිකරණමය විසඳුමක් ලබා දීම හෙවත් නෛතිකවාදය යි. එය, දේශපාලන පක්ෂ විසින් ‘හොරකම-වංචාව’ යන හෙජමොනිය යටතේ භෞතීෂ්ම කර ඇත. මෙම සටන් පාඨය අදේශපාලනික බව වටහා ගැනීම අපහසු නැත.

                       පාර්ලිමේන්තුවේ 225 ම එලවා දැමිය යුතු යැයි කියන අදේශපාලනික සටන් පාඨයේ දේශපාලන හරය වන්නේ, පක්ෂ ආකෘතියකින් තොරව ‘නිදහස් උදාර මිනිසුන්ට’ රටේ ප්‍රශ්න විසඳිය හැකි බවට කරන අනාවැකියකි. දේශපාලන පක්ෂවලට පිටින් මිනිසුන් හයර් කිරීම නිසා ඇති වී ඇති වංකගිරිය කෙතරම් සංකීර්ණ දැයි දැන් බහුතරය වටහා ගෙන ඇත. ලංකාවේ දේශපාලන පක්ෂ පච කරන, ඒවායේ විනාශය ප්‍රාර්ථනා කරන තක්කඩි සමූහ වර්ග තුනක් ඇත.

 

1.ජනමාධ්‍යකාරයන් – මේ අය, මේ ක්‍රමයේ වාසි ගරා ගැනීම උදෙසා දේශපාලන පක්ෂ පච කර නිදහස් උදාර මිනිසුන් උත්පාද කරයි. උදාහරණයක් වශයෙන්, දිලිත් ජයවීර විසින් නිෂ්පාදනය කළ ගෝඨාභය රාජපක්ෂ නම් උදාර මිනිසාට සිදු වූ දේ කුමක්ද?

 

2.වෘත්තීය සමිතිකාරයන් – මේ අය ද, තමන්ගේ පුද්ගලික අභිලාෂ ඉටුකර ගැනීම සඳහා රාජ්‍යය ත්‍රස්ත කරමින්, රාජ්‍ය ප්‍රතිපත්ති ‘ප්‍රජාතන්ත්‍රයෙන්’ තමන්ගේ කතිපයාධිකාරයට යට කරමින් සිටිති. මෙහි දී, රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය (GMOA) ප්‍රධාන ය. සෞඛ්‍ය වැනි තීරණාත්මක සේවාවක් හරහා ඔවුන් රාජ්‍ය අවභාවිතාවේ යොදවයි. මොවුන්ව විවේචනය කරන පිරිසක් නැත. පොදුවේ වෘත්තීය සමිති යනු, දැන් ප්‍රාග්ධනයේ ප්‍රතිලාභ පුද්ගලිකව භුක්ති විඳින පිරිසකි. ප්‍රාග්ධනය සහ ශ්‍රමය අතර ගැටුම නිරාකරණය කරන භූමිකාවෙන් වෘත්තීය සමිති ඉවත් වී, දුප්පතුන්ගෙන් එකතු කර ගන්නා බදු මුදල් ගසා කන්නන් බවට වෘත්තීය සමිති නායකයන් පත් වී ඇත.

 

3.සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් – මේ අය, මාක්ස්වාදයට විකල්පයක් ලෙස ‘සිවිල් සමාජය’ ඉදිරිපත් කරයි. මේ ගැන, වෙනම විශ්ලේෂණයක් කළ යුතු ය.

 

                        අප යෝජනා කරන ප්‍රථම පියවර වන්නේ, ගැටලුව නිවැරදිව වටහාගෙන අලුතින් ගැටලුව සූත්‍රගත කිරීමයි. පළමුවෙන්, අප කළ යුත්තේ, දෙතැනක ඇති දේශපාලනය සහ ආර්ථිකය ඒකාබද්ධ කර විවේචනයක් ඉදිරිපත් කිරීමයි. ඉන් අදහස් වන්නේ, දේශපාලන විද්‍යාව සහ බුර්ෂුවා ආර්ථික විද්‍යාව සමතික්‍රමණය කර රැඩිකල් ”දේශපාලන-ආර්ථික විද්‍යා” ප්‍රවේශයක් බිහි කිරීමයි. රට ආර්ථික වශයෙන් ඉදිරියට ගමන් කරවීමේ දී, ප්‍රතිලාභ රහිත අධෝ-ව්‍යූහාත්මක (යටිතල පහසුකම්) අවශ්‍යතා සඳහා ප්‍රතිපාදන වෙන් නොකිරීම ප්‍රථම පියවරයි. අධිවේගී මාර්ගවලින් ඵල ප්‍රයෝජන ගත්තේ, රටේ ආර්ථිකයෙන් වැඩිම ප්‍රතිලාභ ලබන මධ්‍යම පන්තිය පමණි.

                         රටේ දැන් ඇති වී ඇති තත්වය ද්විධාකාර ය.

 

1.‘රාජ්‍යය’ පවත්වාගෙන යාමට අදාළ ආයතන සමූහය කඩා වැටීම. (උදා:- පොලීසිය, විශ්ව විද්‍යාල, අමාත්‍යංශ, නීතිපති දෙපාර්තමේන්තුව, මහ බැංකුව, පාසල්, පාර්ලිමේන්තුව) තවදුරටත්, මේවා පාලනය කරන්නේ, යටත්විජිත අධ්‍යාපනයෙන් ශික්ෂණය වූ අය නොවේ. සරලව කිවහොත්, මධ්‍යම පන්තිකයන් නොවේ. එබැවින්, වෙබරියානු නිලධාරී තන්ත්‍රය ලංකාවේ අවසන් වී ඇත.

 

2. අපොස උසස් පෙළ හරහා ඇති කරන පන්ති භේදය (මානසික ශ්‍රමය සහ කායික ශ්‍රමය) නිසා සමාජය තුළ ඇති වී ඇති නව මධ්‍යම පන්තියේ ගැටලු, ”ගම/ නගරය” වශයෙන් සහ ”පිරිමි/ ගැහැණු” වශයෙන් මතු වී සමාජ දේහය ඉන් හානි වීම.

 

අපගේ යෝජනාව කෙටියෙන් මෙසේ ය-

 

ලංකාවේ පශ්චාත්-යටත්විජිත රාජ්‍ය සැකැස්ම කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම. අපොස උසස් පෙළ විභාගය අවලංගු කර අධ්‍යාපනය සහමුලින්ම ප්‍රතිසංස්කරණය කිරීම.

 

දැනට පවතින ‘දේශපාලන-ආර්ථික ක්‍රමය’ විසින් නිපදවා ඇති 60/20 යන ඇති නැති පරතරය නිෂ්පාදනය කරන මතවාදී සැලැස්ම පරාජය කර, ඒ වෙනුවට නව බදු ක්‍රමයක් යටතේ රට සංවිධානය කිරීම. එහිදී, ලංකාවේ ‘ප්‍රාග්ධන වෙළඳපොළ’ පුළුල් කිරීම වෙනුවෙන් ‘මහ බැංකුව’ පුතිව්‍යුහගත කිරීම. ඒ හරහා, ලංකාවේ වාණිජ බැංකු පුතිව්‍යුහගත කිරීම.

 

පාඩු ලබන කෘෂිකර්මය සඳහා අපගේ තේමාව වන්නේ, ‘වී වෙනුවට රෝස’ යන්න ය. ඉන් අදහස් කරන්නේ, ආහාර සුරක්ෂිතභාවය රැක ගෙන, වී වෙනුවට වෙනත් බෝග වැවීම සහ ග්‍රාමීය ඉඩම් මැනීම සහ පුතිව්‍යුහගත කිරීමයි. ලංකාවේ ජලය පුතිව්‍යුහගත කිරීම ද මීට ඇතුළත් ය. මේ සඳහා, අප යෝජනා කරන්නේ, ඊශ්‍රායලයෙන් උදව් ගත යුතු බවයි.

 

ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල, විදුලිබල මණ්ඩලය, ශ්‍රී ලංකා ටෙලිකොම්, වරාය, තෙල් පිරිපහදුව, දුම්රිය, ලංගම, රාජ්‍ය මාධ්‍ය ආයතන පුතිව්‍යුහගත කිරීම. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය නියාමනය සහ විගණනයකට යටත් කිරීම. ඉන්ධන සූත්‍රය වෙනුවට බදු ක්‍රමයක් යෝජනා කිරීම. ආර්ථිකයෙන් ඉවත් කර ඇති බහුජනයා ඒ වෙතට අද්දවා ගැනීම.

Samabima Party

 

නිවැරදි කිරීම-

අපගේ සංවාදයේ දී මතු කරන ලද කාරණයක් වූයේ, විශ්ව විද්‍යාල ගුරුවරුන් දින 90 ක වැඩ වර්ජනයට පසුව එම වර්ජිත කාලයට ද අදාළව හිඟ වැටුප් ලබා ගත් බවයි. මේ පිළිබඳව අප පැවසූ කාරණය සත්‍ය අතර බැසිල් සමග සාකච්ඡාවේ දී එය අනුමත විය. ඒ අනුව විශ්ව විද්‍යාල වලට අදාල වැටුප් විෂමතාවයක් බිහිවූ අතර සමාන කුසලතාවලට අසමාන වැටුප් තලයක් හිමිවිය. අද මේ නිසා රාජ්‍ය සේවය සංකීර්ණ වැටුප් විෂමතාවය ිවිය උදාහරණයක් ලෙස රෙජිස්ට්‍රාර්වරයෙකු සහ මහාචාර්යවරයකු අතර වැටුම් විෂමතාවය විශාලය. එබැවින් මේ විශ්වවිද්‍යාල ගුරුවරුන් නම් පරපුට්ටන් රටටත් ලංකාවේ සමාජ දේහයටත් කළ හානිය විශාලය.

=======================

මේ වන විට, පක්ෂයේ ප්‍රධාන කාර්යාලය මාළඹේ පිහිටා ඇති අතර ඒ සඳහා ස්ථාවර දුරකතන අංකයක් ඇත. ව්‍යාපාරික කටයුතු හරහා අපට සම්බන්ධ වීමට කැමති අය සහ ආයෝජන අවස්ථා හොයන අය අනුෂ්ක[අධ්‍යාපනය සහ මනෝවිශ්ලේෂණයද ඇතුලත්ව]අමතන්න. විදේශ රටවල සිටින ජනයා මිහිරාන්ගේ අංකයට අමතන්න. ”විමසීම්” සඳහා බුද්ධිකගේ අංකයට කතා කරන්න. ප්‍රචාරක කටයුතු සහ ප්‍රචාරක සංකල්ප සඳහා නුවන්ගේ අංකයට කතා කරන්න. 

Anushka- 0777189471.

Nuwan – 0715324110.

Buddika – 0777189506.

Mihiran – 0777189465.

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. 1. වී වෙනුවට රෝස යන සංකල්පය ගැන දීප්තිම කියලා තිබුනා මේ වගේ ගෝලීය ආර්ථික සංකෝචනාත්මත තත්වයක් එහෙම ආවොත් කන්නත් නැති වෙන පුලුවන් නිසා ඒ ගැන වඩාත් සිතිය යුතු බව. (අත්‍යාවශ්‍ය දේ : ආහාර)

    එසේත් නොමැතිව සංකල්පය මඟින් අදහස් කරන්නේ ආර්ථිකමය වශයෙන් සාපේෂව අඩු පිරිවැය දේ නිපදවා වැඩි පිරිවැය දේ ආනයන නම් එය සුදුසු බවට එකඟය.

Comments are closed.