Party Member - Monster

අපි ට අතීතය කියන්නෙ විචාරයක් සහ අලුතින් ඉගෙන ගැනීමක්

1997 – පෙබරවාරි සිට – මාතොට [ Now available as Mathota tea ] සඟරාව –

මෙම සඟරාව සහ දැනුම හුදු පොරවල් කිහිප දෙනෙක් බිහි කරා පමණක් නොව ඉතිහාස පාඩමක් ද අපට ඉගැන්වූවේය.

2001 – ජනවාරි සිට 2004 අගෝස්තු දක්වාLondon සඟරාව – පොරවල්වලට හිමි සමාජ ගතිකත්වය සංකීර්ණ කළා පමණක් නොව මානසික රෝග යනුවෙන් විනෝද ප‍්‍රවර්ගයක් ඇති බව අපට ඉගැන්වූයේය. සංවිධානය ඛණ්ඩනය වූ අතර එක පිරිසක් සිවිල් සමාජය ලෙස තහවුරු වූ අතර (පොරවල් ලෙස) අනෙක් පිරිස ඉතිහාසයේ වාස්තවික අනාගත බල රටාවල් ගැන පුරෝකථනයක් සහිත තාපසාරාමයක් සහ තාපසයන් සහිත ස්ටැලින්වාදයක් [ පොරවල් B ]බවට පත් විය.

2005-2008 සිවිල් සමාජය ලෙස තහවුරු වූ අය එක පසෙකින් මාක්ස්වාදය ‘පශ්චාත් – නූතනවාදය’ හරහා දාර්ශනිකකරණය කළ අතර අනෙක් පිරිස ‘මාක්ස්වාදය’ විප්ලවවාදී මනුෂ්‍යත්වයක් බවට පරිවර්තනය කළේය. මින් කුමන අන්තයක් මඟින් වුවත් පන්ති අරගලය ප‍්‍රකාශිත වේද යන්න තවම ව්‍යාකූලය. මින් සිදු වූයේ සාර්වත‍්‍රික අගයන් වියැකෙමින් අනන්‍යතා දේශපාලනය තහවුරු වීමයි. මේ අනන්‍යතා දේශපාලනයේ දේශපාලන භාවිතය වූයේ උන්නතිකාමය සහ තම සමීප අනෙකා තරගකාරයකු ලෙස දැකීමයි. මේ පාර්ශ්ව දෙකටම පොදු ලක්ෂණය වුයේ ස්ත‍්‍රී ආත්මය ගුප්තකරණය කිරීමයි.

2012 ට පසු අද දක්වාමිනිසාට අවිඥානයක් ඇති බව දැන් අපට පැහැදිලිය. මේ අවිඥානක ශ‍්‍රමය විසින් ‘දේශපාලන වැඩ’ කලින් පුරෝකථනය කළ නොහැකි පරිදි භංගූර කරයි.

Monster's Kiss
Monster’s Kiss

 

ඔබේ අදහස කියන්න...