හිනාවෙන පිස්සන් විසින් රෝපණය කරන විවිධ ප්‍රවෘත්තිවල මූලයන් කොතනින් ආරම්භ වන්නේ දැයි අපි දන්නෙමු. පෙරටුගාමී පක්ෂයේ විවිධ අර්බුද ,ගැටලු හා විවිධ පැටලීම් ගැන නොම්මර එකේ පිස්සන් බෙහෙත් ඔරුවලින් පිටතට පැන ලියන්නට පටන්ගෙන ඇත. පහළ මැදපාන්තික මනෝභ්‍රාන්ත්‍රීන් ගැන අමතර විස්තර අවශ්‍ය නැත. 
මේ පෙනෙන දෘශ්‍යමානයට පිටතින් ඇත්තටම සිදුවෙමින් පවතින්නේ කුමක්ද ?
පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරී සාමාජිකයෝ දිනෙන් දින අප සමග එකතු වීමට පැමිණෙති. මේ කරුණ එම පක්ෂයේ නායකයෝ හොදින් දනිති. දැනටමත් අප පක්ෂයේ අධ්‍යන පන්තිවලට පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයන් සහභාගි වෙයි. මේ කාරණය පක්ෂ දෙකේම අය හොදින් දනී. මෑතකදී ………… සෘජුවම අපව අමතා පුබුදුගේ බොහෝ කරුණු ද ඇතුළත් පාපොච්චාරණයක් කළේය. වාමාංශිකයන් ලෙස අපට අනවශ්‍ය දෑ ලියන්නට අවශ්‍ය නැත. කොමියුනිස්ට් සංස්කෘතිය එය නොවේ. නමුත් එළියට කියන දෙය සහ රහසින් කරන දෙය අතර පරතරයක් ඇත. දේශපාලනයට යහපත් මිනිසුන් අවශ්‍ය යැයි කියන පක්ෂයක් පිස්සන් ලවා අපව ජෝක් කිරීමට වළිකයි. මෙය ජ.වි.පෙ දේශපාලන සංස්කෘතිය නොවේද ?
ඉදිරියට එන දෙසැම්බර් මාසය වන විට කාටත් යථාර්ථය හමුවනු ඇත. එතෙක් ඔබට හමුවනු ඇත්තේ දේශපාලනය වෙනුවට විකාරය.  

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

Comments are closed.