පසුගාමී මානසිකත්වයන් භංග වේවා

අරුණි ශපීරෝ කාලයක සිට කියන කතාව විකට අන්දරයකි.නටපු තොවිලෙකුත් නෑ බෙරේ පලුවකුත් නෑ කීවා වගේ අරුණිගේ කතාවලින්ද ඇති වැඩක් නැත.ඇය කියන්නෙ එකම දෙයකි.එනම ආන්ඩු විසින් ජනතාව මංකොල්ල කන බවයි.

කවුද මේ ජනතාව.සබන් කැටේටත් බදු ගෙවන ජනයා නොවේ.ආදායම් බදු ගෙවන ධනපතියන්ය.ශ්‍රමයේ වටිනාකම වෙළදපොල විසින් තීරණය කරන්නේය යන මුග්ධ ලිබරල් රාමුව තුල තර්ක කරයි.
එහෙත් ශ්‍රමයේ වටිනාකම තීරනය කරන්නේ ධනපති පන්තියයි.වෙන කෙනෙක් නොවේ.කිසි සේත්ම කම්කරුවාට හෝ ශිල්පියාට තම ශ්‍රමය ගැන කේවෙල් කිරීමක් කළ නොහැක.තම වැටුප ගන කේවෙල් කල හැකි මට්ටමේ ශිල්පීන් නැතිවා නොවේ.ඒ අතලොස්සකි.කම්කරු පන්තිය ලෙස කිසිම දායකත්වයක් නොදක්වන ප්‍රතිගාමී වෘත්තිකයන් පිරිසකි.එසේ නැතිව 99% ක් ම කම්කරු පන්තියට තම ශ්‍රමය ගැන කේවෙල් කළ නොහැක.

කේවෙල් කිරීම වෙනුවට ධනපතියා විසින් ශ්‍රමය බාල්දුකිරීමක් නම් කළ හැක.
මෙසේ කියමු.ගමක ගාමන්ට් එකක කෙටි කාලීන පුහුණුවක් ලබා සේවය කරන අයට තම වැටුප් ගන කතා කරන්නට බැරිය.ඔවුන් එක රැයින් එලවා අලුත් පිරිසක් දැනට ඔවුන් ලබන වැටුපට වඩා අඩු වැටුපකට සේවයට ගැනීමට ධනපතියාට පුළුවන.

මෙය ලන්කාවට පමනක් වූ තත්වයක් නොවේ.රොන් පෝල් ලාගේ ඇමරිකාවේ තතවයද එසේමය.නමුත් ඇමරිකාවේ ප්‍රතිගාමී මාධ්‍ය ඇමරිකානුවා තුල කොමියුනිස්ට් බිල්ලෙක් මවා තිබේ.එනම ඇමරිකානු අන්ත දුප්පතාගේ සතුරා ඇමරිකානු ධනපතියා නොව කොමියුනිස්ට්වාදියාය.කන්න යමක් නැතිව ඉන්න තැනක් නැතිව සිටින ඇමරිකානුවකුගෙන් ඔබේ සතුරා කවුදැයි ඇසුවොත් උත්තර දෙන්නේ ඒ කොමියුනිස්ට්වාදියා කියායි.හේතුව උගේ නිදහස නැතිවීමලු.බලන්න මාධ්‍ය මොනතරම් මිනිසුන් අන්දනවාද කියා.ඇත්තටම නිදහස අහිමි වන්නේ ධනපතියාගේය.ඒ අනුන්ගේ ලේමස් කා බී ප්‍රීතිවීමේ නිදහසයි.

අසීමිත ඉපයීම් ගැන මායාවක් ධනපතියා විසින් නිර්මාණැය කරයි.ඒ අනුව කැකිරාවේ සමන් ටත් ආදායම් ඉපයීමේ සීමා ලිබරල් ක්‍රමය තුල නැත.සමන්ටද බිල් ගේට්ස් කීන්ක් විය හැක.මෙවනි මායාවන් සිත් තුලට ඇතුලු කර ධනපතියාට පනවන සීමාවල් සමාජ පීඩනාය්න් ලෙස දක්වයි.

ඩඩ්ලි ධනපතියන්ට කම්කරු වැටුප් වැඩි කරන ලෙසට වූ තරවටුවක් අරුණි කියන්නේ ඒකාධිපතිකමක් ලෙසය.ඒ අනුව ධනපතියන්ට කම්කරුවන්ගේ ලේ මස් කා ප්‍රීති වීමට කිසිම බාධාවක් තිබිය යුතු නැත.මේ යක්ෂ මතවාදයට අනුව ධනපතියාට සිත් සේ සූරා කෑමට පුළුවන.
කම්කරුවා මානසිකව පරිපූර්නත්වයට ලක්වීම යුගයේ අවශ්‍යතාවයයි.මෙහිදී සම සාධාරන විඥානය ලබා ගත යුතුය.මෙහිදී තියරියට වඩා ප්‍රැක්ටිකලය වටී.එනම් ප්‍රතිගාමීත්වයට එරෙහිව ප්‍රතිවිරෝධය පුද්ගලිකවත් සාමුහිකවත් ගොඩ නැගීමය.මෙය නොකර දශක ගනනක් තිස්සෙ කරන ලද වමේ දේශපාලනය කාලය නාස්ති කිරීමක් පමණි.අරුණිලා කියන්නේ හැකිතාක් අනවශ්‍ය නිෂ්පාදන බිහිකර කෑදරකම තුලින් ඒ නිෂ්පාදන මිලදී ගැනීමට මිනිසා පොළඹවන ලෙසයි.අවශ්‍යතාවයට අනුව කරන නිෂ්පාදන ධනවාදයට අනවශ්‍යය.

අචේතනික ධනපති ක්‍රමය නොව ධනපතියාගේ දුෂ්ට කම නිසා දුක් විදීමට සිදුවී ඇති බව උගන්වා ධනපතියාට එරෙහිව ප්‍රතිවිරෝධතාව ගොඩ නැංවිය යුතුය.සැබෑ සමාජ වාදී ව්‍යාපාරය එයයි.

ධනපතියා විදින සැප ගැන දැනුවත් බව අඩුය .ඒ වෙනුවට සල්ලි තිබ්බත් උන්ට මොන තරම් ප්‍රශ්නද ලෙඩ දුක් තිබුනොත් සල්ලි තිබුනත් වැඩක් ඇද්දැයි කියන තරමට ධනපති මාධ්‍ය සූක්ෂ්ම වී ඇත.ධනපතියෙක් නොව වාසනාවන්ත රජයේ රකියා (හොරා කෑම පහසු සහ ඊනියා ලැබීම් රැකියාවේ සොබාවයක්යැයි ඔවුන් හා සමාජය පිළිගන්නා ) කරන අය විදින සැප ගැනද ජනතාව නොදනී.මේ සැප ගැන දැනුවත් වුනොත් අඩු තරමින් වමේ පක්ෂවලට මීට වඩා ඡන්ද ටිකක්වත් ලැබෙනු ඇත.එසේ නැතිව න්‍යාය ගැන පන්ති කෝටියක් පැවැත්තුවත් වැඩක් නැත.ඒ පන්තිවලට ගිය එවුනුත් ඊලඟ දවසේ තක්කඩි හොරෙකුට කැන්වසින් යනු ඇත.

දුකට හේතුව ප්‍රාග්ධනය හිමි පන්තියේ සූරාකෑමයි.මීට එරෙහි විය හැක්කේ වෙන මොනම ක්‍රමයකින්වත් නොව මූලික මිනිස් හැඟීම් වලට ආමන්ත්‍රනය කිරීමෙනි.
ධනපති පන්තිය හා ඔවුන්ගේ බඩියා වන අධිවෘත්තිකයන්ට එරෙහිව සතුරුකම ගොඩ නැංවිය යුතුය.
සමාජ සුබසාධක

ඔබේ අදහස කියන්න...

3 COMMENTS

  1. එල්ලල ගහන්ඩ එපා, උඩදාල ගහන්ඩ මූදට වැටෙන්න. උන්ටම පිස්තෝලෙ දෙන්ඩ ඕනෙ උන්ගෙ ඔළුවලට උන්ටම වෙඩි තියාගන්ඩ.

  2. ධනපතියෝ දුෂ්ඨයි කම්කරුවෝ අහිංසකයි !!!!වැඩවසම් චින්තනයක තරම

  3. අනේ සහෝදරය/මහත්තය මට කියනවද බිල් ගේට්ස්/ස්ටීව්/ඩැරන් බෆට් ඔය කියන අහිංසකයන්ගෙ ලේ උරා බීල ප්‍රාග්ධනය එකතු කර ගත්ත හැටි

Comments are closed.