දීප්ති සහෝදරයා සමග තරහා වන බොහෝ දෙනා නැවත නැවතත් ඔහු පසු පසම පැමිණෙන බව අප විසින් දිගින් දිගටම නිරීක්ෂණය කරන්නකි. දීප්තිගේ දේශපාලනය එපා යැයි කියමින්, එය තේරුමක් නැති බව පවසමින් ගෙදර යන බොහෝ දෙනා නැවතත් දීප්ති කරන්නේ මොනවාද යන්න යතුරු හිලෙන් බලා සිටී. මේ නිසා දීප්ති සමග අමනාප බොහෝ දෙනා කවුද යන වග  අධ්‍යයනය කල හැක්කේ මනෝවිශ්ලේෂණ න්‍යාය මගින්  පමණි.දේශපාලනය කිරීමට යැයි කියමින්  මහින්ද ප්‍රියදර්ශනට මානසිකව යැපීම සදහා Bookmark විකුණන ගල්කිස්සේ සොම්බි කෙනෙකුගෙන් ජනතාව දීප්ති ගැන විමසු විට දීප්ති තවමත් අපත් සමග සිටින බව හඟවයි….  ගල්කිස්සේ Bookmark එක  ජනතාව මිලදී ගනු ලබන්නේ , සංකේතීයව එමගින් රැගෙන යන්නේ දීප්තිගේ වටිනාකම් නිසාවෙනි.

මුලින් සදහා කල ප්‍රස්තුතයට අනුව අප කුමන විවේචන  ඉදිරිපත් කලද ගල්කිස්සේ සොම්බි තවමත් සිතන්නේ දීප්ති සහ ඔවුන් මාවත් දෙකක දේශපාලන ගමනක් යන නමුත් දීප්ති සහ ඔවුන් වෙන් වී නැති බවයි. මෙම තත්වය අපගේ පාඨකයන්ට උභාතෝකොටිකයකි. මේ නිසා ගල්කිස්සේ අය සහ අප වෙනස් වන්නේ කෙසේද යන වග න්‍යායිකව පැහැදිලි කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍ය වේ. අප මෙම වෙනස පහදා නොදුන් විට ගල්කිස්සේ සොම්බි විප්ලවදීන් යැයි සිතමින් බොහෝ දෙනා රැවටීමට ලක් විය හැක. මහින්දගේ පදේට නටන්න ගොස් ණය වී ගෙළවැලලා ගැනීමට පෙර මෙම ලිපිය කියවන මෙන් ඉල්ලා සිටිමි. මොනවා කීවත්  එතැන යමක් තියෙනවා යැයි සිතමින් ගල්කිස්සේ දොරට තට්ටු කිරීමට යමෙකු උත්සහ කරන්නේ නම් ඉතිහාසය නැවත සිදුවීමට වලක්වාලිය නොහැක.

දේශපාලන පක්ෂයක් හෝ කණ්ඩායමක් විප්ලවාදීද නැද්ද යන වග තීරණය කරනු ලබන්නේ ඉතිහාසය විසිනි. එසේ නොමැතිව දේශපාලන ප්‍රවාහයක් විප්ලවාදීද නැද්ද යන්න සමකාලීනව නිගමනය කිරීම ගැටළු සහගතය. බොහෝ දෙනා අපට එල්ල කරනු ලබන විවේචනයක් වන්නේ අප න්‍යායවාදීන් පිරිසක් පමණක් බවයි. එම විවේචන වලට එරෙහිව අප ප්‍රයෝගිකවාදීන් බව පෙන්වාදෙන්නේ කෙසේද? මාක්ස්වාදය විසින් ධනවාදය පිළිබද ඇති කර තිබෙන ප්‍රශ්නය ආර්ථිකය , සාධාරණත්වය, හෝ සුරාකෑම පිළිබද ගැටළුවක් නොවේ. එය දාර්ශනික ගැටලුවකි. අවශ්‍යනම් මේ මොහොතේ ලෝකය පුරා ඇති සම්පත්  මුළු ජනගහනයටම බෙදා ගත හැකිය. එම නිසා මාක්ස්වාදයෙන් මතු කරන්නේ සම්පත් අසමමිතික ලෙස බෙදී යාම පිළිබද ගැටළුවක් නොවේ. ධනවාදයේ ගැටලුව දාර්ශනික ගැටළුවක් යන්නෙන් අදහස් කරන්නේ එම ගැටලුව ප්‍රයෝගික ප්‍රශ්නයක් නොවන බවයි (ප්‍රයෝගික ගැටළු සියල්ල ධනවාදය විසින් විසදනු ලබයි).

ජ.වී.පෙ වැනි මාක්ස්වාදය මත පදනම් වූ සංවිධාන සුළි සුළගක් මෙන් හමා ගොස් අවසන් වන්නාක් මෙන් එකවර විශාල විනාශයක් සිදුකර නැති වී ගොස් ඇත. සුළි සුළගින් පසු අපට දැකගත හැකි වන්නේ තැන් තැන් වල ඉතුරු වී ඇති නටබුන් බවට පත් වූ දේවල් පමණි. මෙම සංවිධාන මාක්ස්වාදය හදුනාගත්තේ ආර්ථික ගැටළුවක් ලෙසය.මාක්ස්වාදය මත පදනම් වූ සංවිධාන ඒ අකාරයෙන් විනාශ වෙමින් යන විට , මාක්ස්වාදය තවදුරටත් වලංගු නොවන බවට විවේචන එල්ල වන විට දීප්ති මාක්ස්වාදය සමග දිගටම සිටින්නේ ඇයි? යන ප්‍රශ්නය කවුරුත් විමසන්නේ නැත. පක්ෂය ලෙස දීප්තිගේ ස්ථාවරය පිලිබදව අපට  ලබා දිය හැකි පිළිතුර වන්නේ මාක්ස්වාදය විසින් මතුකරනු ලබන දාර්ශනික ගැටලුව තවමත් කිසිවෙකු විසදා නැති වීම යන්නයි. ධනවාදයට පසු අප ජීවත් වන්නේ කෙසේද? යන්න මාක්ස්වාදය විසින් මතු කරනු ලබන ගැටළුවයි. විප්ලවයට පසු  අපගේ දවසේ ජීවිතය ගත කරන්නේ කෙසේද? විප්ලව කිරීම පහසු නමුත් වඩාත් බරපතල ගැටලුව වන්නේ විප්ලවයෙන් පසු මොනවාද කරන්නේ යන්නයි.

මෙම තත්වය අප ජනප්‍රිය උදාහරණයකට ආදේශ කර තේරුම් ගනිමු. විශ්වවිද්‍යාල බුද්ධිමතුන් රැසකගේ සහයෝගයෙන් 2015 ජනවාරි 08 වැනිදා රාජපක්ෂ රෙජීමය විප්ලයක් මගින් පරාජය කෙරිණ. මෙම බුද්ධිමතුන් අතර නිකමුන් බොහොමයක් සිටි නමුත් මෙම මතවාදී පෙරළියට දාර්ශනය පිළිබදව ගැබුරින් අධ්‍යනය කරන ලද විශ්වවිද්‍යාල ගුරුවරුන්ද දායක විය. ඔවුන්ගේ එකම අරමුණ වුයේ රාජපක්ෂ පරාජය කිරීමයි. නමුත් රාජපක්ෂ රෙජීමය පරාජය කිරීමන් පසු කරන්නේ කුමක්ද යන වැඩපිළිවෙලක් ඔවුන්ට තිබුනේ නැත. මේ නිසා පත් වූ ජනාධිපතිවරයා මෙන්ම රජය ද ජනතාව ඉදිරියේ හෑල්ලුවට ලක් විය. අවසානයේ රාජපක්ෂ සාධකය නැති කිරීම සදහා ඔහුත් සමග අත්වැල් බැද ගැනීමට ජනාධිපතිවරයාට සිදු වී ඇත. මෙම ජනප්‍රිය දේශපාලන පෙරලිය පිළිබද  සදාචාරාත්මක විචාර  කරමින් රචනා ලිවීම  දේශපාලන පාසලේ   හෝඩියේ පංතියේ සිටින දරුවන්ගේ Homework එකකි. නමුත් න්‍යායිකව පොහොසත් පක්ෂයක්  ලෙස අප මෙම තත්වය තුල තේරුම්ගත යුත්තේ  සියලු දේ තවදුරටත් ප්‍රයෝගික ගැටළු නොව දාර්ශනික ගැටළු වන බවයි. තවද සදාචාරයට වඩා මෙවැනි සමාජයක් සමග මනෝවිශේලෂණයේ ඇති වැදගත්කම අපට පෙරටත් වඩා හොදින් මතු කල හැකිය.

ජනතාව වෙනුවෙන් දුක් කදුළු හෙලන පුද්ගලයන්ට  ජනතාව බලාපොරොත්තු වන  නිදහස සහ ආදරය ලබා දීමට හැකිද? මෙය දේශපාලනයේදී ඉතා වැදගත් ප්‍රශ්නයකි. ජනතාව යනුවෙන් ඒකාධිපතිවාදයක් සහ  ජනතාව යනුවෙන් ෆැන්ටසියක් ගොඩනගා ගෙන සිටින පුද්ගලයන් ජාතිවාදීන්ට වඩා භයානකය. ජනතාව වෙනුවෙන් යැයි කියමින් ඔවුන් බහිෂ්කරණය කරන අය ජනතාව නොවේද?

ජනතාව ලෙස අප සියලු දෙනාගේ ඉලක්කය නිදහස උදා කරගැනීම නොවේ. නිදහස යනු උදාකර ගැනීමට පහසු දෙයකි. ප්‍රංශ විපල්වය, 68 ශිෂ්‍ය අරගලය, අරාබි වසන්තය ආදී අරගල මගින් ජනතාවට නිදහස රැගෙන එන ලදී. නිදහස යනු බුරුෂුවා ගැටලුවකි. අපගේ ගැටලුව නිදහස නොවේ. අපගේ සැබෑ ප්‍රශ්නය වන්නේ විප්ලවය අප තුල ඇති කරගන්නේ කෙසේද යන්නයි (Self-revolution).සමකාලීන සමාජයක අපව යටත් කරගනු ලබන්නේ ආධිපත්‍ය විසින් නොව ස්වකැමැත්තෙනි(Submission). එසේ යටත් වන අවිඥානය විචාරය කර ගන්නේ කෙසේද යන්න අපට ඇති සැබෑ ගැටළුවයි.

අවිඥානය යනු මම නොවේ මගෙන් බාහිර කෙනෙක් යන නරුමවාදී විශ්වාසය නිසා අපට මෙම සියලු පීඩාකාරී තත්වයන් වලට මුහුණ දීමට සිදුවී තිබේ. අවිඥානය යනු මගේම කොටසක් බව සලකමින් එහි වගකීම මා විසින් භාර ගන්නේ කෙසේද? මේ අප ඉදිරියේ ඇති අභියෝගයයි. මෙම අභියෝගය භාරගැනීම සදහා අපව බුරුෂුවා සමාජ විද්‍යාව මගින් ශික්ෂණය කර නැත. ඒ වෙනුවට එමගින් අපට උගන්වන්නේ සවිඥානික මිනිසා පිලිබදව පමණි. සවිඥානික මිනිසා සහ අවිඥානික මිනිසා අතර ඇති පරස්පරතාවය බුරුෂුවා සමාජ විද්‍යාව විසින් මගහැර යයි. දීප්ති අපි මොකද කරන්න ඕනේ ? යැයි කෙනෙකු විමසන්නේ නම් ඔහු විසින් ඔහුට/ඇයට ලබා දෙන අභියෝගය වන්නේ අවිඥානය ප්‍රබුද්ධත්වය හරහා වටහා ගැනීම මේ මොහොතේ සිදුකළ යුතු බවයි. එය ඔහුගේ / ඇයගේ අවිඥානය පමණක් නොව ඉහත ඉදිරිපත් කරනු ලැබූ ජනප්‍රිය උදාහරණයට ආදේශ කළහොත් ජනාධිපතිවරයාගේ සිට විශ්වවිද්‍යාල බුද්ධිමතාගේ අවිඥානය දක්වා දිගු වේ. පක්ෂය විසින් මේ දක්වා පාඨකයන් සහ සාමාජිකයන් වෙත ඉදිරිපත් කරමින් සිටි න්‍යායික දැනුම එකී අවබෝධය කරා යාමේ අවියයි.

අපෙගේ න්‍යායයන් සහ ලිවීම් තුල පරස්පරතා හමුවීම වැළක්විය නොහැක. දේශපාලනය යනු භෞතික විද්‍යා පාඨමාලාවක් නොවේ. මේ නිසා ඔබගේ  තර්ක බුද්ධිය පරස්පරතා, පසමිතුරුතා, විසංවාද ආදිය සහිත දැනුම් පද්ධතියක් අධ්‍යයනය කිරීම සහදා  සුදුසු ලෙස වෙනස් කරගත යුතුය. ලංකියාගේ බුද්ධිය බටහිර හාම්පුතා විසින් ද්‍රව්‍යමය ලෝකය වෙනස් කිරීම සදහා ලබා දුන් දැනුම මත පදනම් වේ. පක්ෂය විසින් ලබා දෙන දැනුමද අවසානයේ එම සීමාවට ලඝු වේ නම් එවැනි පුද්ගලයන් සමග අපට සංවාද කල නොහැකි වේ.

නැවතත් අපගේ මුඛ්‍ය ගැටලුව වෙත යොමුවන්නේ නම් ගල්කිස්සේ අය අවිඥාණය පිළිබද ඉහත මතුකල බෙදුම්කඩනය විප්ලවාදී විභවයක් සහිත දෙයක් ලෙස පිළිගැනීමට අකමැති වෙයි. ‘මේවා නිකම් කිය කිය ඉන්න පුළුවන් එත් එලියට බැහැල වැඩ කරන එක අමාරුයි’ යන්න ඔවුන්ගේ මතයයි. එලියට ගොස් වැඩ කිරීම , මිනිසුන් සමග ගැටීම අත්දැකීමක් ලෙස වැදගත් බව සත්‍යකි. නමුත් එය වඩාත්ම වැදගත් සාධකය නොවේ. අප කියමින් සිටින්නේ ගැටලුව ඇත්තේ ප්‍රබුධත්වය පැත්තේ බවය. මෙය සරලව තේරුම් ගැනීමට අප උදාහරණයක් සලකා බලමු. අප බලයට පත් වුවහොත් දර්ශනය විෂය අනිවාර්ය විෂයක් ලෙස සියලුම අධ්‍යාපන මට්ටම් වලට එක් වනු ඇත. ඉංජිනේරුවෙකුට ,වෛද්‍යවරයෙකුට දර්ශනය සමත් නොවී තමන් අනෙක් විෂයන්ට කොතරම් දක්ෂ වුවත් වෘත්තියට යාමට ඉඩ නොලැබෙනු ඇත.  ඉතා පැහැදිලිව ගල්කිස්සේ අය  අප සිටින ස්ථාවරය කුමක්ද යන්න නොදනී. ඔවුන් හා අප සසදන කෙනෙකු වේ නම් ඉදිරියේදී අප ප්‍රයෝගික වන අකාරය බලා සිටින මෙන් ඉල්ලා සිටිමි. ප්‍රයෝගිකත්වය අතින් අප සිටින්නේ ඔවුන්ට වඩා බොහෝ ඉදිරියෙන්ය. නැවත නැවතත් එකම සිදුවීම ඇති වීම සදහා වටපිටාව සකස් කිරීම ප්‍රයෝගිකත්වය නොවේ. දීප්ති සහෝදරයා මහින්දගේ තක්කඩි වැඩ වලින් හොදින් ඉගෙනගෙන ඇත. එය පක්ෂ සාමාජිකයන් සමග බෙදාගත් විට ඔවුන්ට මහින්දගේ වැඩ නැවත නොකර එම කාලය පොතක් හෝ චිත්‍රපටයක් නැරබීම සදහා වෙන් කල හැක. අප ප්‍රයෝගික වන්නේ 2018 මිස 2004 නොවන බව ගල්කිස්සට සම්බන්ධ ඉංජිනේරු මහත්තුරුන් ඇතුළු සොම්බි සියලු දෙනා දැන ගත යුතුය.

කුමාර් , ටිල්වින් , අනුර , බාහු , වාසු ආදී සියලු දෙනා වැටෙන්නේ අප ඉහත සදහන් කල ගල්කිස්ස කාණ්ඩයටය. ඔවුන්ට අනුව අව්ඥානික , අශ්ශීල අගති ඕනෑ එකක් රාත්‍රී කාලයේ පුළුවන් නමුත් දවල් කාලයේ ඒවා තහනම්ය. කුමාර් මහත්තයා මේ මොහොතේ ජ.වී.පෙ සමග සම්බන්ධ වීමට කැමති වන්නේ අනුර රනිල් සමග විනෝද වන අකාරය කට්ට කන සාමාජිකයන්ට තේරුම් කර ජ.වී.පෙ බලය ගැනීමටය. නමුත් අනුර කුමාර ඊට වඩා බුද්ධිමත් වනු ඇත. පුබුදු ජයගොඩ අපිත් සමග විරසක වුවාට අපගේ න්‍යායන් සමග විරසක නැත. ඔහුට අප කතා කරන දැනුම පරාරෝපනය වී ඇත. කුමාර්ට මෙන් ගෑනු කේස් දීප්තිට නැති නිසා පුබුදුට දීප්ති කෙරෙහි ඇත්තේ වරදකාරී හැගීමකි. දීප්ති ලගට එවන්න බැරි නිසා තමන්ගේ පක්ෂ සාමාජිකයෙක් වූ චන්ද්‍රසිරි මනෝවිශ්ලේෂණය ඉගෙනගැනීම සදහා පුබුදු විසින් රොහාන් ලගට යවයි. නමුත් රොහාන් ඊට දින කිහිපයකට පෙර පේරාදෙණිය රෝහලේ x රෝග වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලැබූ බව පුබුදු නොදනී.

අප මේ දක්වා සාකච්චා කරනු ලැබුවේ ලංකික වාමාශික ව්‍යාපාරය මාක්ස්වාදය ආර්ථික මුලයක් සහිත ගැටළු විසදීම සදහා යොදාගැනීමේ ගැටලුව නිසා ඇතිවන ප්‍රතිඵලයි. මාක්ස් යනු දුප්පත් පොහොසත් භේදය නැති කිරීම පිළිබද කතා කල සාන්තුවරයෙකු නොවේ. එවැනි ගැටළුවක් ත්‍යාගශීලීන් විසින් විසදනු ඇත. Starbucks කෝපි බොන ධනවතුන් විසින් කෝපි එකක් මිලදී ගත් විට අප්‍රිකාවේ මන්දපෝෂණයෙන් පෙලෙන දරුවෙකුට ආධාර මුදලක් එකතු වේ. මෙවැනි ආධාර නිසා දැන් අප්‍රිකාව යනු පෙර පැවති අප්‍රිකාව නොවේ. බොහෝ ව්‍යාපාරිකයන් දැන් අප්‍රිකානු වෙළදපොල කේන්ද්‍රකරගනිමින් ආයෝජනය කිරීමට පෙලබී ඇත. ඉදිරියේදී අප්‍රිකාව යනු ධනවාදයේ මීලග මරමස්තානය වනු ඇත.

ධනවාදයේ ඇති ගැටලුව වන්නේ එහි මුලය නොමිනිස්කම වීමයි. මේ සදහා ඇති පිළිතුර දාර්ශනික පිළිතුරකි. මේ මොහොතේ දුප්පත් මිනිසුන් යනු ධනවාදයට වඩාත්ම ආශාක්ත වූ පිරිසයි. ධනවාදය මීලග පියවර තබන්නේ ඔවුන්ගේ කරමතිනි. සංක්‍රමණිකයන් නතර වීමට කැමති වන්නේ ජර්මනිය හෝ එංගලන්තයේ මිස බල්ගේරියාවේ නොවේ.  නාන්නේ නැතිව හරිහැටි නිදා ගන්නේ නැතිව පුබුදු දුප්පත් ජනතාව ගැන කතා කලද දුප්පත් ජනතාව පුබුදුව සතේකට මායිම් කරන්නේ නැත. දුප්පත් මිනිහා යනු හොද මිනිසෙකු නොවේ. පුබුදුලාගේ කතා ඔවුන්ට තම ආර්ථික ගැටළු විසදා ගැනීමට වාසියක් නොවන්නේ නම් ඔහුට පුබුදුගෙන් වැඩක් නැත. මේ නිසා අප පක්ෂය දුප්පත් මිනිසා පිළිබද කිසිසේත් කරදර වන්නේ නැත. ඉන් අදහස් වන්නේ ඔවුන්ගේ ගැටළු නොවිසදිය යුතුයි යන්න  නොවේ. නමුත් ඒවා දේශපාලනිකව ඉතා වැදගත් ප්‍රශ්න නොවේ. එස් . බී දිසානායක සමෘද්ධිය මගින් හෝ සජිත්ගේ නිවාස යෝජනා ක්‍රම මගින් හෝ එවැනි ගැටළු ඉතා හොදින් කළමනාකරණය කල හැකි බව අපට පෙනීයයි.

දීප්තිගේ දේශපාලන මාවතේ ගමන් නොකර තමාගේ අවිඥානයට යටත් වන ඕනෑම කෙනෙකුට  අවසාන වන්නේ  තමන්ගේ කලිසමත් ගලවාගෙනය. දීප්තිගේ ව්‍යාපෘතියක සිට තමන්ගේ අවිඥානයට යටත් වීම නිදහස යැයි සිතා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂක දක්වා ගිය සුදර්ශනට අද සිදුවී ඇති දේ ඔහුවත් දන්නේ නැත. විසි එක් වන සියවසේ මාක්ස්වාදී දේශපාලනයේ නියැලෙනවා නම් අවිඥානය පිළිබද දැනුම අනිවාර්යෙන්ම අත්‍යවශ්‍ය වේ.  පුබුදු අදුරේ හෝ අතපත ගෑමට උත්සහ කලේ එම දැනුමය. නමුත් ඔහු දේශපාලනයේ සිටින තාක්කල් අවිඥානය යනු කුමක්ද යන්න වටහා ගන්නේ නැත. මත්‍රී-මහින්ද දේශපාලන ක්‍රීඩාව මෙන්ම ජ.වී.පෙ -පෙ.ස.පෙ දේශපාලන ක්‍රීඩාවද අපට අවිඥානයේ වැදගත්කම ඉදිරියටත් උගන්වනු ඇත. කුමාර් ලග ඇතැයි විශ්වාස කරන  විප්ලවීය බව ජ.වී.පෙ ට එකතු කර කුමාර්ගේ අශ්ශීල ජීවිතය හෙළිදරවු කිරීමේ වෙනම ව්‍යාපෘතියක් ජ.වී.පෙ විසින් සකස් කරනු ඇත. එවිට පරාජය හිමි වන්නේ විප්ලවවාදීන්ට මිස ඩීල් කාරයන්ට නොවේ. ධනවාදය අප සිතනවාටත් වඩා සංකීර්ණය. එය ඉදිරියේ අප කුහුබුවෙකු තරම්වත් නොවේ.   

Aushka

ඔබේ අදහස කියන්න...

4 COMMENTS

  1. Can you kindly give me a link where PDF documents of Hegel Seminars on History and Arts (i.e. 8th and 9th) could be found?

  2. ජවිපෙ මාක්ස්වාදී භාවිතාව අර්ථකථනයට කිරිමට කලින් , Maxism සහ maxist අතර වෙනස අධ්‍යනය කරන මෙන් අනුශ්ක සහොදරයාගේ හ් ඉල්ලා සිටිමි
    Marxism means that it refers to the method of philosophical, political, economic and social investigation developed by Marx and still today studied and applied in all the most prestigious Universities of the World, starting from the American ones. Let us also put forward that Marx is studied as a classic of political economy and let us also put forward that the basis for wel- linging European states is based on Marx’s economic and social theories.

    Marxist is the one who follows the practice of political action elaborated by Marx and Engels, ie the problem of how the proletariat must seize power and – even if not fully developed – of how Communism will be managed at the end of the period of the Proletariat Dictatorship.
    For example, I consider myself, at present, more Marxian than Marxist because I think that the problems of the transition to Socialism and the end of the State can no longer be solved with the solutions given by Marx a century and a half ago.

Comments are closed.