නූතන දේශපාලන විද්යාවට අනුව ‘යහපාලනය” යනුවෙන් සංකල්පයක් නැත. ඉන්දියාවට සහ ඇමරිකාවට අවශ්ය වූයේ මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව අවසන් කිරීමටය. රෝ (RAW) සංවිධානය විසින් එය ඉටු කරන ලදී. අසිහියෙන් සහ අරාජිකත්වයෙන් දේශපාලනය කළ මහින්ද ‘සිදු වූයේ කුමක්ද” යන්න පවා දන්නේ දැන්ය.
දැනට බලවේග අතර ගැටුම වර්ධනය වන්නේ මෙසේය.
(a)රනිල් වික්රමසිංහට අවශ්ය වන්නේ ශ්රීලංකා නිදහස් පක්ෂය දෙකට කඩා එහි බලය අන්ත දෙකක් කරා තල්ලු කිරීමටය. අන්ත දූෂිත නිලධාරි තන්ත්රයක් සමග දේශපාලන ප්රතිසංස්කරණ සිදු කල නොහැකි බව දන්නෝ දනිති.
(b) ජාතිකවාදීන්ට සහ ජාතිවාදීන්ට යළිත් ඒකාබද්ධ වීමට යථාර්තය බල කර ඇත. මාදුළුවාවේ සෝභිත සාදුගේ සිට රතන සාදු දක්වා සියළු සාධූන්ට යළිත් එකතු වීමට සිදුව ඇත. එතනදී ඔවුන්ට යළිත් මීට මාසයකට පෙර දුර්ජනයන්වූ අය සමග පවා සංසර්ගයේ යෙදීමට බල කෙරෙයි.
(c) සිංහල සමාජය තුළ ඉංග්රීසියෙන් ජාතිකවාදය හසුරුවන දයාන් ජයතිලක පැරණි අධිරාජ්යවාදය සහ නූතන ගෝලීයකරණය අතර වෙනස නොකියවමින් ඒකීය ව්යවස්ථාවක් වෙනුවෙන් උද්ඝෝෂණය කරයි.
(d)උතුරේ ජනයාට තමන්ගේ යුතෝපියාව සඳහා අවශ්ය වන්නේ එක් විදේශීය මැදිහත්වීමක් පමණි.
(e)සාමාන්ය ජනයාට ක්රිකට් මැච් බලමින් සිටිය හැක.

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. ජාතිවාදීන් ජාතිවාදය අත නොහැරියොත් සිදුවන්නේ මෙයයි.
    //(d)උතුරේ ජනයාට තමන්ගේ යුතෝපියාව සඳහා අවශ්ය වන්නේ එක් විදේශීය මැදිහත්වීමක් පමණි.//

  2. /සිංහල සමාජය තුළ ඉංග්රීසියෙන් ජාතිකවාදය හසුරුවන දයාන් ජයතිලක // දයාන් ජයතිලක ඉතා පැහැදිලි ලෙසම මතවාදී ලෙස පරාජය කල යුතුව ඇත . නලින් ද සිල්වා මෙන්ම තරුණයන් විනාශ මුඛයට රැගෙන යන සිඅයිඒ ලෝකල් කොන්ත්‍රාත්තුව සැම දාම කලේ ඔහුය.

Comments are closed.