1). අ.පො.ස උසස් පෙළ තර්ක ශාස්ත‍්‍රය දන්නා ශිෂ්‍යයන් විශ්ලේෂි (Analytic)  සහ සංස්ලේෂි (Synthetic) යන පදවලින් අදහස් කරන්නේ කුමක් ද ?
 A. විශ්ලේෂි යනු අපි භාවිතා කරන වචන වල අර්ථයෙහි සත්‍යභාවය අධ්‍යනය කිරීමයි.
 B. සංස්ලේෂී යනු බාහිර ලෝකයෙහි සංසිද්ධි වල සත්‍යතාව අධ්‍යයනය කිරීමයි. 
සිනමා කලාව සංකල්පීය සහ පරාවර්ථනීය[reflexive] ක්‍රියාවක් නම්, හඳගමගේ චිත‍්‍රපටය ව්‍යාජ ද /අව්‍යාජ ද යන්න තීරණය වන්නේ විශ්ලේෂණය තුළය. එය Elegy අනුකරණයක් නම් අපට එය මුලින්ම පෙන්වා දෙන්නේ සේපාල නොව පිටරටවල සිනමා විශ්ලේෂකයන්ය. අවශ්‍ය නම් පිටරටවල් ගණන් නොගෙන සිටිය හැකිය. එය සයිකෝසික තත්ත්වයකි. සයිකෝසිකයන්ට වචන යනු අර්ථයකට යොමු වන්නක් නොව බිත්තියකට, තාප්පයකට, රේල් පාරකට යොමු වන්නකි. ඒවායේ හැපෙනවා මිස අර්ථ ජනනය නොවේ. ලංකාවෙන් පිටත ජාත්‍යන්තර විචාරකයෙක් මෙම චිත‍්‍රපටය කොපියක් යැයි කිවහොත් එය සළකා බැලිය යුතුය. චිත‍්‍රපටයක් යනු සංකල්පයක් මිස බාහිර ලෝකයේ සංසිද්ධියක් (ගින්නක් නිසා දුමක් පැතිරෙයි වැනි – යථාර්තයක් [reality]නොවේ.) නොවේ. 
2). අාපතිකතාවය (Contingency) – කිසියම් දෙයක් ඒ දෙය බවට පත්වීම සදහා අනිවාර්යයෙන්ම එහි පැවතිය යුතු තත්ත්වයන් අහම්බයක් නිසා භංගූර වෙයි. ජිජැක් වැනි දාර්ශණිකයකු සිනමාව අරබයා අවධාරණය කරන මූලික සංස්ලේෂී තර්කය මෙලෙස සාරාංශගත කළ හැක. 
චිත‍්‍රපටයක ආකෘතිය විසින් අනුමාන කරනා ”අන්තර්ගතය” (ආබ්‍යානය-narrative) මගින්ම ආපතික ලක්ෂණ විද්‍යාමාන කරන්නේ ඒවා ගැන අවධාරණය කිරීම මිනිස් සිතීම (Thinking) ය.
චිත‍්‍රපටයක් දාර්ශණිකව කියවනවා යනු මෙම ‘සිතීම’ ගැන වැඩිදුරටත් අධ්‍යනය කිරීමයි. සාමාන්‍යයෙන් මැදපන්තික මහලු පිරිමියකුට තරුණියක් හමුවීම අහම්බයකි. මේ අහම්බය මහලු පිරිමියකුට සිදුවුවහොත් ඔහුට ජීවිතය ගැන අලූතින් සිතන්නට සිදුවෙයි. මෙම අලූත් සිතීම ක‍්‍රමවත්ව අධ්‍යනය කිරීම (විද්‍යාවක් වන තරම් සංගත වන පරිදි) ‘සිනමාව’ පිළිබද නූතන දාර්ශණික කියවීමයි. මහේෂ් හපුගොඩගේ විචාරය තුළ ඔහු උත්සහ කරන ලද්දේ මෙවැනි ප‍්‍රවේශයකි. එම දාර්ශණික කියවීමේ දී අපෝහක තර්කනය සදහා මනෝ විශ්ලේෂණය යොදා ගැනීම මගින් පාර්ශවීය සත්‍යයන් විද්‍යාමාන වෙයි. උදා – චිත‍්‍රපටය මගින් අවධාරණය වන ආශාව විපරිත සමාජ සම්බන්ධයක් බවට සූචිගත කිරීම. චිත‍්‍රපටයක ආකෘතිය සහ අන්තර්ගතය අතර පවතින අපෝහක රීතිය අවධාරණය කිරීම මගින් සිනමා විචාරය කිරීම ‘පාරභෞතිකවාදය’ අතික‍්‍රමණය කිරීමට දරන වෑයමකි. (ලෙනින්ට අනුව අපෝහකය යනු යමකට අනන්‍ය නොවී ඒ තුළ ඇති ගැටුම අවබෝධ කර ගැනීමයි. මේ ගැටුම යමක් තුළ පවතින්නේ ප‍්‍රතිපක්ෂයක් ලෙසය. අධ්‍යයනය කළ යුත්තේ ඒවා එකක් අනෙක බවට පරිවර්ථනය වෙමින් යන්නේ කවර කොන්දේසි යටතේ ද යන්නය.)
3). ඊළගට සේපාල නම් සමාජ ප‍්‍රපංචය නිර්මාණය වූයේ කෙසේ ද යන්න සියලූ දෙනාට අමතකය. ඔහුව නිර්මාණය කරන ලද්දේ X කණ්ඩායමේ විමතිකයන් විසින්ය [2004]. ඔවුන් ඔහුව නිර්මාණය කරන ලද්දේ දියමන්ති වලින් දියමන්ති කැපීමටය. නමුත් අපෝහක මූලධර්මයට අනුව ඔහු අවසානයේ දීප්ති යනු ලංකාවේ ‘දාර්ශණිකයා’ බව පිළිගත්තේය. මේ වන විට ඔහු ඔහුව නිර්මාණය කරන ලද පන්තිය වෙත හැරී ඇත. නමුත් ඔහු නොදන්නේ අශෝක හඳගම නම් පුද්ගලයා තම දුවලා දෙන්නා ඉදිරිපිට ආදර්ශමත් පියෙකු බවය. ඔහුගේ පවුලේ [A single parent is an uncoupled individual who shoulders most or all of the day-to-day responsibilities for raising a child or children.] කිසිදු අර්බුදයක් නැත. අනෙක් අතට හඳගම ඉතාම සාම්ප‍්‍රදායක පුද්ගලයෙකි. අවම වශයෙන් ඔහු ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළියකගේ ඇගට හේත්තු වී ඡායාරූපයක් නොගැනීමට තරම් යහපත් පියෙකි. හැකිනම් අප සමග මෙතැනදී ගැටෙන්න !
4). හඳගම විසින්ම පිළියෙල කළ විචාරක ලයිස්තුවේ බහුතරයකට සේපාලට රැඩිකල් ලෙස පහරදිය නොහැක්කේ ඔවුන්ගේ දවසේ ජීවිතයේ අශ්ලීල අඩංගුව ගැන සේපාලට මනා හැගීමක් ඇති නිසාය. සේපාලට පෙරළා පහර දීමේ දී අවශ්‍ය අත්‍යාවශ්‍ය කොන්දේසිය වන්නේ ‘පිරිසිදු [?] චරිතයයි’. අප දන්නා පරිදි හඳගමට එවැන්නක් ඇත. අපට පහර දෙන්න ! 
5). හඳගම මේ වන විට සහකාර මහබැංකු අධිපතිවරයෙකි. සමානාත්මනාවය යනු බුර්ෂුවා සංකල්පයකි. ධූරාවලිගත සමාජයක දී කිසිදු සමාජ- අනන්‍යතාවයක් නැති හාල්පාරුවන්ට හදගමට ‘සමානයකු’ ලෙස සැළකීමට ලැබෙන ‘ලිබරල් ඉඩ’ ගැන සකර්බර්ග් ට අප ස්තූති කළ යුතුය. නමුත් මේ ඉඩ සැබෑ ලෝකයේ පවතින ඉඩක් නොව පාරභෞතික ලෝකයේ පවතින ඉඩක් බව අවධාරණය කළ යුතුය. 
6). හදගම සතු දේශපාලන විභවය තවදුරටත් අප ආරක්ෂා කළ යුතුය. නැත්නම් අප නැවත ගමන් කරන්නේ සිනමාවේ ‘සෞන්දර්යවේදය’ තුළටය. උදා – (පත්තිනි) මේ ගැන මහේෂ් හපුගොඩ දැනුවත්ය. එකට කා බී පසුව ජීවිතයේ කවදාවත් නැවත කථා කරන්නේ වත් නැහැ කියා තැන් තැන් වලට විදුලි පුවත් යවන වාමාංශිකයන් වනාහි සංස්ලේෂණය සමග විශ්ලේෂණය පටලවා ගත් අයයි.      

ඔබේ අදහස කියන්න...

5 COMMENTS

  1. දීප්ති සහෝදරයා ,
    අප වෙබ් අඩවියේ පක්ෂය විසින් හඳගම වෙනුවෙන් පලකළ ‘හඳගම පිළිබද සමාජ ප්‍රවාද’ නම් සටහන ඉතාම හොඳයි. එයින් හඳගමගේ දේශපාලන ප්‍රවේශය ආරක්ෂා කිරීම මා විසින්ද අපේක්ෂා කළ දෙයක්. මාගේ ලිපිය තුළ සාදනය කිරීමට යෙදුන මාවෝවාදී හේගලියානු මතය වෙනත් දේශපාලන අරමුණක් සමග සම්බන්ද බව හඳගම මහතා තේරුම් ගනු ඇතැයි සිතමු. අපට කතිකාවක් සකස්වුවේ ඔහු එවන් චිත්‍රපටයක් කල නිසා බව අප අමතක කළ යුතු නැහැ. ඒ වගේම ඔහු අධිපති හොලිවුඩ් සිනමා ෂොනරය වෙනුවට ගෙන එන බුද්ධිමය ප්‍රවේශය ද අප අගය කළ යුතුයි. ඔහු මිටත් වඩා හොඳ චිත්‍රපට කළ යුතුයි. ‘කුන්ෆු පැන්ඩා යනු පෙරදිග ගුප්ත සටන් කලාව උත්කර්ෂයට ලක්කරමින් එහිම ඇති සුවිශේෂ බව සහ දුෂ්ටිවාදය ප්‍රහසනයට ලක්කරන චිත්‍රපටයකි. නමුත් ප්‍රශ්නය නම් දුෂ්ටිවාදය දිගටම පැවතීමයි’ – (ජිජැක්) යන්න අප හඳගම නම් සුවිශේෂ සිනමා කරුවාට මතක් කරමු.

  2. සෑම පියෙකුටම තම දියණියන් සමග ලිංගිකව එක්වීමේ සයිකෝසිකතාවක් පවතී. කැමතිනම් මනෝවිශ්ලේෂණය කරන්න. අනෙක ‍ෆේස්බුක් ඉඩ පමණක් නොව දාර්ශනිකභාවයද පාරභෞතික වේ. තවත් කාරණයක් නම් ජිජැක් යනුවෙන් යමක් නැත. එවැනි නැති දෙයක් මිරිකමින් ලංකාවේ සේපාල වැනි හාල්පාරුවන් සමග පිගන් පොඩිකිරීම ගැන ඔබ ලජ්ජා විය යුතුය. සකබර් කියන්නෙ නමක් නෙමෙයි මල්ලි. සිස්ටම් එක. ඔයා මේ නහින්නෙ ඒක ඇතුලෙ. ඉන්ටනෙට් කියන්නෙත් ඒකම තමා.ඔයා අයිටී කෝස් එකක් කරන්න.

  3. ඉහත වසන්ත යනු වසන්ත ප්‍රේමරත්න නොවේ. මොන හේතුවකටද දන්නේ නැහැ මට එක කියන්න ඕනේ කියල හිතුනා. මගේ ‘අනන්‍ය තාවයට’ ප්‍රශ්නයක් වෙයි කියල හිතුන හින්දද?

  4. 5). හඳගම මේ වන විට සහකාර මහබැංකු අධිපතිවරයෙකි. සමානාත්මනාවය යනු බුර්ෂුවා සංකල්පයකි. ධූරාවලිගත සමාජයක දී කිසිදු සමාජ- අනන්‍යතාවයක් නැති හාල්පාරුවන්ට හදගමට ‘සමානයකු’ ලෙස සැළකීමට ලැබෙන ‘ලිබරල් ඉඩ’ ගැන සකර්බර්ග් ට අප ස්තූති කළ යුතුය. නමුත් මේ ඉඩ සැබෑ ලෝකයේ පවතින ඉඩක් නොව පාරභෞතික ලෝකයේ පවතින ඉඩක් බව අවධාරණය කළ යුතුය.

Comments are closed.