වමාංශික අභ්‍යන්තර හතුරා එන්නේ කොහෙන් ද ?

මිනිස් විෂයය [Human Subject] තම අහම කරා ආපසු යාමේ රෝග ලක්ෂණයෙන් (ස්වරූපරාගි බව) මිදීමේ එකම මාර්ගය ඇත්තේ අසල්වැසියා නැතිනම් අනේකත්වය තුළ බව අපි පසුගිය සතියේ පෙන්වා දුන්නෙමු. මිනිස් විෂය තම මෙලෙන්කොලික අහමේ විශාල වීමෙන් බේරා ගැනීමට නම් ‘අසල්වැසියාට පේ‍්‍රම කළ යුතුය’ යන බටහිර ක‍්‍රිස්තියානි අභිනය ඉතා වැදගත් බව පෙන්වන අනුභූතික උදාහරණයක් පසුගිය අයහපත් ම කාලගුණික තත්ත්වය මත ඉස්මතු වූ ගංවතුර සහ නාය යාම් නිසා පුද්ගල ආපදා මැඞීමේ සන්දර්භය තුළ කළුතර දිස්ත‍්‍රික්කය තුළ පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ක‍්‍රියා කලාපය හරහා අපිට තේරුම් කරගත හැකි බව මෙහි දී යෝජනා කළ හැකිය. පහත උදාහරණය අපි පාවිච්චි කරන්නේ තනිකර ම රූපකයක් ලෙස පමණක් බව පාඨකයන් සැලකුව මනාය.

පාලිත නියෝජ්‍ය අමාත්‍යවරයා මහා ලොකු දාර්ශනිකයකු නොවන බව සත්‍යයකි; මාක්ස්වාදය, සමාජ – ප‍්‍රජාතන්ත‍්‍රවාදය හෝ තැචර්වාදයේ නැගීම ගැන පුළුල් සමාජ විග‍්‍රහයක් ඉදිරිපත් කළ නොහැකි බව ද සත්‍යයකි; ඔහුට සාහිත්‍යය සම්මන්ත‍්‍රණ දේශනවලට ආරාධනා කරන්නේ ද නැත; එමෙන්ම ඔහු වාමාංශිකයෙක් ද නොවේ; ඔහු, නිර්ධන පන්තිය පිළිබඳ බරසාර කතා නොපවසයි; ඔහු, ජෙරම් කොබියන් හෝ බර්නි සැන්ඩර්ස් වර්ගයේ දේශපාලකයකු ද නොවේ.

අපි නියෝජනය කරන දේශපාලන මතවාදය ඔහු නියෝජනය නොකළ ද මෙහි දී වඩා වැදගත් වන්නේ හුදෙකලා චරිතයක් ලෙස ‘පුද්ගල අහිමි වීමක්’ සමඟ (ජනමාධ්‍ය විසින් වාර්තා කළ ඔහුගේ පුතා මියයාම හැරුණු විට ඔහුගේ පෞද්ගලික ජීවිතය ගැන මම කිසිවක් ම නොදනිමි) මෙලන්කොලික – පරාජිත – සමාජයෙන්  මුළුගැන්වීමක් නොමැතිව ඔහු අනුදකින නැවත සමාජයට උදව් කිරීමේ ‘අසල්වැසියාට පේ‍්‍රම කිරීම’ නම් (සමාජීය අභිනය) රූපකය යි.

ආපදා කළමනාකරණයේ දී තුන්වන ලෝකයේ රාජ්‍ය සාර්වත‍්‍රික ලෙස අසමත් වන විට ඒ හිඩැස පුරවනු ලබන්නේ සුවිශේෂයෝ විසින් වීම සත්‍යයකි. තෙවරප්පෙරුම ඇමැතිවරයාගේ මැදිහත්වීම ඉහත රාජ්‍ය අසමත් වීම සමඟ බැඳී පවතින සුවිශේෂ සත්‍යයක් වුවත් මෙහි දී අපගේ නිරීක්ෂණයට ලක්වන ලක්ෂණය නම්, ඔහුගේ අභිනය අනෙකා ගේ වේදනාව සහ අනෙකා එම වේදනාවෙන් මුදවා ගැනීම අරමුණු කරගනිමින් ස්වයංක‍්‍රීයව-ස්වෙච්ඡුාවෙන් මැදිහත්වීම යි.

එක් සිද්ධියක දී මතු නොව සිද්ධි ගණනාවක දී ඔහු අනෙකාට උදව් කිරීමට පැමිණ ඇත. ජය – පරාජය කුමක් වුව ද ඒ සෑම විටෙක ම අනෙකාගේ වේදනාව (Pain) තමාගේ වේදනාව ලෙස තම උරහිස මතට ගැනීමට ඔහුට හැකි වී ඇත. උපවාසයක් වෙනුවෙන් දින ගණනාවක් වුව ද නිරාහාරව සිටීමට ඔහුට හැකි ය. නිරාහාරව සිටීමේ උපවාසය වනාහී දෙවියන් කරා අපි සමීප වෙන එක් ආකාරයක් බව මුස්ලිම් භක්තියෝ මෙන්ම මහත්මා ගාන්ධි ද අපිට පෙන්නුම් කර ඇත. ස්වාභාවික හෝ වෙනයම් විපතක දී (මීතොටමුල්ල කුණු කන්ද බඳු) එම භූමිය පැත්ත පළාතක නොයන දේශපාලඥයන් සිටින රටක පාලිතගේ අභිනය ඉතා වැදගත් වුව ද ඔහුගේ සීමාව නම් ඔහුගේ ප‍්‍රදේශයෙන් පිටත කටයුතු කිරීමේ දී ඇති අඩු සහභාගිත්වය යි.

ප‍්‍රාදේශියවාදය සමඟ අනන්‍ය වීම ඡුන්ද සමඟ බැඳුණු දෙයක් වුව ද එය සාර්වත‍්‍රික යමක් නොවන බව මෙහි දී සඳහන් කළ යුතු ය. මෙහි දී ඔහුගේ සියලූ ම ආවේගශීලී ක‍්‍රියා අපි අනුමත නොකරන අතර ඔහුගේ ශරීර දේශපාලනයේ ඇති එක් මනෝ විශ්ලේෂී සහ දේශපාලනික මානයක් පමණක් මෙහි දී මතු කළ බව පාඨකයන් හට සිහිපත් කළ යුතු ය. අනෙක් වැදගත් අභිනය නම් පාලිත තෙවරප්පෙරුම තම උපවාස මරණය දක්වාම රැගෙන යාමට දක්වන ආශාව ය. ඔහුගේ ක‍්‍රියාවේ වංක – අවංකභාවය පිළිබඳ මා හට එතරම් අවබෝධයක් නොමැති වුව ද ඔහු විරුද්ධ වන ඇතැම් දේවල (පාසල්වලට ළමුන් ඇතුළත් කිරීම යනාදිය) ඇති සත්‍ය උදාසීන බව ඔහු විසින් අවසානයක් දක්වා ම ප‍්‍රශ්න කරනු ලබන අතර ක‍්‍රමය තුළ පවත්නා සත්‍යය අසමාජීයභාවය (සමාජ විරෝධී එකතැන පල්වෙන බව) මරණය විසින් තාර්කික අවසානයකට රැුගෙන එනු ලැබේ. (මෙය සමස්තතාවාදයට එරෙහිව කළ හැකි අවසාන කැපකිරීම බව ජිජැක් සිය Organs without Bodies: On Deleuze and Consequences (2004) නම් කෘතියේ පෙන්වා දෙයි) බොහෝ අර්චන උත්කෘෂ්ට චරිත මරණය සහ වේදනාව සමඟ ඍජු සම්බන්ධයක් පවත්වන්නේ (ක‍්‍රිස්තු, ගාන්ධි, චේ, මාර්ටින් ලූතර් කිං, මැන්ඩෙලා සහ බුදුන් වහන්සේ) අපේ හේතුව සහ තාර්කික බව අසමත් වන අවස්ථාවල දී වේදනාව සහ මරණය එම ක‍්‍රියාවේ අවසානය කරා ගෙන යන බැවිනි. වරක් පාලිත තෙවරප්පෙරුම අමාත්‍යවරයකු ලෙස සංස්කෘතික මධ්‍යස්ථානයක් විවෘත කිරීමට සබරගමුව විශ්වවිද්‍යාලයට පැමිණි අතර ආණ්ඩුවේ ඇමැතිවරයෙක් විශ්වවිද්‍යාලයට පැමිණෙනවාට විරුද්ධ වූ සිසුන් ඉදිරිපස ගේට්ටුව අවහිර කර විරෝධතාවක් සහ උපවාසයක් ආරම්භ කළහ. එම ස්ථානයට පැමිණි තෙවරප්පෙරුම අමාත්‍යවරයා විරෝධතාවයේ යෙදී සිටි සිසුන් සමඟ එක්ව උපවාසයට බිම වාඩි විය. දින ගණනක් නිරාහාරව සිටිය හැකි බව පැවසූ ඔහු පැය ගණනක් වතුර හෝ පානය නොකළේ ය. මම මෙය සිහිපත් කළේ ඒ වන විට සිසුන් විශ්වවිද්‍යාලයේ පරිපාලනය වෙත කරමින් තිබූ ඉල්ලීම් වෙනුවෙන් (ඉල්ලීම්වල තාර්කික බව වෙනම සලකා බැලිය යුතුය) පාලිත අමාත්‍යවරයා ද දිගින් දිගට ම මැදිහත්වී උපවාසයක් සහ විරෝධතාවක් ලෙස පවත්වාගෙන ගියේ නම් ඉහත ඉල්ලීම්වල ප‍්‍රශ්නය තාර්කික අවසානයක් වෙත ගමන් කළ හැකිව තිබුණු බව හැඟවීමට යි. ගැටලූව නොවිසඳනු ලැබීමේ උදාසීන බව මරණය විසින් මෙහි දී ප‍්‍රශ්න කරන අතර ”මම දනිමි . එසේ වුව ද මම එය ම දිගට ම කරගෙන යමි” යන සමස්තතාවාදයේ සිරවීම (Dead lock) එයින් අවසාන ලෙස ප‍්‍රතිරෝධයට (Resistance) ලක් කළ හැකිය යන්න මෙහි අර්ථය යි.

මෙලන්කොලියාව සම්බන්ධ මේ දක්වා සාකච්ඡුාවට ඍජුවම අදාළ අනුභූතික උදාහරණයක් ලෙස ඉහත ප‍්‍රපංචය අපි සාකච්ඡුා කළ අතර මෙහි දී අපි අසල්වැසියා යන්න ද අර්ථකථනය කරගත යුතු ය. මන්ද අපි අහමේ විශාල බව නම් මෙලන්කොලික තත්ත්වය තුළ වඩාත්ම තැතිගන්නේ අසල්වැසියා නිසා බැවිනි. මෙම අසල්වැසියා ප‍්‍රධාන වශයෙන් ම වාර්ගික අනෙකෙක් වන විට මෙහි සංකීර්ණතාව අපි වැනි බහුවාර්ගික රටක් මේ වන විටත් අත්දකිමින් සිටින බැවින් මෙම තත්ත්වය නිර්වචනය කරගැනීම ඉතා වැදගත් ලෙස හැඟුණෙමු. ජිජැක් සහ තවත් අය විසින් රචිත The Neighbour: Three Inquiries in Political Theology (2006) ග‍්‍රන්ථයට අනුව ෆ්‍රොයිඩ් විසින් සිය Civilization and Its Discontents හි දී ”අසල්වැසියාට පේ‍්‍රම කරන්න” යන බයිබල් වැකිය පිළිබඳව බොළඳ (naive) ආකල්පයක් ඇති කර ගතහොත් එය අපිට මුලින්ම කන වැකෙන විට අපි පුදුම කරන තරමේ හැඟීම යටපත් කරගත නොහැකිවනු ඇති බව ප‍්‍රකාශ කරයි. සාමාන්‍ය දැනීමට හසුවන සාධාරණ පුදුමයේ ප‍්‍රශ්න ගණනාවකට එය ෆ්‍රොයිඞ් විසින් හකුළුවා දක්වනු ලබයි. ෆ්‍රොයිඞ්ට අනුව ”අසල්වැසියාට පේ‍්‍රම කරන්න” යනුවෙන් බයිබලය සදහන් කළ ද අපි එසේ කරන්නේ ඇයි? ඊටත් වඩා එය කළ හැක්කේ කෙසේ ද? මගේ ආදරය මට වඩාත් වැදගත්වන අතර වග-විභාගයක් නොමැතිව එය කිසිවකු අතට පත් කරන්නේ කෙසේද? අනෙක් පසෙන් මගේ ආදරය ලැබීමට තරම් අනෙකා පොහොසත්ද? එසේ ඔහු හෝ ඇය මගේ ආදරය ලැබීමට සුදුසු වුව ද  ඔහු මම තරමට ම පරිපූර්ණද? මගේ ආදරය පිළිබඳ පරමාදර්ශ ඔහු තුළ පවතීද? යන සාධාරණ ප‍්‍රශ්න මිනිසාගේ පාර්ශ්වයෙන් මතුවිය හැකි ය. ජිජැක්ට අනුව අසල්වැසියා තනිකර ම පිටස්තරයෙක් වුවහොත් තත්ත්වය තවදුරටත් සංකීර්ණ වන බව පෙන්වා දිය හැකිය. එවිට ප‍්‍රශ්නයේ ස්වරූපය මෙවැන්නකි.

”ඔහු තුළ ම තිබෙන්නා වූ සුවිශේෂත්වයක් හරහා ඔහුට මාව ආකර්ෂණය කරගත නොහැකි නම් සහ මගේ හැඟීම්බර ජීවිතයට සමපාත වන වටිනාකමක් ඔහු තුළ නොපවතී නම්, එවිට මට ඔහුට ආදරය කළ නොහැකි ය. මගේ මිනිසුන් මම ඔවුන්ට වඩා වැඩි දෙයක් ලෙස සිතා මට ආදරය කරයි නම් එවිට මා පිටස්තරයෙකි. ඔවුන් සමඟ සමාන තත්ත්වයක අසල්වැසියා තැබීම මම ඔවුන්ට කරන බලවත් අසාධාරණයකි. එමෙන්ම මම විශ්වීය ලෙස ඔහුට ආදරය කරන්නේ නම් එවිට ඔහු ද අන් අය මෙන්ම මේ ලොවට අයත් තවත් පුහුදුන් අයෙකි. කෘමියෙක්, පණුවෙක්, ගැරඬියෙක් බඳු තවත් එක්  ඕනෑම දෙයකි. ආදරයෙන් කුඩා අංශුවක්වත් ඔහුගේ ආදරයේ කොටස වෙනුවෙන් සෑහෙන්නේ දැයි මම බිය වෙමි.”

Where his hands ?
Where his hands ?

තමාගෙන් සම්පූර්ණයෙන් ම ආගන්තුකයෙක් වන්නා වූ අනේකත්වයක් වෙනුවෙන් වූ ‘බිය’ තවත් නරක අතට හැරෙන බව ෆ්‍රොයිඩ් ඉහත ලේඛන තුළින් අපිට පෙන්වා දෙයි. මගේ ආදරය ලැබීම කෙසේ වුවත් මගේ වෛරයට පාත‍්‍ර වීමට නම් වුවමනාවටත් වඩා හේතු ඇති බව ඔහු මට ආදරය නොකරන නිසා මෙන්ම මම ගැන කිසිම කිසි සැලකිල්ලක් නොදක්වන ආකාරය තුළින් ම පෙනී යන කරුණකි. මට අනතුරක් කිරීම තුළින් ඔහුට යම් ලාබයක් ලැබිය හැකි නම් කිසිදු පැකිලීමක් නොමැතිව ඔහු එසේ කරන බව මට හොඳට ම විශ්වාසය. ලාබය කෙසේ වුවත් ඔහුට යම් ආකාරයක ආශාවක් මා හට අවමන් කිරීම හෝ අන්තරායක් කිරීම තුළින් තෘප්තිමත් කර ගත හැකි නම්, එමෙන්ම ඔහුගේ අධිකාරිත්වය සහ උසස් බව මා හට පෙන්වීම මඟින් සහ මම දුබලයකු බව පෙන්වීම මඟින් ඔහු වඩාත් ආරක්ෂා සහිත බවක් අත්පත් කර ගනී නම් ඔහු එසේ පැවතීමට මම ඉඩ දිය යුතුද?

ෆ්‍රොයිඩ්ට අනුව මිනිස් විෂය සතු අති මූලික ප‍්‍රචණ්ඩ බව සහ පසමිතුරු බවට පාදක වන බයිබලයේ සඳහන් අසල්වැසියා සහ ආදරය සම්බන්ධ දර්ශනයට එරෙහි වන මෙම මිනිස් තත්ත්වය අසල්වැසියා යනු කිසියම් උදව්වක හෝ ලිංගික වස්තුවක පැවැත්මෙන් ඔබ්බට ගමන් කරන මිනිස් ප‍්‍රචණ්ඩ බව මුදාහැරීමේ වස්තුවක් ලෙස ද විපරිනාමය විය හැකි දෙයක් බව පෙන්වා දේ. (කියවන්න ජිජැක්ගේ ඉහත The Neighbor කෘතියේ මුල් පිටු කිහිපය) ප‍්‍රචණ්ඩ බව මුදාහැරීම සඳහා පමණක් නොව වන්දි ගෙවීමකින් තොරව ඔහුගේ ශක්තිය සූරා කෑමේ, ඔහු සතු වස්තුව ඔහුගේ අභිමතයකින් තොරව කොල්ලකෑමේ, ඔහුගේ කැමැත්තකින් තොරව ඔහුව ලිංගික වස්තුවක් ලෙස පාවිච්චි කිරීමේ, ඔහු හිංසාවට ලජ්ජාවට පත්කිරීමේ, ඔහුට වධ හිංසා පැමිණවීමේ අපේ ආශාව මුදුන්පත් කරගන්නා වස්තුවක් ලෙස ද අපිට ඔහුව විපරිනාමය කරගත හැකි බවට ද මෙම අසල්වැසි ආදරය කණපිට පෙරළාගත හැකි ය. මෙම වෛරී පරිවර්තනය සිදු වන්නේ ඉහත මනෝ විශ්ලේෂි ආස්ථානය තුළින් බව විසිවන සියවසේ මූලික ව්‍යසනවල පදනම් දෙස බැලීමෙන් අපිට පසක් කරගත හැකි බව ජිජැක් ඉහත කෘතියේ පෙන්වා දෙයි.

අසල්වැසියා සතු අහිංසක අන්තර්ගතය (අපේ ආදරය ලැබිය යුතු) අහෝසි වී ගොස් ඔහු අපේ සතුරකු වීම නූතනත්වයේ අර්ථයේ විරුද්ධාභාසයක් නොවන විරුද්ධාභාසයකි. නාසි වදකඳවුරුවල, බොස්නියානු වාර්ගික සංහාරය තුළ මතු නොව උතුරු නැඟනහිර විසුවේ ද ඉහත අහිංසක අන්තර්ගතය අහිමි කරන ලද අපේ වෛරයේ වස්තු බවට පත් වූ මිනිස්සු ය. අද දවස දක්වාම අප අපගේ ද්‍රවිඩ මුස්ලිම් අනේකත්ව තබා තිබෙන්නේ ඉහත වෛරී සැක සහිත කොයි මොහොතක හෝ අපගේ සාරය විනාශ කළ හැකි ශක්‍යතාවක් දරා සිටින්නා වූ අප විසින් විනාශ කළ යුතු වස්තු ලෙස ය. මීට අමතරව ‘ඔබේ තැන ඔබ ඉන්න මගේ තැන මම ඉන්නම්’ යන බහු සංස්කෘතිකවාදය තුළින් අපෙන් දුරස්ථ වෙමින් පවතින්නේ ද ඉහත අසල්වැසි අනේකත්වය ම ය. ජනමාධ්‍ය කොතරම් උඩ පැන්නත් පසු නූතන ලොවක ගංවතුර තත්ත්වය වඩා වඩා වැඩි වන විට ”ඔබ ඔබේ ලොවේ ය. මා මගේ ලොවේය”. අවසානයේ ඉහත සියලූ සිදුවීම්වලින් ශේෂ වී ඇත්තේ මියගිය අසල්වැසියෙකි. සොරන් කියකිගාඞ් පවසන ආකාරයට සියලු යහපත් අසල්වැසියන් යනු මියගිය අසල්වැසියෙකි.

 Mahesh Happugoda

මහෙශ් යනු පට්ටි ගොනෙකි.- ඔහූගේ වමේ කසිප්පු අනෙකා

ජයසිරි අලවත්ත.

 

 

ඔබේ අදහස කියන්න...