ඊයේ හසව සුභාවිත නමින් සගරාවක් දොරට වැඩීම සිදු විය. මෙය පැරණි වාමංශිකයන් විසින් තරුණ වාමාංශිකයන් උත්කර්ශයට නංවනු වස් ඇරඹි ව්‍යාපෘතියක් ද නැද්ද යන්න අප නොදනිමු. මෙම සගරාවේ සංස්කාරක මණ්ඩලයේ මහින්ද රත්නායක යනු ඇමති එස්.බී දිසානයක සමග එකට දේශපාලනය කළ අයෙකි.
මොවුන් සමග සම්බන්ධ වන පුබුදු ජයගොඩ යනු යුද්ධය තදින්ම පැවති සමයේ අවසාන කොටි සාමාජිකයාද මරා දමන තුරු යුද්ධය නතර නොකරණු යැයි ආණ්ඩුවට බලකළ ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සාමාජිකයෙකුව සිට යුද්ධයට හා ජාතිවාදයට දෙඅතම ඔසවා සහය දැකවූ අයෙකි. මහින්ද ගැන පුබුදු නොදන්නවා යැයි සිතන්නට බැරි අතර පුබුදු ගැන මහින්ද ද හොදාකාරවම දනී. නමුත් මේ අය හැසිරෙන්නේ ඉතිහාසය කිසිවසක් නොදන්නා ආකාරයටය. අවිඥාණය යනු වෙන කිසිවක් නොව මේ දන්නා දේ නොදන්නා ලෙස හැසිරීම මිස, වෙන සැගවුණ යමක් නොවේ. අවිඥාණය යන්න පැහැදිලි කර ගන්නට මේ මහින්ද-පුබුදු උදාහරණය හොදටම ප්‍රමාණවත්ය. කාල් මාක්ස් වරෙක පැවසූයේ ඉතිහාසය විද්‍යාවක් වන බවයි. ඉතිහාසය අමතක කර විප්ලව කරන්නට සිතනවා නම් එය මාක්ස්වාදය සමග සමපාත වන්නේ කෙලෙස දැයි අප නොදනිමු.
මෙම සංවාදයේ දී බාහු සහෝදරයා ආදරය සම්බන්ධයෙන් යළි සිතා බලන්නට යැයි ආරාධනා කරයි. පවතින ධනවාදී සමාජ ක්‍රමය වෙනස් නොකර මිනිසුන්ට ආදරය කිරීමෙන් විප්ලවය කරන්නට හැකි යැයි බාහු සහෝදරයා සිතනවා ද යන්න අපි නොදනිමු.
ඩෙස්මන් සහෝදරයා සහ සුමනසිරි සහෝදරයා විසින් උත්කර්ශයට නංවන්නට උත්සහා කරන ආරාබ් විප්ලවයේ කාන්තා දායකත්වය ගැන කුමක් කියන් ද? ඔහු මේ මොහොතේ දේශපාලනය සදහා හුදු,ලස්සණ,සුදු ස්ත්‍රී පර්යන්තයෙන් කේන්ද්‍රයට ගෙනා යුතු බව ට යෝජනා කරයි. මේ වාමාංශික සහොදරයින් අමතක කරන එක් සත්‍යයක් වන්නේ මේ ලස්සන සුදු ස්ත්‍රීන් සමග දේශපාලනය කිරීමේ අත්හදා බැලීම සාර්ථකව කරණු ලැබුවේ පැරණි X කණ්ඩායම වන බවයි.
නමුත් මෙවැනි සුදු ලස්සන ස්ත්‍රීන් නිසා අවසානයේ අපට අභිමුඛ වන්නේ දේශපාලනය නොව හිස්ටරික ගැහැණුන් සහ බඩුකාරයන් රොත්තකි. එවැනි බඩු කාරයන්ට හා හිස්ටරික ගැහැණුන්ට ඕනෑතරම් උදාහරණ අප සතුව තිබේ මේ සම්බන්ධයෙන් වැඩ් විස්තර අවශ්‍ය අයෙකුට සුමිත් චාමින්ද ගෙන් එය දැන ගන්නට පුලුවන. මේ නිසා කණගාටුවෙන් වුවත් පවසන්නට ඇත්තේ අරාබි මොඩලයේ නායකත්වයක් නැති ගල් ගහන විප්ලවය සේම මේ ලස්සන සුදු ස්ත්‍රීන්ගේ දේශපාලනයද මුලාවක් වන බවයි.
පුබුදු සහෝදරයා මේ වන විට කරමින් ඉන්නේ පැරණි X කණ්ඩායමේ දැනුම උපුටා ගෙන තමන්ගේ මෙන් භාවිතා කරමින් සිටීමයි. ඒ දැනුම Xකණ්ඩායමට අයිති බව මහින්ද රත්නායක සහෝදරයා නොදැන සිටින්නට විදිහක් නැත. ඒ නිසා අවිඥාණිකව මේ කරණු ලබන වාමාංශික කතිකාව තුල විප්ලව ගැන කැමති කැමති ආකාරයේ සිහින දකින්නට පුලුවන. නමුත් ලෙනින් වැනි නායකයෙකු පහළ වී නිවරදිව ජනතාව විප්ලවය කරා මෙහෙයවන තුරු සමාජවාදී විප්ලවය සිදු නොවෙනු ඇත. එතෙක් මේ පැරණි-අලුත් වාමාංශිකයන්ට සිය විනෝදය උදෙසා කැමති දෙයක් කරන්නට පුලුවන.
පසුගිය මාස කිහිපය පුරා සුමිත් චාමින්ද විසින් දිගින් දිගටම සිය ලියවිලි තුලින් සුමනසිරි ලියනගේ සහ ඩෙස්මන් මල්ලිකාරච්චි යනු නව ලිබරල් ධනවාදී බුද්ධිමතුන් යැයි පහර ගසමින් සිටියි. මේ අතර සුමිත් චාමින්දගේ දේශපාලන ගෝලයන් යළි මේ නව ලිබරල්වාදීන් යැයි කියා ගන්නා උදවිය සමගම එකට වාඩී වී වාමාංශික කතිකාවන්ට මුලපුරයි. මෙයින් අපට අවබෝධ වන්නේ මේ කාලයේ මොවුන්ගේ දේශපාලනය පදනමි වන්නේ මාසයෙන් මාසයට වන බවයි. මේ මාසයේ එක් දේශපාලන න්‍යායක් අත්හදා බලන මොවුන් ඊලග මාසයේ තවත් දේශපාලන න්‍යයක් අත්හදා බලන්නට උත්සහා කරයි.
මේ රටට ජාතිවාදය හදුන්වා දුන් පුබුදු ජයගොඩලා දැන් ජාතිවාදය දෙස අහසින් කඩා වැටුන දෙයක් සේ බියවී බලා සිටියාට මේ ජාතිවාදී දරුවාගේ පීතෘත්වයෙන් සදාකාලිකවම ඔවුනට ගැලවෙන්නට බැරිය.
ඩෙස්මන් සහ සුමනසිරි යෝජනා කරණ ආකාරයේ ලස්සන සුදු ස්ත්‍රීන් සමග දේශපාලනය කිරීම සම්බන්ධයෙන් අපට උදාහරණයක් දෙන්නට පුලුවන. පසුගිය කාලය පුරාම සුමනසිරි විසින් සිය නිදන කාමයේ සයන තුල මෙවැනි ලස්සන සුදු ස්ත්‍රීන් සමග දේශපාලන අත්හදා බැලීම් ගණනාවක් සිදුකල බව අපට වාර්ථා විය.




