ශ්‍රී ලංකාවේ අනෙකුත් දේශපාලන සංවිධාන වලින් X  දේශපාලනය ඛණ්ඩනය වු ප්‍රධාන ලක්ෂය වූයේ, ආදරයයි. X දේශපාලනය ධනවාදය සහ ආදරය පිළිබඳ සාධාරණ න්‍යායන් ගොඩ නඟන්නට එහි ආරම්භක දශකය (95-2004) තුළ දැඩි උත්සාහයක් දැරුවේ ය. 2004 වර්ෂයේ දී, X  දේශපාලනය ප්‍රථම පිපිරීම පෙන්වන විට, එහි පරමාදර්ශී චිත්‍රපටය වූයේ Titanic (1997) ය.

කම්කරුවෙකු සහ මධ්‍යම පන්තික අනන්‍යතා අර්බුදයකින් යුත් ස්ත්‍රියක් අතර වූ ආදරය 90 දශකය පුරා ලෝකය පුරා අධිනිශ්චය විය. එහි අතුරු ඵලයක්  ලෙස, ‘ආදරය’ යනු, දෙදෙනෙකු අතර සංවාදයක් ගොඩනැගීම ලෙසින් න්‍යායගත විය. එවිට ස්ත්‍රීවාදය යනු, පිරිමියා ගෙදර වැඩ කිරීම ලෙසින් ගැමි පිරිමියා අවබෝධ කර ගත්තේය. X දේශපාලනයේ හොලිවුඩ් දේශපාලනය: එනම්, කම්කරුවා සහ මැද පාන්තික ස්ත්‍රිය අතර පන්ති භේදය අහෝසි විය. සියලු දෙනා ලෝකය ඉදිරිපිට අත්වැල් අල්ලා ගත්තේය.

                 නමුත් පන්ති අරගලය යනු, පෑස්සිය නොහැකි පරතරයකි. නැතහොත් උන්මූල පසමිතුරුභාවයකි.[Antagonism] ගැඹුරු විවාදයකින් තොරව ‘ආදරය’ පිළිබඳ දේශපාලන න්‍යායක් ගොඩනැගීමට පළමු දශකයේ දී (95-2004) අපට නොහැකි විය.

                ඉන්පසු ආරම්භ වූයේ, පසමිතුරුභාවයන් රජ කරන ගෝලීය ධනවාදය යි. Titanic පිළිබදව දෙවැනි කියවීමක් බිහි විය. කිසිදා අත්හරින්නේ නැහැ කියූ රෝස් විසින් ජැක්ව ඔහු මිය ගිය පසු අත්ලාන්තික් සාගරයේ නීල ගැඹුරට අතහැර දමන ලදී. මේ ව්‍යාජ, පවුල්වාදී, පුද්ගලිකව අනෙකාව අයිති කරගන්නා ධනේශ්වර ආදරය Titanic නැව සමඟම ගිලී ගියේය.

                    අද ඔබ මේ අසන්නේ එතැන් සිට කතාවයි. එනම්, “Eternal Sunshine of Spotless Mind” (2004) (”කොටු කර ගත නොහැකි මනසක  ශාස්වත දිදිලීම”.) මින් අදහස් වන්නේ, ආදරය පසමිතුරුභාවයක් ලෙසින් විග්‍රහ කිරීමයි. ‘පසමිතුරුභාවය’ මඟින් ව්‍යුහගත වන ප්‍රේමය ශ්‍රී ලංකාවට න්‍යායිකව අලුත් ය. ඒ අර්ථයෙන්, X  දේශපාලනය ‘ආදරය’ 2020 දී න්‍යායගත කර ඇත. මෙහි සංකේතය වන්නේ, ජෝඩුව වැතිර සිටින අයිස් තට්ටුවේ ඇති පුපුරා ගිය සලකුණු ය. ගැටුම් සහිත මිනිස් සබඳතා ලංකාවේ වම සළකන්නේ, අර්බුදයක් ලෙසිනි. එතනදී, ඔවුන්ගේ සංස්කෘතිය සිංහලය. සමහර පැරණි X  සාමාජිකයන් භාවනාව විකල්පයක් ලෙස දැකීම පුදුමයට කාරණයක් නොවේ. 

Crack

             මෝඩ සහ බුද්ධිමත් කියන මිනිස් ප්‍රභේද දෙකම අපෙන් මෙහෙම ප්‍රශ්නයක් අහන්න පුළුවන්.

          “ආදරය පිළිබඳ භෞතික න්‍යායකින් කොහොමද අපි ධනවාදය පිළිබඳ අරගලයක් සංවිධානය කරන්නේ?” 

             2004 වර්ෂය පුරාම අපේ සංවිධානයේ සිදු වූ සංස්කෘතික කටයුතු සාරාංශගත කළහොත් එය මෙසේය. ‘ප්‍රේමයේ සිට කලාව දක්වා’ සියලු ප්‍රපංචවල පරමාර්ථය සංගත බව පිළිබඳ න්‍යායයි. 2004 වර්ෂයේ දී, අපට මෙම අදහස පූරණය කරන ‘ජැක් සහ රෝස්‘ ජෝඩුව හමුවූ අතර ඔවුන් විසින් සංවිධානය කළ ‘සංස්කෘතික වැඩමුළුවල’ -”Cultural Programee”පරමාර්ථය; ideal- (අත් සේදීමේ සිට ආදරය විමුක්තියක් ලෙස) වූයේ, මිනිස් සබඳතාවල සුසංවාදයයි.

Antagonism

ඔවුන් උත්සාහ කරන ලද්දේ,  සංවිධානය තුළ පැවති විවිධ අභ්‍යන්තර පසමිතුරුභාවයන් ආදරයෙන් සහ මිත්‍රත්වයෙන් සමනය කරන්නට ය. ඒ අර්ථයෙන්, ඔවුන් සංවිධානයෙන් පිටත පැවති ධනවාදයේ ඉතාම කාර්යක්ෂම දෘෂ්ටිවාදී නියෝජිතයන් විය. සංවිධානය තුළට ඔවුන් සුසංවාදය ලෙස රැගෙන ආවේ ධනවාදී ව්‍යුහය යි. ඔවුන් ‘ආදරයේ පරමාදර්ශ’ වූයේ එලෙසිනි. නමුත් ඔවුන් සංවිධානයෙන් එළියට ගිය විට, පෙම්වතුන් හෝ විප්ලවවාදීන් වුයේ නැත. ඔවුන් හොඳ පාරිභෝගිකයන් විය. සිවිල් පොරවල් සහ සිවිල් චින්තනයට එරෙහි X දේශපාලනය, සිවිල් තක්කඩින්ට පාවා දුන් දේශපාලන න්‍යාය ඔබට දැන් පැහැදිලි ඇති.  සාර්වත්‍රික ධනවාදය ව්‍යුක්තය. පහර දිය යුත්තේ, එහි අභ්‍යන්තර නියෝජිතයන්ටයි.

==============================================

නැවත රටට දේශපාලන පක්ෂ අවශ්‍ය නම්, නැවත පක්ෂ – විපක්ෂ භේදය තහවුරු කිරීමට අවශ්‍ය නම්, මහින්ද රනිල් සුසංයෝගයෙන් ගැලවීමට අවශ්‍ය නම්;

ඔබට උත්තර යෝජනා නොකරන, නිවැරදි ප්‍රශ්නය ඇසීමට, අධ්‍යයනය කරන අප සමඟ එකතු වෙන්න.

ඉගෙන ගැනීමට අවශ්‍ය නම්, අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

click..

ශ්‍රී ලංකා පෙරටුගාමී පක්ෂය

READ ……Read…..

ඔබේ අදහස කියන්න...