මෑතක අහම්බෙන් අයිපෑඞ් එකක් එක්ක සෙල්ලං කර කර ඉන්න විමුක්තිව මුණගැහුන. නිකං ඉන්න කොට මචං පොතක් පතක් බැලෙනවද වගේ තැනකට කතාව විහිළුවෙන් සැහැල්ලූවෙන් තල්ලූ වුණා. එතකොට විමුක්ති ජෝක් එකට වගේ සිරා කතාවක් කිව්වා. මං හිතන්නෙ නෑ ඌ ඒක සීරියස් කිව්වා කියලා. ඒත් මට ඒක සීරියස් වැදුනා.

‘මචං කියවන එක පරණ පුරුද්දක්නෙ. දැන් මේක (ඉන්ටර්නෙට් එක) තියෙද්දි මිනිස්සු පොත් කියවන්නෙ මොකටද?

නිකමට හිතපං අර සුදු පිටු උඩ කැත කළු අකුරු ඇස් වලට කිසි ලස්සනක් නෑනෙ. මොකටද ඒවා දිහා වරු ගණං බලන් ඉන්නෙ? ඊට වඩා මේකෙ (ඉන්ටර්නෙට් එකේ) දැන් වීඩියෝ තියෙනවා, ඕන නං ටිකක් කියවන්න තියෙනවා, සිංදුවක් අහන්න තියෙනවා. ඒක කොච්චර මරුද?’

ඒ කතාව මරු කතාවක්. මාත් හිතනවා කියවීම කියන එක පරණ පුරුද්දක් සහ ඒක අත් ඇරගන්න බැරි නොස්තැල්ජියාවකයි අපි දුක්වෙමින් ඉන්නෙ කියල. තවදුරටත් කවුරුවත් කියවන්නෙ නෑ. ඒ වෙනුවට බලනවා, අහනවා, චැට් කරනවා, බහුවිධ දේවල් එක විට කරමින් ඉන්නවා.

මාධ්‍යය වෙනස් වීම කියන එක සියල්ලෙහි ආකෘතීන් සහ උපයෝගිතාවය වෙනස් කරනවා. සයිබර් මාධ්‍යයත් එක්ක කියවීම ගත්ත වෙනස් මුහුණුවර සහ අපි කියවනවා කියමින් කරන දේ ස්ථානගත වෙන්නෙ කොතනද කියන එක තේරුම් ගැනීම සවිඥාණක සමාජ සිතියමක් ඇඳ ගන්න පොඩි හරි උදව්වක් වෙයි.

x අතීතය ගසා කන කෙතෙක්

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. ධර්මෙ මේව කියන්නෙ ඉතාම දැනුවත්වයි. මොකද ධර්මෙ දන්නව මේව නිසා තමන්ගෙ වටේ ඉන්න ඇඩ්වර්ටයිසින් වල ඉන්න හාල් කෑලි මී මැස්සො වගේ තමන් වටේ එකතු වෙනව කියල.. හරියටම කියනවනං එහෙම ගොඩනගා ගන්න ප්‍රචාරණ සිවිල් බලය අවසන් අර්ථයෙදි තව තව බිස්නස් වැඩිවෙන්න බලපානව.. ඒක හින්ද මෙයා මේ මේව කියන්නෙ තමන් දිහා හරක කෝච්චිය දිහා බලං ඉන්නව වගේ බලං ඉන්න ඇඩ්වටයිසිං නඩේට.. ඒක හින්ද මේව වැඩිය ගනන් ගන්න නරකයි.. කවුරුවත් හම්බකරගෙන කන නිර්මාණශීලී සංකීර්ණතාවන්ට අකුල් හෙලන්න හොඳ නෑ.. අන්න ඒකයි

Comments are closed.