ඉන්දුනීසියාවේ ඉස්ලාමිය ආර්ථික සමුළුවේදී දැක්වූ අන්තර් ආසියාතික වෙළඳාම සහ එහි අනාගතය ගැන රනිල් වික්රමසිංහ මහතාගේ මතයේ ඇත්තේ අර්ධ සත්යයකි. ෆ්රෙඩ්රික් ජේම්සන් ට අනුව තුන්වන ලෝකයේ ගැටලුව නම් සම්ප්රදායික ලෝකය -Traditional world- සහ නව ගෝලීය වෙළඳපල ධනවාදය -capitalist market- අතර සද්භාවී තත්වය (ontological spatiality) නම් අතුරුදහන් සම්බන්දය (missing link) ගොඩනගා ගැනීමට නොහැකිවීම මතින් ගොඩනැගුනු එකකි. එම අර්ථයෙන් තුන්වන ලෝකයට එම අතුරුදහන් අවකාශය තමන්ගේ සාහිත්ය තුළින් මෙතෙක් ගොඩනගා ගැනීමට නොහැකි වූ බව ඔහු පවසයි (එනයින් ‘තුන්වන ලෝකයට සාහිත්යයක් නොමැති’ බව ජේම්සන් කියයි). නමුත් අයර්ලන්තය නම් විජිත කරණයට ලක්වූ ජාතිය විසින් මේ අවකාශය නිර්මාණය කල බව ජේම්ස් ජොයිස් ගේ ‘යුලිසිස්’ (Ulysses) සහ Dubliners හරහා ඔහු පෙන්වා දෙයි. ජාතික දෘෂ්ටාන්ත (national allegories) ඔස්සේ තුන්වැනි ලෝකය එය පියවීමට උත්සහ කලද (මනමේ සහ සිංහබාහු) එය සම්පුර්ණයෙන්ම අසාර්ථක ක්රියාවක් වන්නේ එම දෘෂ්ටාන්ත අවසානයේ ගොඩනගන ලද්දේ බහුසංස්කෘතික තත්වය මත පදනම් වූ සමස්තතා පාලන ව්යුහයන් වන බැවිනි (මහින්ද රජ වීම වැනි). මේ තත්වය අන් කවරෙකුටත් වඩා දන්නේ රනිල් වික්රමසිංහ මහතා ය. වෙළඳාම කෙසේ වුවත් පුළුල් සබුද්ධික දේශපාලන වැඩ පිළිවෙලක අවශ්යතාවය අන් කවරදාකටත් වඩා අද අවශ්යව ඇත. වෙළඳාම විසින් කරන වෙනස් කම් අනවශ්ය බව මින් නොකියවෙන අතර එය ප්රමාණවත් නොවන බව පමණක් අවධාරණය කෙරේ.

තවදුරටත් කියවන්න:

Fredric Jameson (1990). Nationalism, Colonialism and Literature. University of Minnesota Press. London.
Fredric Jameson (1986). Third-World Literature in the Era of Multinational Capitalism. Duke University Press. London.

ඔබේ අදහස කියන්න...