යථාර්ථය ඇගේ හැප්පීම

වසර පහළොවක පමණ කාලයක සිට අප වෙත එල්ල වූ ප්‍රධාන චෝදනාවක් වූයේ අප මිනිසුන් ගේ යටිබඩ අත ගා විවේචනය කරන බවයි. එමගින් මිනිසුන් ගේ පුද්ගලික ජීවිතය විනාශ වන බවත් ඒ හේතුවෙන් ඔවුන් තර්ජනයට ලක් වන බවත්ය. බොහෝ දෙනාට අනුව ලිංගිකත්වය යනු දේශපාලන සාධකයක් නොවේ. මේ මෑතකදී අපට එල්ල කළ චෝදනාවක් පහත පරිදි සාරාංශ ගත කළ හැක.

‘දැඩි ලෙස  ලිංගිකකරණය ලද මාධ්‍ය සංදර්ශවල හමු වන ස්ත්‍රිය යනු තමාට දේශපාලන සංවිධාන වල හමුවන ස්ත්‍රියම යැයි දීප්ති විශ්වාස කරයි’.

ගැටළුව වනාහී දීප්තිගේ විශ්වාසය නොවේ. අප නොසිතන්නේ යථාර්ථයේ අභ්‍යන්තර තර්කනය චින්තනයේ තර්කනයට තුල්‍ය වන බවයි. පසුගිය ඉරිදා දිවයින පුවත් පතෙහි සලාකා අයිතිකරු තම බිරිද ගේ විකල්ප සම්බන්ධය ගැන වාරණයකින් තොරව දිගහැර තිබුනි. ඒ වහානී මාධ්‍ය මගින් මවන තත්‍ය- සමාන(virtual) ස්ත්‍රියක් නොව සම්,මස්,ඇට,නහර, කේශ නාලිකා සහිත සැබෑ ස්ත්‍රියයි. මාධ්‍ය ප්‍රතිරූපය (Media Image) සහ සැබෑ ප්‍රතිරූපය(Real Image) අතර පැවති වෙනස මාධ්‍ය විසින්ම අත්හිටුවා ඇත. ඒ වෙනුවට එහි ප්‍රතිලෝමය සත්‍ය වී ඇත. එනම් සත්‍ය ස්ත්‍රිය යනු මාධ්‍ය විසින්ම ගොඩ නංවන ලද්දකි යන කටුක සත්‍යයයි. ඒ අනුව ස්ත්‍රියට අදාල සැබෑව යන්නම වේෂ නිරූපණය කරන ලද යථාර්ථයකි. ඇයට ඇයගේ ජීවිතයට පිටතින් විමර්ශකයක් පෙන්විය නොහැක.

අනෙක් අතට දිවයින ඉරිදා සංග්‍රහය යනු නලින් ද සිල්වා සිංහල බෞද්ධ මතවාදය වපුරන පුවත්පතයි. එම පුවත්පතම සිංහල බෞද්ධ සංස්කෘතියේ ආරක්ෂකයන්ගේ යටිබඩ ගැන කතා කිරීම දෘෂ්ටිවාදී අරගලයේ දී අප ලද ජයග්‍රහණයකි. මන්ද යත් සංකේතීය යථාර්ථයට අනිවාර්ය යටිබඩක් තිබේ යන්න- එසේ නැතැයි කියන අයටම පිළි ගන්නට සිදු වීමයි. සැබෑ ජීවිතය යනු අපගේ ෆැන්ටසි ජීවිතයේ දරාගත නොහැකි හිස සුන් ස්වභාවයෙන් ගැලවීමට තනා ගත් ආඛ්‍යානයයි. යමෙකු අශ්ලීලත්වයෙන් තොරව පවතින දහම්-පාසල්-පාරිශුදත්වයක් ජීවිතයෙන් බලාපොරොත්තු වේ නම් එවැනි අය ප්‍රදර්ශනය විය යුත්තේ කටුගෙය තුළය. බල ධූරාවලියේ ඉහළම ලක්ෂ දෙක අතර ඇති වී සංඝටනයක ප්‍රතිඵලයක් වශයෙන් ඊට පහළින් සිටින කිහිපදෙනෙකු ගේ සරොම් විවිධ ආකාරයට කඩා වැටීම ආරම්භ වී ඇත. එබැවින් දැන් බොහෝ දෙනෙකුට හෙළුවෙන් ඉන්න වීම ලැජ්ජාවට කරුණක් නොවේ. ලැකාන් කී පරිදි අප සියළු දෙනා ඇදුමට යටින් ඉන්නේ හෙළුවෙනි. අතිශය අවාසනාවන්ත ප්‍රතිචාර මාධ්‍යෙය්ත් අප ආරක්ෂා කළ න්‍යායික ස්ථාවරයක් සමාජයේ පමණක් නොව දිවයින පුවත් පතෙහි පවා ප්‍රමිතියක් (Norm) වීම ගැන පුංචි සතුටක් අපට ඇත.

සකළ ලෝකවාසී මධ්‍යම පාන්තිකයෙනි,ඔබේ රහස් ජීවිතය ප්‍රසිද්ධ කිරීමට එක්වව්!

eyes-wide-shut_592x299

 

ඔබේ අදහස කියන්න...