ඇබ්බැහියට දයලෙක්තිකය ඖෂධයක් ලෙස;

 

                LTTE සංවිධානයේ අවසානයත් සමඟ බොහෝ දෙනෙකු තම අදහස් පළ කරන ලද්දේ, ‘පශ්චාත්-යුධසමය’ යන බැනරය යටතේ ය. 2010 වර්ෂයේ මහින්දගේ ජයග්‍රහණයේ සිට අද දක්වා දශකයක කාලයක් ගත වී ඇත. නමුත් රටේ දේශපාලන-ආර්ථිකය වෙනස් වී නැත. රට ඌණ සංවර්ධනයකට ලක් වනවා මිස වර්ධනය වන්නේ නැත. එනම්,එකතැන පල් වීමක් සිදු වේ. මෙම නව අවබෝධයට අනුව පශ්චාත්-යුධසමය යන්න ම දෘෂ්ටිවාදී ය. ඇත්තටම, අප දේශීය සිවිල් යුද්ධයකින් ගෝලීය ත්‍රස්තවාදයකට අවතීර්ණ වී ඇත. මෙය, ලෝකය 19 වන සියවස අග දී පළමු ලෝක යුද්ධයට පෙර පැවති තත්වය යි. ත්‍රස්තවාදය, ජනප්‍රිය සංස්කෘතිය, ප්‍රසිද්ධ පුද්ගල රූප, ලිංගිකත්වය කෙරෙහි වූ අනුරාගය යන මේ සියලු සංඝටක 19 වන සියවස අග ද පැවතුණි.

                යථාර්ථයේ ‘ප්‍රබන්ධ මානය’ යථාර්ථය නැත්තටම නැති කරන මට්ටමට තාක්ෂණිකව දියුණු වී ඇත. ව්‍යුහයන් එකතැන පල් වෙයි. ඒවා පක්ෂ, ආයතන, පුද්ගලයන්, ප්‍රදේශ, මාධ්‍ය, අධ්‍යාපනය යන මේ කවරක් හෝ විය හැකි ය. ඒවායේ චලනය යළි බිහි කරන්නට රටට දයලෙක්තික චින්තනයක් අවශ්‍ය වේ. ලංකාවේ බොහෝ වමට බර දේශපාලනය කරන අය හිතන්නේ, තමන් දයලෙක්තිකය සංකල්පයක් ලෙසින් හොඳින් දන්නා බවයි. නමුත් ඔවුන්ට ඒ ගැන කිසිදු වැටහීමක් නො මැති බව ඔවුන් කරන වැඩ සහ ක්‍රියාවලින් මැනවින් ඔප්පු වෙයි. කොටින්ම, ඔවුන් ශිශිර නිද්‍රාවකට වැටී ඇත.

                මේ මෑතක දී, YouTube චැනලය නරඹන අපගේ දේශපාලනයට කැමති කෙනෙක් අපූරු ප්‍රශ්නයක් මෙසේ අසන ලදි. ගැටලුව මඟින් දයලෙක්තික චලනයේ ප්‍රථම අවධි දෙක සටහන් වෙයි. ගැටලුව මෙසේ ය.

    

1.මම ‘නිම්න දහසක්’ කියන දීප්තිගේ වීඩියෝව නැරඹුවෙමි. එකේ දීප්තිගෙන් ප්‍රශ්න අසන්නේ, ‘භූපති නලින්’ කියලා කෙනෙකි. ඔහු ඒ වීඩියෝවේ ඉන්නේ, බොහොම යටහත් පහත් (වහලා?) විදිහට ය. 

2.මම භූපති නලීන්ගේ වීඩියෝ එකක් අහම්බෙන් ලඟදි බැලුවා. ඒකෙදි, භූපති දීප්තිට මාර නෙලිල්ලක් නෙලනවා. වෙනස අවුරුදු 8ක් විතර ය. අලුත් වීඩියෝ එකේ භූපති හැසිරෙන්නේ මාස්ටර් කෙනෙක් නැත්නම් සිංහල විදියට කිවහොත්, චණ්ඩියෙක් ලෙසිනි.

දීප්තිට මෙහෙම වෙන්නෙ ඇයි ?

                එසේ වන්නේ කෙසේ ද? (භූපති සහ අප අතර හිස්තැන නො කියවීම) මෙහි පළමු වීඩියෝවේ ප්‍රධාන චරිතය වන්නේ, දීප්ති ය.එහි භූපතිගේ චරිතය හිස් ය; නිශේධනාත්මක ය. එහෙයින්, එහි හිස්තැන ලෙස ආකෘතියක් -Form- ඉතුරු වෙයි. නමුත් දෙවන වීඩියෝවේ ප්‍රධාන චරිතය වන්නේ, භූපති ය. මෙහිදී, දීප්ති නිශේධනාත්මක ය. භූපති එහි දී ‘මාස්ටර්වරයෙක්’ ලෙසින් හැසිරෙයි. අපි දැන් මෙය සිදුවන්නේ කෙසේ දැයි විමසා බලමු. මෙහි දී, නරඹන්නියට පළමු වීඩියෝව නැරඹුවාට කිසිදු ප්‍රශ්නයක් නැඟෙන්නේ නැත. ඇයට ප්‍රශ්නය මතු වන්නේ, දෙවන වීඩියෝව නැරඹුවාට පසුව ය. මන්ද, පළමු වීඩියෝවේ දීප්ති කියන දේට ඇහුම්කන් දී, යටහත් පහත් විදියට සිටින භූපති නම් පුද්ගලයා ම දෙවන වීඩියෝවේ දී දීප්තිව විවේචනය කරන බැවිනි. මෙලෙස සිදු වන්නේ, නරඹන්නිය ද නොදැනුවත්ව ය. මන්ද, මෙය පසු ආවර්තිත අර්ථයක් -retroactive – ගෙන දෙන බැවිනි.

එනම්, පළමු වීඩියෝවට ‘සාරය’ – Essence; Bupathi as a learned man of x – ලබා දෙන්නේ දෙවන වීඩියෝව විසිනි. නරඹන්නියට පළමු වීඩියෝවේ දී භූපති සිටින ආකාරය ප්‍රශ්නයක් වන්නේ දෙවන වීඩියෝවේ දී භූපති ‘වීරයෙක්’ ලෙස හැසිරෙන නිසා ය. එනම්, පළමු වීඩියෝවේ භූපතිගේ හිස්තැන සාරයකින් පුරවන්නේ දෙවන වීඩියෝව විසිනි. එම නිසා, දෙවන වීඩියෝව නැරඹුවේ නැති නම් කිසිවෙකුට මේ පිළිබඳව ප්‍රශ්නයක් මතු වන්නේ නැත. තවදුරටත් විග්‍රහ කළහොත්, මෙය සිදු වන්නේ ‘දයලෙක්තිකය’ නම් සංකල්පය නිසා ය. දයලෙක්තිකය යනු, යම්කිසි දෙයක ‘ප්‍රතිවිරුද්ධත්වය’ ඒ තුළම පැවැතීමයි. මෙය භූපතිට අදාළ කළ විට, ඔහු පළමු වීඩියෝවේ යටහත් පහත් ලෙස සිටියත් ඔහු තුළම තිබෙන ප්‍රතිවිරෝධය විසින් දෙවන වීඩියෝවේ දි දීප්තිව විවේචනය කරයි. එසේ නම්, දයලෙක්තිකය නිවැරදිව අවබෝධ කොටගත් පුද්ගලයාට මේ වීඩියෝ දෙකේ දී සිදුවන දේ මනාව වැටහෙයි. නමුත් දයලෙක්තිකය නොදන්නා පුද්ගලයාට මෙලෙස සිදු වන්නේ ඇයි ද යන්න ප්‍රශ්නයක් හට ගනී. එනම්, දීප්ති ළඟින් සිටින අය පසුව වෙනස් වන්නේ මන්ද යන්න ය.

            අපගේ පාක්ෂිකයාගේ ව්‍යාකූලත්වය අපට වටහා ගැනීමට හැකි ය. එක මොහොතක අපගේ දේශපාලන අදහස් වෙනුවෙන් පෙනී සිටින පුද්ගලයෙකු එක්වරම අපට විරුද්ධ වී චණ්ඩියෙකු වීම පසුගිය වසර 10 තුළ අපට නිරන්තර අත්දැකීමක් විය. මෙය අපට පමණක් පොදු වූ කාරණයක් නොවේ. අන් අයට මේ සිදු වී ඇති බරපතල තත්වය කෙතරම්ද කියා පුද්ගලිකව අප දන්නා මුත් ඔවුන් ඒ ගැන විවෘතව කතා නො කරන නිසා මහජනයාට ඒ ගැන දැන ගැනීමට ඉඩක් නැත. නමුත් අප ඒවා ගැන ඉතා විවෘතව කතා කරන්නේ, බොළඳකමකට නොව දයලෙක්තික චින්තනය ක්‍රියාත්මක වන ආකාරය පහදා දීම සඳහා ය.

            ‘කූඹියෝ’ ටෙලිනාට්‍යයේ ජෙහාන් චරිතයට ලොව පුරා සිංහල පිරිමින් ආකර්ශණය වූයේ මන්ද? ඒ, එහි තිබූ අමුතු ආඛ්‍යාන ව්‍යුහය නිසා ද? නැත. අප ජෙහාන්ට කැමැති වූයේ, ඔහුගේ දෛනික ජීවිතයේ තිබු ඇබ්බැහිය නිසා ය. ඔහු හුදෙකලා ඇබ්බැහියකට පුරුදු වී ඇත. [Addiction is a term that means compulsive physiological need for and use of a habit-forming substance] ලංකාවේ වම යනු ද දෙවරක් නොසිතා එකම චාරිත්‍ර-වාරිත්‍ර නැවත නැවත කරමින් සිටින අය යි. දත් මැදීම, ආහාර ගැනීම, නිදා ගැනීම මෙන් උද්ඝෝෂණ යනු ද පුරුද්දට ඇබ්බැහි වීම නිසා කරන දේවල් ය.

            මේ ‘ඇබ්බැහිය’ සහ ‘ගෝලීය ධනවාදය’ අතර ඇති සම්බන්ධය කුමක්ද? නූතන තාක්ෂණය යනු ම ඇබ්බැහි වීමට ඇති දොරටු ය. Chat room සිට Facebook යනු, ‘ජෙහාන්ගේ’ ඇබ්බැහිකමට අදාළ අභ්‍යන්තර නිදහසයි. බාහිර ලෝකය කෙතරම් මර්ධනකාරී වූවත් මේ අභ්‍යන්තර ලෝකය නැතහොත් ආත්මමූලිකත්වය ‘අවිඥාණක නීති’ දක්වා පසුබැස ඇත.

                ‘ඇබ්බැහිය’ ඓතිහාසිකව මේ මොහොතේ නිෂ්පාදනීය ප්‍රපංචයක් වන්නේ මන්ද? සාමාන්‍යයෙන්, ද්‍රව්‍යාත්මක ලෙස ‘මත්ද්‍රව්‍ය’[substance] වලින් වූ කාර්යය ‘ආත්මීය නිදහස’ නම් ආකෘතිය -form- බවට ධනවාදය පරිවර්තනය කර ඇත. ඒ අනුව, ඇබ්බැහියේ සාරය ද ඉවත් කර ඇත. අතීතයේ නින්ද නො යන ස්ත්‍රීන් වැලියම් වලට ඇබ්බැහි වූවත් දැන් ඔවුන් ඇබ්බැහි වී ඇත්තේ Facebook එකට ය. මේ හරහා, ධනවාදයේ ප්‍රතිවාදය වූ ආශාව මිය යාමට ද ධනවාදය මුහුණ දෙමින් සිටියි. සමාජ-ක්‍රමය ප්‍රතිනිෂ්පාදනය වන්නේ, ආශාව හරහා ය. නමුත් ඇබ්බැහිය හරහා මිය යන්නේ ද ආශාව ය. එනම්, යම් දිනක Facebook හී ලාභ රේට්ටුව පහළ යන්නේ එහි අන්තර්ගත විප්ලවවාදී අන්තර්ගත නිසා නොව ආශාව මිය යන නිසා ය. ආශාව යළි පුනර්ජීවනය කළ හැක්කේ දයලෙක්තික චින්තනය හරහා ය. මේ ඒ සඳහා ආරම්භයකි. භූපති නලින් යනු ද, දයලෙක්තිකය තුළ ආශාව මිය ගිය පුද්ගලයෙකි.

Deepthi kumara Gunarathne

අප සමග එකතු වන්න! 

ඒ සඳහා, පහත පෝරමය පුරවා එවන්න!

https://forms.gle/tC36JnAV3s6wBAND6

ඔබේ අදහස කියන්න...

5 COMMENTS

  1. මට නම් ඉහත ප්‍රශ්නය අදාල නෑ ,, මම දර්ශනය ඉගෙන ගත්තෙ බටහිර ට ඇවිල්ලා ඔරිජිනල් විදියට!! එනිසා මට දිප්තිගෙ සීමාවත් පේනවා !

      • මම දර්ශනය ඉගෙන ගත්තේ සෝවියට් දේශයෙන් , ඊට පස්සේ බටහිරදී එංගලන්තයෙන්. දීප්තිගේ යම් යම් සිමාවන් තිබෙන බව ඇත්ත. නමුත් ශ්‍රී ලංකාවේ වාමාංශික දාර්ශනිකයන් අතරින ඉදිරියෙන්ම ඉන්නේ ඔහු. දීප්ති කියන සමහර දේවල් ඇත්ත බව බොහෝ අය රහසින් එකඟ වෙන දෙයක්. නමුත් ඔවුන්ට ධෛර්යයක් නැහැ ප්‍රසිද්ධියේ ඒක පිලි ගන්න. හුඟක් වෙලාවට ඔවුන්ගේ “උගත් මානය ” එරෙහි වෙනවා ඇති.

  2. // ලංකාවේ වම යනු ද දෙවරක් නොසිතා එකම චාරිත්‍ර-වාරිත්‍ර නැවත නැවත කරමින් සිටින අය යි. දත් මැදීම, ආහාර ගැනීම, නිදා ගැනීම මෙන් උද්ඝෝෂණ යනු ද පුරුද්දට ඇබ්බැහි වීම නිසා කරන දේවල් ය.//මරු කතාව

  3. බටහිර දර්ශනය ඉගෙන ගනිද්දි එන ප්‍රමිතිය ඔබලාට නැත එය කතික තරග සන්විධානය කිරීමක් නොවෙ ඔබ කියන්නෙ එවැනි දෙයකි!
    දිප්තිට ඊට වඩා දෙයක් කරන්න බෑ මට ඒක හොදට තේරෙන්වා මක් නිසාද ඔහු ලන්කවෙ සිට හැදැරීම් කරන නිසා!
    මම කියන්නෙ දිප්තිට නැත්තෙ බටහිර අත්දැකිම ! ඔහුට භාශාව තියෙනෙවා මම අදහස් කරෙ භාශාව නිසා අහිමි වු කිසිවක් ගැන.

Comments are closed.