[dropcap color=”yellow”]ලං[/dropcap]කාවේ සී නිවිස් වෙබ් අඩවිය ඇතුළුව බොහෝ වෙබි අඩවි විසින් ඇමරිකාවේ ආණ්ඩුව වසා දමා ඇති බව කියයි. නමුත් එයට හේතුව ඇයිද කියා ඔවුන් දන්නේ නැත. ලංකාවේ මෙන්ම ඇමරිකාවේ ද මන්ත්‍රීවරුන් යම් ප්‍රමාණයක් පාර්ලිමේන්තුවට යවනේනේ විවිධ ව්‍යාපාරිකයන්ය. මෙවර ඇමරිකාවේ ෆෙඩ්රල් අයවැය සම්මත කිරීමට විරුද්ධ වී සිටින්නේ පුද්ගලික රක්ෂණ සමාගම් වල ධනයෙන් ඡන්දය දිනූ ඒජන්තයන් විසිනි. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඇමෙරිකාවේ දුප්පත් මිනිස්සු ආවරණය කරන ජාතික සෞඛ්‍ය රක්ෂණය ක්‍රියාත්මක වීම ප්‍රමාද කිරීමටය.

සමහර මැට්ටන්ට අනුව රටවල් පාලනය කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදීව පත් වූ මන්ත්‍රීවරුන් විසින්ය. නමුත් ඔවුන්ව පාලනය කරන්නේ ව්‍යාපාරිකයන්ය. හම සුදුපාට අයව තෝරන්නේ ගෙවල් වල සිටින ටෙලි නාට්‍ය නරඹන මැදිවීයේ ගැහැණුන් වීමට හැක. නමුත් මේ සුදුපාට අයව කලින් තම්බන්නේ ව්‍යාපාරිකයන්ය. ලංකාවේ මිනිසුන් ඇත්තටම කඩේ යන්නේ මහින්ද ච්න්තනයට නොව එය පාලනය කරන මුල්‍ය ප්‍රාග්ධනය හිමි ව්‍යාපාරිකයන්ටය. ගැටළුව වන්නේ අප මෙය දන්නා මුත් ඡන්දය දාන විට ( අප ක්‍රියාත්මක වන තැනදී ) එය අමතක වීමයි. මහජනයා දැන් දේශපාලනයට මුදල් නොදෙන නිසා එය ලබාගත හැක්කේ ව්‍යපාරිකයන්ගෙනි.

ඔබේ අදහස කියන්න...