ඒ 1996……….

මා වැනි ශරීර පුළුස්සා දමා

හන්දි ගානේ දමා ගිය ම්ලේච්චත්වයට එරෙහිව

මා පටන් ගත්තා උගන්වන්නට….

සෝෂියර්…ෆුකෝ.. ලැකාන්… ඩෙරිඩා….

මා ඉගැන් වූ දෙයට කැප වන්නට ඔබ තීරණය කරා

කඩදාසි දැමු සිමෙන්ති පොළව මත අප වැතිරුණා.

හුගක් මහන්සි වුනාට පස්සේ

අපි ජනප‍්‍රිය වුනා.

————————————————————————

රඟහල දැන් ඇත අඩ අඳුරේ

ඔබ දෙදෙනා පෙම් පිළිසඳරේ

අන්න බලන් කුමරිය මනමේ

තනි වී ඇත හිම ගිරි අරණේ

…………..

                    ඔබේ ගීතය පටන් ගත්තා

 

දැනුම සුරැුක්මුණු

පිළිවෙත් සුරැුකුණු

මගේම විජිතයේහි

මා කිරුල දරා සිටියා

ආදරය ඇවිත් සිහිනෙන්

ඒ කිරුල සොරා ගත්තා

ඇහැරෙන්න !……

මහ වැස්සක ගිනිගත්ත ඒ නිලංකාර සිහිනෙන් ඇහැරෙන්න

 

ආදරය අකැප නිසා මා වෙස් වළා සිටියා

ඇහැරෙන්න

ඇහැරෙන්න කලින් සිහිනෙන්

මට කියාදෙන්න රහසින්

ඇහැරෙන්න

කොයි සිහිනෙන් ද කියා

මා ඇහැර බලාසිටියා

මේ මොර සූරන වැස්සේ

මට කවුද කියා දෙන්නේ

ඇහැරෙන්න.

—————————————————————————————-

සියල්ල පාවා දුන් ඔබ

පන්ති සතුරන්ට මා පවරා දී වළාකුලක

නැගී  උඩුගුවනට ගියා

ඔබ දැන් ඔබේ සිඟිති දියණිය පපුවට තුරුළු කරන්

“ගෝඨාභය – සිමෙන්ති” බංකුවක වාඩි ගෙන

හිස් අහස කුස දෙස බලා සිටිනව

අලූත් පරපුරක් ඇහැරී තිබෙනව.

පිරිමියෙක් ස්ත‍්‍රියකට ආදරය කිරීමට

මම විරුද්ධද?

ස්ත‍්‍රින් ඉදිරිපිට මම ඇඹරෙනවා කියන ඔබගේ

ජීවිතය කුමක්ද ?

 ඇහැරෙන්න.

අසෝක හඳගම විසින් සිය අලුත් චිත්‍රපටය සදහා ලියු අලූත් ගීතයේ පදවැල් වලට දේශපාලන අටුවා ලිව්වේ දීප්ති

After 4.02

 

 

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. කලාත්මකයි. ශෝචනීයයි . අනුවේදනීයයි. …………තවමත් නිදි.

Comments are closed.