[dropcap color=”black”]බො[/dropcap]හෝ දෙනෙකු විසිවන සියවස අගදී උපකල්පනය කරණු ලැබුවේ 21 වන සියවස මනුෂ්‍ය සංහතියේ වඩාත් වර්ධිත සියවස වනු ඇත යන්නය. නමුත් කිසිවකු අපේක්ෂා නොකළ පරිදි මෙම සියවස ආරම්භ වූයේ මිලේඡ්ච මනුෂ්‍ය ඝාතන රැල්ළකි. මීට අමතරව ප්‍රථම වරට ලෝකයේ විවිධ රටවල රාජ්‍ය නායකයන් බවට සල්ලාලයන් පත් වීමද දක්නට ලැබුනි. මේ සදහා ප්‍රකටම උදාහරණය වන්නේ ඉතාලියේ අගමැති සිල්වියෝ බර්ලුස්කෝනිය.

තමන් විසින්ම ජනමාධ්‍ය අයිතිකාරත්වය දරමින්ම ඒවා කිසිදු ලැජ්ජාවකින් තොරව මෙහෙයවමින් බර්ලුස්කෝනි ඉතාලියේ අගමැති බවට පත් විය. ඉන්පසු ඔහු ප්‍රසිද්ධියේම විවිධ පාතාල කණ්ඩායම් සමග සම්බන්ධ වෙමින් ඉතාලි දේශපාලනයම මාෆියාකරණය කළේය. තමන් ගේ ඇමති මණ්ඩලයට තෝරා ගත් සමහර ස්ත්‍රීන් සමග තමන් නිදා ගත් බව ප්‍රසිද්ධියේම පිළිගත්තේය. එවිට ඔහුට ප්‍රසිද්ධියේම ඔහුගේ බිරිද කම්මුල් පහරක් දුන් අතර ඒ ගැනද ඔහුට ලැජ්ජාවක් නැති විය. පසුගිය වසර 20 පුරාම ඔහු මුළු මහත් ඉතාලියම ලෝකයා ඉදිරිපිට නින්දාවට පත් කලේය. ග්‍රම්ස්චි ගේ රට ඔහු විසින් ගණිකා නිවාසයක් බවට පත් කළේය. ජෙට් යානා යොදා ගෙන ඔහුට නිදා ගන්නට අවශ්‍ය ස්ත්‍රීන් ඉක්මනින් ගෙන්වා ගත් බර්ලුස්කෝනි මෙවර පාර්ලිමේතුව තුළ පැවති විශ්වාස භංගයෙන් පරාජයට පත් විය. තමන් ගේ කීර්ති කදම්භය අංක 01 ටත් රටේ නම අංක 02 ටත් දාන පුරවැසියන් සිටින ඕනෑම රටකට වන්නේ අනාගතයේ ඉතාලිය වගේ වන්නටය.

ඔබේ අදහස කියන්න...