මහා අනෙකෙකු නැති මේ යුගයේදී බාහිරින් තමා වෙත පැමිණෙන ඕනෑම දෘෂ්ඨිවාදයක් [ideology] වැළඳ ගන්නා සොම්බියෙකුට නම්, පහත ඇති හඩපටය සර්කස් ක්‍රීඩාවක් වනු ඇත. තමන් දැනට ලැග සිටින දෛනික උමතුවට අමතර සහනයක් පහත හඩපටය හරහා එවැනි සොම්බින්ට හමුවනු ඇත.
ඉතිහාසය අපගේ පැත්ත ගන්නා තුරු අප වසර 10 ක් එක තැන ලැග සිටියෙමු. මේ ලැගීම කාලය නාස්ති කිරීමක් ලෙස අප සිතන්නේ නැත. මෙම ලැගීම හරහා අප ලබන ආලෝකය වන්නේ ආසියානු කලාපයට ආවේණික “ගොවි ආත්මයේ” වාස්තවික කේන්ද්‍රයයි. ආසියාතික ඉතිහාසය චලනය කරන කොගිටෝවේ මූලධර්මය අප සොයාගෙන ඇත්තෙමු. මාඕ පිළිබඳ දෙවනවර කියවීමකට දැන් අපට ගමන් කළ හැක. එය ලැකානියානු අවබෝධයක් සහිත මාඕවාදයකි.   
‘යථාර්ථය’ යනු ආත්මය මුහුණදෙන ක්ෂතියෙන් ( මර උගුලෙන් ) ගැළවීමකට ආත්මය විසින් නිපදවන බාහිර ප්‍රබන්ධයක් [LA -NADEE] යන ආප්තය මෙම හඩ පටයේ අන්තර්ගතය සහ එය ආකෘතිගත වන ආකාරයත් හරහා ඔබට වටහා ගත හැක. චිත්‍රපටයක් හෝ නවකතාවක් හෝ යම් චරිතයක් ප්‍රබන්ධයක් ලෙස වටහා ගැනීමට ඔබ එඩිතර විය හැක. නමුත්’ඉතිහාසය’ යනුද යම් යම් පන්ති උවමනාවන් (= පන්ති අරගලය ) මත පදනම් වන ප්‍රබන්ධයක් බව ඔබට පහත හඩපටය හරහා අවබෝධ කරගත හැකිය. එනම් දයලෙක්තික භෞතිකවාදයේ මුල්ගලට අප දෙපා තබා ඇත. 
2005 වසර පුරා එකළ අප සංවිධානයේ සිටි පිරිසක් අධිපති මාධ්‍ය සහ ඊනියා සිවිල් චරිත හරහා අපට විරුද්ධ මතවාදයක් රට පුරා ප්‍රචාරය කරන ලදී. එසේ ප්‍රචාරය කරන ලද ප්‍රබන්ධයට වශී වූ බොහෝ දෙනා එළෙස වශී වූයේ අහම්බයකින් නොවේ. කිසිවක් පිළිබඳ විධිමත් අධ්‍යනයක් නැති සරළමතිකයන්ට තමා අවට සමාජ සබඳතා දෘෂ්‍ය වන්නේ මනෝමූලිකතාවයෙනි. අද අපි මේ බිඳ දමන්නේ එම මනෝකේන්ද්‍රීයතාවයයි.
බොහෝදෙනෙකුට අනුව ‘ප්‍රාග්ධනය’ කෘතිය ආර්ථිකය පිළිබඳ කෘතියකි. අපට අනුව එය දෘෂ්ඨිවාදය පිළිබඳ විචාරයකි. යථාර්ථයට එකවර ඛණ්ඩාංක 2ක් ඇත. ඒවා නම් ආත්මය සහ සාරයයි. ප්‍රාග්ධනය මෙතෙක් අධ්‍යනය කළේ සාරයක් (= වාස්තවිකත්වය, දේශපාලන-ආර්ථික විද්‍යාව ) ලෙස පමණි. එස්.බී. ද සිල්වා අධ්‍යනය කළේ ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ඌන සංවර්ධනයයි. අප දැන් ඊට ඉදිරියට ගොස් මේ ඌන සංවර්ධන ආර්ථිකයේ ප්‍රාග්ධනයට හිමි ආත්මය සොයාගෙන ඇත්තෙමු. චක්‍රය අලුත් වටයකින් සම්පූර්ණ කර ඇත්තෙමු.
මේ හඩපටයේ කථා කරන සංවිධානය සමඟ නරුම පරතරයක් තබාගත් සුමිත් චාමින්ද යනු මින්නේරියේ මුල් පදිංචිකරුවෙකි. ( ගම නම් කිරීම වැරදිය ) ඔහු කොළඹට පැමිණ ඊනියා පශ්චාත්-මාක්ස්වාදියෙක් වූයේ කොළඹ විශ්ව විද්‍යාලය හෝ බටහිර විශ්ව විද්‍යාලයක් නිසා නොවේ. එය සිදු වූයේ X කණ්ඩායම නිසාය. ෆැක්ටරියෙන් ‘විශ්ව- විද්‍යාල’ දැනුම පිළිඹඳ විචාරයකට X කණ්ඩායම යාම ගැන මේ ගම් බයියාට වැටහීමක් නැත. මේ සඳහා ප්‍රතිලාභයක් ලෙස සිවිල් සමාජයෙන් පිළිගැනීමක් දීප්ති බලාපොරොත්තු වූයේ නැත. එවැනි අසනීප ඇති වූයේ සුමිත් වැනි බයියන්ටය. දකුණු ආසියානු කලාපයේ ග්‍රාමිස්චි ඇකඩමියක් ගැන කථා කිරීමට යන සුමිත්ට තම එවකට පෙම්වතිය වූ ශානිකා ගැන ද වැටහීමක් නැත. ( ඇය සුමිත් ගැන කියන දේ ද ඔහුට අනාගතයේදී ඇසිය හැක ) සුමිත් විසින් බණ්ඩාර-ප්‍රභා නම් සතුරු ජෝඩුවේ ආත්මීය ස්ථාවරයන් ගැන පිළිකුලෙන් කථා කරන විට ඔහුට අමතක වන්නේ වසන්තට ඔහු කළ දෙයයි. බණ්ඩාර ‘බස්නායකට’ කෙළවා දමන තැනම සුමිත් ‘වසන්තට’ ( සුමිත්ට අනුව ඔහු පණුවෙකි ) කෙළවා දමන ලද බව ඔහුට අමතකය. [unconscious] අපගේ සබ්භාෂකයාටද මේ ගැන ඇසීමට අමතක වන්නේ ඇයි? ඔවුන් ගැනද සිතිය යුතුය. සමකාලීන තට්ට ගායිකාවට මේ කිසිවක් අදාළ නැත. දැන් හැමදෙනාම යහපත් පෙම්වතුන්ය.  
දැන් බොරුවට කිසිවකු ගන්දස්සාරයට නහය වසාගත යුතු නැත. මේ රටේ හැම එකාගේම ඉතිහාසය බණ්ඩාරට හෝ සුමිත්ට වෙනස් නැත. අප මේ කරන්නේ එවන් තක්කඩියන්ගේ නිවෙස්වල තල දර්පණ සවි කිරීම පමණි. අපට අවශ්‍ය වන්නේ මිත්‍යාමතික මහා අනෙකාගේ නාමයෙන් පක්ෂයේ හොඳ නම ආරක්ෂා කරගන්නට නොවේ. ඒ වෙනුවට අප යෝජනා කරන්නේ අනාගත සංස්කෘතික නිර්ධනයාගේ අශීලාචාර චර්යාවයි. විප්ලවවාදී ශික්ෂණය යනු ශරීර අභ්‍යාස සහ අත්දැකීම් හරහා ශරීර පුහුණු කිරීම නොවේ. පල්ලියට,හමුදාවට,එල්.ටී.ටී.ඊ යට වෙනස්ව අප අලුතින් මානවවාදී මනුෂ්‍යත්වයක් (රැඩිකල් භෞතික විඥාණවාදයක් ) බිහි කළ යුතුය. ඉදිරියටත් අපට පදනම් වීමට සිදුවන්නේ ධනවාදයේ තුවාල බවට පත් වූ සුමිත්,බණ්ඩාර, ප්‍රභා වැනි අර්ධ මානවයන් මතය. මේ අය දේශපාලන සංවිධාන තුළට පැමිණ සමාජයට තල තෙල් ගාන්නේ නැත. ඒ නිසා සංවිධාන ලෙස අප ද මේ අයට තල තෙල් ගාන්නේ නැත.    
මේ හඩපටය හරහා යථාර්ථය ගැන ඔබ හැදෑරිය යුතු ( වමනය දමමින් ) මුඛ්‍ය න්‍යායික තලය ගැන වචනයක් පැහැදිළි කළ යුතුය. සුමිත් එක පැත්තකින් ඔහු කේන්ද්‍රීය වාම වැඩ ශෛලියක් යෝජනා කරයි. අනෙක් අතට එහි සතුරු පාර්ශවය ලෙස ඔහු බණ්ඩාර ප්‍රමුඛ පිරිස ‘අල කට්ටියක් ‘ ලෙසින් නාමකරණය කරයි. එයටම අනන්‍ය වන ඔහුගේ සම්බාෂකයා ද එක පැත්තකින් නිවැරදි වැඩ ශෛලිය ( හරියටම ප්‍රායෝගික දේශපාලන වැඩකටයුතු කළ යුතු ආකාරය ) විශ්ලේෂණය කරන අතර අනෙක් පැත්තෙන් එහි සතුරා ලෙස බ්ලේඩ් තල පාවිච්චි කරන ප්‍රදීප් ජයරත්නව හඳුනා ගනියි. මේ තත්ත්ව දෙක න්‍යායිකව හඳුනා ගැනීමේදී එකම යථාර්ථය දෙකට පලන “ආත්මය” ගැන අප වටහා ගත යුතුය. 
එක ෆැන්ටසියක් මඟින් සුසංවාදී යහපත් අනාගත ලෝකයක් දෙදෙනාම ප්‍රබන්ධගත කරයි. අනෙක් අතට තවත් ෆැන්ටසියක් මගින් විරුද්ධාභාෂී ලෙස එම සුසංවාදී සුරංගනා වාම ලෝකයේ අශ්ලීල සතුරාව ( ප්‍රදීප්, දීප්ති ) හදුන්වයි. සුමිත් චාමින්ද තමන් දන්නවා යැයි පරසක්වල ගසන දෘෂ්ඨිවාදයේ උත්කර්ෂවත් වස්තුව යනු කවුද ? සුමිත්ගේ දේශපාලන විග්‍රහයේ ෆැන්ටසි වස්තුව බවට දීප්ති පත්වීම ගැන ඔහු දැනුවත්ද ? එසේනම් යථාර්ථය අප විසින් ප්‍රබන්ධගත කරන්නේ අපටම සැබෑවක්, ක්ෂිතියක් වන මෙම අද්භූත පුද්ගලයන්ගෙන් ( ඔවුන්ගේ ආශාව අපට ප්‍රහේළිකාවක් වන නිසා එය වඩ වඩා අශ්ලීල කොට ෆැන්ටාස්මතිකව විග්‍රහ කිරීම ) ගැළවීමට නම් , අපගේ සමස්ථ දේශපාලන වැඩසටහනම ක්ෂිතියෙන් පළා යෑමට තටමන ආත්මීය උත්සහයක් නොවේද ? හදාරන්න ! 
ඒ අනුව අරගලයට විරුද්ධව වාම ප්‍රවණතාවයක් හැදීමට තැටමීමම X දේශපාලනය ඊට පූර්ව තත්ත්වයට ගෙන ඒමට උත්සහ කිරීමකි. සුමිත්ගේ දේශපාලනය අතිඅසාර්ථක වූයේ ලාංකීය වාම දේශපාලනය පූර්ව X තත්ත්වයකට යළි රැගෙන යාමට උත්සහ කිරීමේදීය. එම පාරේ ගමන් කිරීමට උත්සහ කරන්නේ ඔහු පමණක් නොවේ. ඒ සඳහා මිනිසුන් රැළක්ම තවම සූදානම්ය. නමුත් X දේශපාලනය පැරණි හෝ වෙනත් රැඩිකල් වාම ක්‍රියාකාරී දේශපාලනයකින් ආදේශ කිරීමට උත්සහ දරන්නේ අවසානයේ නතර වන්නේ ‘රාජ්‍ය’ සමඟ ප්‍රතිසන්ධානගත වීමෙනි. වරෙක මෙම හඩ පටය තුළ දී සුමිත් චාමින්ද තම අතීත මිතුරෙකු ගැන නක්කලයට වාචාල කථාවක් කියයි.  
නමුත් ඊට වසර 10 කට පසු විශ්ව විද්‍යාලයේ තම රැකියාව ලබා ගැනීමට යාඥා කිරීමට සිදු වූයේ ද මෙම මිතුරාටය. ඒ වනාහි ගොවි ආත්මයේ මෙලන්කොලික සහ පරස්පර ස්වභාවයයි. අප රටේ දේශපාලන ක්ශේත්‍රය තුළ පවතින තියුණු  ප්‍රතිවිරෝධයන්ගේ මූලය මෙහෙය වන්නේද මෙම ගොවි ආත්මයයි. ගුණදාස අමරසේකර විසින් රචිත කෙටිනව කථා යුගලය වන “අසත්‍ය කථාවක් සහ ප්‍රේමයේ සත්‍ය කථාව “ හරහා මෙම ගොවි ආත්මයේ විනෝද ආකෘතිය ( එක පැත්තකින් දෘඩතර දේශපාලන ව්‍යුහය සහ අනෙක් පැත්තෙන් ඒ තුළ රහසේ අඳුර තුළ ගිළී අශ්ලීලව වේදනාවෙන් සතුටුවීම – යථාර්ථය සහ එහිම ආත්මීය පැල්ම වන අවතාරීය ප්‍රතිරූප ) මැනවින් පහදයි. මේ ගොවි ආත්මයේ වඩාත්ම ප්‍රකට සමකාලීන ආකෘතියක් වන්නේ බීමතින් එක පැත්තකින් ගැහැණුන්ගේ පස්ස විකා, අනෙක් පැත්තෙන් හෛඩර්ගර් සහ හනා අරෙන්ඩ් අතර ප්‍රේම සම්බන්ධය ගැන කථා කිරීමයි. අප අසන්නේ ඉහත ක්‍රියා දෙක මැද ඇති හිස් තැන [subject] කුමක්ද ? යන්නයි. පරිවාස කාලයකට මේ ‘හිස්තැන’ අහෝසි කළ හැකිද ? දර්ශනයට ‘සැබෑව’ හෝ ‘ආත්මය’ දාර්ශනිකකරණය කළ හැකිද ? එය දේශපාලනයෙන් ‘පවුල’ තුළට යෑමේ විකල්ප මාවතක්  බව පමණක් කිව හැක.      

කුහකයකු සහ වාචාලයකු නොවී හදාරන්න! හදාරන්න ! හදාරන්න ! දීප්තිගෙන් ඇසිය යුතු ප්‍රශ්න ඔබ ඔබෙන්ම අසන්න ! 
නිවසේ තල දර්පණයක් නැත්නම් එවැන්නක් මිළට ගන්න ! 
‘සංස්කෘතිය’ (=ධනවාදය ) දෘෂ්ඨිවාදයක් නොවේ. එය විද්‍යාවකි. අවශ්‍ය වන්නේ උපරි-ව්‍යුහය පිළිබඳ න්‍යායකි. 
useheadphonejack-as-line-in

ඔබේ අදහස කියන්න...

3 COMMENTS

    • ඔව්. හැබැයි හැමනැනම. Army , Navy, university, Medical collage, Hospital, Court, Temple , UNP, Sri Lanka Party, JVP,
      LTTE, Glaxo, Brandix , Dialog , Hiru Tv, Sirasa , Derana , Parliament, NGO’S…………ජාතක කථා වගේ

Comments are closed.