ලංකාවේ අනෙකුත් වාම දේශපාලන පක්ෂ වලින් අප වෙනස් වන්නේ අප ‘අධ්‍යාපනයට’ තැබූ බර නිසාය. බොහෝ වාමාංශික කණ්ඩායම් තමන්ගේ ආර්ථික වැඩපිළිවෙලට වැඩි අවධානයක් යොමු කරන්නේ තමන්ගේ දේශපාලන වැඩසටහනට ස්වාධීනත්වයක් ඇති කිරීම සදහාය. නමුත් පසුගිය වසර 15 පුරා අපි වැඩි බරක් යෙදුවේ අධ්‍යාපන වැඩපිළිවෙල සදහාය. මෙම අධ්‍යාපන වැඩපිළිවෙලෙහි කුමන අඩුපාඩුකම් තිබුණත් එම වැඩසටහන ලංකාවේ බොහෝ ක්ෂේත‍්‍රයන් විපර්යාස කරන ලදී.
නමුත් දැන් එම අධ්‍යාපන වැඩසටහන පුනරීක්ෂණය කළ යුතුය. දැනට අප සමග සම්බන්ධ වීමට රුචි වූ සහෝදර – සහෝදරියන් මූලික වර්ග කිරීමක් පහත පරිදි කළ හැකිය.
(1) පැරණි සාමාජිකයන්
(2) අලුත් අය
(3) හිතවත් අය
ඉහත සියලු දෙනා වෙනුවෙන් පන්ති පැවැත්විය නොහැකි නිසා මූලධර්ම ගැන සාකච්චා කරන හඩ පට ඉදිරියේ දී 3මාන වෙබ් අඩවියට ඇතුළත් කරනු ලැබේ. එය සියලු දෙනාට උපකාරයක් විය හැකිය. ඊට අමතරව පන්ති පැවැත්වීම දැනට කරගෙන යන්නේ සදුදා සවස සහ බදාදා හා සෙනසුරාදා යන දිනයන්හිදීය. මේ දක්වා අප දේශපාලන වැඩවලට ඉල්ලුම් කළ සියලු දෙනා සහ දැනටමත් අප සමග කථා කර ඇති නමුත් කිසිදු පන්තියකට සහභාගි නොවුණු අය ද

නැවත ඉහත දවස් තුනට අදාලව අලුතින් ඉල්ලුම් කරන්න. කලින් සම්බන්ධ වීමට ඉල්ලුම් නොකල අයට පහතින් ඇති ඊමේල් ලිපිනයට ඉල්ලුම් කළ හැක.(සම්බන්ධ කර ගත හැකි දුරකථන අංකයක් සමග අයදුම් කරන්න ) කලින් අයදුම් පත් එවා අප සමග කතා කර ඇති එහෙත් තවම කැඳවීමක් නොලද අයට පහතින් ඇති දුරකතන අංකය ඔස්සේ අපව ඇමතිය හැක.
මේ වන විට ආරම්භක පන්ති වලදී විෂය කරුණු තුනක් කතා කර ඇත.
1.සෝෂියර්ගේ දර්ශනය.
2. මිචෙල් ෆුකොගේ ‘බලය’ නම් සංකල්පය සහ ජීවබලය සංකල්පය.
3.ජාක් ඩෙරීඩාගේ  අනුභූතිඋත්තර හැඟවුම්කාරකය පිළිබඳ න්‍යාය.
ප්‍රාදේශිය ප්‍රදේශවල පන්ති පවත්වන ස්ථාන සහ වේලාවල් පසුව දන්වන අතර ඊට පැරණි සාමාජිකයින්ටද සහභාගී විය හැක. අපගේ සංකල්ප පද්ධතිය සමාජගත කිරීමේ අවසාන උත්සාහයට සියලු දෙනාගේ උදව් උපකාර අවශ්‍යය. මෙය තමයි මොහොත. ඒ සඳහා එකතු වන්න !
0716957572

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. න්‍යායෙන් තොර භාවිතාවත් භාවිතයෙන් තොර න්‍යායත් වඳයි කියල ලෙනින් කියල තිබෙනව නේද​?

  2. ස්කයිප් පන්තියකුත් පටන්ගත්තනම් හොඳයි. නැත්නම් වීඩියෝ පිළිවෙලට දාන්න හේගල් සීරීස් එක වගේ.

Comments are closed.