අපගේ සරල, කෙටි ආරාධනය සඳහා ඉතාම හොද ප්‍රතිචාරයක් අප වෙත ලැබුණි. අයදුම් පත‍්‍ර සහ බාහිර ඉල්ලීම් වලට ඇහුම්කම් දෙමින් අපගේ සංවිධානයේ නව අධ්‍යාපන රටාවක් හදුන්වා දෙන්නට උත්සාහ කරන්නෙමු. තොරා ගත් අයට අමතරව අනිත් අයට විවෘත පන්තියක් ආරම්භ  කරන්නෙමු. මෙතෙක් අඩුවක්ව පැවති බුර්ෂුවා ආර්ථික විද්‍යාවේ දේශපාලනය ගැන අතීත සගයෙකු පන්ති මාලාවක් පැවැත්වීමට අදහස් කර ඇත. එහි දී වඩා අවධානය යොමු කරන්නේ  “ප්‍රාග්ග-ධන” වෙළඳ පොල ගැනය.
පසුගිය වසර හතරක පමන කාලයක්  අප විසින් කරන ලද්දේ අතීතයේ කරන ලද සහ හදාරන ලද දෙය පුනරීක්ෂණය කිරිමයි. පක්ෂයේ මුලික අධ්‍යාපන දෝෂය වුයේ  “හේතුව ගැන විචාරයක් ” [Critique of reason] නැති වීමත්  ප්‍රායෝගික හේතුවට” අදාල පූර්ව අගතීන් [පැරණි වමෙන් සහ ජවිපෙන් වාම- සංස්කෘතිය තුළ තහවුරු වු වැඩ ශෛලීන්] විදාරණය නොකිරීමත්ය.

සරලව කිවහොත් අප පටන් ගන්නේ හේතුවට එහා ඇති දෙයෙහි  “නිර්මාණය” හේතුවම බවත්, දේශපාලනය සැමවිටම සදාචාරාත්මකව ප්‍රශ්ණ කෙරෙන බවත්ය. ජනගහණයෙන් භාගයක් වන ස්ත‍්‍රින්ව දේශ්පාලන අධ්‍යාපනය සඳහා උරා ගන්නෙ කෙසේද යන්න වගවිභාග කරනු ලැබේ. ස්ත‍්‍රින්ගේ කකුල් ගැන,තන් ගැන, බොත්තම් ගැන විශේෂඥයින් අපගේ ව්‍යාපාරය විසින්ම තනා ඇත. අප නිර්මාණය කර ඇත්තේ “ශ්‍රි ලාංකික පොන්න පිරිමි මානසිකත්වයක්” බවට ද ප්‍රචාරයක් දියත් වී ඇත. කණ කිස් කන ප්‍රතිචාර අනාගතයේදී බලාපොරොත්තු වන්න. ස්ත‍්‍රින් සිටින්නේ සත්ව ලෝකයක නොවන බව මෙවැනි අවලාදකරුවන් වටහා ගත යුතුය. අපගේ සම්පුර්ණ වැඩසටහන ආරම්භ වන්නේ ඡන්දයෙන් පසුවය. ඒ දක්වා ප්‍රාදේශීය අධ්‍යාපන වැඩසටහන කල් දමා ඇත.

ඔබේ අදහස කියන්න...