[dropcap color=”yellow”]ති[/dropcap]සර පටයකින් ගෙල සිරකර පිරිමියෙකු මරා දැමීමේ පුවතක් පසුගිය දිනවල අසන්නට ලැබුනි. ගැහැණියක් විසින් පිරිමියෙකු ගේ ගෙල සිරකර මෙවැනි ආකාරයකට මරාදැමූ මෙම අවස්ථාව තේරුම්ගත යුත්තේ කෙසේද?

දෙවන ලෝක යුද්ධයට පසු ඇමෙරිකාවේ බිහිවූ බොහෝ හොලිවුඩ් ච්ත්‍රපට වලට පාදක වූයේ මැද පන්තික පවුල් වල රාත්‍රි ජීවිතයයි. තිසරපට වලින් තම සැමියන්  මරා දැමීම මෙම ච්ත්‍රපට වල සුලභ දර්ශණයකි. මෙවැනි අකාරයේ ච්ත්‍රපට වලට ප්‍රංශයේ විචාරකයන් මහත්සේ ආකර්ශනය විය. ඔවුන් මෙවැනි චිත්‍රපට හැදින්වූයේ Film Noir ( ෆිල්ම් නාර්) යන නමිනි. අප එයට ‘නිශාචර සිනමාව’ කියා නම් තබා ඇත. ඉන් චිත්‍රපට කිහිපයක නම් මෙසේය.

Double Indemnity ( 1944 )

The Big Heat ( 1953 )

Kiss me Deadly ( 1955)

Scar Let Street (1945 )

යුද්ධයකට පසු අන් සැම සමාජ සම්බන්ධයක්ම සේ ස්ත්‍රී පුරුෂ සම්බන්ධයන් ද වෙනස් වෙයි. මෙම ච්ත්‍රපට වලට පාදක වන පවුලේ කතාවල් දිග හැරෙන්නේ ලිංගික සබදතා අපරාධ නඩුවක් සේ දිග හැරෙමිනි. ස්වපීඩාව සහ පරපීඩාව මෙම ච්ත්‍රපටවල කතා වස්තුවයි. යුද්ධයෙන් පසු දැනට ලංකාවේ මේ සිදු වෙමින් පවතින ස්ත්‍රී-පුරුෂ සබදතා වල ආත්ම මූලික හැඩය වෙනස් වෙමින් යන්නේ හිංසනය දෙසටය. තමාගේ කලින් සිටි පෙම්වතා නළුවෙක් නම් ඔහු තමාව අතහැර සුන්දර නිළියන් බදාගෙන සිටින විට ඊට ප්‍රතිචාරයක් ලෙස තමන්ගේම Hot පින්තූර අන්තර්ජාලයට මුදා හරින ස්ත්‍රීන් පහල වී ඇත්තේ නිශාචර සිනමාවේ ආඛ්‍යාන ශෛල්‍යයට අනුවය. අපි ඔවුන්ට ආමෙන් කියා කියමු.

ඔබේ අදහස කියන්න...