මුද්රිත පුවත්පතක සමාජ කාර්යභාරය කුමක්ද? උත්තරය ඉතාම ව්යාකූලය. දැනට තිබෙන සමාජ පසුබිම යටතේ මුද්රිත පුවත්පතකට කිසිදු සමාජ කාර්යයක් නැත. ඊට හොඳම උදාහරණය ඉරිදා ‘ලංකාදීප’ පුවත්පතයි. ඉරිදාට පළවන ‘ලංකාදීප’ පුවත්පත පළ කිරීමට මාධ්යවේදීන් අවශ්ය නැත. ඒ සඳහා අවශ්ය වන්නේ හොඳ අලෙවි නිලධාරීන් කිහිප දෙනෙක් පමණි. වෙළෙඳාම සහ පුවත්පත් අතර අද දවසේ ගොඩනැගී ඇති ප්රජාතන්ත්රවාදය හරිම අපූරුය. පුවත්පතක් මිනිසුන් මිලට නොගන්නේ එය වෙළෙඳපොළ යාන්ත්රණය හොඳින් වටහා නොගන්නා නිසාය. මේ නිසා පුවත්පතක පළ විය යුතු දේවල් තීරණය කරන්නේ පුවත්පතේ අලෙවි කළමනාකරණයයි. එම අලෙවි කළමනාකරණ මෙහෙයවන්නේ වෙළෙඳ දැන්වීම් ආයතන විසින් කරනු ලබන සමාජ සමීක්ෂණ මඟිනි. මිනිසුන් වැඩිපුර කියවීමට කැමැති කුමක්ද යන්න පිළිබඳව නිර්ණායක සකස් වී ඇත්තේ මෙම සමීක්ෂණ මඟින්ය. මෙම සමීක්ෂණවලට අනුව පුවත්පතේ කර්තෘ මණ්ඩලය පුවත් සහ විශේෂාංග පළ කළ යුතුය. පුළුල් ලෙස ගත් විට මේ වනාහි වෙළෙඳපොළ යෝජනා කරන ප්රජාතන්ත්රවාදී මූලධර්මවාදයයි. එය පිළිනොගන්නා අය ඉවතට විසි වෙයි.
‘මව්බිම’ යනු ලංකාදීපයට වෙනස්ව සමාජ ප්රශ්න වෙළෙඳපොළ තර්කණයට යටත් කරන පුවත්පතකි. මිනිසුන්ගේ ආශාවේ මූලය වූ අහිමි වූ දෙය යළි ලබා දීම ගැන පණිවුඩයක් ‘මව්බිම’ පත්තරයේ ඇත. ඔවුන්ගේ විශේෂාංග බොහෝ විට අපූර්වය. වෙනත් අය නොසිතන වෙළෙඳපොළක් වෙනුවෙන් ඔවුන් ඔට්ටු අල්ලයි. පාඨක ප්රතිචාරය ගැන කලින්ම නිර්මාණය කළ මතයක් ඔවුන්ට ඇත. මේ ඔවුන්ගේ විශේෂාංග කිහිපයක මාතෘකාය. ”පොට්ටු අම්මාන් සමඟ පහේ ශිෂ්යත්වයට වාඩි වූ කුරුබන්් කියන අනුවේදනීය කතාව, ස්ත්රියක් සතුටු කිරීමට කන අතගෑම පමණක් ප්රමාණවත්ද?, මහින්ද රාජපක්ෂ සතුව හෙණරාජ තෛලය තිබේද?, යෝෂිතගේ අලූත් පෙම්වතිය කවුද?” ලංකාවට පරිප්පු ගෙන්වන නගුලන් ප්රසන්නගේ ඊළඟ චිත්රපටයට ආයෝජනය කරාවිද?
මිනිසුන් කියවිය යුතු දෙය අද දවසේ තීරණය කරන්නේ අවම වශයෙන් වෙළෙඳපොළවත් නොවේ. ඒ සඳහා අදාළ වන්නේ විවිධ පූර්ව අගතීන්ය. එහි පළමු පූර්වාගතිය අපූර්වය. ඊට අනුව පත්තර කියවන්නේ මෝඩයන්ය. ලංකා බැංකුව, Telecom, Dialog ආදී විශාල සමාගම්වල ඉහළ තනතුරු දරන බොහෝ අලෙවි කළමනාකරුවන් ටයි පටි දමාගෙන විශාල උදර කුහරයක් සහිතව සිතන්නේ පාඨකයා ‘ගොනෙක්’ බවය. මේ ගොනා දැක්ක වීමට හැර සිතීමේ වැඩකට යොදාගත නොහැකිය. මෝඩයන් වෙනුවෙන් පවතින, මෝඩයන්ට කඬේ යන අලෙවිකරණයක් ඇති එකම රට ලංකාව විය හැකිය.
අලෙවිකරුවන්ට අනුව ‘සත්හඬ’ යනු බංකොළොත් දේශපාලන අදහස් දරන මෝඩයන් හතර පස්දෙනකු විසින් පවත්වාගෙන යන පත්තරයකි. මේ පත්තරය මිනිසුන්ට විකිණිය නොහැකිය. ඒ මිනිසුන්ට ‘මෝඩයන්’ ලෙස සත්හඬ සලකන්නේ නැති නිසාය. අන්න ඒකට ‘මව්බිම’ සහ ‘ලංකාදීප’. ඒවා ලංකාවේ මිනිසුන්ව සලකන්නේ හද්දා මෝඩයන් ලෙසය. එනිසාම මේ පුවත්පත් හොඳින් විකිණෙයි. මේවාට කතුවරුන් වෙනුවට විධායකයන් ඉන්නේ මේ නිසාය.
සමාජය තුළ බුද්ධිය වර්ධනය කිරීමට පුවත්පතකට කාර්යභාරයක් තිබේ. එක්සත් නැති, අභ්යන්තරයෙන් කොයි මොහොතක හෝ පුපුරා යා හැකි සමාජයක ජීවත් වන අපට බුද්ධිය හැර වෙන ගැලවීමක් නැත. දකුණේ සමාජය තුළ වෙළෙඳපොළ මූලධර්මවාදය (Market Fundamentalism) වෙළෙඳාම හැර සමාජයකට දියුණු වීමට වෙන විකල්පයක් නැත යන අදහස රජ කරන විට උතුරේ රජකරන්නේ බැරැුක්ක ප්රජාතන්ත්රවාදයයි. ඒ අනුව උතුරට දැන් නාමිකව සහ ආකෘතියක් ලෙස ප්රජාතන්ත්රවාදය ලැබී ඇත. එම සමාජය යටින් පාලනය කරන්නේ හමුදා බුද්ධි අංශයයි. ”හමුදා බුද්ධි අංශය” අල්ලාගෙන එහෙත් යළි සමාජයට මුදා හැර ඇති හිටපු LTTE සාමාජිකයන් හරහා දෙමළ ජනයාට දේශපාලනය නිදහසේ කිරීමට ඇති ශුද්ධ අයිතිය පාගා දමා ඇත. මේ සඳහා හමුදාවට ඓතිහාසික හේතු තිබිය හැකිය. නමුත් දකුණේ ප්රජාතන්ත්රවාදයට කැප වෙනවා යැයි බෙරිහන් දෙන දේශපාලකයන් ‘උතුර’ තවදුරටත් හමුදාව මඟින් පාලනය කළ යුතු නැත. හේගල් කීවාක් මෙන් ආසියානු සමාජයේ නිදහස් වන්නේ එක පුද්ගලයෙක් පමණි. එනිසාම ‘සියලූ දෙනා නිදහස්’ යන ප්රජාතන්ත්රවාදී සටන් පාඨය බහුතරයක් සිංහල මිනිසුන් දන්නේ නැත. නමුත් දශක 3ක් රාජ්යය සමඟ ගැටුණු දෙමළ ජනයා ‘සියලූදෙනා නිදහස්’ යන සටන් පාඨය දේශපාලනිකව දනියි. ඔවුන් සිංහලයන්ට වඩා දේශපාලනිකව සවිඥානිකය. (Self – Conscionsness) මේ ගැන ඉතාම හොඳින් දන්නේ The Island
පත්තරයේ ශමින්ද්ර ෆර්ඩිනැන්ඞ් සහ නලීන් ද සිල්වාය. සෑම මොහොතකම දෙමළා යළිත් අපට කෙළවාවි යන බියෙන් ඔවුහු තැතිගෙන සිටිති. පොලීසියේ සමහරුන් ද සිංහල පමණක් දැනගෙන උතුරට ගොස් යළිත් නටන්නට හදන්නේ පරණ දන්නා සෙල්ලම්.
මෝඩයන් හතරපස් දෙනකු විසින් සංස්කරණය කරනු ලබන ‘සත්හඬ’ පුවත්පතේ අප ඔබට කියන්නේ අප වෙනුවෙන් ‘සමාජය’ තුළ පෙනී සිටින්න කියාය. දකුණේ සමාජය ධනේශ්වර පරිභෝජනය විසින් හුස්ම හිර කර ඇත Alto මෝටර් රථ සමඟ රමණයේ යෙදෙන පහළ මැද පාන්තිකයෝ ඕනෑ තරම් මෙරට සිටිති. අනෙක් පැත්තෙන් උතුරේ සමාජය රාජ්යය විසින් පාලනය කරනු ලබන්නේ ”අත්තනෝමතිකත්වය” යොදාගෙනය. මීට කලින් අප දකුණට ”ස්ටැලින්වාදය” උතුරට ” ෆැසිස්ට්වාදය” (බැරැක්ක ජාතික නිදහස* ලෙස සඳහන් කළේ අහම්බයකින් නොවේ. අද අවශ්ය වන්නේ කන්යාභාවය රැුකගෙන ස්වයං වින්දනයේ යෙදෙන වාමවාදයක් නොවේ. අද අවශ්ය වන්නේ ‘රාජ්ය යන්ත්රය’ සමාජයට අවශ්ය ප්රතිසංස්කරණ සඳහා යොදා ගන්නා රැුඩිකල් මාදිලියයි. අප මෙම තත්්ත්වය වහා අවබෝධ නොකර ගතහොත් 2020 දී අපගේ රාජධානියේ විකල්ප වීරයා බවට පත්වීමට නියමිත වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාය. Virtusa පරිගණක සමාගම මඟින් උතුරේ සියලූ සමාජ සබඳතා ජාලගත සම්බන්ධයකට රැගෙන ආ ඔහුට බොහෝදෙනා අවිඥානිකව කැමැති වන්නේ මන්ද? අපි ඔහුට කැමැති ඔහු ‘කියන දේවල්’ නිසා නොව ‘කරන දේවල්’ නිසාය. අප ජීවත් වන සැබෑ සමාජය ගැටුම්, ප්රශ්න, ප්රතිවිරෝධ, පසමිතුරන් ඉන්නා එකකි. ගෝඨාභය උත්සාහ කරන්නේ දේශපාලන සමාජයේ මේ පවතින සැබෑ තත්ත්වය සඳහා ‘සමරූපයක්’ නිර්මාණය කිරීමටය. Facebook ආදී සමාජජාලා වෙබ් අඩවියක් උත්සාහ කරන්නේ මිනිසුන් අතිබහුතරයකට ගනුදෙනු කළ හැකි තත්යසමාන ලෝකයක් බිහි කිරීමටය. මේ තුළ ඉන් ‘මිනිස්සු’ මිනිස්සු නොව මිනිසුන්ගේ සමරූපය Facebook
කියන්නේ සැබෑ සමාජයේ ගැටුම් නැති සුසංවාදී වේශනිරූපණයකි. දකුණේ සමාජය Facebook සමඟ ගනුදෙනු කරන විට එහි කණපිට පැත්ත ලෙස උතුරේ දෙමළ ජනයාට හමුදා බුද්ධි අංශය හමු වේ. Facebook සහ Army Intel කියන්නේ අඩුපාඩු විරහිත යථාර්ථය. එසේ නම් ගැටලූවට උත්තරය කුමක්ද?
‘සත්හඬ’ යනු අලූත් පාරිභෝගික භාණ්ඩයකි. මෙම භාණ්ඩය විකිණීම සඳහා අලූත් අලෙවිකරණ න්යායක් අවශ්යය. එපමණක් නොව එය මිනිස් බුද්ධිය මත පදනම් වන අලූත් පත්තර ව්යාපෘතියක ආරම්භයකි.

ඔබේ අදහස කියන්න...