ලෝකයේ කිසිදු රටක තවම දේශපාලන සංවිධානයක් සමාජ- දේශපාලනික ගැටළු විශ්ලේෂණය කිරීම සඳහා මනෝවිශ්ලේෂණය යොදා ගන්නේ නැත. එවැන්නක් පළමුවෙන් අත්හදා බලන ලද්දේ ආරම්භයක් ලෙස X කණ්ඩාමත්, පසුව අපගේ නූතන ස්වරූපය වන පෙරටුගාමී පක්ෂයත් ය. මෙයට හේතු වන්නේ එවැන්නක් පිළිබඳ පූර්වාදර්ශයක් නොමැති නිසාය.

එනිසා මනෝවිශ්ලේෂණය සඳහා උපයෝගී කරගත් සමහර ක්‍රමවේදයන් ගැටළු සහගතය. ලංකාවේ කිසිදු විශ්ව විද්‍යාලයක මනෝවිශ්ලේෂණ දෙපාර්තුමේන්තුවක් නොමැති අතර එවැන්නක් මෑත අනාගතයේදී ඉදි වීමට ඇති අවකාශය ද ඉතා සීමිතය. ‘නිර්ධන පන්තිය’ මාක්ස්වාදය හරහා මනෝරාජිකත්වයෙන් විද්‍යාවට (සමාජවාදය අරබයා) එළඹුනා සේ අපට ද පටන් ගැනීමට සිදු වූයේ මිථ්‍යා විශ්වාස වලින් ය. ඉන් පළමුවැනි මිථ්‍යා විශ්වාසය වූයේ වාමාංශික සංවිධානවලට ස්වේච්ඡාවෙන් එන පිරිසට අනන්‍යතා අර්බුධයක් නැතැයි යන විශ්වාසයයි. අපගේ සංවිධානයේ බහුතරයක් දෙනා රැකියාවට හෝ අධ්‍යාපනය සඳහා කොළඹ අගනගරයට සේන්දු වූවන් ය. ඔවුන් බොහෝදෙනාගේ පොදු මනෝභාවය ලක්ෂණ දෙකකින් යුක්තය.

(1) උන්නතිකාමය – සමාජයේ ඉහළ මට්ටමට කුමන ක්‍රමයකින් හෝ ගමන් කිරීම

(2) තම “අනෙකා” තම අභිලාෂයන් කරා ගමන් කිරීමේදී තරඟකරුවෙකු ලෙස සලකා නිශේධනය කිරීමයි.

ඉහත ආත්ම-කේන්ද්‍රීයත්වය නිසා ලංකාවේ කොළඹ නගරය අන්තරාභවිකයන්ගෙන් පිරී ඉතිරී ඇත. ඈත දුශ්කර ගමකින් රැකියාවට වඩා උසස් අධ්‍යාපනය සඳහා කොළඹට පැමිණෙන පුද්ගලයන් ට හමුවන විශේෂ අනන්‍යතා අර්බුධ ගණනාවක් තිබේ. 90 දශකයේ මින්නේරිය සිට කොළඹ විශ්වවිද්‍යාලයට පැමිණි සුමිත් චාමින්දට එවකට කොළඹ මියුසියස් කාන්තා විද්‍යාලයට ගිය ඔලුව විකාර වූ තරුණ ස්ත්‍රියක් පෙනී ගියේ විශාඛාවක් ලෙසිනි. ඇය ඔහුගේ පෙම්වතිය බවට පත් විය. දිනක් මෙම ස්ත්‍රිය රාත්‍රී සමාජශාලාවකට තමන්ට යාමට ඇතැයි සුමිත් ට දන්වයි. “එහෙම කොහොමද යන්නේ?” කියා සුමිත් ප්‍රශ්න කරන විට ඇය හාස්‍යයෙන් මෙසේ කියයි. “ඔයා කවුද මට එහෙම කියන්නේ?.” ස්ත්‍රිය පිළිබඳ මින්නේරියේ අදහස් සහ කොළඹ අදහස් අතර ඇති සංස්කෘතිකත්ව වෙනස සුමිත් ට වැටහුනේ නැත. ‘පුබුදු ජයගොඩ’ වැනි දේශපාලන ක්‍රියාකාරිකයෙක් මෙසේ විමසනු ඇත. “දීප්ති කොහොමද සුමිත්ගේ ස්ත්‍රිය පිළිබඳ ‘සාරාර්ඵකය’ ලංකාවේ ධනවාදයට එරෙහි අරගලයට සම්බන්ධ වෙන්නෙ? ඔයා මේ සුමිත් වගේ ඓන්ද්‍රීය බුද්ධිමතකුගේ ඉතිහාසය විකෘති කරනවා නේද?. “

අද කාලයේ පුබුදු හිතන විදිහටම තමයි මම 90 දශකය අගකාලයේ හිතුවෙ. අර ඉහත පහදන ලද නපුරු සිදුවීමට පස්සේ සුමිත් සංවිධාන නිවසේ ඇඳකට වැටිලා මාස 6ක් විතර කරකවල අතහැරියා වගේ හිටියා. අපි කලින් කතා කරපු බොරු චන්ඩියාත් මේ සිදුවීම ගැන හොඳින් දන්නවා(1999) ඊට පස්සෙත් සුමිත්ට ස්ත්‍රිය ගැන දිගින් දිගමට තිබුනේ තිත්ත කුතුහලයක්. ඒ ගැන මට විවිධ තොරතුරු ආවත් (විශේෂයෙන් පක්ෂයේ සාමාජිකයෙක් වන වසන්තගේ පෙම්වතිය ඔහුට හොරෙන් පාවිච්චි කරනවා කියන ආරංචිය නිසා) මම වසන්තගේ සිදුවීමට පසුව තිගැස්සෙනවා. ප්‍රභා මනුරත්න පවා ඒ මොහොතේ කියන්නේ ‘සුමිත්ගේ’ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවිය යුතු බවයි. මතක තරමින් සුමිත්ට මාත් එක්ක පුද්ගලිකව තරහ වෙන්න කිසි හේතුවක් නැහැ. මේ සිදුවීමේදී මම තදින් ක්‍රියා කරා. මතක තරමින් ඒ 2002 දී විතර. සුමිත්ගේ තරහව එළියට ආවේ 2004ට පසුව.

නමුත් 2004 දෙසැම්බර් වලට පසුව සුමිත් චාමින්ද අමුතුම චන්ඩියෙක් වුණා. 1999 වර්ෂයේ ගුප්ත මනුස්සයා සහ 2004 ට පසු බිහි වූ “මාධ්‍ය වීරයා” අතර පරතරය (Gap) ගැන අදහසක් චාමින්දගේ සමකාලීන කිසිම ලිවීමක නැහැ. එපමණක් නොව X කණ්ඩායමෙන් 2004 ට පසු ඉවත් වූ සෑම පුද්ගලයෙකුම මේ Gap එක ගැන නිශ්ශබ්දයි. මේ Gap එක, ඒ නිසා ‘ආත්මයක්’ (Subject). මේ ආත්මය ගැන ඇති අසංවේදීතාවය නිසා ඔවුන් කතාකරන ඕනෑම දේශපාලනික න්‍යායක් අයිති වෙන්නේ පූර්ව-X යුගයට. ඒ කියන්නෙ මනෝවිශ්ලේෂණයට පෙර යුගයේ දේශපාලනක් තමයි ඔවුන් කතාකරන්නේ. මේ Gap එක කියවන්න මනෝවිශ්ලේෂණය අවශ්‍යයි.

ඊළගට අපි කතාකරමු සුමිත් චාමින්දගේ අැකඩමික සුදුසුකම්. මහාචාර්ය උයන්ගොඩ ඔහු අංශ ප්‍රධානියා වූ මුළු කාලය තුළ සුමිත්ව ඇකඩමියාව ඇතුලට නොගත්තේ ඇයි? හේතුව තමයි සුමිත් ලක්ලව්, ග්‍රාමිස්ච් කියන නම් විසි කරනවා මිස නිසි නිර්මාණශීලී අලුත් දැනුමක් ලංකාවේ දැනුම තටාකයට ඇතුල් නොකරන නිසා. එපමණක් නෙවි නොර්වේ හි ලියාපදිංචි වූ M.Phil එක කොළඹ M.A එකක් වුනේ කොහොමද?.

ඊළගට එන ප්‍රශ්නය තමයි යළිත් මේ මෑතකදී  විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා දෙපාර්තුමේන්තුවට සුමිත් ඇතුල් වුනේ කොහොමද කියන එක. අපි නිකමට හිතමු උයන්ගොඩ ඊර්ෂ්‍යාවට ගත්තේ නැහැ කියලා. මේ ක්‍රියාවලියට අංශ දෙකක සම්බන්ධයක් තියෙනවා. සුමිත්ව ගත්ත මොහොතේ එහි හිටපු ප්‍රධානියා බඩුවක් ගහන්න ඕන කමට එක්කෙනෙක් ගත්ත. ඉතුරු පුරප්පාඩුවට තමයි සුමිත්ව ගත්තෙ. ඒක කරපු ක්‍රමයට මාත් සම්බන්ධයි. මම එපා කිව්වනම් සුමිත්ව ගන්නේ නැහැ. ලංකාවේ විශ්ව- විද්‍යාලවල බඩු ගහන්න ඕනෙ වුණාම ගුරුවරුන් ගන්න එකට ලංකාවෙ කිසිම වාමාංශික පක්ෂයක් උද්ගෝෂණ කරනවාද? සුමිත් හොඳටම දන්නව තමන්ගේ හිටපු අංශ ප්‍රධානියා මොකක්ද කරේ කියල. මේක අසරණකමක්. හැබැයි මම ගැන නොදන්න දේවල් මීට පස්සෙ ලියන්න එපා. එහෙම කරාම තව දේවල් කියන්න පුළුවන්. අවශ්‍ය නම් නයනි මෙලගොඩ ගැනත් කතා කරන්න පුළුවන්.

නිර්මාල් වැනි කෙනෙක් ගත්තම ඔහු දේශපාලන උද්ඝෝෂකයෙක්. ඔහුගෙන් අපි න්‍යායික සාකච්ඡා බලාපොරොත්තු වෙන්නේ නැහැ. ප්‍රභා මනුරත්නගේ තත්වය වඩා සංකිර්ණයි. ඇය ශ්‍රාස්ත්‍රීය ශික්ෂණයට අනුව ඉංග්‍රීසි භාෂාව උගන්වන ගුරුවරියක්. ඇත්තටම ඇය ඉතා දක්ෂ ඉංග්‍රීසි ගුරුවරියක්. නමුත් ඇය තමන්ගේ ආචාර්ය උපාධිය කරලා තියෙන්නේ සංස්කෘතික අධ්‍යනයට අදාළව. ඇයගේ PhD උපාධිය කියවීමට තැනක් නැති නිසා මේ කරුණ ඔප්පු කරන්න විධියක් නැහැ. ලංකාවේ විශ්ව-විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ආචාර්ය උපාධි නියාමනය කිරීමේ ක්‍රමවේදයක් නැහැ. ප්‍රභා මනුරත්න දිගට හරහට මනෝවිශ්ලේෂණය ගැන ලියන ලිපිවල ශ්‍රාස්ත්‍රීය අගයක් නැත්තේ මේ හින්දයි. දැන් මම ලියන්නේ මහජනතාවට. මට අවශ්‍ය වෙන්නෙ මහජනයා දැනුවත් කිරීම පමණයි. එහෙම වුණත් මා ඉදිරිපත් කරන න්‍යායික සංකල්ප වියවුල් නොකරන්න හැකිතාක් උත්සහ කරනව. ප්‍රභා මනුරත්නගේ ආචාර්ය උපාධි නිබන්ධනය එය ලබාගත් විශ්ව-විද්‍යාලයට ලියා ලබාගෙන ඒ ගැන විචාරයක් කිරීමට පක්ෂයේ පිරිසක් දැනට කටයුතු කරගෙන යනව. දැන් ඊළගට ප්‍රභා ‘අධ්‍යාපනය’ වැනි ඇය කිසිවක් නොදන්නා විෂයකටත් අත තබා තිබෙනවා. ජවිපෙ විද්වත් සභාව ඇමතූ ඇය කියා සිටියේ  “අපි කවුරුත් කතා කරන්නේ නැහැ” කියා ය. මෙය මනෝවිශ්ලේෂණයට අදාළ ශෝක පණිවුඩයකි. ජවිපෙ ! ඔබට දෙවි පිහිටයි !

මම මේ ඉහත කිව්වෙ මට කෙලවන්න හිතාගෙන ලංකාවේ වාමාංශිකයන් සහ මාධ්‍යකරුවන් පෙන්නන සංදර්ශණ සඳහා මගේ පැත්තෙන් කළ ගෙදර වැඩ. මේ අයව උස්ස උස්සා තපුල්ලන මහත්වරුන් සහ නෝනාවරුන් ගැන මම තවම කතා කළේ නැහැ. උදාහරණයක් වශයෙන් සිරිමලී ට එහෙම මම අවවාද කරන්න කැමතියි. නොදන්න දේවල් ගැන, නොදන්න අය ගැන කතා කරවන්න උත්සහ කරවන්න රපා. එතකොට තම තමන්ගේ පවුල්වල ජරා ඉතිහාසය ඇවිස්සෙනව. අපි මේ හැමොටම කියන්නෙ අපි ඔබව අමතක කරල තියෙන්නෙ. අපි ගැන කතා නොකර ඔබලා ගැන කතා කරගන්න ! ඒවා ට ලකුණු දමා ගැනීම සඳහා අපගේ වැරදි උපුටන්න එපා.

ඔන්න දැන් අපිට පුළුවන් ‘මනෝවිශ්ලේෂණය’ අපගේ සංවිධානයට අවශ්‍ය වූ ඓතිහාසික මූලාශ්‍ර ගැන කතාකරන්න.

සුමිත් චාමින්ද මට හමුවුනේ කවියෙක් හැටියට.කවියන් කියන්නෙ දේශපාලනයේදී භයානක ප්‍රවර්ගයක් බව මම ඔහුට එකල ඒත්තු ගැන්නුව. මට මේ මෑතකදි මිතුරෙක් සුමිත්ගේ අලුත් කවි පොතක් දුන්න. පුදුමයි ඔහු නැවත කවියෙක් වෙලා. තමන්ගේ ආත්මීය අසංගතභාවයන්ගෙන් මිදෙන්න තියෙන හොඳම උපක්‍රමය කවි තමයි. පිළිකුළ සහ දොම්නස ජීවත් වීමේ කුළුණු දෙකක්.

Deepthi kumara Gunarathne

 

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. is this not the name of the Thesis of Dr Prabha Manurathne
    The Martyr and the Traitor: Violence and Resistance in World

Comments are closed.