[dropcap color=”green”]මේ[/dropcap] වන විට පොදු විපක්ෂය ඇතුලු වමේ එකමුව විසින් පවතින පාලනයට එරෙහිව විවිධ යෝජනා සහ වැඩමුලු සංව්ධානය කරමින් සිටියි.. පවතින ක්‍රමය විවේචනය කරනවාට වඩා අවශ්‍ය වන්නේ පවතින ක්‍රමය වෙනස් කිරීම සදහා වූ දෘෂ්ඨිවාදී විශ්ලේෂණයක් බව අපේ පිළිගැනීමයි. එසේ නොවන තාක් කල් අපට ක්‍රමයට එරෙහිව යැයි කියමින් විවිධ දෑ කරමින් තනි තනිව සතුටු වන්නට පුලුවන. මේ නිසා පවතින ක්‍රමයට එරෙහිව සංයුක්ත වාමාංශික ව්‍යාපාරයක් උදෙසා වූ දෘෂ්ටිවාදී අරගලය ප්‍රමුඛ යැයි පිළිගන්නා අප, සියළු දෙනාට පහත යෝජනාවලිය ගැන ගැඹුරින් අධ්‍යනය කරන්න යැයි ආරාධනා කරන්නෙමු.

ලංකාවේ බොහෝ දෙනා  ප්‍රජාතන්ත්‍රවාදය සහ සාධාරණ පාලනයක් වෙනුවෙන් විවිධ යෝජනා කරයි. පවතින ක්‍රමයට අදාල දෘෂ්ටිවාදය සහ මර්ධනය ඇත්තේ අප සිතන තැන් වල නොවේ. අවම වශයෙන් එල්.ටී.ටී.ඊ ය විසින් සිංහල රාජ්‍යෙය් මතවාදී සහ මර්ධිත ආයතන වල ප්‍රමිතිය ඉහළ දමා තිබූ අතීතය අමතක කළ යුතු නැත. සිංහල රාජ්‍යෙය් මර්ධනය සමතුලිත වූයේ එල්.ටී.ටී.ඊ ය නිසාය. 2009 ට පසු මෙම තත්ත්වය අහෝසි විය. දැන් ආරම්භයක් ලෙස අපට විපක්ෂ බලවේග වලට පහත යෝජනා ඉටු කිරීමට පෙළඹවිය හැක.  අනාගතය පිවිතුරු කරන්නට යන අයට මේ යෝජනා විෂ විය හැක. ( ලෝකය පිවිතුරු කිරීම අවසන් වන්නේ රුධිරයෙන් නැහැවීමෙන්ය. )

01-   කෑලෑ ඇදුම් අදින සියළුම නිළධාරීන්ට තමන්ගේ සාමාන්‍ය නිල ඇදුම ඇදීමට යෝජනා කිරීම.

02-   පොලීසියේ අතිරික්ක බලකායක් වන විශේෂ කාර්ය බලකාය විසුරුවා හැර එහි සියළු නිළධාරීන් සාමාන්‍ය පොලිස් සේවයට අනුයුක්ත කිරීම.

03-   පුරුද්දක් ලෙස ත්‍රිවිධ හමුදාවේ නිළධාරීන් ඇමරිකාවට යැවීම අත් හිටුවා ඒ අයව යුරෝපයේ හමුදා ඇකඩමි වලට යැවීම.

04-   උද්ඝොෂණ සහ රැළි විසිරුවා හැරීමේ දී ශරීරයට කරන පහර දීම් සදහා අදාල නිළධාරීන්ට විනය පරීක්ෂණ පැවැත්වීම.

05-   මානව හිමිකම් නීතිය ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ මූලික නීතිය බවට පරිවර්තනය කිරීම.

06-   මින් ඉදිරියට රටතුළ අභ්‍යත්තර සිවිල් යුද්ධ මර්ධනය කිරීමට හමුදාව යොදා ගැනීමට ඇති ව්‍යවස්ථාපිත හැකියාව දේශපාලකයන්ට නැති කිරීම( වෙනත් රටකට එරෙහිව හැර-උදාහරණයක් ලෙස ඉන්දියාව සිය මාවෝවාදී අරගලය මර්ධනය කරන්නට ත්‍රවිධ හමුදාව යොදා නොගැනීම) එවිට ඔවුන් ප්‍රශ්ණ වලට දේශපාලන උත්තර දීමට පුරුදු වනු ඇත.)

ඉහත යෝජනා කිසිවක් ඉටු කිරීමට එක්සත් ජාතික පක්ෂයේ සිට ජනතා විමුක්ති පෙරමුණ දක්වා කිසිදු සිංහල දේශපාලන පක්ෂයක් කැමති නොවනු ඇත. එබැවින් ඉහත අප යෝජනා කරන සාර්වත්‍රික දේශපාලන නිදහස සදහා සටන් කළ යුත්තේ කා සමගද? ඔබගේ අනාගතය රැදී පවතින්නේ එස්.එම් මරික්කාර් හෝ සාගල රත්නායක අතේද? නැතහොත් සොක්‍රටීස් හෝ හෙබ්ස් අතේද? අපි මෙවර කාට හරි කඩේ යන්නේ නම් අවම වශයෙන් එක බිත්තරයක් හෝ අපේ සාක්කුවේ දමාගත යුතුය. එසේ නොවුන හොත් නිසි මොහොතකදී චන්ද්‍රිකා ගේ කාලයේ සනත් ගුණතිලක ලෙසින් ද? මහින්ද ගේ කාලයේ සජින් වාස් ලෙසින් ද අනාගත කවුරු හරි විපක්ෂ නායකගේ යුගයේ කවුරුන් හෝ වාඩි වනු ඇත. සංගීත පුටු තරගයකට පසු අවසානය තීරණය කරනවාද නැතහොත් දේශපාලනයේ ඇති මොහෙයුම් හැකියාව ප්‍රයෝජනයට ගන්නවාද? සෑම තැනකම කප්පම්කාරයන් රජ කරන විට මේ ක්‍රියාව අතිශය දුෂකරය. නමුත් එය විහිළුවක් නොවේ.

 

ඔබේ අදහස කියන්න...

4 COMMENTS

  1. මිනී මරන්න පුලුවන් අලුත් ක්‍රම අත්හදා බලන ලෝකයට දීප්තිගෙන් අහිංසක යෝජනාවක්!

  2. ශ්‍රීලංකා පෙරටුගාමී පක්ෂයේ “එකසත් වමක් සඳහා යෝජනාවලියක්” යන්න හා බැඳේ………

    ඉතාමත්ම කාලෝචිත යෝජනාවකි. වමේ කිසිඳු දේශපාලන පක්ෂයකට හෝ සාමුහිකයකට මේ පිළිබඳව වැටහීමක් නොතිබුණි. නමුත් ශ්‍රීලංකා පෙරටුගාමී පක්ෂයේ “දැනුම” හේතුවෙන් මෙවැනි අවස්ථා වන් පිළිබඳව ඔවුනට වටහා ගැනුමට නිබඳ හැකියාවක් ඇත. පවතින මොහොත විශ්ලේෂණය කොට ගත හැකි එකම දේශපාලන පක්ෂය ශ්‍රීලංකා පෙරටුගාමී පක්ෂයයි. මෙම යෝජනාවලියෙන් ඒ පිලිබඳ මොනවට පැහැදිලිවෙයි.
    එම ලිපියේ මෙම ඡේදයට අනුව…..

    “මේවන විට පොදු විපක්ෂය ඇතුලු වමේ එකමුව විසින් පවතින පාලනයට එරෙහිව විවිධ යෝජනා සහ වැඩමුලු සංව්ධානය කරමින් සිටියි.. පවතින ක්‍රමය විවේචනය කරනවාට වඩා අවශ්‍ය වන්නේ පවතින ක්‍රමය වෙනස් කිරීම සදහා වූ දෘෂ්ඨිවාදී විශ්ලේෂණයක් බව අපේ පිළිගැනීමයි. එසේ නොවන තාක් කල් අපට ක්‍රමයට එරෙහිව යැයි කියමින් විවිධ දෑ කරමින් තනි තනිව සතුටු වන්නට පුලුවන. මේ නිසා පවතින ක්‍රමයට එරෙහිව සංයුක්ත වාමාංශික ව්‍යාපාරයක් උදෙසා වූ දෘෂ්ටිවාදී අරගලය ප්‍රමුඛ යැයි පිළිගන්නා අප, සියළු දෙනාට පහත යෝජනාවලිය ගැන ගැඹුරින් අධ්‍යනය කරන්න යැයි ආරාධනා කරන්නෙමු.”

    පවතිනා තත්වය තෙරුම්ගතයුත්තේ කෙස්ද යන්න මොනවට පැහැදිලි කරයි. එනම් මේවන විට පොදු විපක්ෂය ඇතුලු වමේ එකමුව විසින් පවතින පාලනයට එරෙහිව විවිධ යෝජනා සහ වැඩමුලු සංව්ධානය කරමින් සිටියි..නමුත් ඒවායින් සිදුවන්නේ පවතිනා ක්‍රමය විවේචනය කිරීමයි. එනමුත් අවශ්‍ය වන්නේ පවතින ක්‍රමය වෙනස් කිරීම සදහා වූ දෘෂ්ඨිවාදී විශ්ලේෂණයකි. ඒ අනුව පවතිනා ක්‍රමය යනු රාජපක්ෂ පාලනයයි. මන්ද විපක්ෂය එරෙහි වන්නේ එයටය ( මෙම ලිපියේ විශ්ලේෂණයට අනුව ගම්‍ය වන්නේ එයයි. එනම් පවතිනා “පාලනය” යන්න “ක්‍රමය” යන්න බවට ලිපියේ පෙළ තුල නිරූපණය වීමයි ). ඒ අනුව රාජපක්ෂ පාලනයට එරෙහිවීම යනු ලිපියට අනුව ක්‍රම විරෝධී සටනයි. එනම් “ක්‍රමයේ” මෙම මොහොත පවත්වාගෙන යන්නේ රාජපක්ෂ රෙජීමය වන බැවින් විය යුතුය. එවිට රාජපක්ෂ රෙජීමයට එරෙහිවීම යනු ක්‍රම විරෝධී අරගලයයි. ලිපියේ අවධාරණය අනුව ලංකාවේ බොහෝ දෙනා “සාධාරණ” පාලනයක් වෙනුවෙන් කරනා යෝජනා පල රහිත අතර ශ්‍රීලංකා පෙරටුගාමී පක්ෂයේ මෙම යෝජනාවලිය පල දරන්නකි.
    එම ක්‍රම විරෝධී අරගලය යන්න අපට මෙසේ පැහැදිලි කල හැකිය. එන මෙම යෝජනාවලියට අනුවය.

    01- කෑලෑ ඇදුම් අදින සියළුම නිළධාරීන්ට තමන්ගේ සාමාන්‍ය නිල ඇදුම ඇදීමට යෝජනා කිරීම.

    කෑලෑ ඇඳුම අනදිනා සියළුම නිළධාරීන් තම නිල ඇඳුම් හැඳගත් පසුව ඔවුනට කෑලෑ තුල සටන් කිරීමට නොහැකි වනු ඇත. ඒ අනුව විප්ලවවාදී වාමාංශික පක්ෂ සහ ප්රැක්සිස් සාමුහිකය වැනි කණ්ඩායම් වලට වන ගත ගරිල්ලා දේශපාලනයෙහි නිරත වනු හැකි වනු ඇත. එය ක්‍රම විරෝධී අරගලයක් සඳහා වන ප්‍රවේශයක් ලබා ගැනීමක් හේතුවෙන් එම යෝජනාව ක්‍රම විරෝධිය.

    2. පොලීසියේ අතිරික්ක බලකායක් වන විශේෂ කාර්ය බලකාය විසුරුවා හැර එහි සියළු නිළධාරීන් සාමාන්‍ය පොලිස් සේවයට අනුයුක්ත කිරීම.

    එනම් විශේෂ කාර්ය බලකාය යනු සුවිශේෂී කටයුතු සඳහා යොදාගනු ලබන බලකායකි. එය විසුරුවා හැර සාමාන්‍ය සෙබළුන් තත්වයට ගත් පසුව ඔවුනට එම විශේෂ වැඩ කිරීමට නොහැකි වේ. එනම් ශ්‍රේෂ්ට යුරෝපීයන් විසින් අපට දායාද කරන ලද “ශිෂ්ට සමාජ පිළිවෙල සහ නීතියට” අනුකූලව ඉන් පසු ඔවුන් ක්‍රියා කරනු ලබයි. එනම් ප්‍රශ්නය ඇත්තේ ඔවුන් විශේෂ කාර්ය බලකායක් ලෙස ස්ථාපිත කොට ඇති බැවිනි.

    03- පුරුද්දක් ලෙස ත්‍රිවිධ හමුදාවේ නිළධාරීන් ඇමරිකාවට යැවීම අත් හිටුවා ඒ අයව යුරෝපයේ හමුදා ඇකඩමි වලට යැවීම.

    එනම් ඇමරිකාවේ නියම ප්‍රජාතන්ත්‍රවාදය, යහ පාලනය සහ නීතියේ පිළිවෙල නොමැත. එය පවතින්නේ මහා අනෙකා තවමත් පවතිනා ( මෙම අදහස මීට පෙරද 3මාන වෙබ් අඩවියේ ශ්‍රීලංකා පෙරටුගාමි පක්ෂයේ news editor විසින් ප්‍රකාශකොට තිබුණි ) යුරෝපයේය. අවිට එම නිලධාරීන් යෝරෝපයේ පවතිනා ” ශුද්ධ වූ බටහිර ශිෂ්ටත්වය” ඉගෙන ගැනීම හේතුවෙන් ශ්‍රීලංකා යුධ හමුදාව ශිෂ්ට සම්පන්න යුධ හමුදාවක් බවට පත්වී නීත්‍යානුකූලව තම රාජකාරිය කරනු ඇත.

    04- උද්ඝොෂණ සහ රැළි විසිරුවා හැරීමේ දී ශරීරයට කරන පහර දීම් සදහා අදාල නිළධාරීන්ට විනය පරීක්ෂණ පැවැත්වීම.

    මෙය ශ්‍රීලංකා පෙරටුගාමී පක්ෂයේ ඉතාමත්ම බුද්ධිමත් තීරණයකි. ශරීරයට කරන පහරදීම් පිළිබඳව විනය පරීක්ෂණ පැවැත් විය යුතුය. ඒවා පවත්වන්නේ යුධ හමුදාවේම ඉහල නිලධාරීන් බැවින් ඔවුන් ඇමෙරිකාවට නොයවා යුරෝපා රටක පුහුණ කිරීමන් අනතුරුව නීතිය අකුරට ක්‍රියාත්මක කරනා බැවින් ඉන් ඉදිරියට උද්ඝොෂණ සහ රැළි විසිරුවා හැරීමේ දී ශරීරයට කරන පහර දීම් සම්පූර්ණයෙන්ම කල නොහැකි වනු ඇත. ඒ අනුව ඉන් පසුව වාමාංශික පක්ෂ ඇතුළු විපක්ෂයට හැකි තාක් ආණ්ඩු විරෝධී උද්ඝොෂණ සහ රැළි ( එනම් ක්‍රම විරෝධී ) යහමින් පවතිවිය හැකි වනු ඇත. එවිට එවැනි උද්ගෝෂණ රැලි වලට සහබාගි වන්නන් හට ශාරීරික ප්‍රහාර එල්ල කිරීමට පොලිස් හෝ හමුදා නිලධාරීන්ට හැකි නොවනු ඇත. එවැනි තත්වයක් යටතේ බහුතරයක් ජනතාව කිසිඳු බිය සැකයකින් තොරව උද්ගෝෂණ සහ රැලි වෙත සහබාගි වනු ඇත. ඒ අනුව ඒවා දීර්ග ලෙස වර්ධනය වීම හේතුවෙන් අවසානයේ අරලියගහ මන්දිරය වටලන තත්වයක් දක්වා එවැනි උද්ගෝෂණ රැලි වර්ධනය වන අතර “බෑගය අරන් ගෙදර නොයන” රාජපක්ෂ රෙජීමය වැනි රෙජීමයන් පලවා හැරීමට ඒ පිළිබඳව අයිතියක් ඇති පොදු ජනතාවට හැකි වනු ඇත.

    05- මානව හිමිකම් නීතිය ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ මූලික නීතිය බවට පරිවර්තනය කිරීම.

    මෙය ඉතාමත්ම බුද්ධිමත් යෝජනාවකි. එකසත් ජාතීන්ගේ සංවිධානය විසින් පිළිගෙන ඇති හිමිකම් ප්‍රච්නප්තියට අදාළ නීති රීතීන් ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ මූලික නීතිය බවට පරිවර්තනය කිරීම කල යුතුය. එකසත් ජාතීන්ගේ සංවිධානය විසින් මානව හිමිකම් ප්‍රච්නප්තියක් ලොවට දායාද කොට ඇති නමුදු ඒවා ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න එම සංවිධානයේ කිසිඳු ලියවිල්ලක හෝ වාචික ප්‍රකාශයක සඳහන් වී නොමැත. නිදහස ( නිදහස යන්න සංධර්භය අනුව වෙනස් වේ ) සහ සමානාත්මතාවය වෙනුවට අයිතවාසිකම් ඉල්ලා සටන් වැදීම යුගයේ අවශ්‍යතාවය බව එක හෙලා පිලිගනිමි. ලෝකයේ කිසිඳු රටක එක්සත්ජාතීන්ගේ මානව අයිතිවාසිකම් ක්‍රියාත්මක නොවුනද ලංකාවේදී එය ලොවටම ආදර්ශමත් ලෙස ක්‍රියාත්මක කොට පෙන්විය හැකි බව සහ ඒ සඳහා ශ්‍රීලංකා පෙරටුගාමී පක්ෂයට පෞරුෂයක් ඇති බව මෙමගින් ඔප්පු වේ. එක්සත් ජාතික පක්ෂය නින්ද්‍රා ශීලිව සිටියේදී දැඩි මර්ධනකාමීත්වයක් හමුවේ ශ්‍රීලංකා පෙරටුගාමී පක්ෂය ප්‍රධාන සමබිම, නිදහසේ වේධිකාව වැනි සංවාද තුලින් ලංකාව පුරා ගෙන ගිය මෙම පණිවිඩය දැන් ශාක්සාත් කොට ගැනුමට කාලය පැමිණ ඇත. මේ සඳහා ජීවිත පරිත්‍යාගයෙන් යුතුව කටයුතු කරනා ශ්‍රීලංකා පෙරටුගාමී පක්ෂයේ සුධර්ශන ගුණවර්ධන මහතාගේ ඇප කැප වීම සහ අප්‍රතිහත ධෛර්ය මේ සඳහා මහඟු සේ ඉවහල් වූ බව මාගේ අදහසය.
    මානව හිමිකම් ක්‍රියාත්මක කල හැකි අකාරය උදාහරණයකින් පැහැදිලි කරන්නේ නම් එය මෙසේය. රහසිගතව කරනා මෙනීමැරුම් සොයා යාමේදී සහ පුදගලයින් ප්‍රශ්න කිරීමේදී වැනි කටයුතු වලදී බටහිර චිත්‍ර පට වෙල පෙන්වනවාක් මෙන් ශාරීරික පීඩා නොකර, AC කරන ලද කාමරයක් තුල ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික පහසුකම් සහිතව කල යුතුය. එනම් මිනී මරුවා නීතියේ රැහැනට හසු කරගත යුත්තේ විද්‍යාව සහ තාක්ෂනය මගින් කරනා මෙහෙයුමක් තුලිනි. ඊට අමතරව මනෝවිද්‍යාත්මක දැනුමක් සහිත විශේෂ විමර්ශන ඒකකයක් පිහිටවිය යුතුය. මේ සඳහා ලංකාවේ සියලුම පොලිස් ස්ථාන නවීකරණය කල යුතු අතර විශාල තාක්ෂණ වේදීන් සංඛ්‍යාවක් බඳවා ගත යුතුය. එනම් මිනීමරුවන් , සොරුන්, ස්ත්‍රී දූෂකයින් වන්නන් නීතියේ රැහැනට අසුකොට ගත යුත්තේ “විද්‍යාත්මක” ක්‍රමවෙදයකට අනුව මිස පුද්ගලයින්ට අඩත්තේට්ටම් කොට දරුණු වැඩ හිංසා කිරීමෙන් නොවේ. ලංකාවේ තවමත් මද පමණකින් හෝ විද්‍යාවේ හා තාක්ෂණයේ බලමහිමයෙන් යුතු පොලිස් සේවයක් පවතිනුයේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ පමණි. එය එසේ වී ඇත්තේ එසේ නොමැතිව අධිවේගී මාර්ගයක් පවත්වාගෙන යා නොහැකි බැවිනි. එනම් අධිවේගී මාර්ග සම්ප්‍රදාය අපහට කෙලින්ම බටහිර ශිෂ්ටත්වය තුලින්ම පැමිණ ඇති හෙයිනි. එබැවින් එහි එතරම් කුණු වීමක් නොමැත (තවත් එවැනි ක්ෂේස්ත්‍රයක් වන්නේ අධිකරණ කෙශ්ස්ත්රයයි. එයද බටහිර ශිෂ්ටත්වයේ උරුමයකි). එවැනි රටක පොලීසියට යාමට, සැක පිට රිමාන්ඩ් බන්ධනාගාර ගත වීමකට කිසිවෙකුත් බය විය යුතු නැත. එවිට ඕනෑතරම් උද්ගෝෂණ, පිකටින්, උපවාස, වැඩ වර්ජන ක්‍රියාත්මක කල හැකිය. එවැනි තත්වයක් තුල එම දේශපාලන ක්‍රියාවන් වෙත මිනිසුන්ගේ සහභාගීත්වය ඉහල යනු ඇත. අප එවැනි හිරගෙවල් පිළිබඳව ඉගන ගත්තේ ශ්‍රීලංකා පෙරටුගාමී පක්ෂය විසින් පල කොට තිබු ඡායා රූප සහිත නොර්වේ හිරගෙයක් පිළිබඳව ලිපියකිනි. ශ්‍රීලංකා පෙරටුගාමී පක්ෂයේ සුධර්ශන ගුණවර්ධන මහතා ඇතුළු පිරිස සමබිම නිදහසේ වෙධිකාව තුලින් වෙහෙසෙන්නේ මෙවැනි සමාජයක් උදාකර ගැනීම සඳහාය.

    වැඩවසම් චින්තනයට හසු නොවී ජේ ආර්ගේ බෑනා වන රනිල්ගේ නායකත්වයෙන් යුතුව මෙවැනි සංවර්ධන ව්‍යාපෘතීන් ක්‍රියාත්මක වුයේ නම් ඒවා මීට වඩා නවීකාරක විභවයකින් යුතු වනු ඇත. අප එය තේරුම් ගත්තේ ශ්‍රීලංකා පෙරටුගාමී පක්ෂයේ දැනුම තුලිනි.

    ඊට අමතරව පොලීසිය, හමුදාව, අල්ලස් දෙපාර්තුමේන්තුව, හෝ වෙනත් ඕනෑම රජයේ ආයතනයක් හෝ නිලධාරීන් නිසි පරිදි “නීතිය සහ පිළිවෙල” තුල ක්‍රියාත්මක වන්නේ දැයි විමර්ශනය කිරීම සඳහා තිබිය යුතුම සුවිශේෂී පද්ධතිය වන්නේ දියුණු වාර්තාකරණයක් සහිත ජනමාධ්‍ය පද්ධතියකි. එබැවින් රාජ්‍ය ආයතන ව්‍යුහය නිසි පරිදි ක්‍රියාත්මක වීමට නම් නිසි ජනමාධ්‍ය නිදහසක් තබිය යුතුය. නැති නම් දිවුණු වන සමාජයක ආරෝහණ පටිපාටි ගත ඉහල නිලයන් වෙත නැගීමේ පිළිවෙලක ඇති රජයේ නිලධාරීන්ගේ දූෂණ, වංචා සහ අක්‍රමිකතා හෙළිදරව් කිරීමට සහ දේශපාලන ක්ෂේස්ත්‍රයේ එවැනි ක්‍රියා හෙළිදරවු කොට නිරාවරණය කිරීම ජනමාධ්‍ය ක්ෂේස්ත්රයේ කාර්යභාරයයි. එවැනි ජනමාධ්‍ය පද්ධතියක් සහිත සමාජක “වැරදි” කිරීම සඳහා පොලීසිය, හමුදාව හෝ වෙනත් ඕනෑම රජයේ ආයතනයක් හෝ නිලධාරීන් බිය වීම හේතුවෙන් ඒවා වලකිනු ඇත. එවිට එම “කතිකාව” තුලින් “දියුණු බටහිර ශිෂ්ට මිනිසා” බිහිවනු ඇත. “දිවුණු ධනවාදී සමාජයක්” ක්‍රියාත්මක වන්නේ ඒ අකාරයටය. එබැවින් සමාජවාදය කරා යන ගමනේදී මුලින්ම කල යුතු කාර්ය වන්නේ ශ්‍රීලංකාව දියුණු ධනවාදී රාජ්‍යක් බවට පත් කිරීමය. වික්‍රමභාහු කරුණාරත්න මහතාද මෙම ස්ථාවරයට සමාන ස්ථාවරයක පසු වන බව පෙනී ගියද පවතින පශ්චාත් නූතන ධනවාදය තේරුම් ගැනුම සඳහා ඔහුට “දැනුමක්” නොමැත. එම දැනුම ඇති එකම දේශපාලන පක්ෂය ශ්‍රීලංකා පෙරටුගාමී පක්ෂයයි.
    6. මින් ඉදිරියට රටතුළ අභ්‍යත්තර සිවිල් යුද්ධ මර්ධනය කිරීමට හමුදාව යොදා ගැනීමට ඇති ව්‍යවස්ථාපිත හැකියාව දේශපාලකයන්ට නැති කිරීම( වෙනත් රටකට එරෙහිව හැර-උදාහරණයක් ලෙස ඉන්දියාව සිය මාවෝවාදී අරගලය මර්ධනය කරන්නට ත්‍රවිධ හමුදාව යොදා නොගැනීම) එවිට ඔවුන් ප්‍රශ්ණ වලට දේශපාලන උත්තර දීමට පුරුදු වනු ඇත.)

    ඉහත යෝජනාව ඉතා කදිම යෝජනාවකි. එය ක්‍රියාත්මක කළහොත් සිවිල් යුද්ධ මර්ධනයේදී කිසිඳු මිනිසෙකුට හානි සිදු නොවනු ඇත. මන්ද පොලීසියට හමුදාව මෙන් ක්‍රියා කල නොහැකි බැවිනි ( එසේ කළහොත් ජනමාධ්‍ය විසින් එය වාර්තා කිරීම තුල, විනය විරෝධී සහ පොලිස් නිල සීමාවෙන් පිට කටයුතු කිරීම හේතුවෙන් ඔවුන්ගේ සේවය අත්හිටුවිය හැකිය ). මෙයින් අදහස් කරනුයේ සිවිල් යුද්ධ ඇති වීම සුළුජාතික නිදහස සඳහා අතවශ්‍ය කොන්දේසියක් බවය. එවිට ඒවා මර්ධනය කිරීම රජයේ කාර්ය වුවද නිසි පරිදි මර්ධනය කිරීම හේතුවෙන් දෙපාර්ශවය සමතුලිත වී ඒවාට දේශපාලන උත්තර ලැබෙනු ඇත යන්න ශ්‍රීලංකා පෙරටුගාමී පක්ෂයේ අදහසය. මමද එය ඉතා ඉහලින්ම පිළිගන්නා කාරණාවකි. එනම් “කම්යුනිස්ට් සමාජයකදී වුවද ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වන අරගල පවතිනා බැවිනි.” ඒ අනුව සමබිම, නිදහසේ වෙධිකාව වැනි මානව හිමකම් සංවිධානද එවැනි සමාජයක පවතිනු ඇත. අප එයද ඉගන ගත්තේ ශ්‍රීලංකා පෙරටුගාමී පක්ෂයෙනි.

    ඉහත යෝජනාවලිය සම්බන්ධයෙන් තව තවත් ලිවිය හැකි වුවද මෙම ලිපිය දීර්ගාවන් බැවින් එය නවතා දමමි. නමුත් ලිපියේ අවසානය පිළිබඳවද යමක් සඳහන් කල යුත්තේ “කල යුත්තේ කුමක්ද” යන ලෙනින්වාදී භාවිතාව එහි අඩංගු බැවිනි. එනම් එය මෙසේය.

    “ඉහත යෝජනා කිසිවක් ඉටු කිරීමට එක්සත් ජාතික පක්ෂයේ සිට ජනතා විමුක්ති පෙරමුණ දක්වා කිසිදු සිංහල දේශපාලන පක්ෂයක් කැමති නොවනු ඇත. එබැවින් ඉහත අප යෝජනා කරන සාර්වත්‍රික දේශපාලන නිදහස සදහා සටන් කළ යුත්තේ කා සමගද?”

    එය ඉතා පැහැදිලිය ඉහත යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ සිට ජනතා විමුක්ති පෙරමුණ දක්වා කිසිදු සිංහල දේශපාලන පක්ෂයක් කැමති නොවනු ඇත්තේ එම යෝජනා ක්‍රියාත්මක කළහොත් නොර්වේ ( ඩෙන්මාර්ක් නොර්වේ වැනි සමාජයන් බිහි වුයේ කෙසේද යන්න පිළිබඳව දීප්ති කුමාර මහතා විසින් අපට “දැනුමක්” ලබා දෙනු ඇතයි සිතමි. දැනට ඒ පිළබඳව “දැනුමක්” අපට නොමැත. ) වැනි සමාජයක් රහිත මෙවැනි රටක රාජ්‍ය සහ ධනවාදය අතාර්කික වන බැවිනි. ඒ අනුව ශ්‍රීලංකා පෙරටුගාමී පක්ෂයේ ඉහත යෝජනාවලියේ කූටප්ප්‍රාප්තිය ඇත්තේ ලේනින්ගේ “කලයුත්තේ කුමක්ද ” ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙන මෙන්න මේ වාක්යයේය.

    “අපි මෙවර කාට හරි කඩේ යන්නේ නම් අවම වශයෙන් එක බිත්තරයක් හෝ අපේ සාක්කුවේ දමාගත යුතුය.”

    ඒ අනුව අපට පවතින ආණ්ඩුවට කඩයේ යා නොහැකි බව පැහැදිලිය. පවතින ආණ්ඩුවට කඩේ යාමේදී එක බිත්තරයක් හෝ සාක්කුවේ දමාගත නොහැකි බැවින්. මන්ද මහින්ද, ගෝඨාභය වැනි අය ඉහත යෝජනාවලියට කොහෙත්ම අකමැති වන බැවිනි. ඒ අනුව ඉතිරි වන්නේ ලිබරල් රනිල් වික්‍රමසිංහය. ඔහුට කඩේ යන්නේ නම් එක බිත්තරයක් නොව දෙක තුනක් වුවද සාක්කුවේ දමා ගත හැක්කේ ඔහු සමබිමෙහි ප්‍රධාන කතිකයා වූ බැවිනි. ඒ අනුව ඔහු බිත්තර සියල කෙසේ වෙතත් බිත්තර කිහිපයක් කඩා ඔම්ලට් දමනු ඇති බව අපගේද විශ්වාසයි.

    දැන් අපට ඉතා පැහැදිලිව පෙනී යන්නේ ලාංකීය “ශිෂ්ටත්වයේ සිහිනයේ” පෙරටුගාමී බලවේගය වන්නේ ශ්‍රීලංකා පෙරටුගාමී පක්ෂය බවය. එනම් ඉහත යෝජනාවලිය ක්‍රියාත්මක කල හැකි පසු බිම ලංකාව පුරා නිදහසේ වෙධිකාව, සමබිම වැනි රැස්වීම් සහ සංවිධාන පවත්වමින් සහ සංවිධානය කරමින් රැගෙන ගියේ ඔවුන් බැවිනි. ඊට අමතරව සිවිල් සමාජය ශක්තිමත් කොට හේගලියානු දේශපාලන රාජ්‍යක් බිහි කරගැනීම සඳහා වූ වැඩපිළිවෙලෙහි පෙරටුගාමීත්වය ගෙන තිබෙන්නේ ඔවුන්ය. එහිදී සුවිශේෂී කාර්යභාරයන් ඉටු කරන්නේ සුධර්ශන ගුණවර්ධන මහතා සහ බ්‍රිටෝ ප්‍රනාන්දු මහතාය.

    ඉහත ජෝජනාවලියේ සුවිශේෂී අංගයක් වන්නේ රනිල් වික්‍රමසිංහට සහයෝගය ලබා නොදුනහොත් වෙන්න යන දෙය පුරෝකථනය කොට තිබීමය. එය මෙසේය.

    “එසේ නොවුන හොත් නිසි මොහොතකදී චන්ද්‍රිකා ගේ කාලයේ සනත් ගුණතිලක ලෙසින් ද? මහින්ද ගේ කාලයේ සජින් වාස් ලෙසින් ද අනාගත කවුරු හරි විපක්ෂ නායකගේ යුගයේ කවුරුන් හෝ වාඩි වනු ඇත. සංගීත පුටු තරගයකට පසු අවසානය තීරණය කරනවාද නැතහොත් දේශපාලනයේ ඇති මොහෙයුම් හැකියාව ප්‍රයෝජනයට ගන්නවාද? සෑම තැනකම කප්පම්කාරයන් රජ කරන විට මේ ක්‍රියාව අතිශය දුෂකරය. නමුත් එය විහිළුවක් නොවේ.”

    අපිද එය පිළිගන්නෙමු “වෝඩ් පදෙසෙහි බුද්ධිමතා” වූ ජේ ආර් ගෙන් පසුව සිදු වුයේ එයයි.

    අවසාන වශයෙන් සුවිශේෂී කරුණක් සඳහන් කල යුතුය. ඉහත යෝජනාවලිය කොළඹ විශ්ව විද්‍යාලයේ සිවිල් පොරක් වන නිර්මාල් රන්ජිත් දෙවසිරිගේ යෝජනාවලීන්ට සමාන නොවේ. එය හරියටම “නෝර්ම් චොම්ස්කි සහ ලකාන් අතර වෙනස” වැනිය. ඒ අනුව චොම්ස්කි නිර්මාල් වැනිය ලකාන් දීප්ති වැනිය. ශ්‍රීලංකා පෙරටුගාමී පක්ෂයට අනුව දීප්ති Analytic masterය. එනම් ඔහු “පක්ෂේයේ” නායකයාය. එවිට පක්ෂය හිස්ය.

    ලකාන් ප්‍රකාශ කොට සිටිනුයේ දේශපාලන ක්‍රියාව තුල Discourse of the Analyst හි සිටගනිමින් පතිරපවතිනා master discourse වෙත එරෙහි විය යුතුය යන්නයි. ලකාන් කියන්නේ මොකක්ද යන්න අපට හොඳා කාරවම වැටහුනේ ශ්‍රීලංකා පෙරටුගාමී පක්ෂයේ නායක දීප්ති කුමාර මහතාගේ අලුත්ගම සිද්ධිය පිළිබඳව විග්‍රහයෙනි. ඊට අනුව master discourse ට එරෙහි වීම යනු රාජපක්ෂ රෙජීමයට, එනම් රාජපක්ෂ masterට එරෙහි වීමය. එවිට එම විග්‍රහයට අනුව Analysts discourse එක වන්නේ රනිල් ඇතුළු විපක්ෂය සංවිධානය කිරීමය. එම විග්‍රහයට අනුව එය Discourse of the Hysteric නොවේ. Discourse of the Hysteric වන්නේ නිර්මාල් හිටගන්නා අකාරය බව අපට පැහැදිලි කර දුන්නේද ශ්‍රීලංකා පෙරටුගාමී පක්ෂයයි. ඒ අනුව දේශපාලනයේදී නිර්මාල් සහ දීප්තිගේ වෙනස දැන් අපට ඉතා හොඳින් පැහැදිලිය.
    ශ්‍රීලංකා පෙරටුගාමී පක්ෂයට ජය වේවා.

  3. ජයන්ත සමන් මහතා මගේ ප්‍රශ්න වලට පිලිතුරු ලෙස පරන මාතොට සහ ලන්ඩන් සගරා කියවන ලෙස කියා තිබුනි.හෙවත් ජයන්ත සමන් මහතාගේ මෙම මාගලක් වැනි කොමෙන්ටුවට උත්තරය පහත ලිපියේ ඇත.ලන්ඩන් 2003 අගෝස්තු 5 වෙනි පිටුවේ සිට 15 වෙනි පිටුව දක්වා.

Comments are closed.