‘මාගම් සෝලිය’ නවකතාව අරබයා අප විසින් ප‍්‍රකාශ කළ අදහස නිවැරදි බව මොහාන් රාජ් මඩවල මහතාගේ අලුත් නවකතාව වන ‘ලොවීනා’ තුළින් ද පිළිඹිබු වෙයි. අප එදින ඉදිරිපත් කළ ප‍්‍රවාදය මෙසේය.
ලංකාවේ සමකාලීන නවකතාකරුවන් කිසිවෙකුට ජාතික උපමා කතාවක් ලෙසින් මිස ප‍්‍රබන්ධ චරිත ගොඩනැංවිය නොහැක. ලොවීනා යනු ද අතීතය උපමා කතාවක් ලෙස ඉදිරිපත් කිරීමකි. මනුෂ්‍ය ජීවිතය යනු ආඛ්‍යානයක් යැයි ප‍්‍රකට කළ දාර්ශනික ස්ති‍්‍රයක් වූයේ හැනා අරෙන්ඩ්ය. ඇගේ ප‍්‍රශ්නය වූයේ මා කවුද? යන්නය. මෑතකදී සල්මන් රෂ්ඩි තම ප‍්‍රකට නවකතාව වූ ‘මැදියම් රුයේ දරුවෝ’ ගැන අපූරු අදහසක් යෝජනා කළේය. ඔහුට අනුව එම නවකතාව යුරෝපය සහ ඇමරිකාව විසින් මැජික් යථාර්ථයක් හෝ ෆැන්ටසියක් ලෙස සලකන ලද අතර එය ඉන්දියානුවන් සලකන්නේ යථාර්ථය ලෙසිනි.
ලංකාව යනු මේ වන විට කෞතුකාගාරයකි. හදගමගේ ‘අක්ෂරය’ චිත‍්‍රපටියේ ප‍්‍රකට ලිංගික ජවනිකාව රූපගත වූයේද කෞතුකාගාරයක් තුළය. අපේ ඇත්ත ජීවිතයේ sex නැතිවන්නට නැති වන්නට එය පුනරුත්පත්තිය ලබන්නේ සාහිත්‍යය හෝ කලා කෘති තුළය.
පසුගිය දිනෙක වෙබ් අඩවියක කල්දේරා නම් මහලු මිනිසෙකුව අපවාදයට ලක් කර තිබුණේ ඔහු දිවාකාර කෙනෙක් කියාය. sex යනු ශරීරය නොවේ. එය විඥාන කි‍්‍රයාවකි. අවසාන විග‍්‍රහයකදී sex යනු කි‍්‍රයාශීලී වීමක් නොව අකි‍්‍රයාකාරී වීමකි. ග‍්‍රස්ථික නියුරෝසීය පිරිමියෙකු වඩාත් රුචි කරන්නේ තම හිස්ටෙරික පෙම්වතිය තම ශරීරය මත අශ්වයා-ගෝං-ටික්-ටික් කරනවාටය. පැරණි ලිබරල් ස්ත‍්‍රවාදය pornography වලට විරුද්ධ වුවත් පශ්චාත්-නූතන සීමා මායිම් නැති හිස්ටෙරිකයා  pro-sex ය. යෝනි රමණය අධිනිශ්චය වූ සමයක දිවාකරලා නිර්ප‍්‍රභූන් වීම අහම්බයක් නොවේ. මිචෙල් ෆුකෝ හදාරන ලද අයෙක් පිරිමි ශරීරයේ ජීව-විද්‍යාත්මක වයස දෘෂ්ටිවාදයක් බව නොදන්නේද?

Rasika 1_n

ඔබේ අදහස කියන්න...