අපගේ දේශපාලනය මංසන්දි ගණනාවකින් යුතු විය. ඒ සෑම මන්සංදියකදී ම යම් පිරිසක් අප හැර යනු අප නිරීක්ෂණය කළෙමු. එසේ නැත්නම් අප යම් පිරිසකගෙන් සංකේතිය ලෙස ඉවත් උනෙමු. බොහෝවිට එම ‘ඉවත්වීම’ මුලධර්මවාදී දැනුම විරෝධය වෙනුවෙන් අප පාර්ශවයෙන් කළ ප්‍රතිරෝධයක් විය. ඒ අප විසින්  අධ්‍යනයන්ට, දැනුමට සහ න්‍යායට අති විශාල වැදගත් කමක් දුන් හෙයිනි. අදටත් ලබා දෙන හෙයිනි. මෙම හැදෑරීම ‘ශරීර දේශපාලනයක්’ (ලිබිඩෝ) නොවී කොගිටෝ දේශපාලනයක් වීම නිසා එතරම් ජනප්‍රිය වුවේ නැති නමුත් මිනිස් ආත්මය- වාමාංශික දේශපාලන ආත්මය-  නිර්මාණය කරදීම වෙනුවෙන් එය මහත් සේවයක් කළේය. අප මෙතැනදී අන් අය මෙන් ප්‍රායෝගික (practical) නැති බව ට කෙරෙන චෝදනාව ‘ව්‍යාජ සත්‍යය කි’. නමුත් අප වඩාත් ප්‍රායෝගිකව න්‍යාය හැදෑරුවෙමු. එනිසා අන් අය නරුමවාදී ලෙස ප්‍රතික්ෂේප කල වැදගත් කරුණු අප සමාජය හමුවේ නිරාවරණය කෙරුවෙමු (අවම වශයෙන් තව දහස් ගණනකගේ ජිවිත එයින් බේරෙනු ඇත. මින් අප මරණයට බිය බවක් අදහස් නොවේ). සමහරු අපගේ දුර්වලම ලක්ෂණය යැයි හැදින්වූ දෙය අපගේ ශක්තිමත්ම දෙය බවට ඔබ දැන් තේරුම් ගනු ඇතැයි සිතමු. ඉතාම කුඩා දේශපාලනය ව්‍යාපාරයක් වූ දීප්තිගේ දේශපාලනය යනු ලාංකික ‘කුඩා වස්තුවයි’ (object a). ගැහැණිය ආශා වස්තුව වනවිට (object of desire) ඇයගේ ළපය නැත්නම් වල ගැසුන කම්මුල, කැඩුන දත, හෝ වෙනයම් දෙයක් ‘ආශාවේ වස්තු හේතුව’ බවට පත්වේ (object cause of desire). සමස්ත වාමාංශික දේශපාලනය ලාංකික මිනිස් ආශා වස්තුව නම් දීප්තිගේ දේශපාලනය ආශාවේ වස්තු හේතුවයි (හැදෑරීම කිසිවෙකුට වැදගත් නොවූ නිසා මිට පෙර කිසිවෙක් මෙය නිර්වචනය කළේ නැත). ආශාවේ දේශපාලන හේතුව දීප්ති ලෙස අපට නිර්වචනය කළ හැක. ආශා කිරීමට, ආශාව සම්බන්ද  පැහැදිළි කළ නොහැකි හේතුවක් ඔහු විසින් අපට හදුන්වා දී ඇත.  ‘ජිජැක් අධ්‍යනය කෘතිය’ මගින් අප ලංකාවට ප්‍රක්ෂේපනය කර පෙන්වන්නේ ඉතා දුක් මහන්සියෙන් කැපවීමෙන් දීප්ති කළ දේශපාලනය ලංකාවට දායාද කළ වස්තු හේතුවයි (ගුප්ත අතිරේකයයි = uncanny supplement). දැන් ට්‍රොස්කිවාදීන්ට අවශ්‍ය නම් එම වස්තු හේතුව ෆැන්ටසිකරමින් හස්ත මෛතුන්‍යයේ යෙදිය හැක. එහෙත් අප එක් දෙයක් සිහිපත් කර දෙමු.
 “ඔබ යමක් අමතක කිරීමට උත්සාහ කරන සෑම මොහොතක ම නැවත එය ම ඔබ කරා එනු ඇත” (ජිජැක්)
එම කුඩා ලපය නැවතත් දැන් ඔබ කරා පැමිණ ඇත…. කලබල නොවන්න.. එම පැමිණීම අවසන් නැත.  
deepthi-1

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. ඒක ඇත්ත. ට්‍රොස්ට්ස්කි වාදීන් එක්ක බැහැ.

Comments are closed.