1977 දී ගෝලීය ප්‍රාග්ධනය සමග ලංකාව සම්බන්ධ වීමේ හැරවුම් ලක්ෂයෙන් පසුව ඒ දක්වා අධිනිශ්චය වී තිබු දේශපාලන මතවාදය වන පන්ති දේශපාලනයේ අසමත් වීම ආරම්භ විය. 1983 දී පන්ති දේශපාලනය සහ එහිම දිගුවක් වන වෘත්තීය සමිති දේශපාලනය වෙනුවට ජාතිකවාදී දේශපාලනය කරලියට පැමිණීම සනිටුවහන් විය. එතැන් පටන් අද දක්වා ලංකාවේ දේශපාලනය හසුරුවන අධිපති මතවාදය වන්නේ ජාතිකවාදයයි. එසේත් නොමැති නම් ජාතිවාදයයි (racism). ජාතිවාදී කතිකාවේ බාහිර සතුරා ලෙස  දෙමළා සහ මුසල්මානුවා  යන සංකේත බිහි විය.

ජාතිවාදී කතිකාවේ බහිෂ්කරණය කිරීමට  විනෝදය සමග සම්බන්ධයක් ඇති බව අර්නස්ටෝ ලැක්ලාවූ පෙන්වාදෙයි. පුද්ගලයා එක්තරා අවධානම් සහගත, දුර්වල තත්වයක සිටින විට ඔහුගේ / ඇයගේ එම අඩුපාඩුව සදහා හේතුව බාහිර අනෙකෙකු වෙත ප්‍රක්ෂේපනය කෙරේ. එනම් දෙමළා සහ මුසල්මානුවා යන සංකේත මගින් පෙන්නුම් කරන්නේ පුද්ගලයාගේ දුර්වල තත්වයේ අඩුවයි (lack ). මෙම බාහිර අනෙකා යනු පුද්ගලයාගේම අඩුවේ ප්‍රතිජායාව පෙන්නුම් කරන දර්පනයයි. සමස්ත විනෝද ව්‍යුහයම  කැරකවෙන්නේ මෙම ද්විත්ව සම්බන්ධය වටාය. සිංහලයාට පරිසමාප්ත වීමට ඇති කරදර, බාධක සහ  දුර්වලතා වන ජාතියක් ලෙස අනන්‍යතාවයක් නොමැති කම, එකිනෙකා අතර පොදුභාවයක් නොමැති වීම, මනුස්සකම් දිය වී යාම, ආර්ථික අස්ථාවර බව , සමාජ ප්‍රශ්න,රැකියා ප්‍රශ්න ,  ළමුන් පාසල් වලට ඇතුලත් කර ගැනීමේ ප්‍රශ්න, ව්‍යාපාර බංකොලොත් වීමේ අවධානම සහ ප්‍රධාන වශයෙන් අධ්‍යාත්මික නොසන්සුන් බව ආදී සියලු අඩුපාඩු සදහා හේතුවන මුලික ප්‍රභවය වන්නේ දෙමළා හෝ මුසල්මානුවාය. පන්ති දේශපාලනය විසින් ධනපතියන් සහ නිර්ධනයන් අතර පන්ති ගැටුම සමාජ විශ්ලේෂණය සදහා යොදාගත් නමුත්  ජාතිකවාදී දේශපාලනය හිස එසවීමත් සමග සියලු සමාජ විශ්ලේෂණ ජාතිවාදය  මත පදනම් විය.

ජාතිකවාදී දේශපාලනය බිහි වීමත් සමග ඊට අභියෝග කරමින් නව වාමාංශික චින්තනය රැඩිකල් දේශපාලන මතවාදයක් ලෙස සමාජ ගත වීම ආරම්භ විය. අප මේ දක්වා න්‍යායිකව වර්ධනය කරමින් සිටින්නේ මෙම දේශපාලන දර්ශනයයි.[Ontology] එය විසි එක්වන සියවසේ ගෝලීය ධනවාදය සහ පුද්ගල ආත්මය ඊට ගැටගැසී ඇති අකාරය තේරුම් ගැනීමේ අභියෝගය මත පදනම් වේ. මෙම නව දේශපාලන මතවාදය පෝෂණය කිරීම සදහා මුලික වශයෙන් සම්බන්ධ වන්නේ පැරණි වමෙන් කැඩී ආ පුද්ගලයන් සහ මනෝවිශ්ලේෂණාත්මක අර්ථයෙන් මානසික රෝගීන්ය. මේ ලිපිය මගින් තවදුරටත් සාකච්ජා කිරීමට බලාපොරොත්තු වන්නේ මෙම මානසික රෝගී කොට්ඨාශය පිළිබදවය. මන්ද අපට හමුවන බොහෝ දේශපාලනික ක්‍රියාකාරීන් -මෙම මානසික රෝගීන් -කිසියම් දේශපාලනික ව්‍යාපෘතියක නියැලෙන බව විශ්වාස කරන බැවිනි. පුද්ගලයන්ව මානසික රෝගීන් ලෙස නම් කරමින් බැහැර කිරීම සුදුසු නොවේ. නමුත් පුද්ගලයන් ලියන දේ, කියන දේ තුල සංකේතකරණය කල හැකි දේශපාලන අරමුණක් නැතිනම්, ඒවා තුල රෝග ලක්ෂණ පෙනෙන්නට තිබේ නම් එමගින් ගම්‍ය වන්නේ එය දේශපාලන කතිකාවක් නොව රෝගී කතිකාවක් බවයි. අද අප උත්සහ කරන්නේ මෙම රෝගී කතිකාව සහ සැබෑ දේශපාලන කතිකාව අතර ඇති පැටලීම විග්‍රහ කිරීමටයි. එමගින් අප නියැලී සිටින දේශපාලන ව්‍යාපෘතිය පුද්ගල කේන්ද්‍රීය ව්‍යාපාරයක් නොව සාර්වත්‍රික , ලංකික සමාජය තුල සංකේතකරණය කල හැකි ව්‍යාපෘතියක් බව ඔබට පැහැදිලි වනු ඇත.

රෝගී දේශපාලන කතිකාවේ සමාරම්භකයා ලෙස රොහාන් පෙරේරා හදුනාගත හැක. මනෝවිශ්ලේෂණයට අනුව ඔහු පිරිමි හිස්ටෙරිකයෙකි (Male Hysteric). බාහිර සංකේත ලෝකය විසින්  පිරිමියෙකු ලෙස ඇමතුවද පුරුෂ හිස්ටෙරිකයා තමා ගැහැනියෙක්ද පිරිමියෙක්ද යන්න නොදනී. ඔහු පිරිමියෙකු ලෙස ආත්මීයකරණය වී නැත. මෙය පැහැදිලි කරගැනීම සදහා අප ලැකාන්ගේ වන්දා ගේ (praying mantis) උදාහරණය ගනිමු. ලිංගික එක් වීමේදී වන්දා ගේ ගැහැණු සතා විසින් පිරිමි සතාගේ හිස සපා කයි. දැන් රොහාන් වන්දෙකු මෙන් වෙස්මුහුණක් පැළද සිටින්නෙකු බව උපකල්පනය කරන්න. මෙම වන්දා ගේ විශේෂත්වය වන්නේ තමා ගැහැනුද පිරිමිද යන්න නොදැනීමයි. මේ නිසා රොහාන් ලගට ගැහැණියෙකු (ගැහැණු වන්දෙකු -සංකේතීය අනෙකා – අපට එදිනෙදා හමුවන ගැහැණිය ) ලං වන විට සිදුවන්නේ කුමක්ද ? තමා පිරිමියෙකු බවට ආත්මීයකරණය වූ  වන්දෙකු නම්  තමා දැන් මිය යාමට නියමිත බව දැන ඊට සුදානම් වේ (මම  පිරිමියෙක් මේ මරණයට  මුහුණ දිය යුතුයි). නමුත් රොහාන් වැනි ගැහැණු හෝ පිරිමි අනන්‍යතාවය අර්බුදයකට ලක් වූ පුද්ගලයෙකුගේ ප්‍රතික්‍රියාව  පිරිමි වන්දාට  වඩා  හාත්පසින්ම වෙනස්ය. ඔහුට විශාල බියක් ඇති වේ.මේ නිසා ගැහැණිය සමග ලිංගික සබදතාවයකට නොයයි. ලැකාන්ට අනුව පිරිමි ගැහැණු වඩා සමීප වූ විට ඔවුන් නිරෝගී නම් ලිංගික සබදතා පැවැත්විය යුතුය. නමුත්   රොහාන්ට ඉතා සමීප වූ කාන්තාවන් රොහාන් ගැන කියූ දේ මගින් පෙන්නුම් කරන්නේ ඊට ප්‍රතිවිරුද්ධ දෙයය. වරක් රොහාන්ට ඉතා සමීප වූ ගැහැණියක ඇගේ කට ගදයි කියා ප්‍රතික්ෂේප කර ඇත. තවත් විටෙක තමාට සමීප ගැහැනුන්ට පට්ට වේසි කියා බැන වැදී ඇත.    

දැන් අප රෝහානියානු ස්ත්‍රීවාදී කතිකාව දෙසට හැරෙමු. මෙම කතිකාව බිහි වීමේ ප්‍රභවය දැන් ඔබට වටහා ගත හැක. එනම් එය ගැහැණිය සමග ලිංගික සබදතා පැවත්වීමේ නොහැකියාවෙන් පෙළෙන පුද්ගලයෙකු තම රෝගලක්ෂණය පවත්වා ගැනීම සදහා ගොඩනැගු රෝගී කතිකාවයි. පාරිශුද්ධ ස්ත්‍රිය පිළිබද සංකල්පය සංකේතීය එකක් නොව රෝගී ආත්මයේ ෆැන්ටසියයි. සැබෑ ස්ත්‍රීවාදය යනු පුරුෂ කතිකාවේ ඇති අධිපත්‍යට එරෙහි සංකේතීය අරගලයකි. එමගින් ස්ත්‍රිය පුරුෂ සංකේත ලෝකයේ තමා පිළිබද ගොඩනගා ඇති අගතීන් නව සංකේත මගින් විස්ථාපනය කරනු ලබයි. පිරිමි ඔබේ  නමේ අගට මහතා (Mr.) පමණක් භාවිතා කරන විට අපට  මහත්මිය (Mrs.) සහ මෙනෙවිය (Miss) ලෙස දෙකක් භාවිතා කරන්නේ ඇයි? මේ සංකේතීය ස්ත්‍රීවාදී ප්‍රශ්නයකි. ”අනේ ඔයා රොහාන්ට ගොඩාක් සමීපයි නේද? එයා සුන්දර මනුස්සයෙක් වගේ. ඔයාලා ගොඩක් ලගින් ආශ්‍රය කරනවා ඇති ? පිස්සුද , ඒ යකා කීවනේ මගේ කට ගදයි කියලා.” මේ ස්ත්‍රීවාදී රෝගී කතිකාවේ ලක්ෂණයකි.

දැන් අප රෝහනියානු ස්ත්‍රීවාදී කතිකාව රෝගී කතිකාවක් වන අකාරය තව දුරටත් විග්‍රහ කරගනිමු. රොහාන් 1995 දී පලවූ ප්‍රවාද සගරාවකට ස්ත්‍රී – පාරභෞතිකවාදය යන මැයෙන් ලියන ලිපියේ පොදුභාවය කුමක්ද යන්න ලිපිය කල්පනාවෙන් කියවන්නෙකුට ග්‍රහණය කරගත හැක. පිරිමි  හිස්ටෙරිකයාට ස්ත්‍රිය සමග ලිංගික සබදතා පැවැත්විය නොහැක. නමුත්  ඔහුට ස්ත්‍රිය පිළිබද ෆැන්ටසි ගොඩනගමින් ස්වයං  වින්දනයේ යෙදිය හැක. පාරභෞතිකවාදය ලෙස හදුන්වමින් රොහාන් වචන වලට ගෙන එන්නේ ස්ත්‍රිය පිළිබද ඔහු ගොඩනගන රෝගී ෆැන්ටසීන්  වේ. ගැහැණිය පිළිබද ඔහුගේ ලිංගික උත්කර්ෂය මෙසේ ප්‍රකාශ වෙයි.

‘ලෝකයේ කවුරුත් දන්නේ නැති ගැහැණු ශරීරයක මේ පැවැත්ම , ජීවිතය ගැන අපි හොයන්න දගලලා බලමු. විඥාන සිතුවිල්ලක් භෞතික සිතුවිල්ලක් එක්ක ගැටෙන හැම තැනකම පීඩනයක් , ගැටුමක් , අසහනයක් මතුවීම අනිවාර්යයි. ඉතිං, නිර්මාණාත්මකව ඉපිලෙන ගැහැණු ශරීරයක් බිම බලාගෙන ඇවිදින කොට සිතිවිලි පීඩාකාරීයි, ගැටුම්කාරීයි , අසහනකාරීයි.’

ගැහැණු ශරීර කදුළුවල තියෙන විප්ලවීය ශක්‍යතාවය මේකයි. කදුළු වල විප්ලවීය අවකාශයත් මේකයි. ගැහැණු ශරීර තමන්ගේ සිතුවිලියි, ජීවිතයයි අතර ගැටුම විසදන්නේ එක්තරා අසමබර පැවැත්මකින්.

ප්‍රවාද 1995 ජුනි -අගෝස්තු

රොහාන්ට අනුව ස්ත්‍රිය යනු තම ලිංගික ආශාවන් සගවා ගනිමින් පරුෂ ආධිපත්‍ය තුල සංවර ස්ත්‍රියක් ලෙස පීඩාකාරී ජීවිතයක් ගත කරන්නියකි. නමුත් මෙහි සත්‍ය වන්නේ ස්ත්‍රිය පිළිබද මේ දැක්ම පුරුෂ  ෆැන්ටසියක් වන බවයි. විශේෂයෙන්ම ස්ත්‍රියක් සමග නිදා ගැනීමට නොහැකි පිරිමින්  ඇය පිලිබදව ගොඩනගන ෆැන්ටසියකි. නිරෝගී [?]ගැහැණිය සහ පුරුෂයා දෙදෙනාම සංකේතීයව ලිංගික තෘප්තිය අත්විදීමට දනී. එමෙන්ම ගැහැණිය රොහාන්ගේ හදුන්වන  වේසියක නොවී පවුල නම් සංකේතීය අවකාශය තුල තම ලිංගික තෘප්තිය අත් විදී. නිරෝගී කාන්තාවකට එය පීඩනයක් නොවේ. නමුත් රොහාන් වැනි පුද්ගලයෙකු සමග විවාහ වන කාන්තාවකට වේසියක් වීමට සිදුවනු ඇත. එනම් මනෝවිශ්ලේශනාත්මක අර්ථයෙන් මානසික රෝගියෙකු ලෙස හදුන්වන්නේ  ඉහත සංකේතීය පැවැත්ම අවුල් සහගත වූ, එය නුරුස්සනා , කඩාකප්පල්කාරී පුද්ගලයෙකු වේ. එවැනි පුද්ගලයෙකුට ලංවන ගැහැණියකට අත්වන ඉරණම ඉතා ශෝචනීය වේ.

රැඩිකල් වමේ සමාරම්භකයා ලෙස රොහාන් නැවත කරලියට ගෙන ඒමට උත්සහ කරන්නන් සිදුකරනු ලබන සැබෑ රැඩිකල් ක්‍රියාව වන්නේ පිරිමි හිස්ටෙරික කතිකාවක් වාමාංශික දේශපාලනය සමග පැටලීමයි. රොහාන් තව මොනවා ලීවත් ඉන් මතුවන්නේ ඉහත  රෝගලක්ෂණය පමණි. විශ්ලේෂකයෙකු නැති විට රෝගියා තම රෝග ලක්ෂණය සමග ජීවිත කාලයම ගෙවා දමයි. ඊට අමතරව ඔහු/ඇය තම රෝග ලක්ෂණය තව බොහෝ පිරිසකට බෝ කරයි (කතාව මගින් ). මේ සදහා උදාහරණයක් අප අතීත සංවිධානයේ ගල්කිස්සේ පිහිටි  නිවසේ බලහත්කාරයෙන් රැදී සිටිනා විකල්ප නායකයාද සපයයි. තමන්ගේ මුහුණ කැතයි සිතා සංකේතීය සමාජය ඉදිරියට  නොපැමිණෙන මෙම පුද්ගලයාද  පිරිමි හිස්ටෙරිකයෙකි. නමුත් සාමාජිකයක් පිරිසක් අදටත් විශ්වාස කරන්නේ මෙම පුද්ගලයා  දේශපාලන වැඩක් කරමින් සිටින බවකි. පැය හය හත පවත්වන දේශනා හරහා ඔවුන්ටද මෙම  රෝග ලක්ෂණය සම්ප්‍රේක්ෂණය වී ඇත. ගෝලබාලයන්ට කියන්නට ඇත්තේ තව අවුරුදු පනහක් ගියත් ඉන්න වෙන්නේ ඔය තත්වයේම බවය. ලගදීම දවසක  සංකේත නීතිය ( law ) පැමිණ නිවසෙන් පන්නා දැමුවහොත් දේශනා පවත්වන්නට වෙන්නේ ගල්කිස්ස මුහුදු වෙරළේ සිටය. නිමක් නැති සාගරය සහ මුහුදු සුලග පිස්සන්ට සුදුසු යැයි  පැරැන්නෝ විශ්වාශ කළ බව අප අසා ඇත.

දැන් අප  රෝගී කතිකාවෙන් සැබෑ දේශපාලන කතිකාව වෙන්කර ගන්නා අකාරය සලකා බලමු. රෝහණ විජේවීරගේ මුහුණ ආකර්ශනීය නොවන බව අප දනිමු. නමුත් ඔහු ඉහත සදහන් කල මුහුණ කැත නායකයා මෙන් සමාජයෙන් සැගවී සිටියේ නැත. ඔහුගේ මනෝභාවය අප ගොඩනගන්නේ නම් මෙසේය. ඇයි යකෝ  මගේ මුණ කැතයි තමයි, ඒක මට වැඩක් නැහැ,මම කියන එක අහපියවූ ,මගේ වැඩේ මේක , මැරෙනකම් මම සටන් කරන්නේ මේ නිශ්චිත අරමුණ වෙනුවෙන් . විජේවීර මෙන්ම ප්‍රභාකරන්ද එවැනි සංකේතීය නායකයෙකි.තවමත් දකුණේ දේශපාලනය කේන්ද්‍ර ගත වන්නේ ප්‍රභාකරන්ගේ බලපෑම මතය.  හරි හෝ වැරදි යන විනිශ්චය , මිනිසුන් මිය යාම , තමන්ට මිය යාමට සිදු වීම ඔවුන්ගේ දේශපාලනයේදී අදාළ අදාළ වුයේ නැත. මානසික රෝග මෙම අරගල කරුවන් දෙදෙනාටම අදාළ වුයේ නැත.

මීට සමගාමීව බිහි වූ දීප්ති සහෝදරයාගේ දේශපාලනය සංකේතීයව ග්‍රහණය කර ගැනීම බොහෝ පුද්ගලයන් මග හැරියේය. උදාහරණයකට  බොහෝ තක්කඩින්ට ගැටලුව වුයේ දීප්ති කතා කරන දෙය නොව ඔහුගේ මෝටර් රථයයි. ඒ මෝටර් රථ පිළිබද ලාංකිකයා ගොඩනගා ඇති  පාරභෞතික සහ උත්කෘෂ්ට බවේ ප්‍රතිඵලකි. යුරෝපයේදී නම් මෝටර් රථය කුමක්ද යන්න සතේකටවත් ගණන් ගන්නේ නැත. නමුත් මෝටර් රථයේ ආරක්ෂාව ගැන කල්පනාකාරී වීම ඔවුන්ට වැදගත්ය. අපේ රටේ නම් වමේ නායකයන් ටොයෝටා ඩබල් කැබ් වල ගොස් ලයිට් කණු වල හප්පාගෙන රෝහල් ගත වූ අවස්ථා එමටය.

අසුව දශකයේ සිට මේදක්වා දීප්ති විසින් ගොඩනංවන ලද දැනුම සහ න්‍යායන් යනු ගෝලීය ධනවාදය හමුවේ ලංකික සමාජය තේරුම් ගැනීමේ දැනුම සහ න්‍යායන් වේ. එය අපගේ අමනුස්ස ආත්මීයත්වය ප්‍රශ්න කරන අතර නව සාර්වත්‍රිකයක් ,පොදුභාවයක් වෙත යාමට යෝජනා කරයි. බොහෝදෙනා මේ මොහොතේ මෙම සංකේතීය දේශපාලනය මග හරින්නේ ධනවාදයෙන් ලබා දෙන ලුබ්දිමය සහ මුල්‍යමය වාසි තකාය. නමුත් දෙවතාවක්ම වැරදුන වම තෙවන වර වරද්දා ගන්නේ නැති බව විශ්වාසය. ඒ විශ්වාසය යනු කුමක්දැයි දීප්ති සමාජයට මේ දක්වා මුදාහල දැනුම කල්පනාකාරීව පරිශීලනය කරන්නෙකුට අවබෝධ වේ.

පැරණි වම අසාර්ථකය. ලිබරල් බුද්ධිමතුන්ගේ  ජාතිවාදය පරාජය කිරීම සටන  අසාර්ථකය. ඔවුන්ගේ රෙදි ගලවාගෙන ජාතිවාදය යලි හිස ඔසවමින් සිටී. එසේනම් මීලගට ඇත්තේ අපගේ වාරය නොවේද?

SLPP ??????????

 

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. විශ්ලේෂකයෙකු නැති විට රෝගියා තම රෝග ලක්ෂණය සමග ජීවිත කාලයම ගෙවා දමයි. ඊට අමතරව ඔහු/ඇය තම රෝග ලක්ෂණය තව බොහෝ පිරිසකට බෝ කරයි (කතාව මගින් ).

Comments are closed.