Categorized | Political

එ.ජා.පය මහ පාරට

එ.ජා.පය මහ පාරට
VN:F [1.9.9_1125]
Rating: 4.0/7 (2 votes cast)

රජය විසින් සිදු කළ ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළකරමින් ලබන 17 වැනිදා සවස තුනට කොළඹදී දැවැන්ත උද්ඝෝෂණයක්‌ පැවැත්වීමට එක්‌සත් ජාතික පක්‍ෂය තීරණය කර ඇත. උද්ඝෝෂණය පවත්වන ස්‌ථානය පිළිබඳව ඉදිරියේදී දැනුම් දෙන අතර මේ සඳහා පක්‍ෂ, පාට, භේද නොතකා සියලු පාර්ශ්වයන් වෙත තමන් ආරාධනා කරන බව එජාප මහ ලේකම් තිස්‌ස අත්තනායක මහතා පැවැසීය.

ඉන්ධන මිල ඉහළ දැමීම නිසා රටේ මහජනතාව දැඩි අසීරුතාවට පත්ව සිටින බව ද ඉන්ධන මිල වැඩිකිරීම රජය හකුළාගත යුතු යෑයි කියමින් උද්ඝෝෂණය මෙහෙයවන බව ද හෙතෙම කොළඹදී ඊයේ (14 දා) පැවැති මාධ්‍ය හමුවකදී කීය.

එ.ජා.පය මහ පාරට, 4.0 out of 7 based on 2 ratings

This post was written by:

News Editor - who has written 1291 posts on 3mana | Online news magazine.


Contact the author

Comments are closed.

3mana Online Radio – OFFLINE

Facebook Likes

3MANA Podcast Player

News Archives

Follow us