[dropcap color=”red”]ප[/dropcap]සුගිය මාසයක පමණ කාලයක සිට විවිධ මාධ්‍ය වල එකම ප්‍රතිවිරොධතාවයක විවිධ මුහුණත් පෙනෙන්නට තිබුනා. එය අපට මාධ්‍ය මගින් දැන ගන්නට ලැබෙන්නේ විවිධාකාරයෙනි. මාතර හටන,මවිබිම සහ සිරස මාධ්‍ය භාවිතය, සජිත් ගේ හැසිරීම මේ සිදුවීම් යට තිබෙන දේශපාලන ගැන අවබෝධයක් නැති අය කියන කතා,කුරුදු පොලු හමුදාව….මේ එකම ප්‍රතිවිරෝධතාවයේ විවිධ මුහුණත් සම්බන්ධයෙන් වැඩියෙන්ම ගොන්කතා කියන්නේ තමන් දාර්ශණිකයන් යැයි සිතා සිටින විශ්ව විද්‍යාල මැට්ටන්ය.

අපි මේ සියලු මුහුණත් පිටුපස තිබෙන ඇත්ත ගැටලුව පහත ආකාරයට විදාරණය කරන්නට කැමතියි.

ලබන මාර්තු මාසයේ ඉන්දියාවේ මැතිවරණය පැවැත්වෙනව. ඊට පෙර ඉන්දියාවේ ක්‍රොන්ග්‍රස් පක්ෂයට අවශ්‍යයි ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් වල දෙමළ ජනයාගේ ප්‍රශ්ණ විසදන්නට. ඒ ක්‍රියාවලිය සදහා ඉන්දියාවට අවශ්‍ය කරනවා අලුත් නායකයෙක්.ලංකාවේ විවිධ ආකාරයට දගලන හුගක් අයගේ මහා පොදු සාධකය තමයි ඉන්දියාව.ලංකාවේ ගොඩක් දෙනෙකුට මේ ගැන අවබෝධයක් නැහැ. අපිව මෙහෙය වන්නේ යුරෝපය සහ ඇමරිකාව විසින් බව අපි කෙලින්ම  පිළිගන්නවා. නමුත් චීනය විසින් මෙහෙය වන්නේ කාවද කියන කාරණය ඒ අයටම කියන්න කියලා අපි කියනව.

ඔබේ අදහස කියන්න...