නව වමක් ගැන අප සිතිය යුතු නිමේෂය අන් කවරදාකටත් වඩා අද අපට දැනෙමින් ඇත. මන්ද අන් කවරදාකටත් වඩා අධ්‍යතන ධනවාදය අපව ශාරීරිකවත් මානසිකවත් ( අධ්‍යාත්මිකවත් ) සූරාකන මොහොතක අපි ජීවත් වෙමු. ” අනන්තය කරා ඉගිලෙන්න ” යැයි කියන ගමන්ම, ” පාරේ වෙට්ටු දමමින් චන්ඩියෙක් වෙන්න ” යැයි එය අපට අණකරන අතරේම රවී කරුණානායක රුපියල් 25000කින් අපව සූරාකයි. විනෝදය පමණක් නොව විනෝදයේ යතුරේ හිමිකරුද ඔහුය. විනෝදය අපට කේවල් කරන්නේ ද ඔහුය. 
මෙම විරුද්ධාභාෂය තේරුම් ගැනීම සඳහා භාෂාවක් අනුර කුමාර අපට නිෂ්පාදනය කරදී ඇත්ද ? මෙය අපට පැහැදිළි කර දෙන්නේ මළු තුනක් අතේ දරාගෙන අනුරාධපුර සිරගෙයින් පසුගිය දා එළියට පැමිණි කුමාර් ගුණරත්නම් ද ?  නැත්නම් මුහුණු පොතේ සැරිසරණ සොම්බී ( Zombie ) වාමාංශික ප්‍රාණකරුවන්ද ?  
නැවතත් අපට මුණගැසෙන්නේ කිසිවෙක් නම සඳහන් කිරීමට අකමැති සැමදා නම වාරණය කර ඇති නමුත් හැමෝම රහසින් කියවන දීප්ති විසින් නිෂ්පාදනය කළ දැනුම නොවේද ? එය මේ යුගයේ මහත්ම වූ විරුද්ධාභාෂය විය නොහැකිද ? වසර 20ක් තිස්සේ ගුප්තකරණය කර ඇති දීප්තිගේ දේශපාලනය නිර්-ගුප්තකරණය කිරීම සහ පැරණි වමෙන් සහ එහි නිරීක්ෂයෙන් අප තීරණාත්මක ලෙස ඛණ්ඩනය වන්නේ කෙසේද යන්න සාකච්ඡා වීම මෙවර ජිජැක් අධ්‍යනය කෘතිය හඳුන්වාදීමේ සම්මන්ත්‍රණයේ ප්‍රධාන කාර්යයයි.

මෙවර සම්මන්ත්‍රණයේ ප්‍රශ්න ඇසීමේ වාරයේදී එම අවස්ථාව ප්‍රතිඵලදායක ලෙස මෙන්ම රැඩිකල් ලෙස පාවිච්චි කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු.
– පෙරටුගාමී පක්ෂය –

 

ඔබේ අදහස කියන්න...