ක්තරා හිරගෙදරක කොමසාරිස්වරයා තමා ඉදිරියට සිරකරුවන් තිදෙනෙකු කැඳවා මෙසේ පැවසුවේය.

” ඔය තුන්දෙනාගෙන් එක් කෙනෙකුට නිදහස් වෙලා යන්න තරගකාරී අවස්ථාවක් ලබා දෙන්න පුලූවන් . මං ලග තියනවා සුදුපාට පෙන්ඩන්ට් 3යි ,කලූපාට 2යි. මේ පෙන්ඩන්ට් 5න් තමන් කැමති එකක් බෙල්ලට දාගන්න. හැබැයි පෙන්ඩන්ට් එක එල්ලෙන්නෙ බෙල්ලෙ පිටුපස පැත්තට මෙතන තල දර්පනයක් නැහැ. සෑම කෙනෙකුටම පුළුවන් තමන්ගෙ අනෙකාගේ පිට දිහා බලල පාට මොකක්ද කියල කියන්න.  හැබැයි මේ කිසිවෙක්ට තමන්ගේ පිටුපස තියන පාට අනෙකා හරියටම කියන එකක් නැහැ මන්ද එහෙම වුනොත් තරගයෙන් දිනන්නෙ තමන් නෙවි නිසා. ඉතුරු දෙක මං ගාව තියෙනවා. තමන්ගෙ පිටේ එල්ලල තියෙන පාට මොකක්ද?”.

                          මේ තරගයට තුන්දෙනෙක් සහභාගී වෙනවා කියල අපි කලින්  කිව්වා. දැන් අපි ඒ අයගේ නම් කියමු.

                1.  මහින්ද රාජපක්ෂ.
                2 . රනිල් වික‍්‍රමසිංහ .
                3 . චම්පික රණවක.
                                 තරගයෙන් දිනන්නේ එක් අයකු නිසා පරාජය වන ඉතිරි දෙදෙනා ගෙදර යා යුතුයි. මේ දිනවල ඉහත තිදෙනාම හිතන්නේ තමන් දිනනවා කියාය. නමුත් තිදෙනෙකුට දිනන්නට නොහැක. පරාජය වන දෙදෙනාගේ හිතවතුන්ද ගෙදර යා යුතු නිසා අලූත් ප‍්‍රෂ්ණයක් ද මතු වී ඇත. කෙසේ නමුත් ජයග‍්‍රහණය ටක්කෙටම කිව හැක්කේ කාට ද?

 

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. මහින්ද ඉදිරියේ චම්පික සහ රනිල් යනු විපරිත සත්තු දෙන්නෙක්. උන් එක්ක මහින්දට ගේමක් නැහැ

  2. රනිල් වික්‍රමසිංහ නම් නික්මයාවී..සහ නික්ම ගිහින් පැත්තකට වෙලා ඉදීවි.. නමුත් ඉතිරි දෙදෙනාටම බලය නැතිව ජීවත් වීම ටිකක් අමාරුයි…එක්සත් ජාතික පක්ෂයේ දින සීයක කාලය පවා විපක්ෂයට වෙලා ඉන්න හෝ ඇමති කමක් නැතිව ඉන්න බැරි චම්පික සාදු කොහොමද අවුරුදු ගානක් විපක්ෂයට වෙලා ඉන්නෙ?

Comments are closed.