Malcolm-X-

 

අපේ පක්ෂයේ නායක දීප්ති සහෝදරයාගේ පියාගේ අවමගුල් දවසේ (විශේෂයෙන් අවසාන දවසේ ) ‘පුද්ගල රංගනයන්’ වැදගත් වෙනවා සායනික සහ චිකිත්සක මට්ටමේ මනෝ විශ්ලේෂී සාකච්චාවක ට.
එක් පැති මානයක් තමයි ‘අන්තර් පුද්ගලභාවයේ උත්කෘෂ්ට වස්තුව’ (a නම් වූ sublime object of inter-subjectivity) තේරුම් ගන්න. ඒක අපේ සහෝදරවරුන්ට හොඳ අනුභූතික අවස්ථාවක් උනා. ඒ කියන්නේ දවසේ පැය විසි හතර ම දීප්තිට කෙළවන්නේ කොහොමද කියා කියා හිතන සහ කරන අය ට දීප්ති එක්ක උමතු මුණගැසිමක් (crazy encounter) කරගන්න ඒක හොඳ අවස්ථාවක් කරගත්තා. ‘ආයුබෝවන්’, ‘හලෝ’, ‘හායි’, ‘දැන් මොකද වෙන්නේ’ (‘මොකද බාල්දියකුත් අතේ තියාගෙන යන්නේ නාන්නද?’ යන ප්රකාශයේ විරුද්ධාභාෂය) වගේ වචන වලට විතරක් එම කතා සිමා වුණා (දුරස් බව). එම දුරස් බව ඇතුලෙ ම තම ‘හමුවීම’ සනිටුහන් කරගන්නත් ඒ අය අමතක කළේ නැහැ. ඒ නිසා දීප්ති කළේ කතා කරන එක මඟ හැරපු එක. මොකද කතා කරන්න දෙයක් ඒ වෙනකොට ඉතුරු වෙලා තිබුණේ නැහැ. පාවාදීම්, නින්දා අපහාස, ආත්ම මුලික අපගමනයන්, දේශපාලනයට වඩා ගැහැණු ලොකුවෙච්ච් “පිරිමි” සහ සාර්වත්රික බව වෙනුවට නම්බුව වගේම සල්ලි පිරිලා තිබුණ අතීතයක දීප්ති සහෝදරය ට කතා කරන්න තිබ්බේ මොනවද? කියන්න ‘කතන්දරයක්’ නැත්නම් අපි කට වහගෙන ඉන්නවා මිසක් සාරය අහිමි කතා කියන්නේ නැහැ හුරතල් වෙන්න.

අනිත් ලක්ෂණය තමයි නරුමවාදය ක්රියාත්මක වූ හැටි. දන්නවා තමන් දේශපාලන ව්යාපාරයකට කෙලෙව්වා කියල , ඒ උනාට වගේ වගක් නැතුව දැන් ඉපදුන පොඩි කිරි සප්පයෝ වගේ හිනාවෙනවා. හුරතල් වෙනවා. මාරි විස්කෝතු කනවා ‘ස්ටාලින්’ ඉස්සරහා.

තවත් එක් කොටසක් තමයි මොකද කරන්නේ කියල දන්නේ නැති අය. හුගක් අය අවමගුලට ආවේ බයෙන් බයෙන්. එහෙම නැත්නම් පැරනොයික හැඟීමකින්. ඒ අය තුළ අවම වශයෙන් වරදකාරී බවක් වත් තියෙනවා. ඒ කියන්නේ නරුමයින් නොවුනත් සාන්දෘෂ්ටික-සංශයවාදී උපේක්ෂා වාදීන්. මේ වරදකාරී කියල හැඟීමක් තියෙන අය එක්ක අපිට කතා කරන එක ප්රශ්නයක් නෙවෙයි. නමුත් පට්ට නරුමයෝ – cynics- එක්ක අපි කතා කරන්නේ නැහැ.

 

Funky Town

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. //කියන්න ‘කතන්දරයක්’ නැත්නම් අපි කට වහගෙන ඉන්නවා මිසක් සාරය අහිමි කතා කියන්නේ නැහැ හුරතල් වෙන්න.// මේක කරන්නේ කොහොමද කියල මමත් කල්පනා කරමින් ඉන්නේ

Comments are closed.