[dropcap color=”yellow”]මෑ[/dropcap]තක පටන් කොළඹ ප්‍රදේශයේ නිවෙස් අසලට පැමිනෙන වාහනයකින් නිවේදනය කරන්නේ ඔබගේ කැඩුනු ප්ලාස්ටික් පුටුවට බේසමක් ලබා දෙන බවයි. ඒ නිසා දැන් නිවසේ කැඩුනු ප්ලාස්ටික් පුටු ඇති අයට ඒවා ලබා දී ඒ වෙනුවට ප්ලාස්ටික් බේසම් ලබා ගන්නට පුළුවන. ඒ කතාව පසකින් තබාගෙන අපි අපේ කක්කා ප්‍රශ්ණය දෙසට අවධානය යොමු කරමු.

පසුගිය කලායේ වෛද්‍ය උපාධිය මුදලට විකිණීමට එරෙහිව පාර්ලිමේන්තුවේ දී හඩ නැගුවේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අජිත් කුමාර සහෝදරයා පමණක් බව දැන ගන්නට ලැබුනි. ඒ අනුව වෛද්‍ය උපාධිය මුදලට විකුණනවාට ඇත්තටම අජිත් විරුද්ධවීම විප්ලවාදීය.

පසුගිය දිනෙක මහනුවර මහ රෝහලේ අංක 33 වාට්වුටේ නේවාසික රෝගීයෙකු ගේ සුවදුක් බලන්නට අවස්ථාවක් ලද අතර  එම රෝහලේ එකී වාට්ටුවේ රෝගීන් ගේ වැසිකිලි වල තත්ත්වය ගැන අධ්‍යනයක් කරන්නට අවස්ථාවක් ලැබුනි. එකී වැසිකිලියේ ඇති වැසිකිලි ඉතා අපිරිසිදු,දුගද හමන අබලන් වී ඇති ඒවා බව දැක මා මවිතයට පත් වුණෙමි. තවද මෙකී වැලිකිලි වල රෝගීන්ට පහසුවෙන් වැසිකිලි යා හැකි අන්දමේ කොමොඩ් නැති නිසා ඉද ගැනීමේ අපහසුතාවයන් ඇති රෝගීන් වැසිකිලි යන විට මුහුණ දෙන අපහසුතාවය සිතා ගැනීමට පවා අපහසුය. එයට පිළියමක් වශයෙන් රෝගීන් විසින්ම කැඩුණු ප්ලාස්ටික් පුටුවක මැද ඉවත් කර දේශීය සිංහල ‍බෞද්ධ ක්‍රමයට සදා ගත් කක්කා කරන පුටුවක් මම දුටුමි. “මීයන් අල්ලනාව නම් බළලා මැටියෙන් වූවත් කමක් නැත” යන ප්‍රස්ථාව පිරුළු ඇති රටේ කක්කා කරන්නට කොමොඩ් නැති තැන මැද හිල් කළ ප්ලාස්ටික් පුටුවක් තිබුනාට මක්වෙනවද?  මේ රෝගීන්ට අප පෙර කී ආකාරයෙන් කැඩුණු ප්ලාස්ටික් පුටුව වෙනුවට ආණ්ඩුවෙන් කොමොඩ් එකක් ඉල්ලා ගන්නට බැරි නිසා කැමති නම් ඒ කැඩුණු ප්ලාස්ටික් පුටුව දී බේසමක් ලබා ගන්නට පුලුවන. කණගාටුවට කරුණ නම් වෛද්‍ය උපාධිය මුදලට විකුණනාවට විරුද්ධව පාර්ලිමේන්තුවේ දී හඩ නගන අජිත් කුමාරලාට මේ  කක්කා කරන පුටුව ගැන කිසිම ලැජ්ජාවක් නැතිකමයි.

ලංකාවේ කොළඹට පසු විශාලම රෝහල වන මහනුවර රෝහලේ තත්ත්වය මෙහෙම නම් අනිකුත් රෝහල් ගැන කතා කර වැඩක් තියෙනව ද? තමන් දේශපාලනයෙන් විශ්‍රාම ගිය පසු බස්වල කවි කියන බවට ප්‍රකාශ කරන සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන නම් නිහතමානී මිනිසාට මේ කක්කා කරන පුටුව නෙපෙන්නේ ඇයි? ඒ ගැන ඒ ඇමතිතුමාට ලැජ්ජාවක් ඇති නොවන්නේ ඇයි?

සිංහල බෞද්ධ වමිල් විරවංශ ඇමතිතුමාට මේ කක්කා කරන පුටුව ගැන ලැජ්ජා හිතෙන්නේ නැත්තේ ඇයි? ඔහු අධිරාජ්‍යවාදී වික්ටෝරියානු කෙමොඩ් වලට එරෙහිව නැවත වල කක්කුස්සි වෙනුවෙන් පෙනී  සිටින නිසාද? පරිසර හිතකාමී චම්පික ඇමතිතුමාට,රතන සාදුට, සහ හිගන්නන්ගෙන් පවා සල්ලි හිගමින් ඡන්දයට ඉදිරිපත් වන නීතිඥ ගම්මන් පිළ මහතාට මේ සිංහල බෞද්ධ කක්කා කරන පුටුව ගැන ප්‍රශ්ණයක් නැද්ද?

තරුණයන්ට ඇති දේශපාලන ප්‍රශ්ණ ගැන දාර්ශණික සංවාද පවත්වන තමන් සමාජවාදය විශ්වාස නොකරන බව කියා සිටින මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතාට මේ කක්කා කරන පුටුව සමාජ ප්‍රශ්නයක් ලෙස පෙනෙන්නේ නැද්ද? මේ දර්ශණය ඇස ගැසුනු මම මේ ගැන කල්පනා කළ විට මට මේ ගැන ‘බදියු’ හා ‘මෙයසු’ කුමක් සිතනවා ඇත්තද යන්න ගැන කල්පනා වුණි. යථාර්ථය තුළ මා මේ දකින්නේ දෘෂ්ටිමායාවක් ද? මට කොමොඩ් එකක් කක්කා කරන පුටුවක් ලෙස පෙනුනේවත්ද? මම ඒ නිසාම ඒ පුටුව හොදින් අල්ලා බැලුවෙමි. ඇත්තටම එය කැඩුනු ප්ලාස්ටික් කක්කා කරන පුටුවකි. ‘මෙයසු’ මේ යථාර්ථය පැහැදිලි කරනු ඇත්තේ කොහොමද? ‘ලැකාන්’ ගේ මනෝ විශ්ලේෂණ න්‍යායන් ගැන හැම විටම කතා කරන දකුණු ආසියාවේ දාර්ශණිකයන් මේ ප්‍රශ්න ගැන කතා නොකරන්නේ ඇයි? මෙවැනි කක්කා ප්‍රශ්න ගැන කතා කරනවාට වඩා මේ අයට විප්ලවීය වැඩ තිබෙනවාද?

සමහර විට යමෙකු මෙය ධනවාදය නිසා ඇතිව තිබෙන ප්‍රශ්නයක් යැයි වැරදියට වර නගන්නට පුළුවන. ඇත්තටම මෙය ධනවාදය සමග පටලවා ගත යුතු නැත. මෙය ශිෂ්ඨාචාරය පිළිබද ගැටලුවකි. මානව හිමිකම් ගැන ජිනාවා ගොස් කරුණු කියන සිවිල් නෝනා මහත්වරුන්ට මේ කක්කා ප්‍රශ්ණය මානව හිමිකම් පිළිබද ප්‍රශ්ණයක් බව නොසිතෙන්නේ ඇයි? අප ජීවත් වන්නේ ධනවාදී සමාජයක නම් මෙවැනි කක්කා ප්‍රශ්න ගැන අපට කතා කරන්නට සිදු වන්නේ නැත. අප ජීවත් වන්නේ අංගවිකල ධනවාදයක් ඇති රටක නිසා දේශපාලනයේ දී අපට මේ කක්කා ප්‍රශ්ණය මගහැර යා නොහැකිය. සියල්ල ධනවාදයේ ගැටළු යැයි ඌණනය කරමින් අපට මාක්ස්-ලෙනින්වාදී වාංමාංශික මහත්වරුන් ලෙස ජීවත් වන්නට පුළුවන. ඒත් සමාජ යථාර්ථය තුළ අපට මුණ ගැසෙන්නට නියමිත මේ අකාරයේ කක්කා කරන පුටු පිළිබද ප්‍රශ්ණය.

‘ස්ලාවොජ් ජිජැක්’ නම් මිනිහා  අතීතයේ දාර්ශණිකයන්ට වාඩි වන්නට සිදු වූයේ උස් කදු මුදුණක් මත වුවත් වර්ථමානයේ දාර්ශණිකයන්ට වාඩි වන්නට සිදු වන්නේ පස්ස පැත්තට යටින් කුණු පණුවන් දගලන වැසිකිලි පෝච්චියක් මත යැයි කියන්නේ අහම්බයකින් ද? න්‍යාය සහ භාවිතය ගැන කප්පරක් ගොන්කතා කියන මෝඩ වම්මුන් සහ ගොබ්බ දාර්ශණිකයන් අනගාත විප්ලවාදී දේශපාලනයට මගහැර යා නොහැකි මේ කක්කා කරන පුටු ප්‍රශ්ණය ගැන නොසිතා හිටීම ගැන ඔවුන්ටම ලැජ්ජාවක් නැද්ද? විප්ලවාදී දේශපාලනය යනුම මනුෂ්‍ය වර්ගයාගේ යහ පැවැත්ම පිළිබද ගැටළු වලට පිළිතුරු ලබා දිය යුතු අනවරත ක්‍රියාවලියක් යැයි බොහෝ දාර්ශණිකයන්,වම්මුන්,සහ පහ්චාත්-නූතනවාදී මැටිටන් කවදා නම් අවබෝධකර ගනු ඇත්ද?

crapdirty-toiletEMAb-186 excreta Edible sea cucumber, Holothuria edulis3307764472_b69e2a7034

 

 

ඔබේ අදහස කියන්න...

3 COMMENTS

  1. සමාජයේ විවිධාකාරයේ පුද්ගලයන් ජීවත්වන අතර තමන්ට හැකියාවක් තිබෙන සීමාවක් තුල දී හෝ එම විවිධත්වය පිළිගැනීම ශිෂ්ටසම්පන්නය.

    එම නිසා මෙම ලිපියේ ඇතුළත් ඡායාරූප වැනි ඡායාරූප ලිපියකට ඇතුළත් කිරීමේදී ලිපියේ එවැනි ඡායාරූප ඇතුලත් බවට අනතුරු ඇඟවීමක් (warning එකක්) ලිපිය ආරම්භයේදීම යෙදිය හැකි නම් එය ශිෂ්ටසම්පන්නය.

  2. බොහෝ කාලෙකින් වැදගත් දෙයක් ලියලා තිබෙනවා. ජිජැක් කොටස හැරුනාම අනික් හැම දෙයක්ම ආකර්ශනීයයි. ජිජැක්ව එකතු කරන එක හොඳයි. නමුත් ඒක මේ සමාජයේදී ලිපියක් වෙනුවෙන් පාඩුයි. ජිජැක්ව දැම්ම ගමන් කස්ටිය ලේඛකයාව බාස්කට් එකකට දාගන්නවා. ඉන් පස්සෙ කට්ටිය පහරදෙන්නෙ ලේඛකයාගේ ලියුමට නෙමෙයි අර ජිජැක් කියන බාස්කට් එකට..

    හැමෝගෙම දේශපාලනයේ අවසාන මූල කේන්ද්‍රය විය යුත්තේ මිනිසුන් ලෙස අපිට දකින්නවත් බැරි තරම් පහත් අඩියක ඉන්න අසරණ මිනිසුන් ඇතුලු සමස්ථ පීඩාකාරී ස්ථරයන්ට වඩාත් සහනසීලි සමාජයක් වෙනුවෙන් කැපවීම. නමුත් බොහෝදෙනාට ටික කලක් ගියාම තමුන් කරන්නෙ මොනවද සැබෑ ලෙසම තමුන් පෙනීසිටින්නෙ කා වෙනුයෙන්ද කියලා අමතක වෙනවා. ඊටත් වඩා භයානක වැඩේ මිනිස්සුන්ට තමුන් දුක් විඳිනවාය කියන එකත්,මේ දුක් විඳින්නේ පාලකයින්, බුද්ධිමතුන් සහ නිළදාරින් නිසාය කියන කාරණාවත් නොතේරෙන එක.

  3. ලංකාවේ ගම්වල තරහකාරයට විරුද්ධව කල විශාලම දේ තමයි කඩුල්ල ලග රෙන එක. මහ රෑ තමයි ඒක කරන්නෙ කාටත් හොරෙන්. උදේම බැලුවම ගෙදර අයිති කාරයට ඒක පේනවා. දෙවැන්න ගූ ගහනවා ඒ කරන්නෙ දියකරල ගහන එක. නැත්තම් කොලේකට රීල ඇවිත් ගෙදර දොරේ වදින්න විසිකරනවා. මේක අපගේ ගුද අවදියේ ශිෂ්ටවීම මගහැරීම අපට මතක් කරදෙන ලියවිල්ලකි. ඒ අනුව ගූ දැකීම ඔලුවට හොද ය. සියලු දෙනාම හැකිනම් තමන්ගේ හැර අනුන්ගේ ගෙවල් ඉදිරියට ගොස් රෙන්න. එවිට අන් අය අතින් තමන්ගේ නිවස ඉදිරිපිටද ගූ ගොඩවල් ගොඩ ගසනු ඇත. අප කිසිවකුට මෙය මගහැර යා හැකිද?

Comments are closed.