”අජිත් ධර්මකීර්ති” සහෝදරයා විසින් පහත ආකාරයේ ප්‍රශ්න කිහිපයක් අපගෙන් විමසා ඇත.

”කුමාර සහෝදරයා,
ඊළඟට , මම අනිල් සිටි කාලයේ සිට පක්ෂයට සහයෝගහය දක්වනවා.  ඔහු දැන් අවුරුදු 2 ක සිට කතා කරන්නේ නැහැ. 
මම උදව් දෙන්නට නම් අඩුම ගන්නේ  වෙන්නේ කුමක්ද? (ත්රිමනයේ ඉඳ හිට යන ලිපි වලින් පමණක් මේ ගැන අවබෝධයක් ලබා ගනිමි )  පක්ෂ සංයුතියක් තිබේද? මට සාමාජිකත්වයක් තිබේද? සාමාජික මුදල් කොපමණද? ඒවා එය සංවිධානය කොහොමද වැනි කරුණු ගැන අවබෝධයක් දිය හැකිද?
ස්තූතියි .”

 අපගේ මතකය නිවැරදි නම්, 2010-2015 අතර යුගයකදී, අජිත් එවකට අපගේ පක්ෂ මූලස්ථානය පැවැති පිරිවෙන පාර නිවසට ගොස් අපගෙන් ඔහු ඉහත විමසන ආකාරයේ ප්‍රශ්ණාවලිය, එවකට පක්ෂ අභ්‍යන්තරයේ වැඩ කළ පුද්ගලයන් දෙදෙනෙකුගෙන් විමසා ඇත. ඔවුන්ගේ පිළිතුර මෙසේය.

              “ඔබ අසන්නේ ඉතාම  මිල අධික ප්‍රශ්න කිහිපයකි. ඒ සඳහා පිළිතුරු සැපයීමට නම්, ඔබ අපට මාසිකව ලබාදෙන ගාස්තුව 10, 000 ට වැඩි විය යුතුය. ඊට අමතරව, අප ඔබගෙන් Donation එක හැටියට වසරකට වරක් ලක්ෂ 10 පමණ අපේක්ෂා කරනවා. නමුත් ඔබ අපගේ ඉහත කණ්ඩායමට අයිති කෙනෙක් නෙවෙයි. ඒ නිසා ඔබගේ ප්‍රශ්න වලට අපි කාලය නාස්ති කරන්නේ නැහැ”.

            අපගේ මතකය නිවැරදි නම්, ඉහත ප්‍රතිචාරයට තරමක් ඔබට කේන්ති යන අතර මේ අය මෙතරම් අහංකාර වූයේ කෙසේද යන්න අපගෙන් විමසන ලදී.

                    ඒ අතරතුර, නැවතත් වසර 7ක පමණ කාලයක් ගෙවී ගොස් ඇත. නමුත් ඔබ ඔබගෙන් සහ අප ඔබට නොපැවසූ සත්‍යයක් ඇත. අර පක්ෂ සාමාජිකයන් ගෞරවාන්විත පක්ෂ සාමාජිකත්වය සඳහා ඉහළ මිලක් යෝජනා කරන ලද්දේ මන්ද?

               කකුළුවන් විද්‍යාත්මකව අනන්ත කාලයක් දක්වා කල්තබා ගැනීමේ ගාස්තුව කුමක්ද? අපි මේ සඳහා, ව්‍යාජ ජීව විද්‍යාත්මක ප්‍රවාදයක් ගොඩනඟමු. ඒ සඳහා කළ යුත්තේ, කකුළුවන් ලුණු වතුරෙන් හොඳින් සෝදා නයිට්‍රිජන් වායුව පාවිච්චි කර සෙන්ටිග්‍රේඩ් අංශක -40 දක්වා සීත කොට ගබඩා කිරීමයි. එවිට, කකුළුවා මිය නොයන අතර ඔවුන් අවිඥාණක වෙයි. (කකුළුවන්ට අවිඥාණයක් ඇත!) ඉන්පසු, ඔවුන් කටුව තුළ ඇති මස් දිය කරන්නට පටන් ගනී. කල්පිත අනන්ත කාලයක් වෙනුවෙන් කකුළුවන් කල්තබා ගැනීමේ විද්‍යාත්මක ක්‍රමය වන්නේ, ඉහත ක්‍රමවේදයයි. කකුළුවන් සඳහා හොඳ මිලක් වෙළඳපොලේ සටහන් වන දිනෙක, කකුළුවන් ශීතාගාරයෙන් පිටතට ගෙන සිල්ලරට විකිණිය හැකිය. සිල්ලර වෙළෙන්දා කරන්නේ, කකුළුවන්ගේ කටු මතට අයිස් කැබලි ඉසීම වන අතර එවිට කකුළුවාට සිහිය එන අතර එවිට දියවී ගිය මස් නැවත ප්‍රති-සකස් වීම ඇරඹෙයි.

                අජිත් සඳහා විශාල මිලක් යෝජනා කරන පක්ෂ සාමාජිකයින් දෙදෙනා යනු , කකුළුවන් කල්තබා ගැනීම සම්බන්ධයෙන් විශේෂඥයන් දෙදෙනෙකි. ඩේවිඩ් වික්‍රමරත්නලාගේ ශීතාගාර ඉංජිනේරුවන්ට වඩා ඉහත දෙදෙනා දක්ෂ සමාජ ඉංජිනේරුවන්ය. කකුළුවන් කල්තබා ගැනීමට යන වියදම ඉතා ඉහළය. මේ නිසා, කකුළුවන් අයිතිකරුවන්ට  [වාමාංශික පක්ෂ අයිතිකරුවන්] මේ සඳහා විශාල පිරිවැයක් දැරීමට සිදුවෙයි. වෙළඳපොලේ සත්‍ය වටිනාකමට වඩා කල්තබා ගත් මේ කකුළුවන්ගේ මිල ඉතා අධිකය. දවසින් දවස කල්තබා ගැනීමේ ගාස්තු වැඩි වෙයි. සැබවින් නොපවතින මහා අනෙකෙකු වෙනුවෙන් කකුළුවන් කල්තබා ගැනීමේ ව්‍යාපෘතියකට ඉහළ මට්ටමේ ප්‍රාග්ධනයක් අවශ්‍යය. දෙවියන් නැති ලොවක පරිත්‍යාගය වටිනා දෙයකි.

                 මේ වන විට, ජවිපෙ වැනි පක්ෂයක් වසර 25ක් පමණ කකුළුවන් කල්තබා ගෙන ඇත. අපගේ පක්ෂයේ අජිත්ගෙන් ප්‍රශ්න ඇසූ අය වසර 15ක් පමණ කකුළුවන් කල්තබා ගෙන ඇත. සිරිතුංගලා, වාසුලා, විජේ ඩයස්ලා වසර 50ක් පමණ කල්තබා ගත් කකුළුවන්ය. ඔවුන් රත්තරන් මෙන් මිල අධිකය. ඔවුන්ගේ මිල අධික වී ඇත්තේ, කල්තබා ගැනීමේ ගාස්තු එකතු කළ විට ය. මේ හේතුව නිසා, වාමාංශික කකුළුවන්ගේ භෞතික මතකය ආරක්ෂා කරගැනීම හැර වෙන කරන්නට දෙයක් නැත. රින 40 දක්වා සීත කළ විට, කකුළුවන්ගේ භාෂාමය මතකය අහිමි වෙයි. ඔවුන් සමකාලීන යුගයේ විකාර දොඩවන්නේ ඒ නිසාය.

           70 දශකය අගසිට කියුබන්, නිකරගුවන් සහ සමස්ත ලෙස ලතින් ඇමරිකානු කකුලුවන් ඉතා මිල අධික විය. ඔවුන්ගේ මිල ඉහළ වූයේ, ශීතකරණ ගාස්තු නිසා නොව අන්තර් අක්‍රීයතාව (Inter-passive) නිසාය. මේ කකුළුවන්ගේ සුවිශේෂී ගුණය වන්නේ, ඇත්ත ජීවිතයේ අප විශ්වාස නොකරන සංකල්ප (සමාජවාදය, පන්ති අරගලය, අධිරාජ්‍යවාදය) ඔවුන් වෙත පැවරීමට අපට ඇති හැකියාවයි. එනම්, අන්තර් අක්‍රීය කකුළුවන් යනු, අප වෙනුවෙන් පවතින මහා අනෙකාය. 2010 වර්ෂයේදී, අප සංවිධානය විසින් පිටරට පැටවූ තිලක් කෝදාගොඩ සඳහා කදිමට ගැලපෙන අන්තර් අක්‍රීය කකුළුවන් රංචුවක්, පිරිවෙන පාරේ මැනවින් සංවිධානය කරන ලදී. ශීතකළ කකුළුවන්ට වඩා අන්තර් අක්‍රීය කකුළුවන් මිල අධිකය. පිටරටවල ජීවත්වන හුදෙකලා, විෂාදයෙන් පෙළෙන මනස් සඳහා (ඩුබායි, මිලාන්, මෙල්බන්, ලන්ඩන්, නිව්යෝර්ක්, සියෝල්) ශ්‍රී ලංකාවේ අන්තර් අක්‍රීය කකුලුවන් ඇති කිරීම ලාභදායක සහ පහසු වැඩකි. මේ කකුළුවා ඔබ නිකන් සිටින විට, ඔබ වෙනුවෙන් ලංකාවේ විප්ලවවාදී දේශපාලනය කරන අයයි.

            ”ඕපියුම් Left” යනු, අලුතින්ම පහළ වූ අන්තර් අක්‍රීය කකුළුවන්, අන්තර්ජාලය හරහා ගවේෂණය කරන්නන් පිරිසකි. ටෙරල් අබේසිංහ නිවැරදි භාෂාවක් පාවිච්චි කරමින්, අන්තර් අක්‍රීය කකුළුවන්ට දෙකේ දෙකේ පොල්ලකින් පහර දෙන විට ඕපියම උකටලී වූයේ, ඔවුන්ට අවිඥාණකව අන්තර් අක්‍රීය කකුලුවන් අවශ්‍ය නිසාය. ටෙරල්ට අපි මෙසේ කියමු. හරියට හරි තව ගහන්න! 

 

  • SL Vanguard Party

 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. පොඩි පැහැදිලි කිරීමක් , ත්‍රිමාණ එක ගෙනියන්න විධිහක් නැතිව ඒ කියන්නේ වෙබ් සයිට් එකට හෙම ගෙවන්න ඕන නිසා දැන්වීමක් දැම්මා මතකද. අපි මාසෙකට ආධාර මුදලක් දෙන්න සෙට් වුනේ ඒ වෙලාවේ නේ. ඕක වෙන වෙබ් අඩවි වලට සමහර විට හදිසියේ රස්සා අහිමි වෙන සහෘදයනට දෙන ආධාර දක්වාත් ප්‍රසාරණය වෙන අවස්ථා තියනවා. ප්‍රශ්නේ මේකයි. මහේෂ් හපුගොඩ සහෝදරයා කිව්වා මතකද දන්නේ නැහැ පිටරටවලට ගියානම් ඒවල ඉන්නේ නැතිව මේකේ මොනවා කරන්න එනවද කියල. ඒ සාමාන්‍යයෙන් විවේචන වලට උත්තර දෙන විධිහනේ අර දේශපාලන පක්ෂ වල අන්තර් අක්‍රීය කකුළුවන්. ඒකනේ මම ඇහුවේ කොහොමද එහෙම කියන්නේ කියල වෑන්ගාර්ඩ් කට්ටිය. හපුගොඩ සහෝදරයා පස්සේ ඒ ගැන පැහැදිලි කිරීමක් කළා මම හිතන්නේ. ඒකට ස්තූතියි. ඔය කතාවම වෙනත් විධිහකින් හපුගොඩ සහෝදරයා ලියල තියනවා “මගේ ලෝකයෙන් පසු ලෝකය ” පොතේ. පිටුව 146. ඒ පොත සඳහා මගේ අදහස් පසුව බ්ලොග් එකේ වැටේවි. –

Comments are closed.