අශෝක හඳගම විසින් නිර්මාණය කරන ලද ඔහුගේ නවතම චිත‍්‍රපටය වන ‘ඇගේ ඇස අග’ සම්බන්ධයෙන් හඳගමගේම ආරාධනයෙන් සමන් වික‍්‍රමආරච්චි විචාරකයා විචාරයක් රචනා කළේය. අපට ලැබී ඇති තොරතුරු සත්‍ය නම් එය ලියා ඇත්තේ බලහත්කාරයෙන් හෝ කෘතියේ අයිතිය තමා සන්තක කරගැනීමට නොවේ. එය ලියා ඇත්තේ හඳගමගේම අවශ්‍යතාවයක් සඳහා ඔහුගෙන් ලද ආරාධනයක් මතය. නමුත් චින්තක රණසිංහ බලහත්කාරයෙන් මැදට පැන කියා ඇත්තේ එය කෘතියේ ජනප‍්‍රියතාවය ඩැහැගැනීමට කළ වංචනික ක‍්‍රියාවක් බවයි. 

අතීත යුගයකදී පවා අපගේ අදහස් සමාජය තුළ ප‍්‍රචාරණය කරන්නට කලාකරුවන්ව හෝ කලාකෘති අත්වාරුවක් ලෙස අපි සළකා නැත. අශෝක හඳගම දේශපාලනික මැදිහත්වීමක් කර මෙම කරුණ නිවැරදි නොකරන්නේ නම් , බලහත්කාරයෙන් ඔහුගේ කෘති විචාරය කිරීම නම් චෝදනාවට ලක්වීමට අපට අවශ්‍ය නැත. 
එමෙන්ම අපට හඳගමගෙන් ඇසීමට දේශපාලන ප‍්‍රශ්නයක් ඇත. මනෝ විශ්ලේෂණය යැයි සිතා මනෝ විද්‍යාව නිර්වචනය කරන රණසිංහ වැන්නන් මනෝ විශ්ලේෂණය ජනමාධ්‍ය කලාවට ඌනනය කරන විමතිකයන් බව ඔබට න්‍යායිකව වටහා ගත නොහැකි ද ? 
අපි විසින් මතවාදීව කලාකරුවන් වෙනුවෙන් සිදුකරන සටනට පෙරළා ඔවුන් ද අත දිගු කළ යුතුය. විචාර යනු කියවීමට ඇති දෙයක් මිස බලහත්කාරයෙන් පැටවිය හැකි දෙයක් නොවේ. පුත‍්‍රයා විසින් පරිකල්පනය කරන පියා යනු සැබෑ පියෙක් නොව පුත‍්‍රයාගේම පරිකල්පනයකි.[Read Kafka on his Father] මේ යුගයේ දී කිසිවකුට කිසිවක් තහනම් කර නැත. තමන්ට තහනම රැගෙන එන්නේ තමන් අවිඥාණිකව ආශා කරන අයමය. සවිඥාණිකව අප  ගරහන අයට අවිඥාණිකව ආලය කරන බව ඉගෙන ගැනීමට ඇත්තටම පොත පත කියවිය යුතුය, පුත‍්‍රය…. ආමේන් 

ඔබේ අදහස කියන්න...

1 COMMENT

  1. ප්‍රශ්නය සරල කරන නිසයි කමෙන්ට් කරන්නෙ. නැත්තං තොපිට මම කමෙන්ට් කරන්නැතුව ඉන්නයි හිටියෙ. තාත්තල ඇත්තෙම නැත්තං වැඩේ තවත් ලේසි නිසා සරල ප්‍රශ්නයක් තියෙනව අහන්න. ප්‍රභා ගැන හිතල දීප්ති කී සැරයක් අතේ ගැහුවද කියල කියන්න පුළුවන්ද? ඔක්කොට කෙලවුණේ ගෑනියෙක් හින්ද නම් වැරැද්ද තියෙන්නෙ පයියෙ වෙන්න ඇතිනෙ. ඒක කපා ගනිව්. තොපි ඔය සූකිරිබටිල්ලො එක්ක පිස්සුනෙ කෙලින්නෙ. චින්තකයි, හදගමයි, සමනුයි, ගජමෑනුයි, සිරිබිරිසුයි, පොඩි හාමියි, කළු එතනයි තව නැද්ද තොපිට වෙන නිළමැස්සො? මළමිනී? උෟරො එහෙම?

Comments are closed.