[dropcap color=”yellow”]අ[/dropcap]පි දැන් එක දෙයක් හොදින් තහවුරු කරගෙන තියෙනව. ඒ තමයි මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව එක්ක සිංහල මිනිස්සු අනන්‍ය වෙලා නෙවි ඉන්නෙ, යම් පරතරයක් තියාගෙන කියල. අපි විතරක් නෙවි විමල් වීරවංශ,චම්පික රණවක, ඩග්ලස් දේවානන්ද, රවුෆ් හකීම්, ඩිවි.ගුණසේකර,තිස්ස විතාරණ, වාසුදේව නානායක්කාර ඉන්නෙත් එහෙමයි. ලංකා සී නිවිස් මීට කදිම උදාහරණයක් සපයනව. ඒ විතරක් නෙවි සිරස සහ මව්බිම ඇරුණහම අනෙක් ගොඩක් මාධ්‍ය ආයතනත් හැසිරෙන්නේ ඒ ආකාරයටම තමයි.

එහෙම නම් අපි දේශපාලනිකව කළ යුත්තේ කුමක් ද?

දෙමළ මිනිසුන් රට දෙකඩ කිරීමට කුමන්ත්‍රණය කරනවා යැයි කියන විට හෝ මහින්ද රාජපක්ෂ අපගේ එකම ගැලවුම්කාරයා යැයි ඝෝෂා කරන විට එවැනි දේවල් විශ්වාස කරන්නට තරම් සිංහල මිනිස්සු ලාබාලයන් නෙවි. ඔවුන් එතනදී උමතු (Mad) නැත. ඇත්ත වශයෙන්ම සිංහල මිනිස්සු උමතු වන්නේ තමන් ඉහත කී කාරණා දෙක විශ්වාස නොකළත් වෙනත් සිංහල මිනිසුන් එවැනි දේවල් විශ්වාස කරනවා යැයි [සල්වතුර කියනව දීප්ති නරක මනුෂ්‍යයෙක් ඒයා මාගේ විනෝදය තහනම් කරනව. කොටින්ම එයා සංකේතීයව පිළිවෙලට ජීවත් වෙන්නේ කොහොමද කියන එක අනිත් අයට භාවිතාවෙන් ඔප්පු කරලා පෙන්වනව. ඒ නිසා මම දීප්තිට කැමති නැහැ. ඒ වුනාට කොහේදෝ ඉන්න අහිංසකයන් (බබාලා) පිරිසක් දීප්තිට කැමති වෙලා ඉන්නව. ඒ නිසා ඒ අංහිසකයන් (බබාලා) දීප්ති කියන අපේ විනෝදය තහනම් කරන රාක්ෂයාගෙන් බේරා ගන්න නම් දීප්ති ගැන ලියන්න ඕන.    මේ ආකාරයේ ෆේස් බුක් ෆොපයිල් සහ වෙබි අඩවි විශාල ගණනක් ඔබට සොයා ගත හැක. ඒ කියන්නේ සල්වතුර දන්නව එයා දීප්තිට රැවටෙන්නේ නැහැ කියල. ඒ අනුව සල්වතුර උමතු නැහැ. හැබැයි එයා හිතනවා කවුදෝ කෙනෙක් දීප්තිට රැවටෙයි කියලා.එතනදී එයා උමතුයි.] සිතන මොහොතේය.

තමන් බොරු බව හොදටම දන්න දෙයක් වෙනත් කටිටියක් විශ්වාස කරන බව අවිඥාණකව විශ්වාස කරන්නේ නම් මිනිසාගේ අවිඥාණය ඇත්තේ සැගවුණු ගල් ගුහාවක නොව විවෘත සමාජ-අවකාශයකය. අපගේ අවිඥාණය ඇත්තේ හිස් කබල තුළ නොව පිටතය. අපව පාලනය වන්නේ අපගේ ස්වයං පාලනයෙන් නොව බාහිරින් පවතිනවා යැයි අනුමාණ කරන ආධිපත්‍යයන් මගිනි. මෙම ආධිපත්‍යයන් අප මත බාහිරින් පටවන ලද්දක් නොව අප විසින්ම සමපේක්ෂණය කරන ආධිපත්‍යයන්ය. කළ යුත්තේ ‘අප නොව – එහෙම -කට්ටියක්-කොහේ-හරි-ඇති’ යන අදහස මනස්ගාතයක් බව පෙන්වීමයි. එදිනට අප සියළු දෙනාට බඩ අල්ලාගෙන හිනා යන පරිදි ආණ්ඩුව කඩා වැටෙනු ඇත. මෙය පහසු නැත. මන්ද යත් ආධිපත්‍යයන්ගෙන් මෙකළ විනෝද වන්නේ පාලකයන් නොව අපම නිසාය.

ඔබේ අදහස කියන්න...

2 COMMENTS

  1. තමන්ට ප්රත්‍යක්ෂ දෙය විශ්වාස කරනවා වෙනුවට, අනිත් අය විශ්වාස කරනවා යයි හිතන නිසා තමන්ද විශ්වාස කිරීම මනස්ගාතයක් බව තහවුරු කරනකොට අපි විශ්වාස කිරීම පටන්ගන්නා තැන කොතනද? තමන්ට ප්රත්‍යක්ෂ දේ පමණ ද ?

    • There is no big-other.There is no god,party,nation,lover,country….
      You are free. you can do whatever you want.

Comments are closed.